4. ථෙරවග්ගො අට්ඨකථා
4. ථෙර වර්ගය
1-3. බාහුන සුත්තාදිවණ්ණනා
1-3. බාහුන ආදි සූත්‍ර වර්ණනා
චතුත්ථස්ස පඨමෙ විමරියාදීකතෙනාති කිලෙසමරියාදං භින්දිත්වා විමරියාදං කතෙන. දුතියං උත්තානත්ථමෙව. තතියෙ නො ච පයිරුපාසිතාති න උපට්ඨාති.
සිවුවැනි වර්ගයේ පළමු සූත්‍රයෙහි විමරියාදිකතෙන යනු කෙලෙස් සීමාව බිඳ සීමාව නැති කිරීමෙනි, දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය. තෙවැන්නෙහි නො ච පයිරුපාසිතා යනු නොඑළඹෙයි,
4. බ්යාකරණ සුත්තවණ්ණනා
4. බ්යාකරණ සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ ඣායී සමාපත්තිකුසලොති ඣානෙහි ච සම්පන්නො සමාපත්තියඤ්ච ඡෙකො. ඉරීණන්ති තුච්ඡභාවං. විචිනන්ති ගුණවිචිනතං නිග්ගුණභාවං. අථ වා ඉරීණසඞ්ඛාතං අරඤ්ඤං විචිනසඞ්ඛාතං මහාගහනඤ්ච ආපන්නො විය හොති. අනයන්ති අවඩ්ඪිං. බ්යසනන්ති විනාසං. අනයබ්යසනන්ති අවඩ්ඪිවිනාසං. කිං නු ඛොති කෙන කාරණෙන.
සිවුවැන්නෙහි ඣායී සමාපත්තිකුසලො යනු ධ්‍යානයන්ගෙන් යුක්තවූයේ සමවත්හි දක්ෂවූයේ ද වෙයි. ඉරීණං යනු හිස්බවයි, විපිනං යනු ගුණයෙන් තොර වූ ගුණ නැති බවයි. නැතහොත් ඉරීණ සංඛ්‍යාත වූ අරණට විපින සංඛ්‍යාත වූ මහා ගහනයට පැමිණියෙකු මෙන් වෙයි, අනයං යන අවැඩයි, ව්යසනං යනු විනාශයයි, අනයව්යසනං යනු ඇවැඩ හා විනාශයයි. කින්නුඛො යනු කවර කරුණකින්?
5. කත්ථි සුත්තවණ්ණනා
5. කත්ථී සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ කත්ථී හොති විකත්ථීති කත්ථනසීලො හොති විකත්ථනසීලො, විවටං කත්වා කථෙති. න සන්තතකාරීති න සතතකාරී.
පස්වැන්නෙහි කත්ථි හොති විකත්ථි යනු කියවන සුලු වූයේ නිවන (ගැන) කියයි, න සන්තතකාරි යනු තහවුරුව නොකරන්නේයි.
6. අධිමාන සුත්තවණ්ණනා
6. අධිමාන සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ අධිමානිකොති අනධිගතෙ අධිගතමානෙන සමන්නාගතො. අධිමානසච්චොති අධිගතමානමෙව සච්චතො වදති.
[missing trans]
7. අධිකරණික සුත්තවණ්ණනා
7. අධිකරණික සූත්‍ර වර්ණනාව
සත්තමෙ අධිකරණිකො හොතීති අධිකරණකාරකො හොති. න පියතායාති න පියභාවාය. න ගරුතායාති න ගරුභාවාය. න සාමඤ්ඤායාති න සමණධම්මභාවාය. න එකීභාවායාති න නිරන්තරභාවාය. ධම්මානං න නිසාමකජාතිකොති නවන්නං ලොකුත්තරධම්මානං න නිසාමනසභාවො න උපධාරණසභාවො. න පටිසල්ලානොති න පටිසල්ලීනො. සාඨෙය්යානීති සඨභාවො. කූටෙය්යානීති කූටභාවො. ජිම්හෙය්යානීති න උජුභාවා. වඞ්කෙය්යානීති වඞ්කභාවා.
