තයොධම්ම සුත්තං
10. 2. 3. 6.
10. 2. 3. 6.
තයොධම්ම සුත්තං
තයෝධම්ම සූත්‍රය
[සාවත්ථි]
[සැවැත්]
තයො මෙ භික්ඛවෙ ධම්මා ලොකෙ න සංවිජ්ජෙය්යුං, න තථාගතො ලොකෙ උප්පජ්ජෙය්ය අරහං සම්මාසම්බුද්ධො, න තථාගතප්පවෙදිතො ධම්මවිනයො ලොකෙ දිප්පෙය්ය. කතමෙ තයො:
මහණෙනි, මේ ධර්ම තුණක් ලොව විද්‍යාමාන නොවේ නම්, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව නූපදනාහ. තථාගත ප්‍රවිදිත ධර්ම විනය ලොව්හි දීප්ත නොවන්නේ ය. කවර තුනෙක යත්:
ජාති ච ජරා ච මරණඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මා ලොකෙ න සංවිජ්ජෙය්යුං, න තථාගතො ලොකෙ උප්පජ්ජෙය්ය අරහං සම්මාසම්බුද්ධො, න තථාගතප්පවෙදිතො ධම්මවිනයො ලෙකෙ දිප්පෙය්ය. යස්මා ච ඛො භික්ඛවෙ ඉමෙ තයො ධම්මා ලොකෙ සංවිජ්ජන්ති, තස්මා තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො. තස්මා තථාගතප්පවෙදිතො ධම්මවිනයො ලොකෙ දිප්පති.
ජාතිය හා ජරාව හා මරණය හා යි. මහණෙනි, මෙ දහම් ගුණ ලොව්හි විද්‍යාමාන නොවේ නම්, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව නූපදනාහ. තථාගත ප්‍රවිදිත ධර්ම විනය ලොව දීප්ත නො වන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මේ දහම් තුන ලොව දීප්ත වේ ද එහෙයින් අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව උපදනාහ. එහෙයින් තථාගත ප්‍රවිදිත ධර්ම විනය ලොව්හි දීප්ත වෙයි.
1. තයොමෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො ජාතිං පහාතුං ජරං පහාතුං මරණං පහාතුං. කතමෙ තයො: රාගං අප්පහාය දොසං අප්පහාය මොහං අප්පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ අප්පහාය අභබ්බො ජාතිං පහාතුං ජරං පහාතුං මරණං පහාතුං.
1. මහණෙනි, මේ ධර්ම තුනක් නො පියා (ප්රහාණය නො කොට) ජාතිය පියන්නට ජරාව පියන්නට මරණය පියන්නට අභව්‍ය වෙයි. කවර තුනෙක යත්: රාගය නො පියා, ද්වේෂය නො පියා, මෝහය නො පියා යි. මහණෙනි, මේ තුන් දහම් නොපියා ජාතිය පියන්නට ජරාව පියන්නට මරණය පියන්නට අභව්‍ය වෙයි.
2. තයොමෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො රාගං පහාතුං දොසං පහාතුං මොහං පහාතුං. කතමෙ තයො: සක්කායදිට්ඨිං අප්පහාය විචිකිච්ඡං අප්පහාය සීලබ්බතපරාමාසං අප්පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ අප්පහාය අභබ්බො රාගං පහාතුං දොසං පහාතුං මොහං පහාතුං.
2. මහණෙනි, මේ දහම් තුන නො පියා රාගය පියන්නට, ද්වේෂය පියන්නට, මෝහය පියන්නට අභව්‍යයි. කවර තුනෙකයත්: සක්කාය දිට්ඨිය නො පියා, විචිකිච්ඡාව නො පියා, සීලබ්බත පරාමාසය නො පියායි. මහණෙනි, මෙතුන් දහම් නො පියා රාගය පියන්නට ද්වේෂය පියන්නට මෝහය පියන්නට අභව්‍ය වෙයි.
3. තයොමෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො සක්කායදිට්ඨිං පහාතුං, විචිකිච්ඡං පහාතුං සීලබ්බතපරාමාසං පහාතුං. කතමෙ තයො: අයොනිසොමනසිකාරං අප්පහාය කුම්මග්ගසෙවනං අප්පහාය චෙතසො ලීනත්තං අප්පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ අප්පහාය අභබ්බො සක්කාය දිට්ඨිං පහාතුං විචිකිච්ඡං පහාතුං සීලබ්බතපරාමාසං පහාතුං.
