යෙදුමෙන් කියවන්න

ඉට‍්ඨධම‍්ම සුත‍්තං

10. 2. 2. 3.

10. 2. 3. 3.

ඉට‍්ඨධම‍්ම සුත‍්තං

ඉට්ඨධම්ම සූත්‍රය

[සාවත්‍ථි]

(සැවැත්)

දසයිමෙ භික‍්ඛවෙ ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා දුල‍්ලභා ලොකස‍්මිං, කතමෙ දස:

මහණෙනි, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මේ ධර්‍ම දශදෙනෙක් ලොව්හි දුර්‍ලභයහ, කවර දශදෙනෙක යත්:

භොගා ඉට‍්ඨා කන‍්තා මනාපා දුල‍්ලභා ලොකස‍්මිං, වණ‍්ණො ඉට‍්ඨො කන‍්තො මනාපො දුල‍්ලභො ලොකස‍්මිං, ආරොග්‍යං ඉට‍්ඨං කන‍්තං මනාපං දුල‍්ලභං ලොකස‍්මිං, බ්‍රහ‍්මචරියං ඉට‍්ඨං කන‍්තං මනාපං දුල‍්ලභං ලොකස‍්මිං, මිත‍්තා ඉට‍්ඨා කන‍්තා මනාපා දුල‍්ලභා ලොකස‍්මිං, බාහුසච‍්චං ඉට‍්ඨං කන‍්තං මනාපං දුල‍්ලභං ලොකස‍්මිං, පඤ‍්ඤා ඉට‍්ඨා කන‍්තා මනාපා දුල‍්ලභා ලොකස‍්මිං, ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා දුල‍්ලභා ලොකස‍්මිං, සග‍්ගා ඉට‍්ඨා කන‍්තා මනාපා දුල‍්ලභා ලොකස‍්මිං.

ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ භෝගයෝ ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ වර්‍ණය ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ආරෝග්‍ය ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ශීලය ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ බ්‍රහ්මචර්‍ය්‍ය ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට කාන්ත මනාප මිත්‍රයෝ ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට කාන්ත මනාප බාහුශ්‍රැත්‍යය ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට කාන්ත මනාප ප්‍රඥාව ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට කාන්ත මනාප ධර්‍මයෝ ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට කාන්ත මනාප ස්වර්‍ගයෝ ලොව්හි දුර්‍ලභයහ.

ඉමෙ ඛො භික‍්ඛවෙ දසධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා දුල‍්ලභා ලොකස‍්මිං.

මහණෙනි, මෙ දසදහම්හු ඉෂ්ට කාන්ත මනාප වූවාහු ලොව්හි දුර්‍ලභයහ.

ඉමෙසං ඛො භික‍්ඛවෙ දසන‍්නං ධම‍්මානං ඉට‍්ඨානං කන‍්තානං මනාපානං දුල‍්ලභානං ලොකස‍්මිං, දසධම‍්මා පරිපන්‍ථා: ආලස‍්සං අනුට‍්ඨානං භොගානං පරිපන්‍ථො, අමණ‍්ඩනා අභූසණා වණ‍්ණස‍්ස පරිපන්‍ථො, අසප‍්පාය කිරියා ආරොග්‍යස‍්ස පරිපන්‍ථො, පාපමිත‍්තතා සීලානං පරිපන්‍ථො, ඉන්‍ද්‍රියාසංවරො බ්‍රහ‍්මචරියස‍්ස පරිපන්‍ථො, විසංවාදනා මිත‍්තානං පරිපන්‍ථො, අසජ‍්ඣාය කිරියා බාහුසච‍්චස‍්ස පරිපන්‍ථො, අසුස‍්සුසා අපරිපුච‍්ඡා පඤ‍්ඤාය පරිපන්‍ථො, අනනුයොගො අපච‍්චවෙක‍්ඛනා ධම‍්මානං පරිපන්‍ථො. මිච‍්ඡාපටිපත‍්ති සග‍්ගානං පරිපන්‍ථො.