සත්වැන්නෙහි අධිකරණිකො හොති යනු අධිකරණය කරන්නෙක් වෙයි, න පියත්තාය යනු ප්‍රියභාවය සඳහා නොවේ. න ගරුත්තාය යනු ගරුභාවය සඳහා නොවේ, න සාමඤ්ඤාය යනු මහණදම්බව සඳහා නොවේ, න එකීභාවාය යනු නිරතුරුබව සඳහා නොවේ, ධම්මානං න නිසාමකජාතියො යනු නවලොවුතුරු දහමට කන්නොදෙන සුලුබවයි, නොසැලකිලිමත් ස්වභාවයයි, න පටිසල්ලාණො යනු හුදෙකලාවූයේ නොවේ, සාඨෙය්යානි යනු වංචනිකභාවයයි, කුටෙය්යානි යනු කූට භාවයයි, ජිම්හෙය්යානි සෘජු නොවන බවයි, වඞ්කෙය්යානි වඞ්කභාවයයි.
8. අක්කොසක සුත්තවණ්ණනා
8. අක්කොසක සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ අක්කොසකපරිභාසකො අරියූපවාදී සබ්රහ්මචාරිනන්ති එත්ථ සබ්රහ්මචාරිපදං අක්කොසකපරිභාසකපදෙහි යොජෙතබ්බං “අක්කොසකො සබ්රහ්මචාරීනං, පරිභාසකො සබ්රහ්මචාරීන”න්ති. අරියානං පන ගුණෙ ඡින්දිස්සාමීති අන්තිමවත්ථුනා උපවදන්තො අරියූපවාදී නාම හොති. සද්ධම්මස්ස න වොදායන්තීති සික්ඛාත්තයසඞ්ඛාතා සාසනසද්ධම්මා අස්ස වොදානං න ගච්ඡන්ති. රොගාතඞ්කන්ති එත්ථ රොගොව කිච්ඡාජීවිතභාවකරණෙන ආතඞ්කොති වෙදිතබ්බො.
අටවැන්නෙහි අක්කොසකපරිභාසකො අරියූපවාදී සබ්රහ්මචාරීනං යන මෙහි ‘සබ්රහ්මචාරී’ පදය අක්කොසක පරිභාසක පදයන් සමඟ යෙදිය යුතුය. අක්කොසකො සබ්රහ්මචාරීනං පරිභාසකො සබ්රහ්මචාරීනං යනුවෙනි. ආර්‍ය්‍යයන්ගේ ගුණය නසන්නෙමැයි පරිජි ඇවැතකින් උපවාද නඟන්නා අරියූපවාදී නම් වෙයි. සද්ධම්මස්ස න වොදානයන්ති යනු ශික්ෂාත්රය සංඛ්‍යාත වූ ශාසන ධර්මයෝ මොහුගේ පවිත්‍රත්වයට නොයති. රොගොතඞ්කං යනු මෙහි රෝගයම දුෂ්කර ජීවිතයක් ඇතිකරවන බැවින් ආතඞ්කයි දතයුතුය.
9. කොකාලික සුත්තවණ්ණනා
9. කොකාලික සූත්‍ර වර්ණනාව
නවමෙ කොකාලිකො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමීති කොයං කොකාලිකො, කස්මා ච උපසඞ්කමි? අයං කිර කොකාලිකරට්ඨෙ කොකාලිකනගරෙ කොකාලිකසෙට්ඨිස්ස පුත්තො පබ්බජිත්වා පිතරා කාරිතෙ විහාරෙ වසති චූළකොකාලිකොති නාමෙන, න පන දෙවදත්තස්ස සිස්සො. සො හි බ්රාහ්මණපුත්තො මහාකොකාලිකො නාම. භගවති පන සාවත්ථියං විහරන්තෙ ද්වෙ අග්ගසාවකා පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සද්ධිං ජනපදචාරිකං චරමානා උපකට්ඨාය වස්සූපනායිකාය විවෙකවාසං වසිතුකාමා තෙ භික්ඛූ උය්යොජෙත්වා අත්තනො පත්තචීවරමාදාය තස්මිං ජනපදෙ තං නගරං පත්වා විහාරං අගමිංසු. තත්ථ නෙසං කොකාලිකො වත්තං අකාසි. තෙපි තෙන සද්ධිං සම්මොදිත්වා, “ආවුසො, මයං ඉධ තෙමාසං වසිස්සාම, මා නො කස්සචි ආරොචෙසී”ති පටිඤ්ඤං ගහෙත්වා වසිංසු. වසිත්වා පවාරණාදිවසෙ පවාරෙත්වා “ගච්ඡාම මයං, ආවුසො”ති කොකාලිකං ආපුච්ඡිංසු. කොකාලිකො “අජ්ජ, ආවුසො, එකදිවසං වසිත්වා ස්වෙ ගමිස්සථා”ති වත්වා දුතියදිවසෙ නගරං පවිසිත්වා මනුස්සෙ ආමන්තෙසි – “ආවුසො, තුම්හෙ ද්වෙ අග්ගසාවකෙ ඉධ ආගන්ත්වා වසමානෙපි න ජානාථ, න තෙ කොචි පච්චයෙනපි නිමන්තෙතී”ති. නගරවාසිනො “කහං, භන්තෙ, ථෙරා, කස්මා නො නාරොචයිත්ථා”ති? කිං, ආවුසො, ආරොචිතෙන, කිං න පස්සථ ද්වෙ භික්ඛූ ථෙරාසනෙ නිසීදන්තෙ, එතෙ අග්ගසාවකාති. තෙ ඛිප්පං සන්නිපතිත්වා සප්පිඵාණිතාදීනි චෙව චීවරදුස්සානි ච සංහරිංසු.
