යෙදුමෙන් කියවන්න

අධිකරණික සුත‍්තං

10. 2. 4. 7.

10. 2. 4. 7.

අධිකරණික සුත‍්තං

අධිකරණික සූත්‍රය

[සාවත්‍ථි]

[සැවැත්]

තත්‍ර ඛො භගවා කලන්‍දකං භික‍්ඛුං ආරබ‍්භ භික‍්ඛූ ආමන‍්තෙසි ‘භික‍්ඛවො’ති. භදන‍්තෙති තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

එකල්හි භාග්‍යවතුන් වහන්සේ කලන්‍දක මහණහු අරබයා ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.

1. ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අධිකරණිකො හොති, අධිකරණසමථස‍්ස න වණ‍්ණවාදී. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු අධිකරණිකො හොති, අධිකරණසමථස‍්ස න වණ‍්ණවාදී, අයම‍්පි ධම‍්මො න පියත‍්තාය න ගරුත‍්තාය න භාවනාය න සාමඤ‍්ඤාය න එකීභාවාය සංවත‍්තති.

1. මහණෙනි, මෙ සස්නෙහි මහණ අධිකරණ ඇතියේ අධිකරණ සමථයාගේ වර්‍ණවාදී නො වෙයි. මහණෙනි, යම් හෙයකින් මහණ අධිකරණ ඇතියේ අධිකරණ සමථයාගේ වර්‍ණවාදී නො වේ නම් මෙ දහම ද ප්‍රියභාවය පිණිස ගුරුභාවය පිණිස භාවනාව පිණිස ශ්‍රමණ භාවය පිණිස එකි භාවය පිණිස නො වැටේ.

2. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු න සික‍්ඛාකාමො හොති, සික‍්ඛාසමාදානස‍්ස න වණ‍්ණවාදී. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු න සික‍්ඛාකාමො හොති, සික‍්ඛාසමාදානස‍්ස න වණ‍්ණවාදී, අයම‍්පි ධම‍්මො න පියත‍්තාය න ගරුත‍්තාය න භාවනාය න සාමඤ‍්ඤාය න එකීභාවාය සංවත‍්තති.

2. තවද මහණෙනි, මහණ ශික්‍ෂාකාම නො වූයේ ශික්‍ෂා සමාදානයෙහි ගුණ කියන්නේ නොවෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ශික්‍ෂ්‍යාකාම නො වූයේ ශික්‍ෂාසමාදානයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහම ද ප්‍රිය භාවය පිණිස ගුරු භාවය පිණිස භාවනාව පිණිස ශ්‍රමණ භාවය පිණිස ඒකී භාවය පිණිස නො වැටේ.

3. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු පාපිච‍්ඡො හොති, ඉච‍්ඡා විනයස‍්ස න වණ‍්ණවාදී. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු පාපිච‍්ඡො හොති, ඉච‍්ඡාවිනයස‍්ස න වණ‍්ණවාදී, අයම‍්පි ධම‍්මො න පියත‍්තාය න ගරුත‍්තාය න භාවනාය න සාමඤ‍්ඤාය න එකීභාවාය සංවත‍්තති.

3. තවද මහණෙනි, මහණ ලමු ඉච්ඡා ඇතියේ ඉච්ඡා විනයාගේ ගුණ නො කියන සුලු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ලමු ඉච්ඡා ඇතියේ ඉච්ඡා විනයයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ගුරු භාවය පිණිස භාවනාව පිණිස ශ්‍රමණ භාවය පිණිස ඒකී භාවය පිණිස නො වැටේ.

4. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු කොධනො හොති, කොධවිනයස‍්ස න වණ‍්ණවාදී. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු කොධනො හොති, කොධවිනයස‍්ස න වණ‍්ණවාදී, අයම‍්පි ධම‍්මො න පියත‍්තාය -පෙ- න එකීභාවාය සංවත‍්තති.

4. තවද මහණෙනි, මහණ කිපෙන සුලුයේ ක්‍රෝධ විනයාගේ ගුණ නො කියන සුලුයේ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ කිපෙන සුලුයේ ක්‍රෝධවිනයාගේ ගුණ නො කියන සුලුයේ වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.

5. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු මක‍්ඛී හොති, මක‍්ඛ විනයස‍්ස න වණ‍්ණවාදී, යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු මක‍්ඛී හොති, මක‍්ඛවිනයස‍්ස න වණ‍්ණවාදී, අයම‍්පි ධම‍්මො න පියත‍්තාය -පෙ- න එකීභාවාය සංවත‍්තති.

5. තවද මහණෙනි, මහණ මකු ගුණ ඇතියේ මක්ඛවිනයයාගේ ගුණ නො කියන සුලු නො වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ මකු ගුණ ඇතියේ මක්ඛවිනයයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.

