යෙදුමෙන් කියවන්න

කත්‍ථි සුත‍්තං

10. 2. 4. 5.

10. 2. 4. 5.

කත්‍ථි සුත‍්තං

කත්‍ථී සූත්‍රය

එකං සමයං මහාචුන්‍දො චෙතීසු විහරති සහජාතියං. තත්‍ර ඛො ආයස‍්මා මහාචුන්‍දො භික‍්ඛු ආමන‍්තෙසි ‘ආවුසො භික‍්ඛවො’ති ආවුසොති ඛො තෙ භික‍්ඛු ආයස‍්මතො මහාචුන්‍දස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා මහාචුන්‍දො එතදවොච:

එක් කලෙක ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ චෙතී ජනපදයෙහි වූ සහජාතියෙහි වැඩ වෙසෙත්. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ මහණහු ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ තෙල කීහ:

ඉධාවුසො භික‍්ඛු කත්‍ථි හොති විකත්‍ථි අධිගමෙසු “අහං පඨමං ඣානං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපි. අහං දුතියං ඣානං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපි. අහං තතියං ඣානං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපි. අහං චතුත්‍ථං ඣානං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපි. අහං ආකාසානඤ‍්චායතනං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපි. අහං විඤ‍්ඤාණඤ‍්චායතනං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපි. අහං ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපි. අහං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපි. අහං සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපී”ති.

ඇවැත්නි, මෙ සස්නෙහි මහණ අධිගමයන්හිලා කථායෙහි කුසල වූයේ විවර කොට බණනසුලු වෙයි: මම ප්‍රථමධ්‍යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම ද්විතීයධ්‍යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම තෘතීයධ්‍යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම චතුර්‍ත්‍ථධ්‍යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම ආකාසානඤ්චායතනයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම විඤ්ඤාණඤ්චායතනයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි”යි.

තමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත‍්තිකුසලො පරචිත‍්තකුසලො පරචිත‍්තපරියායකුසලො සමනුයුඤ‍්ජති සමනුගාහති සමනුභාසති. සො තථාගතෙන වා තථාගතසාවකෙන වා ඣායිනා සමාපත‍්තිකුසලෙන පරචිත‍්තකුසලෙන පරචිත‍්තපරියායකුසලෙන සමනුයුඤ‍්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො ඉරීණං ආපජ‍්ජති විපිනං ආපජ‍්ජති අනයං ආපජ‍්ජති බ්‍යසනං ආපජ‍්ජති අනයබ්‍යසනං ආපජ‍්ජති.

තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්ති කුසල වූ පරචිත්තයෙහි දක්‍ෂ වූ පරිචිත්තපරියායෙහි ඡේක වූ තථාගත ශ්‍රාවකයෙක් වේවයි ඔහු අනුයෝගවතට නංවයි, කරුණු ගන්වා අසයි. සමනුභාසනා කරයි. හේ තථාගතයන් විසින් හෝ ධ්‍යාන ඇති සමාපත්තියෙහි දක්‍ෂ පරචිත්තයෙහි කුසල පරචිත්තපරියායෙහි ඡේක වූ තථාගත ශ්‍රාවකයකු විසින් හෝ අනුයෝගවතට නංවනු ලබනුයේ කරුණු ගන්වනු ලබනුයේ සමනුභාසනා කරුණු ලබනුයේ සිප් බවට පැමිණෙයි. නිර්ගුණ භාවයට පැමිණෙයි. හානියට පැමිණෙයි. ව්‍යසනයට පැමිණෙයි. අනයව්‍යසනයට පැමිණේ.

තමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත‍්තිකුසලො පරචිත‍්තකුසලො පරචිත‍්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච‍්ච මනසිකරොති, කින‍්නු ඛො අයමායස‍්මා කත්‍ථි හොති විකත්‍ථි අධිගමෙසු “අහං පඨමං ඣානං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපි -පෙ- අහං සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපී”ති.

තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්තියෙහි දක්‍ෂ පරසිත්හි දක්‍ෂ පරචිත්තපර්‍ය්‍යායෙහි ඡේක වූ තථාගත ශ්‍රාවකයෙක් වේවයි ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි: “මේ ආයුෂ්මත් කවර හෙයින් අධිගමයන්හිලා කථායෙහි දක්‍ෂ වූයේ විවර කොට බණන සුලු වේ” ද “මම ප්‍රථමධ්‍යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටින්නෙම් ද වෙමි යි ... මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි” යි.

තමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත‍්තිකුසලො පරචිත‍්තකුසලො පරචිත‍්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාති.

තථාගත වේවයි දැහැන් ඇති සමවත් හි කුසල පරසිත්හි කුසල පරචිත්තපරියායෙහි කුසල තථාගත ශ්‍රාවකයෙක් වේවයි මෙසේ ඔහු සිතින් සිත පිරිසිඳ දන්නේ ය:

1. දීඝරත‍්තං ඛො පන අයමායස‍්මා, ඛණ‍්ඩකාරී ඡිද‍්දකාරී සබලකාරී කම‍්මාසකාරී න සන‍්තතකාරී න සන‍්නතවුත‍්තී සීලෙසු දුස‍්සීලො ඛො පනායමායස‍්මා, දුස‍්සීල්‍යං ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

1. මේ ආයුෂ්මත් දීර්‍ඝරාත්‍රියෙහි ශීලයෙහි ඛණ්ඩකාරීය, ඡිද්‍රකාරීය, කල්මාෂකාරීය, සන්තතකාරී නො වෙයි. සතතප්‍රවෘත්ති ඇතියේ ත් නො වෙයි. මේ ආයුෂ්මත් දුශ්ශීල ය, තෙල දෞශ්ශීලය්‍යය තථාගතප්‍රවිදිත විනයෙහි පිරිහිනෙක.

2. අස‍්සද‍්ධො ඛො පන අයමායස‍්මා, අස‍්සද‍්ධියං ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

2. මේ ආයුෂ්මත් ශ්‍රද්ධා නැත්තේ ය. තෙල ශ්‍රද්ධා රහිත බව තථාගත තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

3. අප‍්පස‍්සුතො ඛො පන අයමායස‍්මා, අනාචාරො, අප‍්පසච‍්චං ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

3. මේ ආයුෂ්මත් අල්පශ්‍රැත වූයේ ආචාර නැත්තේ ය. තෙල අල්පශ්‍රැතය තථාගත තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

4. දුබ‍්බචො ඛො පන අයමායස‍්මා, දොවචස‍්සතා ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

4. මේ ආයුෂ්මත් දුර්‍වචය, තෙල දුර්‍වචභාවය තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

5. පාපමිත‍්තො ඛො පන අයමායස‍්මා, පාපමිත‍්තා ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

5. මේ ආයුෂ්මත් පාපමිත්‍රය, තෙල පාපමිත්‍රතාව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

6. කුසීතො ඛො පන අයමායස‍්මා, කොසජ‍්ජං ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

6. මේ ආයුෂ්මත් කුසීතයෙක, තෙල කුසීත භාවය තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

7. මුට‍්ඨස‍්සති ඛො පන අයමායස‍්මා, මුට‍්ඨසච‍්චං ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

7. මේ ආයුෂ්මත් මුළා සිහි ඇතියෙක, තෙල මුළා සිහි ඇති බව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

8. කුහකො ඛො පන අයමායස‍්මා, කොහඤ‍්ඤං ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

8. මේ ආයුෂ්මත් කුහකය, තෙල කොහොන් බව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

9. දුබ‍්භරො ඛො පන අයමායස‍්මා, දුබ‍්භරතා ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

9. මේ ආයුෂ්මත් දුර්‍භරයෙක, තෙල දුර්‍භරතාව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

10. දුප‍්පඤ‍්ඤො ඛො පන අයමායස‍්මා, දුප‍්පඤ‍්ඤතා ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

10. මේ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥය, තෙල දුෂ්ප්‍රාඥතාව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

සෙය්‍යථාපි ආවුසො සහායකො සහායකං එවං වදෙය්‍ය: යදා තෙ සම‍්ම ධනෙන ධනකරණීයං අස‍්ස, යාචිස‍්සසි මං ධනං, දස‍්සාමි තෙ ධනන‍්ති. සො කිස‍්මිචිදෙව ධනකරණීයෙ සමුප‍්පන‍්නෙ සහායකො සහායකං එවං වදෙය්‍ය:

ඇවැත්නි, යම් සේ යහළුවෙක් යහළුවකුට මෙසේ කියා නම්: “යහළුව, යම් කලෙක තට ධනයෙන් ධනකරණී වේ නම් මා දන යදුවයි, තට ධන දෙමි”යි. එ යහළු කිසියම් ධන කරණියක් උපන් කල්හි යහළු හට මෙසේ කියයි;

“අත්‍ථො මෙ සම‍්ම ධනෙන, දෙහි මෙ ධනන‍්ති”. සො එවං වදෙය්‍ය: “තෙන හි සම‍්ම ඉධ ඛනාහී”ති. සො තත්‍ර ඛනන‍්තො නාධිගච‍්ඡෙය්‍ය, සො එවං වදෙය්‍ය: “අලිකං මං සම‍්ම අවච, තුච‍්ඡකං මං සම‍්ම අවච “ඉධ ඛනාහී”ති. සො එවං වදෙය්‍ය “නාහං තං සම‍්ම අලිකං අවචං, තුච‍්ඡකං අවචං, තෙන හි සම‍්ම ඉධ ඛනාහී”ති. සො තත්‍රපි ඛනන‍්තො නාධිගච‍්ඡෙය්‍ය, සො එවං වදෙය්‍ය “අලිකං මං සම‍්ම අවච, තුච‍්ඡකං මං සම‍්ම අවච ‘ඉධ ඛනාහී’ති. සො එවං වදෙය්‍ය “නාහං තං සම‍්ම අලිකං අවචං, න තුච‍්ඡකං අවචං, තෙන හි සම‍්ම ඉධ ඛනාහීති. සො තත්‍රපි ඛනන‍්තො නාධිගච‍්ඡෙය්‍ය, සො එවං වදෙය්‍ය “අලිකං මං සම‍්ම අවච, තුච‍්ඡකං මං සම‍්ම අවච ‘ඉධ ඛනාහී’ති. සො එවං වදෙය්‍ය “නාහං තං සම‍්ම අලිකං අවචං, තුච‍්ඡකං අවචං, තෙන හි සම‍්ම ඉධ ඛනාහී”ති. සො තත්‍රපි ඛනන‍්තො නාධිගච‍්ඡෙය්‍ය, සො එවං වදෙය්‍ය “අලිකං මං සම‍්ම අවච, තුච‍්ඡකං මං සම‍්ම අවච ‘ඉධ ඛනාහී”ති. සො එවං වදෙය්‍ය “නාහං තං සම‍්ම අලිකං අවචං, තුච‍්ඡකං අවචං, අපි ච අහමෙව උම‍්මාදං පාපුණිං චෙතසො විපරියාය”න‍්ති.

යහළුව මට ධනයෙන් අර්‍ත්‍ථ ඇත, මට ධන දෙව”යි. හේ මෙසේ කියයි: “එසේ නම් යහළුව මෙහි කනව”යි හේ එහි කනනුයේ කිසිවක් නො ලබන්නේ ය. හේ මෙසේ කියයි: “මෙහි කනව”යි. යහළුව මට මුසවා කීයෙහි, යහළුව මට හිස් බස් කීයෙහි, හේ මෙසේ කියන්නේ ය: “යහළුව මම තට මුසවා නො කීමි, හිස් බස් නො කීමි. එසේ නම් යහළුව මෙහි කනව”යී. හේ එහිදු කනනුයේ ධන නොලබන්නේ ය. හේ මෙසේ. කියයි: මෙහි මෙහි කනවයි. “යහළුව, මට මුසවා කීයෙහි, යහළුව, මට හිස් බස් කීයෙහි” යි හේ මෙසේ කියයි: “යහළුව, මම තට මුසවා නො කීමි, හිස් බස් නො කීමි. එසේ වී නම් යහළුව, මෙහි කනවයි, හේ එහිදු කනනුයේ ධන නො ලබයි. හේ මෙසේ කියයි: “යහළුව, මෙහි කනව”යි මට මුසාව කීයෙහි, යහළුව, මට හිස් බස් කීයෙහි. යහළුව, මම තට මුසවා නො කීමි, හිස් බස් නො කීමි. එසේ වී නම් යහළුව, මෙහි කනවයි, හේ එහිදු කනනුයේ ධන නො ලබන්නේ ය. හේ මෙසේ කියයි: “යහළුව, මෙහි කනව”යි මට මුසාව කීයෙහි, යහළුව, මට හිස් බස් කීයෙහි. හේ මෙසේ කියයි: “යහළුව මම තට මුසවා නො කීමි, හිස් බස් නො කීමි, වැලි දු මම ම උමතුවට චිත්තවිපර්‍ය්‍යාසයට පත්මි”යි.