නවවැන්නෙහි කොකාලිකො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි යනු මේ කෝකාලික කවරෙක්ද? කුමක් හෙයින් එළැඹියේද? කොකාලික රටෙහි කොකාලික නගරයෙහි කොකාලික සිටුගේ පුත්වූ මෙතෙම පැවිදිව පියා විසින් කරවන ලද වෙහෙරෙහි චූලකොකාලික නමින් වෙසෙයි. දේවදත්ත පාක්ෂිකයෙක් නොවේ. හෙතෙම මහා කොකාලික නම් වූ බමුණු පුතෙකි. භාග්‍යවතුන් වහන්සේ සැවතෙහි වසන කල්හි අගසවු දෙනම පන්සියයක් පමණ හික්ෂූන් සමග දනවු සැරිසරන්නාහු එළැඹෙන වස් විසීම සඳහා විවේක විසීමෙන් වෙසෙනු කැමැත්තෝ ඒ (පිරිවර) භික්ෂූන් පිටත් කොට යවා තමන්ගේ පාසිවුරු ගෙන දනව්වෙහි ඒ නුවරට පැමිණ විහාරයට ගියාහුය. එහිදී ඔවුනට කොකාලික තෙමේ වත් සැපයීය. උන්වහන්සේලා ද ඔහු සමඟ සතුටු වී “ඇවැත්නි අපි මෙහි තෙමසක් වෙසෙන්නෙමු. අප ගැන කිසිවකුට නොදන්වන්නැයි පිළිණ ගෙන විසුවාහුය. වැස පවාරණ දිනයෙහි පවරා ඇවැත්නි, අපි යමුයි කොකාලිකට දැක්වූහ. කොකාලික තෙමේ ඇවැත්නි, අද එකදවසක් වැස හෙට වඩිනු මැනවැයි කියා දෙවැනි දිනයෙහි නුවරට පිවිස මිනිසුන්ට ඇවැත්නි, අගසව් දෙනම මෙහි පැමිණ වසනවිට නොදන්නහුය. කිසිවෙක් උන්වහන්සේලා ප්‍රත්‍යයෙන් ආරාධනය නොකරයි පැවසීය. “ස්වාමීනි තෙරවරු කොහිද? කුමක් හෙයින් අපට නොදැන්වුවහුදැ”යි මිනිස්සු ඇසූහ. “ඇවැත්නි, දැන්වීමෙන් කවර වැඩෙක්ද? භික්ෂූන් දෙනමක් ථෙරාසනයෙහි හිඳින විට ඔවුහු අගසව්වෝයි නොදක්නහුද?” ඒ මිනිස්සු වහා රැස්ව ගිතෙල් පැනි ආදිය මෙන්ම සිවුරු පිළි ද රැස්කළාහුය.
