මිගසාලා සුත්තං
10. 2. 3. 5.
10. 2. 3. 5.
මිගසාලා සුත්තං
මිගසාලා සූත්‍රය
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන මිගසාලාය උපාසිකාය නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො මිගසාලා උපාසිකා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො මිගසාලා උපාසිකා ආයස්මන්තං ආනන්දං එතදවොච:
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු රැගෙන මිගසාලා උවැසියගේ නිවස කරා එළඹියහ. එලඹ පැනවූ අස්නෙහි හුන්හ. ඉක්බිති මිගසාලා උපාසිකා ආයුෂ්මත් අනඳ තෙරුන් කරා එළඹියා. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන් සකසා වැඳ එකත්පස්ව හුනු, එකත්පස්ව හුන් මිගසාලා උපාසිකා ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල කරුණ සැළ කළා:
කථං කථං නාමායං භන්තෙ ආනන්ද භගවතා ධම්මො දෙසිතො අඤ්ඤෙය්යො, යත්ර හි නාම බ්‍රහ්මචාරී ච අබ්රහ්මචාරී ච උභො සමසමගතිකා භවිස්සන්ති අභිසම්පරායං? පිතා මෙ භන්තෙ පුරාණො බ්‍රහ්මචාරී අහොසි ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. සො කාලකතො භගවතා ව්යාකතො සකදාගාමී සත්තො තුසිතං කායං උප්පන්නො’ති. පෙත්තා පි යො මෙ භන්තෙ ඉසිදත්තො අබ්රහ්මචාරී අහොසි සදාරසන්තුට්ඨො. සොපි කාලකතො භගවතා බ්යාකතො සකදාගාමී සත්තො තුසිතං කායං උපපන්නො’ති.
වහන්ස, ආනන්දයෙනි, යම් ම ධර්මයක බ්රම්සැරිත් අබ්රම්සැරිත් යන දෙදෙන පරලොව්හි සම සමගතික වෙත් නම් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය කිසෙයින් කිසෙයින් දතයුතු කොට දෙසන ලද්දේ ද? වහන්ස, පුරාණ නම් වූ ම පිය ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළකියේ දුරුවූයේ බ්‍රහ්මචාරී විය. හේ සකෘදාගාමීසත්ත්ව වූයේ කලුරිය කළේ තුෂිත දේවකායේහි උපනැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය. වහන්ස, මාගේ සුළුපිය ඉසිදත්ත ස්වදාරසන්ගෙන් තුෂ්ට වූයේ අබ්රහ්මචාරී විය. හේ ද සකෘදාගාමී සත්ත්වවූයේ කලුරිය කළේ තුෂිත දේවකායෙහි උපනැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය.
කථං කථං නාමායං භන්තෙ ආනන්ද භගවතා ධම්මො දෙසිතො අඤ්ඤෙය්යො, යත්ර හි නාම බ්රහ්වචාරී ච අබ්රහ්මචාරී ච උභොසමසමගතිකා භවිස්සන්ති අභිසම්පරායන්ති. එවං ඛො පනෙතං භගිනි භගවතා බ්යාකතන්ති.
වහන්ස, ආනන්දයෙනි, යම් ධර්මයෙක්හි බ්‍රහ්මචාරීත් අබ්‍රහ්මචාරීත් යන දෙදෙන පරලොව්හි සම සමගතික වෙත් නම් මේ ධර්මය කෙසේ කෙසේ දතයුතු කොට භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ද? බුහුන තෙල භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපරිදි ම ව්‍යාකෘත වේ යි.