3. මහණෙනි, මෙ තුන් දහම් නො පියා සක්කාය දිට්ඨිය පියන්නට, විචිකිච්ඡාව පියන්නට, සීලබ්බත පරාමාසය පියන්නට අභව්‍යයි. කවර තුනෙක යත්: අයෝනිසෝමනසිකාරය නො පියාය, කුමග සෙවුනා නො පියාය, චිත්තයාගේ ලීනත්වය නො පියාය. මහණෙනි, මෙ තුන් දහම් නො පියා සක්කාය දිට්ඨිය පියන්නට, විචිකිච්ඡාව පියන්නට, සීලබ්බත පරාමාසය පියන්නට අභව්‍යයි.
4. තයොමෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො අයොනිසොමනසිකාරං පහාතුං කුම්මග්ගසෙවනං පහාතුං චෙතසො ලීනත්තං පහාතුං. කතමෙ තයො:’ මුට්ඨසච්චං අප්පහාය අසම්පජඤ්ඤං අප්පහාය චෙතසො වික්ඛෙපං අප්පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ අප්පහාය අභබ්බො අයොනිසොමනසිකාරං පහාතුං කුම්මග්ගසෙවනං පහාතුං චෙතසොලීනත්තං පහාතුං.
4. මහණෙනි, මෙ තුන් දහමුන් නො පියා අයෝනිසෝමනසිකාරය පියන්නට, කුමග සෙවුනා පියන්නට, චිත්තයාගේ ලීනත්වය පියන්නට අභව්‍යයි. කවර තුනෙක යත්: සිහි මුළාව නොපියා, අසම්පජඤ්ඤය නො පියා, චිත්තයාගේ වික්ෂේපය නො පියා යි. මහණෙනි, මෙ දහම් තුන නො පියා අයෝනිසෝමනසිකාරය පියන්නට කුම්මග්ගසේවනය පියන්නට චිත්තයාගේ ලීනත්වය පියන්නට අභව්‍යයි.
5. තයොමෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො මුට්ඨසච්චං පහාතුං අසම්පජඤ්ඤං පහාතුං චෙතසො වික්ඛෙපං පහාතුං. කතමෙ තයො: අරියානමදස්සනකම්යතං අප්පහාය අරියධම්මස්ස අසොතුකම්යතං අප්පහාය උපාරම්භචිත්තං අප්පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ අප්පහාය අභබ්බො මුට්ඨසච්චං පහාතුං අසම්පජඤ්ඤං පහාතුං චෙතසො වික්ඛෙපං පහාතුං.
5. මහණෙනි, මෙ දහම් තුන නො පියා මුළා සිහිය පියන්නට, අසම්පජඤ්ඤය පියන්නට, චිත්තවික්ෂේපය පියන්නට අභව්‍යයි. කවර තුනෙක යත්: ආර්‍ය්‍යයන්ගේ අදර්‍ශනකාම්‍යතාව නො පියා, ආර්‍ය්‍යධර්‍මයාගේ අශ්‍රෝතුකාම්‍යතාව නොපියා, උපාරම්භ (චිත්ත පරිභවකරනු කැමැති සිත) නො පියා යි. මහණෙනි, මෙ දහම් තුන නො පියා මුළා සිහිය පියන්නට, අසම්පජඤ්ඤය පියන්නට, චිත්තවික්ෂේපය පියන්නට අභව්‍ය යි.
6. තයොමෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො අරියානමදස්සනකම්යතං පහාතුං අරියධම්මස්ස අසොතුකම්යතං පහාතුං උපාරම්භචිත්තතං පහාතුං. කතමෙ තයො: උද්ධච්චං අප්පහාය අසංවරං අප්පහාය දුස්සීල්යං අප්පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ අප්පහාය අභබ්බො අරියානමදස්සනකම්යතං පහාතුං අරියධම්මස්ස අසොතුකම්යතං පහාතුං උපාරම්භචිත්තතං පහාතුං.