කොකාලිකො චින්තෙසි – “පරමප්පිච්ඡා අග්ගසාවකා පයුත්තවාචාය උප්පන්නලාභං න සාදියිස්සන්ති, අසාදියන්තා ‘ආවාසිකස්ස දෙථා’ති වක්ඛන්තී”ති තං ලාභං ගාහාපෙත්වා ථෙරානං සන්තිකං අගමාසි. ථෙරා දිස්වාව “ඉමෙ පච්චයා නෙව අම්හාකං, න කොකාලිකස්ස කප්පන්තී”ති පටික්ඛිපිත්වා පක්කමිංසු. කොකාලිකො “කථඤ්හි නාම සයං අග්ගණ්හන්තා මය්හම්පි අදාපෙත්වා පක්කමිස්සන්තී”ති ආඝාතං උප්පාදෙසි. තෙපි භගවතො සන්තිකං ගන්ත්වා භගවන්තං වන්දිත්වා පුන අත්තනො පරිසං ආදාය ජනපදචාරිකං චරන්තා අනුපුබ්බෙන තස්මිං රට්ඨෙ තමෙව නගරං පච්චාගමිංසු. නාගරා ථෙරෙ සඤ්ජානිත්වා සහ පරික්ඛාරෙහි දානං සජ්ජෙත්වා නගරමජ්ඣෙ මණ්ඩපං කත්වා දානං අදංසු, ථෙරානඤ්ච පරික්ඛාරෙ උපනාමෙසුං. ථෙරා භික්ඛුසඞ්ඝස්ස නිය්යාදයිංසු. තං දිස්වා කොකාලිකො චින්තෙසි – “ඉමෙ පුබ්බෙ අප්පිච්ඡා අහෙසුං, ඉදානි පාපිච්ඡා ජාතා, පුබ්බෙපි අප්පිච්ඡසන්තුට්ඨපවිවිත්තසදිසාව මඤ්ඤෙ”ති ථෙරෙ උපසඞ්කමිත්වා, “ආවුසො, තුම්හෙ පුබ්බෙ අප්පිච්ඡා විය, ඉදානි පන පාපභික්ඛූ ජාතත්ථා”ති වත්වා “මූලට්ඨානෙයෙව නෙසං පතිට්ඨං භින්දිස්සාමී”ති තරමානරූපො නික්ඛමිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. අයමෙස කොකාලිකො, ඉමිනා ච කාරණෙන උපසඞ්කමීති වෙදිතබ්බො.
“අගසව්වෝ අතිශයින්ම අපිස්යහ. වචනයෙන් දන්වා උපන් ලාභය නොයිවසන්නාහුය. නොයිවසමින් ආවාසික භික්ෂුවට දෙවයි කියති”යි කෝකාලික සිතුවේය. ඒ ලැබූ දෙය ගෙන්වාගෙන තෙරුන් සමීපයට ගියේය, තෙරවරු දෙනම මේ ප්‍රත්‍යයෝ කෝකාලිකටත් අපටත් කැප නොවෙතියි පිළිකෙවු කොට වැඩියාහුය. කෝකාලික තෙමේ, “කෙසේ නම් තමනුත් නොගෙන මට ද නොදෙවා යන්නහුදැයි වෛර ඉපදවීය. උන්වහන්සේලා ද භාග්‍යවතුන් සමීපයට ගොස් උන්වහන්සේ වැඳ යළි තමන්ගේ පිරිස රැගෙන දනවු සැරිසරමින් අනුපිළිවෙලින් ඒ රටෙහි ඒ නුවරටම පෙරළා පැමිණියාහුය. නුවරු තෙරුන් හැඳිනගෙන පිරිකර සහිත දන් පිළියෙල කොට නුවර මැද මණ්ඩපයක් තනවා දන් දුන්නාහුය. ථෙරවරුන්ට පිරිකර ද පිළිගැන්වූහුය. කොකාලික තෙමේ එය දැක, “මොවුහු පෙර අපිස් වූවෝ වුහ. දැත් පවිටු ආසා ඇත්තෝ වූහ. පෙර ද අපිස් වූවන් සතුටුවූවන් විවේකයෙහි යෙදුනන් සමානවූවාහුමැයි හඟිමි”යි (සිතා) තෙරුන් වෙත එළඹ, ඇවැත්නි, නුඹ වහන්සේලා පෙර අපිස්වූවන් මෙන් (සිට) දැන් පවිටු භික්ෂූහු වූවාහුදැයි පවසා මුල්තැනෙහිම මොවුන්ගේ පිහිට බිඳින්නෙමැයි ඉක්මණින් නික්ම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. මේ කොකාලික තෙමේ මෙකරුණින්ම එළැඹියේය යන මෙය දතයුතුය.
