යෙදුමෙන් කියවන්න

කාක සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

10. 2. 3. 7.

10. 2. 3. 7.

කාක සුත‍්තං

කාක සූත්‍රය

[සාවත්‍ථි]

[සැවැත්]

දසහි භික‍්ඛවෙ අසද‍්ධම‍්මෙහි සමන‍්නාගතො කාකො. කතමෙහි දසහි: ධංසී ච පගබ‍්භො ච තින‍්තිනො ච මහග‍්ඝසො ච ලුද‍්දො ච අකාරුණිකො ච දුබ‍්බලො ච ඔරවිතා ච මුට‍්ඨස‍්සතී ච නෙචයිකොච. ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි අසද‍්ධම‍්මෙහි සමන‍්නාගතො කාකො.

මහණෙනි, කවුඩු දශ අසද්ධර්‍මයෙකින් සමන්‍වාගත වෙයි. කවර දසයෙකින යත්: ධංසී (ගුණ නසන්නේ) ද වෙයි, ප්‍රගල්භ ද වෙයි, ආසඞ්කා බහුල වෙයි, මහග්ඝස (මහත්කොට බුදිනේ) ද වෙයි, දරුණු ද වෙයි, නිෂ්කාරුණික වෙයි, දුර්‍වල ද වෙයි, ලමුහඬ ඇතියේ ද වෙයි, මුළාසිහි ඇතියේ ද වෙයි, රැස්කරණුයේ ද වේ. මහණෙනි, කවුඩු මේ දශ අසද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ.

එවමෙව ඛො භික‍්ඛවෙ දසහි අසද‍්ධම‍්මෙහි සමන‍්නාගතො පාපභික‍්ඛු. කතමෙහි දසහි: ධංසී ච පගබ‍්භො ච තින‍්තිනො ච මහග‍්ඝසො ච ලුද‍්දො ච අකාරුණිකො ච දුබ‍්බලො ච ඔරවිතා ච මුට‍්ඨස‍්සතී ච නෙචයිකො ච. ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි අසද‍්ධම‍්මෙහි සමන‍්නාගතො පාපභික‍්ඛූති.

මහණෙනි, එ පරිදි ම ලමු මහණ දශ අසද්ධර්‍මයෙකින් සමන්‍වාගත වෙයි. කවර දසයෙකින යත්: ධංසී ද වෙයි, ප්‍රගල්භ ද වෙයි, ආසඞ්කා බහුල ද වෙයි, මහග්ඝස (මහත්කොට බුදිනේ) ද වෙයි, දරුණු ද වෙයි, අකාරුණික ද වෙයි, ලමුහඬ ඇතියේ ද වෙයි, මුළාසිහි ඇතියේ ද වෙයි, රැස්කරණුයේ ද වේ. මහණෙනි, ලමුමහණ මේ අසද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ යි.

10. 2. 3. 8.

10. 2. 3. 8.

නිගණ‍්ඨ සුත‍්තං

නිගණ්ඨ සූත්‍රය

[සාවත්‍ථි]

[සැවැත්]

දසහි භික‍්ඛවෙ අසද‍්ධම‍්මෙහි සමන‍්නාගතා නිගණ‍්ඨා. කතමෙහි දසහි: අස‍්සද‍්ධා භික‍්ඛවෙ නිගණ‍්ඨා, දුස‍්සීලා භික‍්ඛවෙ නිගණ‍්ඨා, අහිරිකා භික‍්ඛවෙ නිගණ‍්ඨා, අනොත‍්තප‍්පිනො භික‍්ඛවෙ නිගණ‍්ඨා, අසප‍්පුරිසම‍්භත‍්තිනො භික‍්ඛවෙ නිගණ‍්ඨා, අත‍්තුක‍්කංසකපරවම‍්භකා භික‍්ඛවෙ නිගණ‍්ඨා, සන්‍දිට‍්ඨිපරාමාසා ආධානගාහී දුප‍්පටිනිස‍්සග‍්ගිනො භික‍්ඛවෙ නිගණ‍්ඨා, කුහකා භික‍්ඛවෙ නිගණ‍්ඨා, පාපිච‍්ඡා භික‍්ඛවෙ නිගණ‍්ඨා, මිච‍්ඡාදිට‍්ඨිකා භික‍්ඛවෙ නිගණ‍්ඨා. ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි අසද‍්ධම‍්මෙහි සමන‍්නාගතා නිගණ‍්ඨාති.

මහණෙනි, නිගණ්ඨයෝ දශ අසද්ධර්‍මයෙන් සමන්‍වාගතයහ. කවර දසයෙකිනයත්: මහණෙනි, නුවටෝ අශ්‍රද්ධයහ. මහණෙනි, නුවටෝ දුසිල්හ. මහණෙනි, නුවටෝ අහිරිකයහ. මහණෙනි, නුවටෝ ඔතප් නැතියහ. මහණෙනි, නුවටෝ අසත්පුරුෂයන් කෙරෙහි බැති ඇතියහ. මහණෙනි, නුවටහු ආත්මොත්කර්‍ෂක පරවම්භකයහ. මහණෙනි, නුවටහු ස්වදෘෂ්ටිය පරාමර්‍ෂ කොට ඇත්තාහු ස්වදෘෂ්ටිය දෘඪ කොට ගත්තාහු ස්වදෘෂ්ටිය නො දුරැලිය හැක්කාහු වෙති. මහණෙනි, නුවටහු කුහකයහ. මහණෙනි, නුවටහු පාපේච්ඡයහ. මහණෙනි, නුවටහු මිථ්‍යාදෘෂ්ටිකයහ. මහණෙනි, නුවටහු මේ දශ අසද්ධර්‍මයෙන් සමන්‍වාගතයහයි.