6. මහණෙනි, මේ දහම් තුන නො පියා ආර්‍ය්‍යයන්ගේ අදර්‍ශනකාම්‍යතාව පියන්නට, ආර්‍ය්‍යධර්‍මයාගේ අශ්‍රෝතුකාම්‍යතාව පියන්නට, උපාරම්භ චිත්තාව පියන්නට අභව්‍ය යි. කවර තුනෙක යත්: උද්ධච්චය නො පියා, අසංවරය නො පියා, දෞශ්ශීල්‍යය නො පියා යි. මහණෙනි, මෙ දහම් තුන නො පියා ආර්‍ය්‍යයන්ගේ අදර්‍ශනකාම්‍යතාව පියන්නට, ආර්‍ය්‍යධර්‍මයාගේ අශ්‍රෝතුකාම්‍යතාව පියන්නට, උපාරම්භචිත්තාව පියන්නට අභව්‍ය යි.
7. තයොමෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො උද්ධච්චං පහාතුං අසංවරං පහාතුං දුස්සීල්යං පහාතුං. කතමෙ තයො: අස්සද්ධියං අප්පහාය අවදඤ්ඤුතං අප්පහාය කොසජ්ජං අප්පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ අප්පහාය අභබ්බො උද්ධච්චං පහාතුං. අසංවරං පහාතුං දුස්සීල්යං පහාතුං.
7. මහණෙනි, මෙ දහම් තුන නො පියා උද්ධච්චය පියන්නට, අසංවරය පියන්නට, දෞශ්ශීලය පියන්නට අභව්‍යයි. කවරතුනෙක යත්: අස්සද්ධිය නො පියා, අවදඤ්ඤුතාව නො පියා (යාචකයන් බස් නො ද න්නා බව) නො පියා, කෝසජ්ජය නො පියා යි. මහණෙනි, මෙ දහම් තුන නො පියා උද්ධච්චය පියන්නට, අසංවරය පියන්නට, දෞශ්ශීල්‍යය පියන්නට අභව්‍යයි.
8. තයො මෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො අස්සද්ධියං පහාතුං අවදඤ්ඤුතං පහාතුං කොසජ්ජං පහාතුං. කතමෙ තයො: අනාදරියං අප්පහාය දොවචස්සතං අප්පහාය පාපමිත්තතං අප්පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ අප්පහාය අභබ්බො අස්සද්ධියං පහාතුං අවදඤ්ඤුතං පහාතුං කොසජ්ජං පහාතුං.
8. මහණෙනි, මෙතුන් දහම් නො පියා අස්සද්ධිය පියන්නට, අවදඤ්ඤුතාව පියන්නට, කෝසජ්ජය පියන්නට අභව්‍යයි. කවර තුනෙක යත්: අනාදරිය නො පියා, දෝවචස්සතාව නො පියා, පාපමිත්තතාව නොපියා යි. මහණෙනි, මේ තුන් දහම් නොපියා, අස්සද්ධිය පියන්නට, අවදඤ්ඤුතාව (දීමෙහි නො කැමැති බව) පියන්නට, කෝසජ්ජය පියන්නට අභව්‍යයි.
9. තයො මෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො අනාදරියං පහාතුං දොවචස්සතං පහාතුං පාපමිත්තතං පහාතුං. කතමෙ තයො: අහිරිකං අප්පහාය අනොත්තප්පං අප්පහාය පමාදං අප්පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ අප්පහාය අභබ්බො අනාදරියං පහාතුං දොවචස්සතං පහාතුං පාපමිත්තතං පහාතුං.
9. මහණෙනි, මෙ දහම් තුන නොපියා අනාදරය පියන්නට, දෝවචස්සතාව පියන්නට, පාපමිත්‍රතාව පියන්නට අභව්‍යයි. කවර තුනෙක යත්: අහිරිකය නොපියා, අනොත්තප්පය නො පියා, පමාදය නො පියා යි. මහණෙනි, මේ තුන් දහම් නො පියා අනාදරිය පියන්නට, දෝවචස්සතාව පියන්නට, පාපමිත්‍රතාව පියන්නට අභව්‍ය යි.