අථ ඛො ආයස්මා ආනන්දො මිගසාලාය උපාසිකාය නිවෙසනෙ පිණ්ඩපාතං ගහෙත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො ආයස්මා ආනන්දො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මිගසාලා උවැසියන්ගේ නිවෙස්නෙහි පිඬුවා ගෙන හුනස්නෙන් නැගී ගියහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පසුබත පිඬුවායෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
ඉධාහං භන්තෙ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන මිගසාලාය උපාසිකාය නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිං. අථ ඛො භන්තෙ මිගසාලා උපාසිකා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො භන්තෙ මිගසාලා උපාසිකා මං එතදවොච:
වහන්ස, මම පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු රැගෙන මිගසාලා උවැසියගේ නිවෙස්නට ගියෙමි, පැනවූ අස්නෙහි හුන්මි. වහන්ස, එකල්හි මිගසාලා උපාසිකාව මා කරා එළැඹියා. එළඹ මා සකසා වැඳ එකත්පස්ව හුණු. වහන්ස, එකත්පස්ව හුන් මිගසාලා උපාසිකා මට තෙල සැළ කළා:
කථං කථං නාමායං භන්තෙ ආනන්ද භගවතා ධම්මො දෙසිතො අඤ්ඤෙය්යො, යත්ර හි නාම බ්‍රහ්මචාරී ච අබ්රහ්මචාරී ච උභො සමසමගතිකා භවිස්සන්ති අභිසම්පරායං? පිතා මෙ භන්තෙ පුරාණො බ්‍රහ්මචාරී අහොසි ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. සො කාලකතො භගවතා බ්යාකතො සකදාගාමී සත්තො තුසිතං කායං උපපන්නොති. පෙත්තාපි යො මෙ භන්තෙ ඉසිදත්තො අබ්රහ්මචාරී අහොසි සදාරසන්තුට්ඨො, සො’පි කාලකතො භගවතා බ්යාකතො සකදාගාමී සත්තො තුසිතං කායං උපපන්නොති.
වහන්ස, යම් ම ධර්මයෙක්හි බ්‍රහ්මචාරීත් අබ්‍රහ්මචාරීත් යන දෙදෙන පරලොව්හි සම සම ගතික වෙත් නම් මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් කෙසේ කෙසේ නම් දතයුතු කොට දෙසන ලද ද? වහන්ස, පුරාණ නම් ම පිය ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළකියේ, වෙන් වූයේ, බ්‍රහ්මචාරී විය. හේ සකෘදාගාමී සත්ත්ව වූයේ කලුරිය කළේ තුෂිතකායයෙහි උපනැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘතය. වහන්ස, මා සුළුපිය ඉසිදත්ත ස්වදාරසන්තුෂ්ට වූයේ අබ්රහ්මචාරී විය. හෙ ද සකෘදාගාමී සත්ත්ව වූයේ කලුරිය කළේ තුෂිතකායයෙහි උපනැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය.
කථං කථං නාමායං භන්තෙ ආනන්ද භගවතා ධම්මො දෙසිතො අඤ්ඤෙය්යො, යත්ර හි නාම බ්‍රහ්මචාරී ච අබ්රහ්මචාරී ච උභො සමසමගතිකා භවිස්සන්ති අභිසම්පරායන්ති, එවං වුත්තෙ අහං භන්තෙ මිගසාලං උපාසිකං එතදවොචං: එවං ඛො පනෙතං භගිනි භගවතා බ්යාකතන්ති.
වහන්ස, යම් ම ධර්මයක බ්‍රහ්මචාරීත් අබ්‍රහ්මචාරීත් යන දෙදෙන පරලොව්හි සම සම ගතික වෙත් නම් මේ ධර්මය කෙසේ කෙසේ නම් අඥේය කොට භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ද? වහන්ස, මෙසේ කී කල්හි මම මිගසාලා උපාසිකාවට තෙල කීමි: “බුහුන, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල එසේම වදාරන ලදැ” යි.
කා චානන්ද මිගසාලා උපාසිකා බාලා අබ්යත්තා අම්බකා අම්බකපඤ්ඤා? කෙ ච පුරිසපුග්ගලපරොපරියඤාණො?
ආනන්දය, බාල වූ අව්‍යක්ත වූ ස්ත්‍රීප්‍රඥා ඇති මාගමක් වන මිගසාලා උපාසිකා කවර? පුරුෂ
දසයිමෙ ආනන්ද පුග්ගලො සන්තො සංවිජ්ජමානා ලොකස්මි. කතමෙ දස:
පුද්ගලයන්ගේ පරාවරඥානයෙහි ලා (සම්මාසම්බුදු වරයෝ) කවරහ?