10. 2. 3. 9.

10. 2. 3. 9.

ආඝාතවත්‍ථු සුත‍්තං

ආඝාතවස්තු සූත්‍රය

[සාවත්‍ථි]

[සැවැත්]

දස ඉමානි භික‍්ඛවෙ ආඝාතවත්‍ථූනි. කතමානි දස: අනත්‍ථම‍්මෙ අචරීති ආඝාතං බන්‍ධති, අනත්‍ථම‍්මෙ චරතීති ආඝාතං බන්‍ධති, අනත්‍ථම‍්මෙ චරිස‍්සතීති ආඝාතං බන්‍ධති. පියස‍්ස මෙ මනාපස‍්ස අනත්‍ථං අචරීති -පෙ- අනත්‍ථං චරතීති -පෙ- අනත්‍ථං චරිස‍්සතීති ආඝාතං බන්‍ධති. අප‍්පියස‍්ස මෙ අමනාපස‍්ස අත්‍ථං අචරි -පෙ- අත්‍ථං චරති -පෙ- අත්‍ථං චරිස‍්සතීති ආඝාතං බන්‍ධති, අට‍්ඨානෙ ච කුප‍්පති. ඉමානි ඛො භික‍්ඛවෙ දස ආඝාතවත්‍ථූනීති.

මහණෙනි, මේ ආඝාතවස්තු දශයෙක්. කවර දශයෙකයත්: ‘මට අනර්‍ත්‍ථ කෙළේ’යි ආඝාත බඳනේය. ‘මට අනර්‍ත්‍ථ කෙරේ’යි ආඝාත බඳනේය. ‘මට අනර්‍ත්‍ථ කරන්නේ’යි ආඝාත බඳනේයි. මාගේ ප්‍රිය මනාපයාට අනර්‍ත්‍ථ කෙළේයි ... අනර්‍ත්‍ථ කෙරේ යි ... අනර්‍ත්‍ථ කරන්නේ යි ... ආඝාත බඳනේය. ‘මාගේ අප්‍රියඅමනාපයාට අර්‍ත්‍ථ කෙළේ’යි .... අර්‍ත්‍ථ කෙරෙයි ... අර්‍ත්‍ථ කරණේයි ආඝාත බඳනේ ය. අස්ථානයෙහිදු කිපෙයි. මහණෙනි, මේ දශ ආඝාත වස්තු යි.

10. 2. 3. 10.

10. 2. 3. 10.

ආඝාතපටිවිනය සුත‍්තං

ආඝාත පටිවිනය සූත්‍රය

[සාවත්‍ථි]

[සැවැත්]

දස ඉමෙ භික‍්ඛවෙ ආඝාතපටිවිනයා. කතමෙ දස: අනත්‍ථම‍්මෙ අචරි, තං කුතෙත්‍ථ ලබ‍්භාති ආඝාතං පටිවිනෙති. අනත්‍ථම‍්මෙ චරති, තං කුතෙත්‍ථ ලබ‍්භාති ආඝාතං පටිවිනෙති. අනත්‍ථම‍්මෙ චරිස‍්සති, තං කුතෙත්‍ථ ලබ‍්භාති ආඝාතං පටිවිනෙති. පියස‍්ස මෙ මනාපස‍්ස අනත්‍ථං අචරි -පෙ- අනත‍්තං චරති -පෙ- අනත්‍ථං චරිස‍්සති, තං කුතෙත්‍ථ ලබ‍්භාති ආඝාතං පටිවිනෙති. අප‍්පියස‍්ස මෙ අමනාපස‍්ස අත්‍ථං අචරි -පෙ- අත්‍ථං චරති -පෙ- අත්‍ථං චරිස‍්සති තං කුතෙත්‍ථ ලබ‍්භාති ආඝාතං පටිවිනෙති. අට‍්ඨානෙ ච න කුප‍්පති. ඉමෙ ඛො භික‍්ඛවෙ දස ආඝාත පටිවිනයාති.

මහණෙනි, මේ ආඝාතපටිවිනයෝ දස දෙනෙක. කවර දසදෙනෙක යත්: මට අනර්‍ත්‍ථ කෙළේ, එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. මට අනර්‍ත්‍ථ කෙරේ, එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. මට අනර්‍ත්‍ථ කරන්නේය, එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. මාගේ ප්‍රියමනාපයට අනර්‍ත්‍ථ කෙළේය ... අනර්‍ත්‍ථ කරයි ... අනර්‍ත්‍ථ කරන්නේය. එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. අස්ථානයෙහි ද නො කිපෙයි. මහණෙනි, මේ දස ආඝාත පටිවිනයෝ යි.

ආකඞ‍්ඛවග‍්ගො තතියො.

තෙවැනි ආකඞ්කවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

ආකඞ‍්ඛො කණ‍්ටකො ඉට‍්ඨාවඩ‍්ඪී ච මිගසාලායා අභබ‍්බො චෙව කාකොච නිගණ‍්ඨා ද‍්වෙ ච වත්‍ථූනීති

ආකඞ්ක සූත්‍රය, කණ්ටක සූත්‍රය, ඉට්ඨ සූත්‍රය, වඩ්ඪී සූත්‍රය, මිගසාලා සූත්‍රය, අහබ්බ සූත්‍රය, කාක සූත්‍රය, නිගණ්ඨ සූත්‍රය, වත්‍ථු සූත්‍ර දෙක දැයි දසයෙකි.