10. අහිරිකොයං භික්ඛවෙ අනොත්තප්පී පමත්තො හොති, සො පමත්තො සමානො අභබ්බො අනාදරියං පහාතුං දොවචස්සතං පහාතුං පාපමිත්තං පහාතුං, සො පාපමිත්තො සමානො අභබ්බො අස්සද්ධියං පහාතුං අවදඤ්ඤුතං පහාතුං කොසජ්ජං පහාතුං, සො කුසීතො සමානො අභබ්බො උද්ධච්චං පහාතුං අසංවරං පහාතුං දුස්සීල්යං පහාතුං, සො දුස්සීලො සමානො අභබ්බො අරියානමදස්සනකම්යතං පහාතුං අරියධම්මස්ස අසොතුකම්යතං පහාතුං, උපාරම්භචිත්තතං පහාතුං, සො උපාරම්භචිත්තො සමානො අභබ්බො මුට්ඨසච්චං පහාතුං අසම්පජඤ්ඤං පහාතුං චෙතසො වික්ඛෙපං පහාතුං සො වික්ඛිත්ත චිත්තො සමානො අභබ්බො අයොනිසොමනසිකාරං පහාතුං කුම්මග්ගසෙවනං පහාතුං චෙතසො ලීනත්තං පහාතුං, සො ලීනචිත්තො සමානො අභබ්බො සක්කායදිට්ඨිං පහාතුං විචිකිච්ඡං පහාතුං සීලබ්බතපරාමාසං පහාතුං, සො විචිකිච්ඡො සමානො අභබ්බො රාගං පහාතුං දොසං පහාතුං මොහං පහාතුං, සො රාගං අප්පහාය දොසං අප්පහාය මොහං අප්පහාය අභබ්බො ජාතිං පහාතුං ජරං පහාතුං මරණං පහාතුං.
10. මහණෙනි, මේ අහිරික අනොත්තප්පී ප්‍රමත්ත වෙයි. හේ පමාවූයේම අනාදරිය පියන්නට, දෝවචස්සතාව පියන්නට, පාපමිත්‍රතාව පියන්නට අභව්‍යයි. හේ පවිටු මිතුරන් ඇතියේ ම අස්සද්ධිය පියන්නට, අවදඤ්ඤුතාව පියන්නට, කෝසජ්ජය පියන්නට අභව්‍යයි. හේ කුසීත වූයේ ම උද්ධච්චය පියන්නට, අසංවරය පියන්නට, දුශ්ශීල්යය පියන්නට අභව්‍ය වෙයි. හේ දුශ්ශීල වූයේ ම ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව පියන්නට, අරීදහම් නො අසනු කැමැති බව පියන්නට, උපාරම්භචිත්තභාවය පියන්නට අභව්‍ය වෙයි. හේ උපාරම්භ චිත්ත ඇතියේ ම මුළා සිහිය පියන්නට, අසම්ප්‍රඥානය පියන්නට, චිත්තවික්ෂේපය පියන්නට අභව්‍ය වෙයි. හේ වික්ෂිප්ත සිත් ඇතියේ ම අයෝනිසෝ මනසිකාරය පියන්නට, කුමාර්‍ගසේවනය පියන්නට, චිත්තයාගේ ලීනත්වය පියන්නට අභව්‍යයි. හේ ලීන සිත් ඇතියේ ම සක්කායදිට්ඨිය පියන්නට, විචිකිච්ඡාව පියන්නට, සීලබ්බතපරාමාසය පියන්නට අභව්‍ය වෙයි. හේ විචිකිච්ඡා ඇතියේ ම රාගය පියන්නට, ද්වේෂය පියන්නට, මෝහය පියන්නට ජරාව පියන්නට, මරණය පියන්නට අභව්‍යයි.
1. තයො මෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො ජාතිං පහාතුං ජරං පහාතුං මරණං පහාතුං. කතමෙ තයො: රාගං පහාය දොසං පහාය මොහං පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ පහාය භබ්බො ජාතිං පහාතුං ජරං පහාතුං මරණං පහාතුං.
1. මහණෙනි, මෙදහම් තුන පියා ජාතිය පියන්නට, ජරාව පියන්නට, මරණය පියන්නට භව්‍යයි. කවර තුනෙක යත්: රාගය පියා ය, ද්වේෂය පියා ය, මෝහය පියා යි. මහණෙනි, මේ තුන්දහම් පියා ජාතිය පියන්නට ජරාව පියන්නට මරණය පියන්නට භව්‍යයි.