1. ඉධානන්ද එකච්චො පුග්ගලො දුස්සීලො හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති, යත්ථස්ස තං දුස්සීල්යං අපරිසෙසං නිරුජ්ඣති, තස්ස සවණෙන පි අකතං හොති, බාහුසච්චෙන පි අකතං හොති දිට්ඨියා පි අප්පටිවිද්ධං හොති, සාමයිකම්පි විමුත්තිං න ලභති, සො කායස්ස භෙදා පරම්මරණා හානාය පරෙති නො විසෙසාය, හානගාමී යෙච හොති නො විසෙසගාමී.
1. ආනන්දයෙනි, මෙලොව්හි අන්‍යතර පුද්ගලයෙක් දුස්සීල වෙයි. ඒ ඵලසමාධි ඵලප්‍රඥා ද ඇතිසැටි නොදන්නේය. යම් මාර්ගයක ඔහුගේ ඒ දෞශශීල්‍යය අනවශේෂ කොට නිරුද්ධ වේ නම් ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු නො අසන ලද වෙයි. බාහුශ්‍රැත්‍යයෙනුදු නො හසළ වෙයි. දෘෂ්ටියෙනුදු නො පිළිවිදුනා ලද වෙයි. සාමයික වූ ද (ප්රීතිප්රාමෝද්යසඞ්ඛ්යාත) විමුක්තිය නො ලබයි. හේ කාබුන් මරණින් මතු හානියට ම යෙයි. විශේෂයට නො යෙයි. හානගාමී ම වෙයි. විශේෂගාමී නො වේ.
2. ඉධ පනානන්ද එකච්චො පුග්ගලො දුස්සීලො හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති, යත්ථස්ස තං දුස්සීල්යං අපරිසෙසං නිරුජ්ඣති, තස්ස සවණෙන’පි කතං හොති, බාහුසච්චෙන’පි කතං හොති දිට්ඨියා’පි පටිවිද්ධං හොති, සාමයිකම්පි විමුත්තිං ලභති, සො කායස්ස භෙදා පරම්මරණා විසෙසාය පරෙති, නො හානාය, විසෙසගාමී යෙව හොති, නො හානගාමී.
2. ආනන්දයෙනි, මෙලොව්හි අන්‍යතර පුද්ගලයෙක් දුස්සීල වෙයි. චිත්තසමාධිය හා ප්‍රඥාවිමුක්තියත් ඇති සැටි දනියි. යම් මගෙක ඔහුගේ ඒ දුස්සීල්යය අනවශේෂ කොට නිරුද්ධ වේ නම් ඒ ශ්‍රවණයෙනුදු අසන ලද වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු හසළ වෙයි, දෘෂ්ටියෙනුදු පිළිවිදුනා ලද වෙයි, සාමයික විමුක්තිය ද ලබයි. හේ කාබුන් මරණින් මතු විශේෂයට පැමිණෙයි. හානියට නො පැමිණෙයි. විශේෂගාමී වෙයි. හානගාමී නො වේ.
තත්රානන්ද පමාණිකා පමිණන්ති ‘ඉමස්සාපි තෙව ධම්මා, අපරස්සාපි තෙව ධම්මා. කස්මා තෙසං එකො හීනො, එකො පණීතො’ති. තං හි තෙසං ආනන්ද හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය.
ආනන්දයෙනි, එහිලා ප්‍රාමාණිකයෝ තුලනා කෙරෙත්: “මොහුදුගේ ඒ ධර්මයෝ ම වෙත්. පරාගේ ද එම ධර්මයෝ වෙත්. කවර හෙයින් ඔවුනතුරෙන් එකෙක් හීන වේ ද, එකෙක් ප්‍රණීත වේදැ”යි. ආනන්දයෙනි, ඒ ප්‍රමාණකරණය ඔවුනට දීර්‍ඝරාත්‍රියෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි.
