යෙදුමෙන් කියවන්න

අධිමාන සුත‍්තං

10. 2. 4. 6.

10. 2. 4. 6.

අධිමාන සුත‍්තං

අධිමාන සූත්‍රය

එකං සමයං ආයස‍්මා මහාකස‍්සපො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තත්‍ර ඛො ආයස‍්මා මහාකස‍්සපො භික‍්ඛූ ආමන‍්තෙසි ‘ආවුසො භික‍්ඛවො’ති. ආවුසො’ති ඛො තෙ භික‍්ඛු ආයස‍්මතො මහාකස‍්සපස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා මහාකස‍්සපො එතදවොච:

එක් කලෙක ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවෝ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වාසය කරන සේක. එ කල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි එ මහණ ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවෝ තෙල කීහ:

ඉධාවුසො භික‍්ඛු අඤ‍්ඤං බ්‍යාකරොති “ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී”ති. තමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත‍්තිකුසලො පරචිත‍්තකුසලො පරචිත‍්තපරියායකුසලො සමනුයුඤ‍්ජති සමනුගාහති සමනුභාසති. සො තථාගතෙන වා තථාගතසාවකෙන වා ඣායිනා සමාපත‍්තිකුසලෙන පරචිත‍්තකුසලෙන පරචිත‍්තපරියායකුසලෙන සමනුයුඤ‍්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො ඉරීණං ආපජ‍්ජති, විපිනං ආපජ‍්ජති, අනයං ආපජ‍්ජති, බ්‍යසනං ආපජ‍්ජති, අනයබ්‍යසනං ආපජ‍්ජති.

ඇවැත්නි, මෙ සස්නෙහි මහණ “ජාතිය ක්‍ෂීණ ය, බඹසර වැස නිමවන ලදී, කරණීය කෘතය, මේ අර්‍හත්බව පිණිස අනික් කිසෙක් නැතැ”යි දන්මි’යි අර්‍හත්‍වය ප්‍රකාශ කෙරෙයි. තථාගත වේවයි ධ්‍යාන ඇති, සමාපත්තියෙහි කුසල පරචිත්තයෙහි කුශල පරචිත්තපර්‍ය්‍යායෙහි කුසල තථාගත ශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු අනුයෝගයට නංවයි. කරුණු ගන්වා අසයි, සමනුභාෂණා කරයි. හේ තථාගතයන් විසින් හෝ ධ්‍යාන ඇති සමාපත්ති කුශල වූ පරචිත්ත කුශල වූ පරචිත්තපර්‍ය්‍යායෙහි කුසල වූ තථාගත ශ්‍රාවකයකු විසින් හෝ අනුයෝගයට නංවනු ලබන්නේ කරුණු ගන්වනු ලබන්නේ සමනුභාෂණා කරණු ලබන්නේ තුච්ඡභාවයට පැමිණෙයි, නිර්ගුණ භාවයට පැමිණෙයි, අනයට පැමිණෙයි, ව්‍යශනයට පැමිණෛයි, අනයව්‍යශනයට පැමිණෙයි.

තමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත‍්තිකුසලො පරචිත‍්තකුසලො පරචිත‍්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච‍්ච මනසිකරොති “කිං නු ඛො අයමායස‍්මා අඤ‍්ඤං බ්‍යාකරොති ‘ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී”ති.

තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්තියෙහි කුසල වූ පරචිත්තයෙහි කුශල වූ පරචිත්තපර්‍ය්‍යායෙහි කුසල වූ තථාගත ශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි: “කවර හෙයින් මේ ආයුෂ්මත් ‘ජාතිය ක්‍ෂීණ ය, බඹසර වැස නිමවන ලදී, සිවුමග කරණී කරන ලදී, මේ අර්‍හත්බව පිණිස අනික් කිසෙක් නැතැ’යි දන්මි’යි අර්‍හත්‍වය ප්‍රකාශ කෙරේ දැ?”යි.

තමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත‍්තිකුසලො පරචිත‍්තකුසලො පරචිත‍්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාති.

තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්තියෙහි කුසල වූ පරචිත්තයෙහි කුශල වූ පරචිත්තපර්‍ය්‍යාය කුසල වූ තථාගත ශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ දන්නේ ය.

අධිමානිකො ඛො අයමායස‍්මා අධිමානසච‍්චො අප‍්පත‍්තෙ පත‍්තසඤ‍්ඤී අකතෙ කතසඤ‍්ඤී අනධිගතෙ අධිගතසඤ‍්ඤී අධිමානෙන අඤ‍්ඤං බ්‍යාකරොති ‘ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී”ති.