6. පුන චපරං භික‍්ඛවෙ සඨො හොති, සාඨෙය්‍ය විනයස‍්ස න වණ‍්ණවාදී. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු සඨො හොති, සාඨෙය්‍යවිනයස‍්ස න වණ‍්ණවාදී අයම‍්පි ධම‍්මො න පියත‍්තාය -පෙ- න එකීභාවාය සංවත‍්තති.

6. තවද මහණෙනි, මහණ ශඨ වූයේ ශඨභාව විනයයාගේ ගුණ නො කියන සුලු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ශඨ වූයේ ශඨභාව විනයයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.

7. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු මායාවී හොති, මායාවිනයස‍්ස න වණ‍්ණවාදී. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු මායාවී හොති, මායාවිනයස‍්ස න වණ‍්ණවාදී, අයම‍්පි ධම‍්මො න පියත‍්තාය -පෙ- න එකීභාවාය සංවත‍්තති.

7. තවද මහණෙනි, මහණ මායා ඇතියේ මායා විනයයාගේ ගුණ නො කියන සුලුයේ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මායාවී වූයේ මායා විනයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.

8. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මානං න නිසාමකජාතියො හොති ධම‍්ම නිසන‍්තියා න වණ‍්ණවාදී. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මානං න නිසාමකජාතියො හොති, ධම‍්ම නිසන‍්තියා න වණ‍්ණවාදී, අයම‍්පි ධම‍්මො න පියත‍්තාය -පෙ- න එකීභාවාය සංවත‍්තති.

8. තවද මහණෙනි, මහණ නව ලොව්තුරු දහම් නො දරන සැහැවි ඇතියේ ධර්‍මධාරණයෙහි ගුණ නො බණන සුලු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ධර්‍මොපධාරණස්වාභාවය නැතියේ ධර්‍මොපධාරණයේ ගුණ නො බණන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.

9. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු න පටිසල‍්ලානො හොති, පටිසල‍්ලානස‍්ස න වණ‍්ණවාදී යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු න පටිසල‍්ලානො හොති, පටිසල‍්ලානස‍්ස න වණ‍්ණවාදී, අයම‍්පි ධම‍්මො න පියත‍්තාය -පෙ- න එකීභාවාය සංවත‍්තති.

9. තවද මහණෙනි, මහණ පිළිසලන නැතියේ පිළිසලනෙහි ගුණ නො කියන සුලු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ පිළිසලන ඇතියේ පිළිසලනෙහි ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.

10. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු සබ්‍රහ‍්මචාරීනං න පටිසන්‍ථාරකො හොති, පටිසන්‍ථාරකස‍්ස න වණ‍්ණවාදී. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු න පටිසන්‍ථාරකො හොති, පටිසන්‍ථාරකස‍්ස න වණ‍්ණවාදී, අයම‍්පි ධම‍්මො න පියත‍්තාය, න ගරුත‍්තාය න භාවනාය න සාමඤ‍්ඤාය න එකීභාවාය සංවත‍්තති.

10. තවද මහණෙනි, මහණ සබ්‍රම්සරනට පටිසන්‍ථාර නැතියේ පටිසන්‍ථාරයෙහි ගුණ නො බණන සුලු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ පටිසන්‍ථාර නැතියේ පටිසන්‍ථාරයෙහි ගුණ නො බණන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.

එවරූපස‍්ස භික‍්ඛවෙ භික‍්ඛුනො කිඤ‍්චාපි එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: ‘අහො වත මං සබ්‍රහ‍්මචාරී සක‍්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුන‍්ති’. අථ ඛො නං සබ්‍රහ‍්මචාරී න චෙව සක‍්කරොන‍්ති, න ගරුකරොන‍්ති, න මානෙන‍්ති, න පූජෙන‍්ති, තං කිස‍්සහෙතු:

මහණෙනි, මෙබඳු මහණහට මෙබඳු ඉච්ඡාවක් උපදනේ ය: “සබ්‍රම්සරහු ඉදින් මට සත්කාර කෙරෙත් නම් නම් ගුරුකාර කෙරෙත් නම් බුහුමන් කෙරෙත් නම් පුදත් නම් අහෝ ඉතා මැනැව”යි. එහෙත් සබ්‍රම්සරහු නොම සත්කාර කරත්, නොම ගුරුකාර කරත්, නොම බුහුමන් කරත්, නොම පුදත්, ඒ කවර හෙයින් යත්:

තථා හිස‍්ස භික‍්ඛවෙ විඤ‍්ඤූ සබ්‍රහ‍්මචාරී තෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ අප‍්පහීනෙ සමනුපස‍්සන‍්ති.