තත්රානන්ද ය්වායං පුග්ගලො දුස්සීලො හොති. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූකං පජානාති. යත්ථස්ස තං දුස්සීල්යං අපරිසෙසං නිරුජ්ඣති. තස්ස සවණෙන’පි කතං හොති, බාහුසච්චෙනපි කතං හොති, දිට්ඨියා’පි පටිවිද්ධං හොති. සාමයිකම්පි විමුත්තිං ලභති, අයං ආනන්ද පුග්ගලො අමුනා පුරිමෙන පුග්ගලෙන අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු: ඉමං හි ආනන්ද පුග්ගලං ධම්මසොතො නිබ්බහති. තදන්තරං කො ජානෙය්ය අඤ්ඤත්ර තථාගතෙන. තස්මාතිහානන්ද මා පුග්ගලෙසු පමාණිකා අහුවත්ථ, මා පුග්ගලෙසු පමාණං ගණ්හිත්ථ, ඛඤ්ඤතිහානන්ද පුග්ගලො පුග්ගලෙසු පමාණං ගණ්හන්තො, අහං චානන්ද පුග්ගලෙසු පමාණං ගණ්හෙය්යං, යො වාපනස්ස මාදිසො.
ආනන්දයෙනි, එහි ලා යම් ඒ පුද්ගලයෙක් දුස්සීල වේ ද ඒ චිත්ත විමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටි නො දනී ද, යම් ම මගක ඔහුගේ ඒ දෞශ්ශීල්‍යය අනවශේෂ කොට නිරුද්ධ වේද, ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු අසන ලද වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු හසළ වෙයි, දෘෂ්ටියෙනුදු ප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද ලබයි. ආනන්දයෙනි, මෙ පුඟුල් අසෝ පළමු පුඟුලාගෙන් වඩා සුන්දර ද වඩා උත්තම ද වෙයි. එ කවර හෙයින යැ: ආනන්දයෙනි, විදර්ශනා ඥාන සඞ්ඛ්‍යාත ධර්මශ්රෝතස මෙ පුඟුල් (අරීබිමට) පමුණුවයි. තථාගතයන් හැර එහි වෙනස කවරෙක් දන්නේ ද? ආනන්දයෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා පුඟුලන් විසාහි නහමක් ප්‍රාමාණික වවු. පුඟුලන් විසාහි නහමක් පමණ ගනිවු. ආනන්දයෙනි, පුද්ගලයන් කෙරෙහි පමණ ගන්නා පුඟුල් ගුණ විසින් ඛනනයට පැමිණේ මැයි. ආනන්දයෙනි, මම් හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය ගන්නෙමි, ම බන්දෙක් හෝ වේ නම් (ප්‍රමාණ ගන්නේ) යී.
3. ඉධ පනානන්ද එකච්චො පුග්ගලො සීලවා හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති, යත්ථස්ස තං සීලං අපරිසෙසං නිරුජ්ඣති, තස්ස සවණෙන පි අකතං හොති, බාහුසච්චෙන පි අකතං හොති, දිට්ඨියා පි අප්පටිවිද්ධං හොති, සාමයිකම්පි විමුත්තිං න ලභති, සො කායස්ස භෙදා පරම්මරණා හානාය පරෙති, නො විසෙසං හානගාමී යෙව හොති, නො විසෙසගාමී.
3. ආනන්දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් සිල්වත් වෙයි. ඒ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටි නො දන්නේ ය. යම් මගෙක ඔහුගේ ඒ ශීලය අනවශේෂ කොට නිරුද්ධ වේ නම් ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු නො අසන ලද වෙයි, බාහුශැත්‍යයෙනුදු නො හසළ වෙයි, දෘෂ්ටියෙනුදු අප්‍රතිවිද්ධ වෙයි, සාමයිකවිමුක්තියද නො ලබයි. හේ කාබුන් මරණින් මතු හානියට පැමිණෙයි. විශේෂයට නො පැමිණෙයි. හානගාමී ම වෙයි. විශේෂගාමී නො වේ.
4. ඉධ පනානන්ද එකච්චො පුග්ගලො සීලවා හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති, යත්ථස්ස තං සීලං අපරිසෙසං නිරුජ්ඣති, තස්ස සවණෙන පි කතං හොති, බාහුසච්චෙන පි කතං හොති, දිට්ඨියා පි පටිවිද්ධං හොති.