භගවා තං තුරිතතුරිතං ආගච්ඡන්තං දිස්වාව ආවජ්ජෙන්තො අඤ්ඤාසි “අයං අග්ගසාවකෙ අක්කොසිතුකාමො ආගතො, සක්කා නු ඛො පටිසෙධෙතු”න්ති. තතො “න සක්කා පටිසෙධෙතුං, ථෙරෙසු අපරජ්ඣිත්වා ආගතො, එකංසෙන පන පදුමනිරයෙ නිබ්බත්තිස්සතී”ති දිස්වා “සාරිපුත්තමොග්ගල්ලානෙපි නාම ගරහන්තං සුත්වා න නිසෙධෙතී”ති වාදමොචනත්ථං අරියූපවාදස්ස ච මහාසාවජ්ජභාවදස්සනත්ථං මා හෙවන්ති තික්ඛත්තුං පටිසෙධෙසි. තත්ථ මා හෙවන්ති මා එවං අභණි. සද්ධායිකොති සද්ධාය ආගමකරො පසාදාවහො, සද්ධාතබ්බවචනො වා. පච්චයිකොති පත්තියායිතබ්බවචනො.
භාග්‍යවතුන් වහන්සේ වහ වහා එන්නාවූ ඔහු දැක මෙනෙහි කරන සේක්, මෙතෙම අගසව්වන්ට දොස් නඟනු කැමැත්තෙන් ආයේය, ඔහු වළක්වන්නට හැක්කේද? වළක්වන්නට නොහැකැයි දැක අපරාධ කොට පැමිණියේ ඒකාන්තයෙන් පදුම නිරයෙහි උපදින්නේ යයි දත්සේක. එසේ දැක, සැරියුත් - මුගලන් දෙදෙනා කෙරෙහි ද ගරහන්නකු අසා නොවැලැක්වීදැයි (නැඟෙන) වචනය දුරුකිරීමට ද ආර්ය්යෙපවාදය මහා සාවද්‍ය බව දැක්වීමට ද “එසේ නොකියව”යි තෙවරක් වැළැක්වූ සේක. එහි මා හෙවං යනු මෙසේ නොකියව යනුයි, සද්ධායිකො යනු සැදැහැයෙන් ආගම කරන්නේ ප්‍රසාද දනවන්නේ හෝ ඇදහියයුතු වචන ඇත්තේ හෝයි, පච්චයිකො යනු විශ්වාස කටයුතු වචන ඇත්තේයි,
පක්කාමීති කම්මානුභාවෙන චොදියමානො පක්කාමි. ඔකාසකතඤ්හි කම්මං න සක්කා පටිබාහිතුං. අචිරපක්කන්තස්සාති පක්කන්තස්ස සතො නචිරෙනෙව. සබ්බො කායො ඵුටො අහොසීති කෙසග්ගමත්තම්පි ඔකාසං අවජ්ජෙත්වා සකලසරීරං අට්ඨීනි භින්දිත්වා උග්ගතාහි පීළකාහි අජ්ඣොත්ථටං අහොසි. යස්මා පන බුද්ධානුභාවෙන තථාරූපං කම්මං බුද්ධානං සම්මුඛීභාවෙ විපාකං දාතුං න සක්කොති, දස්සනූපචාරෙ විජහිතමත්තෙ දෙති, තස්මා තස්ස අචිරපක්කන්තස්ස පීළකා උට්ඨහිංසු. කලායමත්තියොති චණකමත්තියො. බෙලුවසලාටුකමත්තියොති තරුණබෙලුවමත්තියො. පභිජ්ජිංසූති භිජ්ජිංසු. තාසු භින්නාසු සකලසරීරං පනසපක්කං විය අහොසි. සො පක්කෙන ගත්තෙන ජෙතවනද්වාරකොට්ඨකෙ විසගිලිතො මච්ඡො විය කදලිපත්තෙසු නිපජ්ජි. අථ ධම්මස්සවනත්ථං ආගතාගතා මනුස්සා “ධි කොකාලික, ධි කොකාලික, අයුත්තමකාසි, අත්තනොයෙව මුඛං නිස්සාය අනයබ්යසනං පත්තොසී”ති ආහංසු. තෙසං සද්දං සුත්වා ආරක්ඛදෙවතා ධික්කාරමකංසු, ආරක්ඛදෙවතානං ආකාසදෙවතාති ඉමිනා උපායෙන යාව අකනිට්ඨභවනා එකධික්කාරො උදපාදි.
