බ්යාකරණ සුත්තං
10. 2. 4. 4.
10. 2. 4. 4.
බ්යාකරණ සුත්තං
බ්යාකරණ සූත්‍රය
[සාවත්ථි]
[සැවැත්]
තත්ර ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භික්ඛු ආමන්තෙසි ‘ආවුසො භික්ඛවො’ති. ආවුසො’ති ඛො තෙ භික්ඛු ආයස්මතො මහාමොග්ගල්ලානස්ස පච්චස්සොසුං. ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච:
එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ “ඇවැත්නි මහණෙනි”යි භික්ෂූන් ඇමතූ හ. “ඇවැත්නි”යි ඒ මහණහු ආයුෂ්මත් මහමුගලන් තෙරුනට පිළිවදන් ඇස්වූ හ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තෙල කරුණ කීහ:
ඉධාවුසො භික්ඛු අඤ්ඤං බ්යාකරොති “ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති. තමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත්තිකුසලො පරචිත්තකුසලො පරචිත්තපරියායකුසලො සමනුයුඤ්ජති, සමනුගාහති, සමනුභාසති. සො තථාගතෙන වා තථාගතසාවකෙන වා ඣායිනා සමාපත්තිකුසලෙන පරචිත්තකුසලෙන පරචිත්තපරියායකුසලෙන සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො ඉරීණං ආපජ්ජති, විපිනං ආපජ්ජති, අනයං ආපජ්ජති, බ්යසනං ආපජ්ජති, අනයබ්යසනං ආපජ්ජති.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ “ජාතිය ක්ෂීණ විය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද, සිවුමඟ කරණ ලද, මෙ බව පිණිස අනෙකක් නැතියි දන්මි”යි අර්හත්වය පවසයි. තථාගත වේවයි සමාපත්ති කුසලවූ පරසිත් දැන්මෙහි කුසල වූ පරචිත්තපර්‍ය්‍යායයෙහි කුසල වූ තථාගත ශ්‍රාවක වේවයි ඔහු අනුයෝගවතට නංවයි, සමනුගාහනා කරයි. ලබ්ධියෙහි පිහිටු වයි. සමනුභාසනා කරයි, කරුණු විචාරයි. හේ තථාගතයන් විසින් වේවයි ධ්‍යාන ඇති සමාපත්තියෙහි කුසල පරචිත්තයෙහි කුසල පරචිත්තපරියායෛහි කුසල තථාගත ශ්‍රාවකයකු විසින් වේවයි අනුයෝගවතට නංවන ලදුයේ සමනුග්‍රාහ කරනු ලබන්නේ සමනුභාසනා කරනු ලබන්නේ සිස් බවට පැමිණෙයි. නිර්ගුණභාවයට පැමිණෙයි, හානියට පැමිණෙයි, වනසට පැමිණෙයි, අනයව්‍යසනයට පැමිණේ.
තමෙනං තථාගතො වා, තථාගතසාවකො වා ඣායී සමාපත්තිකුසලො පරචිත්තකුසලො පරචිත්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච්ච මනසිකරොති:
තථාගත වේවයි දැහැන් ඇති සමවත්හි දක්ෂ වූ පරසිත් දැනුම්හි දක්ෂ වු පරචිත්තපර්‍ය්‍යාය කුසල වු තථාගතශ්‍රාවක වේවයි මෙසේ ඔහු සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි.
“කින්නුඛො අයමායස්මා අඤ්ඤං බ්යාකරොති ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති.
“කවර කරුණකින් මේ ආයුෂ්මත් ‘ජාතිය ක්ෂීණය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද ය, කරණී කරන ලද ය, මෙ බව පිණිස අන් කටයුතු නැතැ යි දන්මි’යි අර්හත්වය පවසාදැ”යි.
1. තමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත්ති කුසලො පරචිත්තකුසලො පරචිත්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච්ච පජානාති: කොධනො ඛො පන අයමායස්මා, කොධපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, කොධපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
1. තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්තියෙහි දක්ෂ පරචිත්තයෙහි දක්ෂ පරචිත්තපර්‍ය්‍යායෙහි දක්ෂ තථාගතශ්‍රාවකයෙක් වේවයි මෙසේ ඔහු සිතින් සිත පිරිසිඳ දන්නේ ය: “මේ ආයුෂ්මත් ක්‍රෝධ ඇතියේ ක්‍රෝධයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ක්‍රෝධ පර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්ම විනයෙහි පිරිහිනෙක.