4. ආනන්දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් සිල්වත් වෙයි. ඒ චේතෝවිමුක්තියත් පඤ්ඤාවිමුක්තියත් ඇති සැටි දනියි. යම් මගෙක ඔහුගේ ඒ ශීලය අනවශේෂ කොට නිරුද්ධ වේ නම් ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු අසන ලද වෙයි, බාහුශැත්‍යයෙනුදු හසළ වෙයි, දෘෂ්ටියෙනුදු ප්‍රතිවිද්ධ වෙයි,
සාමයිකම්පි විමුත්තිං ලභති, සො කායස්ස භෙදා පරම්මරණා විසෙසාය පරෙති, නො හානාය. විසෙසගාමීයෙව හොති, නො හානගාමී.
සාමයික විමුක්තිය ද ලබයි. හේ කාබුන් මරණින් මතු විශේෂයට පැමිණෙයි. හානියට නො පැමිණෙයි. විශේෂගාමී ම වෙයි. හානගාමී නො වේ.
තත්රානන්ද පමාණිකා පමිණන්ති -පෙ- ආහං චානන්ද පුග්ගලෙසු පමාණං ගණ්හෙය්යං, යො වා පනස්ස මාදිසො.
ආනන්දයෙනි, එහි ලා ප්‍රාමාණිකයෝ පමණ කරත් ... මම් හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය ගන්නෙමි, මා බඳු යමෙක් හෝ වේ නම් (ප්‍රමාණ ගන්නේ) යී.
5. ඉධ පනානන්ද එකච්චො පුග්ගලො තිබ්බරාගො හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති, යත්ථස්ස සො රාගො අපරිසෙසො නිරුජ්ඣති, තස්ස සවණෙනපි අකතං හොති, බාහුසච්චෙන පි අකතං හොති, දිට්ඨියාපි අපටිවිද්ධං හොති, සාමයිකම්පි විමුත්තිං න ලභති, සො කායස්ස භෙදා පරම්මරණා හානාය පරෙති, නො විසෙසාය, හානගාමී එව හොති, නො විසෙසගාමී.
5. ආනන්දයෙනි, මෙ ලොව්හි අන්‍යතර පුද්ගලයෙක් තීව්‍රරාග වෙයි. ඒ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇතිසැටි නො දන්නේ ය. යම් මාර්ගයෙක්හි ඔහුගේ ඒ රාගය අනවශේෂ කොට නිරුද්ධ වේ නම්, එහු විසින් එය ශ්‍රවණයෙනුදු නො අසන ලද වෙයි, බාහුශැත්‍යයෙනුදු නො හසළ වෙයි, දෘෂ්ටියෙනුදු අප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද නො ලබන්නේ ය. හේ කාබුන් මරණින් මතු හානියට පැමිණෙයි. විශේෂයට නො පැමිණෙයි. හානගාමී ම වෙයි. විශේෂගාමී නොවේ.
6. ඉධ පනානන්ද එකච්චො පුග්ගලො තිබ්බරාගො හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති, යත්ථස්ස සො රාගො අපරිසෙසො නිරුජ්ඣති. තස්ස සවණෙනපි කතං හොති, බාහුසච්චෙනපි කතං හොති, දිට්ඨියාපි පටිවිද්ධං හොති, සාමයිකම්පි විමුත්තිං ලභති. සො කායස්ස භෙදා පරම්මරණා විසෙසාය පරෙති නො හානාය, විසෙසගාමීයෙව හොති නො හානගාමී.
6. ආනන්දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් තීව්‍රරාග වෙයි. ඒ චිත්ත විමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇතිසැටි දන්නේ ය. යම් මාර්ගයෙක්හි ඔහුගේ ඒ රාගය අනවශේෂව නිරුද්ධ වේ නම්, ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු අසන ලද වෙයි, බාහුශැත්‍යයෙනුදු හසළ වෙයි, දෘෂ්ටියෙනුදු ප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද ලබනේ ය. හේ කාබුන් මරණින් මතු විශේෂයට පැමිණෙයි. හානියට නො පැමිණෙයි. විශේෂගාමී ම වෙයි. හානගාමී නො වේ.