පක්කාමි යනු කර්මබලයෙන් චෝදනා කරනු ලබන්නේ ගියේය, අවකාශ ලද කර්ම මැඬලිය නොහැක. අචිරපක්කන්තස්ස යනු කෙසක් පමණකුදු ඉඩ නොහැර සියල් සිරුර ඇටබිඳ නැඟුණු ගඩුවලින් පැතිරී ගියේය. බුද්ධානුභාවයෙන් එබඳුවූ කර්මයක් බුදුවරුන්ගේ ඉදිරියෙහි විපාක දීමට නොහැකි බැවින් පෙනෙන සීමාව අත්හළ කෙණෙහි (විපාක) දෙයි. එහෙයින් ඔහු ගොස් නොබෝ විටකින් ගඩු නැඟිණි, කළායමත්තියො යනු කඩල පමණවූයි, බෙලුවලාටුක මත්තියො යනු තුරුණු බෙලි (ගෙඩි) පමණවූයි, පභිජ්ජිංසු යනු බිඳුනාහුය, ඒවා බුන්කල සියල්සිරුර කොස්ගෙඩියක් මෙන් විය. හෙතෙම පැසවූ සිරුරෙන් ජේතවන දොර කොටුවෙහි විෂ ගිලන ලද මසකු මෙන් කෙසෙල්පත්වල වැදහොත්තේය. ඉක්බිති දහම් ඇසීම සඳහා පැමිණි පැමිණි මිනිස්සු, කොකාලිකට නින්දා වේවා! අයුත්තක් කළේය. තමාගේ මුව නිසා දුක්කරදවලට පත්වූයේ”යැයි කීවාහුය. ඔවුන්ගේ කීම අසා රැකවල් දේවතාවෝ නින්දා කළාහුය. රැකවල් දෙවියන්ගෙන් අසා මත්තෙහි දෙවියෝයි මේ ක්‍රමයෙන් අකනිටා භවන තෙක් එකම නින්දා කිරීමක් උපණ.
තුරූති කොකාලිකස්ස උපජ්ඣායො තුරුත්ථෙරො නාම අනාගාමිඵලං වත්වා බ්රහ්මලොකෙ නිබ්බත්තො. සො භුම්මට්ඨදෙවතා ආදිං කත්වා “අයුත්තං කොකාලිකෙන කතං අග්ගසාවකෙ අන්තිමවත්ථුනා අබ්භාචික්ඛන්තෙනා”ති පරම්පරාය බ්රහ්මලොකසම්පත්තං තං සද්දං සුත්වා “මා මය්හං පස්සන්තස්සෙව වරාකො නස්සි, ඔවදිස්සාමි නං ථෙරෙසු චිත්තප්පසාදත්ථායා”ති ආගන්ත්වා තස්ස පුරතො අට්ඨාසි. තං සන්ධායෙතං වුත්තං – “තුරූ පච්චෙකබ්රහ්මා”ති. පෙසලාති පියසීලා. කොසි ත්වං, ආවුසොති නිසින්නකොව කබරක්ඛීනි උම්මීලෙත්වා එවමාහ. පස්ස යාවඤ්ච තෙ ඉදං අපරද්ධති යත්තකං තයා අපරද්ධං, අත්තනො නලාටෙ මහාගණ්ඩං අපස්සන්තො සාසපමත්තාය පීළකාය මං චොදෙතබ්බං මඤ්ඤසීති ආහ.
තුදු යනු කෝකාලිකගේ උපාධ්‍යය වූ තුදු තෙරණුවෝ අනාගාමී ඵලයට පැමිණ බඹලොව උපන්හ. හෙතෙම බූමාටු දෙවියන් ආදිකොට කොකාලික විසින් අගසව්වන්ට අන්තිම වස්තුවෙන් දොස් නැඟීමෙන් නොසුදුස්සක් කරන ලදැයි පිළිවෙලින් බඹලොවට පැමිණි කොකාලිකගේ පාපකර්මය අසා මා බලාසිටියදී මෙතෙම නොනැසේවා! තෙරුන් කෙරෙහි සිත පැහැදීම සඳහා ඔහුට අවවාද කරන්නෙමැයි අවුත් ඔහුගේ ඉදිරියෙහි සිටියේය. ඔහු සඳහා “තදු පච්චෙකබ්රහ්මා”යි කියන ලදි. පෙසලා යනු ප්රියශීලීහුයි, කො’සි ත්වං ආවුසො යනු වැදහොත්තේම ඇස් ඇර මෙසේ කීවේය. පස්ස යාවඤ්ච තෙ යනු ඔබවිසින් කළ අපරාධය යම්පමණ වූවක්දැයි බලව, තමන්ගේ නළලෙහි මහගඩුව නොදක්නේ අබ ඇටයක් පමණ වූ ගඩුවෙන් මා චෝදනා කළයුතුයයි සිතුවෙහි දැයි ඇසීය.