2. උපනාහී ඛො පන අයමායස්මා, උපනාහපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, උපනාහපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
2. මේ ආයුෂ්මත් බද්ධවෛර ඇතියේ බද්ධවෛරයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල උපනාහර්ය්යුත්ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්ම විනයෙහි පිරිහිනෙක.
3. මක්ඛී ඛො පන අයමායස්මා, මක්ඛපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, මක්ඛපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
3. මේ ආයුෂ්මත් මකුගුණ ඇතියේ මකුගුණයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල මකු ගුණ නැගීම වනාහි තථාගතප්‍රවිදිත ධර්ම විනයෙහි පිරිහිනෙක.
4. පලාසී ඛො පන අයමායස්මා, පලාසපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, පලාසපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
4. මේ ආයුෂ්මත් යුගග්‍රාහ ඇතියේ යුගග්‍රාහයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල යුගග්‍රාහයාගේ නැගීම වනාහි තථාගතප්‍රවිදිත ධර්ම විනයෙහි පිරිහිනෙක.
5. ඉස්සුකී ඛො පන අයමායස්මා, ඉස්සාපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, ඉස්සාපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
5. මේ ආයුෂ්මත් ඊර්ෂ්‍යා ඇතියේ ඊර්ෂ්‍යාවෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ඊර්ෂ්‍යා පර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්ම විනයෙහි පිරිහිනෙක.
6. මච්ඡරී ඛො පන අයමායස්මා, මච්ඡෙරපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, මච්ඡෙරපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
6. මේ ආයුෂ්මත් මසුරුබැව් ඇතියේ මාත්සර්ය්යයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල මාත්සර්ය්යපර්ය්යුත්ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්ම විනයෙහි පිරිහිනෙක.
7. සඨො ඛො පන අයමායස්මා, සාඨෙය්යපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, සාඨෙය්යපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
7. මේ ආයුෂ්මත් ශඨ වූයේ ම ශඨ බැවින් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ශඨ බැව් නැගීම වනාහි තථාගතප්‍රවිදිත ධර්ම විනයෙහි පිරිහිනෙක.
8. මායාවී ඛො පන අයමායස්මා, මායාපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, මායාපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
8. මේ ආයුෂ්මත් මායා ඇතියේ මායායෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල මායා පර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්මවිනයෙහි පිරිහිනෙක.
9. පාපිච්ඡො ඛො පන අයමායස්මා ඉච්ඡාපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, ඉච්ඡාපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
9. මේ ආයුෂ්මත් පාපේච්ඡා ඇතියේ ඉච්ඡායෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ඉච්ඡා පරියුට්ඨානය වනාහි තථාගතප්‍රවිදිත ධර්ම විනයෙහි පිරිහිනෙක.
10. මුට්ඨස්සති ඛො පන අයමායස්මා උත්තරිකරණීයෙ ඔරමත්තකෙන විසෙසාධිගමෙන අන්තරාවොසානං ආපන්නො, අන්තරාවොසානගමනං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
10. මේ ආයුෂ්මත් මුළා සිහි ඇතියේ මතුයෙහි කටයුතු ඇතිවත් ම ස්වල්පමාත්‍ර විශේෂ අධිගමයන් අතරෙහි නිෂ්ඨාවට පැමිණියේ ය. තෙල අන්තරාවොසානගමනය වනාහි තථාගතප්‍රවිදිත ධර්ම විනයෙහි පිරිහිනෙක.
සො වතාවුසො භික්ඛු ඉමෙ දසධම්මෙ අප්පහාය ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති. සො වතාවුසො භික්ඛු ඉමෙ දසධම්මෙ පහාය ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති ඨානමෙතං විජ්ජතීති.
ඇවැත්නි, එ මහණ මේ දස දහම් නො හැර මෙ සස්නෙහි එකැතියෙන් වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි. ඇවැත්නි, එ මහණ මේ දස දහම් හැර එකැතින් මෙ සස්නෙහි එකැතියෙන් වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණේ ය යන තෙල කරුණ විද්‍යාමාන වේ යි.