තත්රානන්ද පමාණිකා පමිණන්ති -පෙ- අහං චානන්ද පුග්ගලෙසු පමාණං ගණ්හෙය්යං, යො වා පනස්ස මාදිසො.
ආනන්දයෙනි, එහිලා ප්‍රාමාණිකයෝ ප්‍රමාණ කරත් ... ආනන්දයෙනි, පුද්ගලයන් කෙරෙහි මම් හෝ ප්‍රමාණය ගන්නෙමි, මා බඳු යමෙක් වේ නම් හෝ (ප්‍රමාණය ගන්නේ) යි.
7. ඉධ පනානන්ද එකච්චො පුග්ගලො කොධනො හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති. යත්ථස්ස සො කොධො අපරිසෙසො නිරුජ්ඣති, තස්ස සවණෙනපි අකතං හොති, බාහුසච්චෙනපි අකතං හොති, දිට්ඨියාපි අප්පටිවිද්ධං හොති, සාමයිකම්පි විමුත්තිං න ලභති. සො කායස්ස භෙදා පරම්මරණා හානාය පරෙති නො විසෙසාය, හානගාමීයෙව හොති නො විසෙසගාමී.
7. ආනන්දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් කිපෙනසුලු වෙයි. ඒ චිත්තවිමුක්තිය හා ප්‍රඥා විමුක්තිය හා ඇති සැටි නො දන්නේය, යම් මාර්ගයෙක් ඔහුගේ ඒ ක්‍රෝධය අනවශේෂව නිරුද්ධ වේ නම් ඔහු විසින් ශ්‍රවණයෙනුදු එය අකෘත වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු අකෘත වෙයි, දෘෂ්ටයෙනුදු අප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද නො ලබනේ ය. හේ කාබුන් මරණින් මතු හානියට යෙයි. විශේෂයට නොයෙයි හානගාමී ම වෙයි. විශේෂගාමී නො වේ.
8. ඉධ පනානන්ද එකච්චො පුග්ගලො කොධනො හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති. යත්ථස්ස සො කොධො අපරිසෙසො නිරුජ්ඣති. තස්ස සවණෙනපි කතං හොති, බාහුසච්චෙනපි කතං හොති, දිට්ඨියාපි පටිවිද්ධං හොති, සාමයිකම්පි විමුත්තිං ලභති. සො කායස්ස භෙදා පරම්මරණා විසෙසාය පරෙති නො හානාය, විසෙසගාමීයෙව හොති නො හානගාමී.
8. ආනන්දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් කිපෙනසුලු වෙයි. ඒ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටි දන්නේය, යම් මාර්ගයෙක් ඔහුගේ ඒ ක්‍රෝධය අනවශේෂව නිරුද්ධ වේ නම් ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු කරන ලද වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු කරන ලද වෙයි, දෘෂ්ටියෙනුදු කරන ලද වෙයි, සාමයික විමුක්තිය ද ලබනේ ය. හේ කාබුන් මරණින් මතු විශේෂයට යෙයි. හානයට නො යෙයි. විශේෂගාමී ම වෙයි. හානගාමී නො වෙයි.
තත්රානන්ද පමාණිකා පමිණන්ති -පෙ- අහං චානන්ද පුග්ගලෙසු පමාණං ගණ්හෙය්යං, යො වා පනස්ස මාදිසො.
ආනන්දයෙනි, එහිලා ප්‍රාමාණිකයෝ ප්‍රමාණ කරත් ... ආනන්දයෙනි, මම හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණ ගන්නෙම්, යමෙක් මබඳු හෝ වේ නම් (ගන්නේ) යි.