එවමෙව ඛො ආවුසො භික‍්ඛු කත්‍ථී විකත්‍ථි අධිගමෙසු “අහං පඨමං ඣානං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපි, අහං දුතියං ඣානං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපි, අහං තතියං ඣානං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපි, අහං චතුත්‍ථං ඣානං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපි, අහං ආකාසානඤ‍්චායතනං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපි, අහං විඤ‍්ඤාණඤ‍්චායතනං සමාපජ‍්ජාමිපි වුට‍්ඨාහාමිපි, අහං ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපි, අහං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපි, අහං සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපී”ති.

ඇවැත්නි, එ පරිද්දෙන් ම මහණ කථායෙහි දක්‍ෂ වූයේ අධිගමයන්හි විවර කොට කියන සුලු වෙයි: “මම පළමු දැහැනට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම දෙවන දැහැනට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම තෙවන දැහැනට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම සිවුවන දැහැනට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම ආකාසානඤ්චායතනයට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම විඤ්ඤාණඤ්චායතනයට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි”යි.

තමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත‍්තිකුසලො පරචිත‍්තකුසලො පරචිත‍්තපරියායකුසලො සමනුයුඤ‍්ජති සමනුගාහති සමනුභාසති. සො තථාගතෙන වා තථාගතසාවකෙන වා ඣායිනා සමාපත‍්තිකුසලෙන පරචිත‍්තකුසලෙන පරචිත‍්තපරියායකුසලෙන සමනුයුඤ‍්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො ඉරීණං ආපජ‍්ජති බ්‍යසනං ආපජ‍්ජති, අනයබ්‍යසනං ආපජ‍්ජති.

තථාගත වේවයි ධ්‍යාන ඇති සමවත්හි දක්‍ෂ මෙරමා සිත්හි දක්‍ෂ පරචිත්තපරියායෙහි කුසල තථාගතශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු අනුයෝගවතට නංව යි. කරුණු ගන්වා අසයි. සමනුභාසනා කරයි. හේ තථාගතයන් විසින් වේවයි දැහැන් ඇති සමාපත්ති කුසල පරචිත්ත කුසල පරචිත්තපරියාය කුසල තථාගතශ්‍රාවකයකු විසින් වේවයි අනුයෝගයට නංවනු ලබනුයේ කරුණු ගන්වා අසනු ලබනුයේ සමනුභාසනා කරනු ලබන්නේ හිස් බවට පැමිණෙයි. නිර්ගුණ භාවයට පැමිණෙයි. අනයට පැමිණෙයි. ව්‍යසනයට පැමිණෙයි, අනයව්‍යසනයට පැමිණෙයි.

තමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත‍්තිකුසලො පරචිත‍්තකුසලො පරචිත‍්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච‍්ච මනසිකරොති, “කින‍්නු ඛො ආයමායස‍්මා කත්‍ථී හොති විකත්‍ථි අධිගමෙසු “අහං පඨමං ඣානං සමාපජ‍්ජාමිපි -පෙ- අහං සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපජ‍්ජාමිපි වුට‍්ඨහාමිපී”ති.

තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්ති කුසල පරචිත්ත කුසල පරචිත්තපරියාය කුසල තථාගතශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි: “කවර හෙයින් මේ ආයුෂ්මත් කථායෙහි දක්‍ෂ වූයේ අධිගමයන්හි විකත්‍ථනා කරන සුළු වේ ද “මම ප්‍රථම ධ්‍යානයට සමවදනෙම් ද ඉන් නැගිටුනෙම් ද ... මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදනෙම් ද ඉන් නැගිටුනෙම් ද වෙමි”යි.

