යෙදුමෙන් කියවන්න

බාහුන සුත‍්තං

10. 2. 4. 1.

10. 2. 4. 1.

බාහුන සුත‍්තං

බාහුන සූත්‍රය

එකං සමයං භගවා චම‍්පායං විහරති ගග‍්ගරාය පොක‍්ඛරණියා තීරෙ. අථ ඛො ආයස‍්මා බාහුනො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා බාහුනො භගවන‍්තං එතදවොච:

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පා නගරය සමීපයෙහි ගග්ගරා පොකුණුතෙර වැඩ වසන සේක. එකල ආයුෂ්මත් බාහුන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් බාහුන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:

කතිහි නු ඛො භන‍්තෙ ධම‍්මෙහි තථාගතො නිස‍්සට‍්ඨො විසංයුත‍්තො විප‍්පමුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරිතීති ?

වහන්ස, කෙතෙක් ධර්‍මයන්ගෙන් තථාගතයන් වහන්සේ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු ක්ලේශමර්‍ය්‍යාදාව බිඳලූ සිතින් වසන සේක් දැ යි?

දසහි ඛො පන බාහුන ධම‍්මෙහි තථාගතො නිස‍්සට‍්ඨො විසංයුත‍්තො විප‍්පමුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරති. කතමෙහි දසහි: රූපෙන ඛො බාහුන තථාගතො නිස‍්සට‍්ඨො විසංයුත‍්තො විප‍්පමුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරති. වෙදනාය ඛො බාහුන -පෙ- සඤ‍්ඤාය ඛො බාහුන -පෙ- සඞ‍්ඛාරෙහි ඛො බාහුන -පෙ- විඤ‍්ඤාණෙන ඛො බාහුන -පෙ- ජාතියා ඛො බාහුන -පෙ- ජරාය ඛො බාහුන -පෙ- මරණෙන ඛො බාහුන -පෙ- දුක‍්ඛෙහි ඛො බාහුන -පෙ- කිලෙසෙහි ඛො බාහුන තථාගතො නිස‍්සට‍්ඨො විසංයුත‍්තො විප‍්පමුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරති.

බාහුනයෙනි, දශ දහමකින් තථාගතයෝ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු කෙලෙස් කෙලෙස් මියර බිඳ ලූ සිතින් වෙසෙති. කවර දසයෙකින් යත්: බාහුනය, තථාගතයෝ රූපයෙන් නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු කෙලෙස් මියර බිඳ ලූ සිතින් වෙසෙත්. බාහුනයෙනි, වේදනායෙන් ... බාහුනයෙනි, සංඥායෙන් ... බාහුනයෙනි, සංස්කාරයන්ගෙන් ... බාහුනයෙනි, විඥානයෙන් ... බාහුනයෙනි, ජාතියෙන් ... බාහුනයෙනි, ජරායෙන් ... බාහුනයෙනි, මරණයෙන් ... බාහුනයෙනි, දුඃඛයෙන් ... බාහුනයෙනි, ක්ලේශයන්ගෙන් තථාගතයෝ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු කෙලෙස් මියර බිඳි සිතින් වෙසෙත්.

සෙය්‍යථාපි බාහුන උප‍්පලං වා පදුමං වා පුණ‍්ඩරීකං වා උදකෙ ජාතං උදකෙ සංවඩ‍්ඪං උදකා අච‍්චුග‍්ගම‍්ම තිට‍්ඨති අනුපලිත‍්තං උදකෙන. එමමෙව ඛො බාහුන ඉමෙහි දසහි ධම‍්මෙහි තථාගතො නිස‍්සට‍්ඨො විසංයුත‍්තො විප‍්පමුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරිතීති.

බාහුනයෙනි, යම් පරිද්දකින් උපුලක් වේවයි, පියුමක් වේවයි, පඬෙරක් වේවයි දියෙහි උපනේ, දියෙහි වැඩුනේ, දියෙන් නැගී දිය හා නො ගැටුනේ සිටුනේ ද, බාහුනයෙනි, එ පරිදි ම මේ දස දහමින් තථාගතයෝ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු බිඳ ලූ කෙලෙස් මියර ඇති සිතින් වාස කරත් හ යි.