අථ නං “අදිට්ඨිප්පත්තො අයං කොකාලිකො, ගිලිතවිසො විය න කස්සචි වචනං න කරිස්සතී”ති ඤත්වා පුරිසස්ස හීතිආදිමාහ. තත්ථ කුඨාරීති කුඨාරිසදිසා ඵරුසවාචා. ඡින්දතීති කුසලමූලසඞ්ඛාතෙ මූලෙයෙව නිකන්තති. නින්දියන්ති නින්දිතබ්බං දුස්සීලපුග්ගලං. පසංසතීති උත්තමත්ථෙ සම්භාවෙත්වා ඛීණාසවොති වදති. තං වා නින්දති යො පසංසියොති යො වා පසංසිතබ්බො ඛීණාසවො, තං අන්තිමවත්ථුනා චොදෙන්තො “දුස්සීලො අය”න්ති වදති. විචිනාති මුඛෙන සො කලින්ති සො තං අපරාධං මුඛෙන විචිනාති නාම. කලිනා තෙනාති තෙන අපරාධෙන සුඛං න වින්දති. නින්දියපසංසාය හි පසංසියනින්දාය ච සමකොව විපාකො.
ඉක්බිති (මනා) දැක්මට නොපත් මේ කොකාලික තෙමේ විසගිලින ලද්දකු මෙන් කිසිවකුගේ වචනයක් නොකරන්නේයයි දැන ඔහුට “පුරිසස්ස හි” යනාදිය කීවේය, එහි කුඨාරි යනු කෙටේරියක් බඳු ඵරුෂ වචනයයි, ඡින්දති යනු කුශලමූලසංඛ්යාත වූ මුලෙහිම කපයි. නින්දියං යනු නින්දාකළ යුතු දුසිල් පුද්ගලයායි, තං වා නින්දති යො පසංසියො යනු යම් පැසසිය යුතු ක්ෂීණාශ්රවයෙක් වේද ඔහුට අන්තිම වස්තුවෙන් චෝදනා කරන්නේ (නම්) මෙතෙම දුශ්ශීලයෙකැයි කියයි. විචිනාති මුඛෙන සො කලිං යනු හෙතෙම ඒ අපරාධය මුවෙන් රැස්කරයි නමි, කාලිනා තෙන යනු ඒ අපරාධයෙන් සුවයක් නොවිඳියි. නින්දා කළයුත්තා පැසසීමෙහි ද පැසසිය යුත්තාට නින්දා කිරීමෙහි ද විපාකය සමානමය.
සබ්බස්සාපි සහාපි අත්තනාති සබ්බෙන සකෙන ධනෙනපි අත්තනාපි සද්ධිං යො අක්ඛෙසු ධනපරාජයො නාම, අයං අප්පමත්තකො අපරාධො. යො සුගතෙසූති යො පන සම්මග්ගතෙසු පුග්ගලෙසු චිත්තං දූසෙය්ය, අයං චිත්තපදොසොව තතො කලිතො මහන්තතරො කලි.
සබ්බස්සාපි සහාපි අත්තනා යනු සියලු තමා අයත් දෙයින් තමා ද සමඟ සූදුවෙහිදී යම් ධන පරාජයක් වේද මෙය සුළු අපරාධයකි. යො සුගතෙසු යනු යමෙක් යහමගගිය පුද්ගලයන් කෙරෙහි සිත දූෂණයට පත්කරයි ද මේ චිත්ත දූෂණයම ඒ පවුවලින් වැඩිමනත් පව වන්නේය.
ඉදානි තස්ස මහන්තතරභාවං දස්සෙන්තො සතං සහස්සානන්තිආදිමාහ. තත්ථ සතං සහස්සානන්ති නිරබ්බුදගණනාය සතසහස්සඤ්ච. ඡත්තිංසතීති අපරානි ඡත්තිංසති නිරබ්බුදානි. පඤ්ච චාති අබ්බුදගණනාය පඤ්ච අබ්බුදානි. යමරියගරහීති යං අරියෙ ගරහන්තො නිරයං උපපජ්ජති, තත්ථ එත්තකං ආයුප්පමාණන්ති අත්ථො.