2. තයො මෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො රාගං පහාතුං දොසං පහාතුං මොහං පහාතුං. කතමෙ තයො: සක්කායදිට්ඨිං පහාය විචිකිච්ඡං පහාය සීලබ්බතපරාමාසං පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ පහාය භබ්බො රාගං පහාතුං දොසං පහාතුං මොහං පහාතුං.
2. මහණෙනි, මේ තුන්දහම් පියා රාගය පියන්නට ද්වේෂය පියන්නට මෝහය පියන්නට භව්‍යයි. කවර තුනෙක යත්: සක්කායදෘෂ්ටිය පියා ය, විචිකිච්ඡාව පියා ය, සීලබ්බතපරාමාසය පියා යි. මහණෙනි, මේ තුන්දහම් පියා රාගය පියන්නට, ද්වේෂය පියන්නට, මෝහය පියන්නට භව්‍යයි.
3. තයොමෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො සක්කායදිට්ඨිං පහාතුං විචිකිච්ඡං පහාතුං සීලබ්බතපරාමාසං පහාතුං. කතමෙ තයො: අයොනිසොමනසිකාරං පහාය කුම්මග්ගසෙවනං පහාය චෙතසොලීනත්තං පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ පහාය භබ්බො සක්කාය දිට්ඨිං පහාතුං විචිකිච්ඡං පහාතුං සීලබ්බතපරාමාසං පහාතුං.
3. මහණෙනි, මේ තුන්දහම් පියා සක්කායදිට්ඨිය පියන්නට, විචිකිච්ඡා පියන්නට, සීලබ්බතපරාමාස පියන්නට භව්‍යයි. කවර තුනෙකයත්: අයෝනිසෝ මනසිකාරය පියා, කුමාර්‍ගසේවනය පියා, චිත්තයාගේ ලීනත්වය පියා යි. මහණෙනි, මේ තුන්දහම් පියා සක්කායදිට්ඨිය පියන්නට, විචිකිච්ඡා පියන්නට, සීලබ්බතපරාමාස පියන්නට භව්‍යයි.
4. තයොමෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො අයොනිසොමනසිකාරං පහාතුං කුම්මග්ගසෙවනං පහාතුං චෙතසො ලීනත්තං පහාතුං. කතමෙ තයො: මුට්ඨසච්චං පහාය අසම්පජඤ්ඤං පහාය චෙතසො වික්ඛෙපං පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ පහාය භබ්බො අයොනිසො මනසිකාරං පහාතුං කුම්මග්ගසෙවනං පහාතුං චෙතසො ලීනත්තං පහාතුං.
4. මහණෙනි, මේ තුන්දහම් පියා අයෝනිසෝ මනසිකාරය පියන්නට, කුමාර්‍ගසේවනය පියන්නට, චිත්තයාගේ ලීනත්වය පියන්නට භව්‍යයි. කවර තුනෙකයත්: සිහිමුළාව පියා ය, අසම්ප්‍රඥානය පියා ය, චිත්තවික්ෂේපය පියා යි. මහණෙනි, මේ දහම් තුණ හැරපියා අයෝනිසෝ මනසිකාරය පියන්නට, කුමාර්‍ගසේවනය පියන්නට, චිත්තයාගේ ලීනත්වය පියන්නට භව්‍යයි.
5. තයොමෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො මුට්ඨසච්චං පහාතුං අසම්පජඤ්ඤං පහාතුං චෙතසො වික්ඛෙපං පහාතුං. කතමෙ තයො: අරියානමදස්සනකම්යතං පහාය අරියධම්මස්ස අසොතුකම්යතං පහාය උපාරම්භචිත්තතං පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ පහාය භබ්බො මුට්ඨසච්චං පහාතුං අසම්පජඤ්ඤං පහාතුං චෙතසො වික්ඛෙපං පහාතුං.
5. මහණෙනි. මෙ තුන් දහම් හැරපියා සිහිමුළාව පියන්නට, අසම්ප්‍රඥානය පියන්නට, චිත්තවික්ෂේපය පියන්නට භව්‍යයි. කවර තුනෙක යත්: ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව හැරපියා, ආර්ය්යධර්මය නො අසනු කැමැති බව හැරපියා, උපාරම්භචිත්තය ඇති බව හැරපියා යි. මහණෙනි. මෙ තුන් දහම් හැරපියා සිහිමුළාව පියන්නට, අසම්ප්‍රඥානය පියන්නට, චිත්තවික්ෂේපය පියන්නට භව්‍යයි.
6. තයොමෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො අරියානමදස්සනකම්යතං පහාතුං අරියධම්මස්ස අසොතුකම්යතං පහාතුං උපාරම්භචිත්තතං පහාතුං. කතමෙ තයො: උද්ධච්චං පහාය අසංවරං පහාය දුස්සීල්යං පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ පහාය භබ්බො අරියානමදස්සනකම්යතං පහාතුං අරියධම්මස්ස අසොතුකම්යතං පහාතුං උපාරම්භචිත්තතං පහාතුං.
6. මහණෙනි, මෙ තුන් දහම් හැරපියා ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව පියන්නට, ආර්ය්යධර්ම නො අසනු කැමැත්ත පියන්නට, උපාරම්භසිත් ඇති බව පියන්නට භව්‍යයි. කවර තුනෙකයත්: උද්ධච්චය හැරපියා ය, අසංවරය හැරපියාය, දෞශ්ශීල්‍යය හැර පියා යි. මහණෙනි, මෙ තුන් දහම් හැරපියා ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව පියන්නට, ආර්ය්යධර්මය නො අසනු කැමැති බව පියන්නට, උපාරම්භසිත් ඇති බව හැර පියන්නට භව්‍යයි.
7. තයොමෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො උද්ධච්චං පහාතුං අසංවරං පහාතුං දුස්සීල්යං පහාතුං. කතමෙ තයො: අස්සද්ධියං පහාය අවදඤ්ඤුතං පහාය කොසජ්ජං පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ පහාය භබ්බො උද්ධච්චං පහාතුං අසංවරං පහාතුං දුස්සීල්යං පහාතුං.
7. මහණෙනි, මෙ තුන් දහම් හැරපියා උද්ධච්චය පියන්නට, අසංවරය පියන්නට, දෞශ්ශීල්‍යය පියන්නට භව්‍යයි. කවර තුනෙ යත්: අස්සද්ධිය හැරපියා ය, අවදඤ්ඤුතාව හැරපියාය, කෝසජ්ජය හැරපියා යි. මහණෙනි, මේ තුන් දහම් හැරපියා උද්ධච්චය පියන්නට, අසවරය පියන්නට, දෞශ්ශීල්‍යය පියන්නට භව්‍යයි.
8. තයොමෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො අස්සද්ධියං පහාතුං අවදඤ්ඤුතං පහාතුං කොසජ්ජං පහාතුං. කතමෙ තයො: අනාදරියං පහාය දොවචස්සතං පහාය පාපමිත්තතං පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ පහාය භබ්බො අස්සද්ධියං පහාතුං අවදඤ්ඤුතං පහාතුං කොසජ්ජං පහාතුං.
8. මහණෙනි, මෙ තුන් දහම් හැරපියා සැදැහැ නැති බව හැර පියන්නට, යදිවදන් නො දන්නා බව හැර පියන්නට, කුසීත බව පියන්නට භව්‍යයි. තුනුරුවන්හි අදර නැති බව හැර පියායි, නො කීකරු බව හැර පියායි, පවිටු මිතුරන් ඇතිබව හැර පියායි. මහණෙනි, මේ තුන් දහම් හැරපියා සැදැහැ නැති බව පියන්නට, යදි වදන් නොදන්නා බව හැර පියන්නට, කුසීත බව හැර පියන්නට භව්‍යයි.
9. තයො මෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො අනාදරියං පහාතුං දොවචස්සතං පහාතුං පාපමිත්තතං පහාතුං. කතමෙ තයො: අහිරිකං පහාය අනොත්තප්පං පහාය පමාදං පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ පහාය භබ්බො අනාදරියං පහාතුං දොවචස්සතං පහාතුං පාපමිත්තතං පහාතුං.