9. ඉධ පනානන්ද එකච්චො පුග්ගලො උද්ධතො හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති. යත්ථස්ස තං උද්ධච්චං අපරිසෙසං නිරුජ්ඣති, තස්ස සවණෙනපි අකතං හොති, බාහුසච්චෙනපි අකතං හොති, දිට්ඨියාපි අප්පටිවිද්ධං හොති, සාමයිකම්පි විමුත්තිං න ලභති. සො කායස්ස භෙදා පරම්මරණා හානාය පරෙති නො විසෙසාය, හානගාමීයෙව හොති නො විසෙසගාමී.
9. ආනන්දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් උද්ධත වෙයි. ඒ චිත්තවිමුක්තිය හා ප්‍රඥා විමුක්තිය හා ඇති සැටි නො දන්නේය, යම් මාර්ගයෙක ඔහුගේ ඒ ඖද්ධත්‍යය අනවශේෂව නිරුද්ධ වේ නම් ඔහු විසින් ශ්‍රවණයෙනුදු අකෘත වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු අකෘත වෙයි, දෘෂ්ටියෙනුදු අප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද නොලබයි. හේ කාබුන් මරණින් මතු හානියට යෙයි. විශේෂයට නො යෙයි. හානගාමී ම වෙයි. විශේෂගාමී නො වේ.
10. ඉධ පනානන්ද එකච්චො පුග්ගලො උද්ධතො හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති. යත්ථස්ස තං උද්ධච්චං අපරිසෙසං නිරුජ්ඣති, තස්ස සවණෙනපි කතං හොති, බාහුසච්චෙනපි කතං හොති, දිට්ඨියාපි පටිවිද්ධං හොති, සාමයිකම්පි විමුත්තිං ලභති. සො කායස්ස භෙදා පරම්මරණා විසෙසාය පරෙති නො හානාය. විසෙසගාමීයෙව හොති නො හානගාමී.
10. ආනන්දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් උද්ධත වෙයි. ඒ චිත්තවිමුක්තිය හා ප්‍රඥා විමුක්තිය හා ඇති සැටි දන්නේය. යම් මාර්ගයෙක්හි ඔහුගේ ඒ ඖද්ධත්‍යය අනවශේෂව නිරුද්ධ වේ නම්, ඔහු විසින් ශ්‍රවණයෙනුදු කරන ලද වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු කරන ලද වෙයි, දෘෂ්ටයෙනුදු ප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද ලබනේ ය. හේ කාබුන් මරණින් මතු විශේෂයට පැමිණෙයි. හානියට නො පැමිණෙයි. විශේෂගාමී ම වෙයි. හානගාමී නො වේ.
තත්රානන්ද පමාණිකා පමිණන්ති “ඉමස්සපි තෙව ධම්මා, අපරස්සපි තෙව ධම්මා. කස්මා නෙසං එකො හීනො එකො පණීතො”ති. තං හි තෙසං ආනන්ද හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය.
ආනන්දයෙනි, එහිලා ප්‍රාමාණිකයෝ ප්‍රමාණ කරත්: මොහුගේ ද එම ධර්මයෝය, අන්හුගේ ද එම ධර්මයෝ ය. කවර හෙයින් ඔවුනතුරෙන් එකෙක් හීන වේ ද? එකෙක් ප්‍රණීත වේ දැ”යි. ආනන්දයෙනි, එය ම ඔවුනට දීර්ඝරාත්රයෙහි අහිතය පිණිස දුක් පිණිස වෙයි.
තත්රානන්ද ය්වායං පුග්ගලො උද්ධතො හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති. යත්ථස්ස තං උද්ධච්චං අපරිසෙසං නිරුජ්ඣති. තස්ස සවණෙනපි කතං හොති, බාහුසච්චෙනපි කතං හොති, දිට්ඨියාපි පටිවිද්ධං හොති, සාමයිකම්පි විමුත්තිං ලභති.
ආනන්දයෙනි, එහි යම් මේ පුද්ගලයෙක් උද්ධත වේ නම් ඒ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටි දන්නේ නම්, යම් මාර්ගයෙක්හි ඔහුගේ ඒ ඖද්ධත්‍යය අනවශේෂව නිරුද්ධ වේ නම්, ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු කෘත වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු කෘත වෙයි, දෘෂ්ටියෙනුදු ප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද ලබනේ ය.