1. තමෙනං තථාගතො වා තථාගත සාවකො වා ඣායී සමාපත‍්තිකුසලො පරචිත‍්තකුසලො පරචිත‍්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාති: දීඝරත‍්තං ඛො අයමායස‍්මා ඛණ‍්ඩකාරී ඡිද‍්දකාරී සබලකාරී කම‍්මාසකාරී න සන‍්තතකාරී න සන‍්තතවුත‍්ති සීලෙසු. දුස‍්සීලො ඛො අයමායස‍්මා, දුස‍්සීල්‍යං ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

1. තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්ති කුසලපරචිත්ත කුසල පරචිත්තපරියාය කුසල තථාගතශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු සිතින් සිත පිරිසිඳ දන්නේ ය: “මේ ආයුෂ්මත් දීර්‍ඝරාත්‍රයක් සීලයෙහි ඛණ්ඩකාරීය, ඡිද්‍රකාරීය, ශබලකාරීය, කල්මාෂකාරීය, සන්තතකාරී නො වෙයි, සන්නතවෘත්තී ද නො වෙයි, මේ ආයුෂ්මත් දුසිල් ය, තෙල දුසිල් බව වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

2. අස‍්සද‍්ධො ඛො පන අයමායස‍්මා, අස‍්සද‍්ධියං ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

2. මේ ආයුෂ්මත් අශ්‍රද්ධය, තෙල සැදැහැ නැති බව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

3. අප‍්පස‍්සුතො ඛො පන අයමායස‍්මා අනාචාරො, අප‍්පසච‍්චං ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

3. මේ ආයුෂ්මත් අල්පශ්‍රැත ය, ආචාර නැත්තෙක, තෙල අල්පශ්‍රැත්‍යය තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

4. දුබ‍්බචො ඛො පන අයමායස‍්මා, දොවචස‍්සතා ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

4. මේ ආයුෂ්මත් දුර්‍වචය, තෙල දුර්‍වචභාවය තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

5. පාපමිත‍්තො ඛො පන අයමායස‍්මා, පාපමිත‍්තතා ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

5. මේ ආයුෂ්මත් පාපමිත්‍රයෙක, තෙල පාපමිත්‍රතාව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

6. කුසීතො ඛො පන අයමායස‍්මා, කොසජ‍්ජං ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

6. මේ ආයුෂ්මත් කුසීතයෙක, තෙල කුසීතභාවය තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

7. මුට‍්ඨස‍්සති ඛො පන අයමායස‍්මා, මුට‍්ඨසච‍්චං ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

7. මේ ආයුෂ්මත් මුළා සිහි ඇතියෙක, තෙල මුළා සිහි ඇති බව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

8. කුහකො ඛො පන අයමායස‍්මා, කොහඤ‍්ඤං ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

8. මේ ආයුෂ්මත් කුහකයෙක, තෙල කොහොන් බව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

9. දුබ‍්භරො ඛො පන අයමායස‍්මා, දුබ‍්භරතා ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

9. මේ ආයුෂ්මත් දුර්‍භරයෙක, තෙල දුර්‍භරතාව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

10. දුප‍්පඤ‍්ඤො ඛො පන අයමායස‍්මා, දුප‍්පඤ‍්ඤතා ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

10. මේ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥයෙක, තෙල දුෂ්ප්‍රාඥතාව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

සො වතාවුසො භික‍්ඛු ඉමෙ දසධම‍්මෙ අප‍්පහාය ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. සො වතාවුසො භික‍්ඛු ඉමෙ දස ධම‍්මෙ පහාය ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජතීති ඨානමෙතං විජ‍්ජතීති.

ඇවැත්නි, ඒ මහණ මේ දසදහම් නො හැර මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. ඇවැත්නි, එ මහණ මෙ දහම් හැරපියා මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණේ ය යන තෙල කරුණ විද්‍යාමාන වේ යයි.