මේ ආයුෂ්මත් අධිමාන ඇතියේ අධිමානය සත්‍ය කොට ඇත්තේ අප්‍රාප්තයෙහි ප්‍රාප්තයෙමි යනසංඥා ඇතියේ අකෘතයෙහි කෘතයෙමි යන සංඥා ඇතියේ අනධිගතයෙහි අධිගතයෙමි යන සංඥා ඇතියේ අධිමානය කරණකොටගෙන ‘ජාතිය ක්‍ෂීණ ය, මග බඹසර වැස නිමැවිණ, සිවු මග කරණී කරන ලදී. මෙ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ’යි දන්මියි අර්‍හත්‍වය ප්‍රකාශ කරයි.

තමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත‍්තිකුසලො පරචිත‍්තකුසලො පරචිත‍්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච‍්ච මනසිකරොති “කින‍්නු ඛො අයමායස‍්මා නිස‍්සාය අධිමානිකො අධිමානසච‍්චො අප‍්පත‍්තෙ පත‍්තසඤ‍්ඤී අකතෙ කතසඤ‍්ඤී අනධිගතෙ අධිගතසඤ‍්ඤී අධිමානෙන අඤ‍්ඤං බ්‍යාකරොති ‘ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී’ති. “

තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්ති කුශල පරචිත්ත කුශල පරචිත්තපරියාය කුශල තථාගතශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි: “මේ ආයුෂ්මත් කවර කරුණක් නිසා අධිමාන ඇතියේ අධිමානය සත්‍ය කොට ඇත්තේ අප්‍රාප්තයෙහි ප්‍රාප්තයෙමි යන සංඥා ඇතියේ අකෘතයෙහි කෘතයෙමි යන සංඥා ඇතියේ අනධිගතයෙහි අධිගතයෙමි යන සංඥා ඇතියේ අධිමානයෙන් ‘ජාතිය ක්‍ෂීණ ය, මග බඹසර වැස නිමැවිණ, සිවු මග කරණීකරන ලදී. මෙ අර්‍හත් බව පිණිස අන් කිසෙක් නැතැ’යි දන්මි යි අර්‍හත්‍වය ප්‍රකාශ කෙරේ දැ”යි.

තමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත‍්තිකුසලො පරචිත‍්තකුසලො පරචිත‍්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාති.

තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්ති කුශල පරචිත්ත කුශල පරචිත්තපරියාය කුශල තථාගතශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ දන්නේය.

බහුස‍්සුතො ඛො පන අයමායස‍්මා සුතධරො සුතසන‍්නිචයො, යෙ තෙ ධම‍්මා ආදිකල්‍යාණා, මජ‍්ඣෙකල්‍යාණා, පරියොසානකල්‍යාණා සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං අභිවදන‍්ති. තථාරූපාස‍්ස ධම‍්මා බහුස‍්සුතා හොන‍්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. තස‍්මා අයමායස‍්මා අධිමානිකො අධිමාන සච‍්චො අප‍්පත‍්තෙ පත‍්තසඤ‍්ඤී අකතෙ කතසඤ‍්ඤී අනධිගතෙ අධිගතසඤ‍්ඤී අධිමානෙන අඤ‍්ඤං බ්‍යාකරොති ‘ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතකරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී’ති.

මේ ආයුෂ්මත් බහුශැත වූයේ ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය කොට ඇතියේ ය. ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ යම් ඒ දහම් කෙනෙක් සාර්‍ත්‍ථ වූ සබ්‍යඤ්ජන වූ කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය පවසත් නම් එබඳු ධර්‍මයෝ ඔහු විසින් බහුශ්‍රුත වූවාහු ධෘත වූවාහු වචනයෙන් පරිචිත වූවාහු සිතින් අනුප්‍රේක්‍ෂිත වූවාහු දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වූවාහු වෙත්. එහෙයින් මේ ආයුෂ්මත් අධිමාන ඇතියේ අධිමාන සත්‍ය කොට ඇතියේ අප්‍රාප්තයෙහි ප්‍රාප්තයෙමි යන සංඥා ඇතියේ අකෘතයෙහි කෘතයෙමි යන සංඥා ඇතියේ අනධිගතයෙහි ‘අධිගතයෙමි’ යන සංඥා ඇතියේ අධිමානයෙන් ‘ජාතිය ක්‍ෂීණ ය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවිණ, කරණී කෘත ය, මෙ බව පිණිස අන් කිසෙක් නැතැ’යි දන්මියි අර්‍හත්‍වය පහළ කෙරෙයි.

තමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත‍්තිකුසලො පරචිත‍්තකුසලො පරචිත‍්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාති, අභිජ‍්ඣාලූ ඛො පන අයමායස‍්මා අභිජ‍්ඣාපරියුට‍්ඨිතෙන චෙතසා බහුලං විහරති, අභිජ‍්ඣාපරියුට‍්ඨානං ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්තිකුසල පරචිත්තකුසල පරචිත්තපරියායකුසල තථාගතශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ දන්නේය: මේ ආයුෂ්මත් අභිධ්‍යා බහුල කොට ඇතියේ අභිධ්‍යායෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල අභිධ්‍යා පර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

බ්‍යාපන‍්නො ඛො පන අයමායස‍්මා බ්‍යාපාදපරියුට‍්ඨිතෙන චෙතසා බහුලං විහරති, බ්‍යාපාදපරියුට‍්ඨානං ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

මේ ආයුෂ්මත් ව්‍යාපාදයට පැමිණියේ ව්‍යාපාදයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ව්‍යාපාද පර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

ථීනමිද‍්ධො ඛො පන අයමායස‍්මා ථීනමිද‍්ධපරියුට‍්ඨිතෙන චෙතසා බහුලං විහරති, ථීනමිද‍්ධපරියුට‍්ඨානං ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

මේ ආයුෂ්මත් ථිනමිද්ධ ඇතියේ ථිනමිද්ධයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ථිනමිද්ධ පරියුට්ඨානය වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

උද‍්ධතො ඛො පන අයමායස‍්මා උද‍්ධච‍්චපරියුට‍්ඨිතෙන චෙතසා බහුලං විහරති, උද‍්ධච‍්චපරියුට‍්ඨානං ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

මේ ආයුෂ්මත් උද්ධත වූයේ ඖද්ධතයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ඖද්ධත්‍යපර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

විචිකිච‍්ඡො ඛො පන අයමායස‍්මා විචිකිච‍්ඡාපරියුට‍්ඨිතෙන චෙතසා බහුලං විහරති, විචිකිච‍්ඡාපරියුට‍්ඨානං ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

මේ ආයුෂ්මත් විචිකිච්ඡා ඇතියේ විචිකිච්ඡායෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

කම‍්මාරාමො ඛො පන අයමායස‍්මා කම‍්මරතො කම‍්මාරාමතං අනුයුත‍්තො. කම‍්මාරාමතා ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

මේ ආයුෂ්මත් කර්‍මාරාම වූයේ කර්‍මයෙහි ඇලුණේ කර්‍මාරාමතායෙහි අනුයුක්තයෙක. තෙල කර්‍මාරාමතාව වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

භස‍්සාරාමො ඛො පන අයමායස‍්මා භස‍්සරතො භස‍්සාරාමතං අනුයුත‍්තො, භස‍්සාරාමතා ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

මේ ආයුෂ්මත් දොඩමලු වූයේ දොඩමලු බැව්හි ඇලුණේ දොඩමලු බැව්හි අනුයුක්ත වේ. තෙල දොඩමලු බව වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

නිද‍්දාරාමො ඛො පන අයමායස‍්මා නිද‍්දාරතො නිද‍්දාරාමතං අනුයුත‍්තො. නිද‍්දාරාමතා ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

මේ ආයුෂ්මත් නිද්‍රාරාම වූයේ නිද්‍රායෙහි ඇලුණේ නිද්‍රාරාමතායෙහි අනුයුක්තයෙක. තෙල නිද්‍රාරාමතාව වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

සඞ‍්ගණිකාරාමො ඛො පන අයමායස‍්මා. සඞ‍්ගණිකරතො සඞ‍්ගණිකාරාමතං අනුයුත‍්තො, සඞ‍්ගණිකාරාමතා ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

මේ ආයුෂ්මත් සඞ්ඝණිකාරාම වූයේ සඞ්ඝණිකායෙහි ඇලුණේ සඞ්ඝණිකාරාමතායෙහි අනුයුක්තයෙක. තෙල සඞ්ඝණිකාරාමතාව වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

මුට‍්ඨස‍්සති ඛො පන අයමායස‍්මා උත‍්තරිං කරණීයෙ ඔරමත‍්තකෙන විසෙසාධිගමෙන අන‍්තරාවොසානං ආපන‍්නො. අන‍්තරාවොසානගමනං ඛො පන තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ පරිහානමෙතං.

මේ ආයුෂ්මත් මුළාසිහි ඇතියේ මතුයෙහි කරණී ඇතිවත් ම ස්වල්පමාත්‍ර විශේෂාධිගමයෙන් අන්තරාවොසානයට පැමිණියේ ය. තෙල අන්තරාවොසාගමනය වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.

සො වතාවුසො භික‍්ඛු ඉමෙ දසධම‍්මෙ අප‍්පහාය ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

ඇවැත්නි, එ මහණ මෙ දස දහම් නො හැරපියා මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණේය යන තෙල කරුණ විද්‍යාමාන නොවේ.

සො වතාවුසො භික‍්ඛු ඉමෙ දසධම‍්මෙ පහාය ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති ඨානමෙතං විජ‍්ජතීති:

ඇවැත්නි, එ මහණ මෙ දස දහම් හැරපියා මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණේ ය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.