9. මහණෙනි, මෙ තුන් දහම් හැරපියා අනදරි බැව් පියන්නට, අකීකරු බැව් පියන්නට, ලමු මිතුරන් ඇති බව පියන්නට භව්‍යයි. කවර තුනෙක යත්: අහිරිකය පියාය, අනොත්තප්පය පියාය, ප්‍රමාදය පියායි. මහණෙනි, මේ තුන් දහම් හැර පියා අනදරි බව පියන්නට, අකීකරු බව පියන්නට, පවිටු මිතුරන් ඇති බව පියන්නට භව්‍යයි.
10. හිරිමායං භික්ඛවෙ ඔත්තප්පී අප්පමත්තො හොති, සො අප්පමත්තො සමානො භබ්බො අනාදරියං පහාතුං දොවචස්සතං පහාතුං පාපමිත්තතං පහාතුං. සො කල්යාණමිත්තො සමානො භබ්බො අස්සද්ධියං පහාතුං අවදඤ්ඤුතං පහාතුං කොසජ්ජං පහාතුං. සො ආරද්ධවිරියො සමානො භබ්බො උද්ධච්චං පහාතුං අසංවරං පහාතුං දුස්සීල්යං පහාතුං. සො සීලවා සමානො භබ්බො අරියානමදස්සනකම්යතං පහාතුං අරියධම්මස්ස අසොතුකම්යතං පහාතුං උපාරම්භචිත්තතං පහාතුං. සො අනුපාරම්භචිත්තො සමානො භබ්බො මුට්ඨසච්චං පහාතුං අසම්පජඤ්ඤං පහාතුං චෙතසො වික්ඛෙපං පහාතුං. සො අවික්ඛිත්තචිත්තො සමානො භබ්බො අයොනිසොමනසිකාරං පහාතුං කුම්මග්ගසෙවනං පහාතුං චෙතසොලීනත්තං පහාතුං. සො අලීනචිත්තො සමානො භබ්බො සක්කායදිට්ඨිං පහාතුං විචිකිච්ඡං පහාතුං, සීලබ්බතපරාමාසං පහාතුං. සො අවිචිකිච්ඡො සමානො භබ්බො රාගං පහාතුං දොසං පහාතුං මොහං පහාතුං. සො රාගං පහාය දොසං පහාය මොහං පහාය භබ්බො ජාතිං පහාතුං ජරං පහාතුං මරණං පහාතුන්ති.
10. මහණෙනි, මේ හිරි ඇතියේ ඔතප් ඇතියේ අප්පමත්ත වෙයි. අප්‍රමත්ත වූ ම හේ අනාදරිය පියන්නට, දුර්වචභාවය පියන්නට, පාපමිත්‍රතාව පියන්නට භව්‍යයි. හේ කලණමිතුරන් ඇතියේ ම අස්සද්ධිය පියන්නට, අවදඤ්ඤුතාව පියන්නට, කෝසජ්ජය පියන්නට භව්‍යයි. හේ ආරබ්ධවීර්‍ය්‍ය වූයේ ම උද්ධච්චය පියන්නට, අසංවරය පියන්නට, දෞශ්ශීලය පියන්නට භව්‍යයි. හේ සිල්වත් වූයේ ම ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව පියන්නට, ආර්‍ය්‍යධර්‍මයාගේ නො අසනු කැමැති බව පියන්නට, උපාරම්භ සිත් ඇති බව පියන්නට භව්‍යයි. හේ අනුපාරම්භ චිත්ත ඇතියේ ම සිහි මුළාව පියන්නට, සම්ප්‍රඥානය පියන්නට, චිත්ත වික්ෂේපය පියන්නට භව්‍යයි. හේ අවික්ෂිප්ත සිත් ඇතියේ ම අයෝනිසෝ මනසිකාරය පියන්නට, කුමාර්‍ගසේවනය පියන්නට, චිත්තයාගේ ලීනත්වය පියන්නට භව්‍යයි. හේ අලීන චිත්ත වූයේ ම සක්කායදිට්ඨිය පියන්නට, විචිකිච්ඡාව පියන්නට, සීලබ්බතපරාමාසය පියන්නට භව්‍යයි. හේ විචිකිච්ඡා නැතියේ ම රාගය පියන්නට, ද්වේෂය පියන්නට, මෝහය පියන්නට භව්‍යයි. රාගය හැරපියා ද්වේෂය හැරපියා මෝහය හැරපියා ජාතිය පියන්නට, ජරාව පියන්නට, මරණය පියන්නට භව්‍ය වේ යයි.