දැන් ඒ පවේ බරපතල බව දක්වමින් “සතං සහස්සානං” යනාදිය පැවසීය. එහි සතං සහස්සානං යනු නිරබ්බුද ගණනින් සියයක්, දහසයක්ය, ඡත්තිංසති යනු වෙනත් සතිසක් නිරබ්බුදයෝයි, පඤ්ච ච යනු අර්බුද ගණනින් අර්බුද පහකි, යමරියගරහී යනු ආර්‍ය්‍යයන් ගරහන්නා නිරයෙහි උපදියි යන යමක්වේද එහි මෙපමණ ආයු ප්‍රමාණයෙකි යන අර්ත්ථයයි,
කාලමකාසීති උපජ්ඣායෙ පක්කන්තෙ කාලං අකාසි. පදුමනිරයන්ති පාටියෙක්කො පදුමනිරයො නාම නත්ථි, අවීචිමහානිරයස්මිංයෙව පන පදුමගණනාය පච්චිතබ්බෙ එකස්මිං ඨානෙ නිබ්බත්ති.
කාලමකාසි යනු උපාධ්‍යායවරයා ගියවිට කලුරිය කළේය. පදුමනිරයං යනු වෙන්වූ පදුම නිරයක් නම් නැත. අවීචිමහා නිරයෙහිම පදුම ගණනට පැසවියයුතු එක් තැනක උපන්නේය,
වීසතිඛාරිකොති මාගධකෙන පත්ථෙන චත්තාරො පත්ථා, කොසලරට්ඨෙ එකො පත්ථො හොති. තෙන පත්ථෙන චත්තාරො පත්ථා ආළ්හකං, චත්තාරි ආළ්හකානි දොණං, චතුදොණා මානිකා, චතුමානිකා ඛාරී, තාය ඛාරියා වීසතිඛාරිකො. තිලවාහොති මාගධකානං සුඛුමතිලානං තිලසකටං. අබ්බුදො නිරයොති අබ්බුදො නාම පාටියෙක්කො නිරයො නත්ථි, අවීචිම්හියෙව පන අබ්බුදගණනාය පච්චිතබ්බට්ඨානස්සෙතං නාමං. නිරබ්බුදාදීසුපි එසෙව නයො.
විසතිඛාරිකො යනු මගධපතින් සතර පතක් කොසොල් රටෙහි එක් පතක් වෙයි. ඒ පතින් සතරපතක් ආළ්හකයයි, ආළ්හක සතරක් ද්රොණයකි. ද්රොණසතර මානිකයෙකි, මානික සතරක් ඛාරියයි, ඒ ඛාරි නමැති මිණුමෙන් විසි ඛාරියකි. තිලවාහො යනු මගධයට අයත් සියුම් තලවලින් තල ගැලකි, අබ්බුදො නිරයො යනු අබ්බුද නම් වූ වෙනම නිරයක් නැත. අවිචියෙහිම අර්බුද ගණනින් පැසවියයුතු තැනට මේ නමෙකි. නිරබ්බුද ආදියෙහි ද මේ ක්‍රමයමයි,
වස්සගණනාපි පනෙත්ථ එවං වෙදිතබ්බා – යථෙව හි සතං සතසහස්සානි කොටි හොති, එවං සතං සතසහස්සකොටියො පකොටි නාම හොති, සතං සතසහස්සපකොටියො කොටිපකොටි නාම, සතං සතසහස්සකොටිපකොටියො නහුතං, සතං සතසහස්සනහුතානි නින්නහුතං, සතං සතසහස්සනින්නහුතානි එකං අබ්බුදං, තතො වීසතිගුණං නිරබ්බුදං, එස නයො සබ්බත්ථාති.
එහි වර්ෂ ගණන ද මෙසේ දතයුතුයි, යම්සේ සියදහස් සියය කෝටිය වේද, සියදහස් කෝටි සියය ප්‍රකෝටිය වෙයි. සියදහස් ප්‍රකෝටි සියය කෝටිප්රකෝටි නමි, සියදහස් කෝටිප්රකෝටි සියය නහුතයයි, සියදහස් නවුත සියය නින්නහුතයි, සියදහස් නිග්නහුත සියය එක් අබ්බුදයකි. එයින් විසි ගුණයක් වූයේ නිරබ්බුදයයි. සියලු තන්හි මේ ක්‍රමයයි.
10. ඛීණාසවබල සුත්තවණ්ණනා
10. ඛීණාසවබල සූත්‍ර වර්ණනාව
දසමං හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
දසවැන්න යටකියනලද ක්‍රමයෙන්ම දතයුතුය. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
ථෙරවග්ගො චතුත්ථො.
සිවුවැනි වූ ථෙරවර්ගයයි.