අයං ආනන්ද පුග්ගලො අමුනා පුරිමෙන පුග්ගලෙන අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු: ඉමං හෙතං ආනන්ද පුග්ගලං ධම්මසොතො නිබ්බහති. තදන්තරං කො ජානෙය්ය අඤ්ඤත්ර තථාගතෙන. තස්මා තිහානන්ද මා පුග්ගලෙසු පමාණිකා අහුවත්ථ, මා පුග්ගලෙසු පමාණං ගණ්හිත්ථ. ඛඤ්ඤතිහානන්ද පුග්ගලෙසු පමාණං ගණ්හන්තො. අහං වා ආනන්ද පුග්ගලෙසු පමාණං ගණ්හෙය්යං, යො වා පනස්ස මාදිසො.
ආනන්දයෙනි, මෙ පුඟුල් තෙල පළමු පුඟුලාගෙන් සුන්දරතර ද ප්‍රණීතතර ද වෙයි. එ කවර හෙයින යත්: ආනන්දයෙනි, ධර්‍මස්‍රෝතස මෙ පුඟුලා නිවනට පමුණුවයි. එ වෙනස තථාගතයන් හැර කවරෙක් දන්නේ ද? ආනන්දයෙනි, එහෙයින් මෙහි ලා පුඟුලන් කෙරෙහි නහමක් ප්‍රාමාණික වවු, පුඟුලන් කෙරෙහි නහමක් පමණ ගනිවු. ආනන්දයෙනි, පුද්ගලයන් කෙරෙහි පමණ ගන්නේ ගුණ විසින් කණිනු ලබන්නේ ය. ආනන්දයෙනි, මම හෝ පුද්ගලයන් කෙරෙහි ප්රාමාණ ගන්නෙමි, යමෙක් මබඳු හෝ වේ නම් (ගන්නේ) යි.
කා චානන්ද මිගසාලා උපාසිකා බාලා අබ්යත්තා අම්බකා අම්බකපඤ්ඤා, කෙ ච පුරිසපුග්ගලපරොපරියෙ ඤාණෙ. ඉමෙ ඛො ආනන්ද දසපුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මි.
ආනන්දයෙනි, බාල අව්‍යක්ත ස්ත්‍රියක් වන ස්ත්‍රීප්‍රඥා ඇති මිගසාලා උපාසිකා කවර? පුද්ගල පරවරඥානයෙහිලා (තථාගතවරයෝ) කවරහුය? ආනන්දයෙනි, මේ දසපුඟුල්හු ලෝකයෙහි විද්‍යාමාන වෙත්.
යථාරූපෙන ආනන්ද සීලෙන පුරාණො සමන්නාගතො අහොසි, තථාරූපෙන සීලෙන ඉසිදත්තො සමන්නාගතො අභවිස්ස, නයිධ පුරාණො ඉසිදත්තස්ස ගතිම්පි අඤ්ඤස්ස. යථාරූපාය ච ආනන්ද පඤ්ඤාය ඉසිදත්තො සමන්නාගතො අහොසි, යථාරූපාය පඤ්ඤාය පුරාණො සමන්නාගතෙ අභවිස්ස, නයිධ ඉසිදත්තො පුරාණස්ස ගතිම්පි අඤ්ඤස්ස. ඉති ඛො ආනන්ද ඉමෙ පුග්ගලා උභො එකඞ්ගහීනාති.
ආනන්දයෙනි, යම් බඳු ශීලයෙකින් පුරාණ සමන්වාගත විද, එබඳු ශීලයෙන් ඉසිදත්ත ද සමන්වාගත වී නම් මෙහිලා පුරාණ ඉසිදත්තගේ ගතිදු නොදන්නේය. ආනන්දයෙනි, යම්බඳු ප්‍රඥායෙන් පුරාණ සමන්වාගත වී නම්, මෙහිලා ඉසිදත්ත පුරාණගේ ගතිදු නො දන්නේය. ආනන්දයෙනි, මෙසේ මේ පුද්ගල දෙදෙන ඒකාඞ්ගහීන වෙති” යි.