මහණෙනි, ලොව්හි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්‍ලභ වූ මේ දශධර්‍මයනට උවදුරු දහම් දස දෙනෙකි: ආලස්‍යය අනුත්‍ථානය භෝගයනට උවදුරෙක. අමණ්ඩනය හා අභූෂණය වර්‍ණයට උවදුරෙක. අසත්ප්‍රායක්‍රියාව ආරෝග්‍යයට උවදුරෙක. පාපමිත්‍රතාව ශීලයනට උවදුරෙක. ඉන්‍ද්‍රිය අසංවරය බ්‍රහ්මචර්‍ය්‍යයට උවදුරෙක. විසංවාදනාව මිත්‍රයනට උවදුරෙක. අසධ්‍යායක්‍රියාව බහුශ්‍රුත බවට උවදුරෙක. අශුශ්‍රෑෂාව හා අපරිපෘච්ඡාව ප්‍රඥාවට උවදුරෙක. අනනුයෝගය හා අප්‍රත්‍යවේක්‍ෂණාව ධර්‍මයනට උවදුරෙක. මිථ්‍යාප්‍රතිපත්තිය ස්වර්‍ගයනට උවදුරෙකි.

ඉමෙසං ඛො භික‍්ඛවෙ දසන‍්නං ධම‍්මානං ඉට‍්ඨානං කන‍්තානං මනාපානං දුල‍්ලභානං ලොකස‍්මිං ඉමෙ දස ධම‍්මා පරිපන්‍ථා.

මහණෙනි, ලොව්හි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්‍ලභ වූ මේ දශ ධර්‍මයන්ට මේ දශ ධර්‍මයෝ උවදුරු වෙත්.

ඉමෙසං ඛො භික‍්ඛවෙ දසන‍්නං ධම‍්මානං ඉට‍්ඨානං කන‍්තානං මනාපානං දුල‍්ලභානං ලොකස‍්මිං දසධම‍්මා ආහාරා අනාලස‍්සං උට‍්ඨානං භොගානං ආහාරො. මණ‍්ඩනාවිභූසනා වණ‍්ණස‍්ස ආහාරො. සප‍්පායකිරියා ආරොග්‍යස‍්ස ආහාරො. කල්‍යාණමිත‍්තතා සීලානං ආහාරො. ඉන්‍ද්‍රියසංවරො බ්‍රහ‍්මචරියස‍්ස ආහාරො. අවිසංවාදනා මිත‍්තානං ආහාරො. සජ‍්ඣායකිරියා බාහුසච‍්චස‍්ස ආහාරො. සුස‍්සූසා පරිපුච‍්ඡා පඤ‍්ඤාය ආහාරො. අනුයොගො පච‍්චවෙක‍්ඛනා ධම‍්මානං ආහාරො. සම‍්මාපටිපත‍්ති සග‍්ගානං ආහාරො.

මහණෙනි, ලොව්හි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්‍ලභ වූ මේ දශ ධර්‍මයන්ට දශ ධර්‍මකෙනෙක් ප්‍රත්‍යය වෙත්: අනාලස්‍යය හා උත්‍ථානය භෝගයනට ප්‍රත්‍යය යි, මණ්ඩනා හා විභූෂණාව වර්‍ණයට ප්‍රත්‍යය යි, සත්ප්‍රායක්‍රියාව ආරෝග්‍යයට ප්‍රත්‍යය යි, කල්‍යාණමිත්‍රතාව ශීලයනට ප්‍රත්‍යය යි, ඉන්‍ද්‍රියසංවරය බ්‍රහ්මචර්‍ය්‍යයට ප්‍රත්‍යය යි, අවිසංවාදනාව මිත්‍රයනට ප්‍රත්‍යය යි, සද්ධ්‍යායක්‍රියාව බහුශ්‍රුත බවට ප්‍රත්‍යය යි, සුශ්‍රෑෂාව හා පරිපෘච්ඡාව ප්‍රඥාවට ප්‍රත්‍යය යි, අනුයෝගය හා ප්‍රත්‍යවේක්‍ෂණාව ධර්‍මයනට ප්‍රත්‍යය යි, සම්‍යක්ප්‍රතිපත්තිය ස්වර්‍ගයනට ප්‍රත්‍යය යි.

ඉමෙසං ඛො භික‍්ඛවෙ දසන‍්නං ධම‍්මානං ඉට‍්ඨානං කන‍්තානං මනාපානං දුල‍්ලභානං ලොකස‍්මිං ඉමෙ දසධම‍්මා ආහාරාති.

මහණෙනි, ලොව්හි ඉෂ්ට කාන්ත මනාප දුර්‍ලභ වූ මේ දශ ධර්‍මයනට දශ මේ දශධර්‍මයෝ ප්‍රත්‍යයහ යි.