එසේ මැයි, මහණෙනි, පින්වත් සබ්‍රම්සරහු ඔහුගේ අප්‍රහීණවූ ඒ පාප අකුශල ධර්‍මයන් දක්නාහු ය.

සෙය්‍යථාපි භික‍්ඛවෙ අස‍්සඛලුඞ‍්කස‍්ස කිඤ‍්චාපි එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: අහො වත මං මනුස‍්සා ආජානීයට‍්ඨානෙ ඨපෙය්‍යුං, ආජානීයභොජනඤ‍්ච භොජෙය්‍යුං, ආජානීයපරිමජ‍්ජනඤ‍්ච පරිමජ‍්ජෙය්‍යුන‍්ති”. අථ ඛො නං මනුස‍්සා න චෙව ආජානීයට‍්ඨානෙ ඨපෙන‍්ති, න ච ආජානීයභොජනං භොජෙන‍්ති, න ච ආජානීයපරිමජ‍්ජනං පරිමජ‍්ජන‍්ති. තං කිස‍්ස හෙතු: තථා හිස‍්ස භික‍්ඛවෙ විඤ‍්ඤූ මනුස‍්සා තානි සාඨෙය්‍යානි, කූටෙය්‍යානි ජිම‍්භෙය්‍යානි වඞ‍්කෙය්‍යානි අප‍්පහීනානි සමනුපස‍්සන‍්ති. එවමෙව ඛො භික‍්ඛවෙ එවරූපස‍්ස භික‍්ඛුනො කිඤ‍්චාපි එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: “අහො වත මං සබ්‍රහ‍්මචාරී සක‍්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුන‍්ති”. අථ ඛො නං සබ්‍රහ‍්මචාරී න චෙව සක‍්කරොන‍්ති, න ගරුකරොන‍්ති, න මානෙන‍්ති, න පූජෙන‍්ති. තං කිස‍්ස හෙතු: තථා හිස‍්ස භික‍්ඛවෙ විඤ‍්ඤූ සබ්‍රහ‍්මචාරී තෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ අප‍්පහීනෙ සමනුපස‍්සන‍්ති.

මහණෙනි, යම් පරිදි අස්ගුණ්ඩයක්හට මෙබඳු ඉච්ඡායෙක් උපදනේ ය: මිනිස්හු මා ආජානේය ස්ථානයෙහි තබත් නම් මැනැව, ආජානේය භෝජන වළඳවත් නම් මැනැව, අජානේය පරිමාර්‍ජනද කරන්නාහු නම් මැනැවැ”යි. එතෙකුදු වත් මිනිස්සු ඒ අස්ගුණ්ඩයා ආජානේයස්ථනායෙහි නො තබන්නාහ. ආජානේය භෝජන නො ද වළඳවන්නාහ, ආජානේය පරිමාර්‍ජනය නො ද කරන්නාහ. එ කවර හෙයින යත්: එසේ මය, මහණෙනි, නුවණැති මිනිස්හු ඔහුගේ අප්‍රහීණ ශඨබව් දු කූඨබව්දු ඉදු නොවන බව්දු වක් දු දක්නාහුය (එහෙයිනි). මහණෙනි, එ පරිදිම මෙබඳු භික්‍ෂූහට “යහ හ! සබ්‍රම්සරහු මා සත්කාර කරන්නාහු නම් ගුරුකාර කරන්නාහු නම්, මානනා කරන්නාහු නම්, පූජනා කරන්නාහු නම් මැනැවැ”යි. මෙබඳු ඉච්ඡායෙක් උපදනේ නමුදු ඔහුට සබ්‍රම්සරහු සත්කාර නො ද කරන්නාහ, ගුරුකාර නො ද කරන්නාහ, මානනා කරන්නාහු නම්, පූජනා නො ද කරන්නාහ. එ කවර හෙයින යත්: එසේ ම ය, මහණෙනි, නුවණැති සබ්‍රම්සරහු ඔහුගේ අප්‍රහීණ පාප අකුසල ධර්‍මයන් දක්නාහු ය. එ හෙයින.

1. ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු න අධිකරණිකො හොති, අධිකරණසමථස‍්ස වණ‍්ණවාදී. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු න අධිකරණිකො හොති, අධිකරණසමථස‍්ස වණ‍්ණවාදී, අයම‍්පි ධම‍්මො පියත‍්තාය ගරුත‍්තාය භාවනාය සාමඤ‍්ඤාය එකීභාවාය සංවත‍්තති.

1. මහණෙනි, මෙ සස්නෙහි මහණ අධිකරණ කාරක නො වෙයි. අධිකරණසමථය පිළිබඳ ගුණ බණන්නේ වෙයි. ‘මහණෙනි, මහණ අධිකරණ කාරක නො වෙයි. අධිකරණසමථය පිළිබඳ ගුණ බණන්නේ වෙයි’ යන දහමෙක් ඇත් ද, මෙ දහම ද ප්‍රිය බවට ගුරුභාවයට භාවනාවට ශ්‍රමණධර්‍මයට ඒකී භාවයට වැටෙයි.

2. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු සික‍්ඛාකාමො හොති, සික‍්ඛාසමාදානස‍්ස වණ‍්ණවාදී. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු සික‍්ඛාකාමො සික‍්ඛාසමාදානස‍්ස වණ‍්ණවාදී, අයම‍්පි ධම‍්මො පියත‍්තාය -පෙ- එකීභාවාය සංවත‍්තති.

2. තවද මහණෙනි, අනෙකෙකි: මහණ ශික්‍ෂාකාම වෙයි, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ ශික්‍ෂාකාම වෙයි, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට ... ඒකී භාවයට වැටෙයි.

3. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු අප‍්පිච‍්ඡො හොති, ඉච‍්ඡා විනයස‍්ස වණ‍්ණවාදී. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු අප‍්පිච‍්ඡො හොති, ඉච‍්ඡාවිනයස‍්ස වණ‍්ණවාදී, අයම‍්පි ධම‍්මො පියත‍්තාය -පෙ- එකීභාවාය සංවත‍්තති.

3. තවද මහණෙනි, අනෙකෙකි: මහණ අල්පේච්ඡ වෙයි, ඉච්ඡාවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ අල්පේච්ඡ වෙයි, ඉච්ඡාවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට … ඒකී භාවයට වැටෙයි.

4. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු අක‍්කොධනො හොති, කොධවිනයස‍්ස වණ‍්ණවාදී. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු අක‍්කොධනො හොති, කොධවිනයස‍්ස වණ‍්ණවාදී, අයම‍්පි ධම‍්මො පියත‍්තාය -පෙ- එකීභාවාය සංවත‍්තති.

4. තවද මහණෙනි, අනෙකෙකි: මහණ නො කිපෙනසුලු වෙයි, ක්‍රෝධවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ නො කිපෙනසුලු වෙයි, ක්‍රෝධවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට … ඒකී භාවයට වැටෙයි.

5. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු අමක‍්ඛී හොති, මක‍්ඛවිනයස‍්ස වණ‍්ණවාදී. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු අමක‍්ඛී හොති, මක‍්ඛවිනයස‍්ස වණ‍්ණවාදී, අයම‍්පි ධම‍්මො පියත‍්තාය -පෙ- එකීභාවාය සංවත‍්තති.

5. තවද මහණෙනි, අනෙකෙකි: මහණ ගුණමකු නො වෙයි, මක්ඛවිනය පිළිබඳ ගුණ බණන සුලු වෙයි, “මහණෙනි, මහණ ගුණමකු නො වෙයි, මක්ඛවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට … ඒකී භාවයට වැටෙයි.

6. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු අසඨො හොති, සාඨෙය්‍ය විනයස‍්ස වණ‍්ණවාදී. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු අසඨො හොති, සාඨෙය්‍යවිනයස‍්ස වණ‍්ණවාදී, අයම‍්පි ධම‍්මො පියත‍්තාය -පෙ- එකීභාවාය සංවත‍්තති.

6. තවද මහණෙනි, මහණ ශඨ නො වෙයි, ශඨභාවවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ ශඨ නො වෙයි, ශඨභාවවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට … ඒකී භාවයට වැටෙයි.

7. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු අමායාවී හොති, මායාවිනයස‍්ස වණ‍්ණවාදී. යම‍්පි භික‍්ඛවෙ අමායාවී හොති, මායාවිනයස‍්ස වණ‍්ණවාදී අයම‍්පි ධම‍්මො පියත‍්තාය -පෙ- එකීභාවාය සංවත‍්තති.

7. තවද මහණෙනි, අනෙකෙකි: මහණ මායා නැතියේ වෙයි, මායාවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ මායා නැතියේ වෙයි, මායාවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට … ඒකී භාවයට වැටෙයි.

8. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මානං නිසාමකජාතියො හොති, ධම‍්මනිසන‍්තියා වණ‍්ණවාදී. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මානං නිසාමකජාතියො හොති, ධම‍්මනිසන‍්තියා වණ‍්ණවාදී, අයම‍්පි ධම‍්මො පියත‍්තාය -පෙ- එකීභාවාය සංවත‍්තති.

8. තවද මහණෙනි, අනෙකෙකි: මහණ නව ලොව්තුරා දහමුන් පිළිබඳ සොයන සැහැවි ඇතියේ වෙයි, ධර්‍මනිසාමනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ දහමුන් පිළිබඳ සොයන සැහැවි ඇතියේ වෙයි, ධම්මනිසාමනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට … ඒකී භාවයට වැටෙයි.

9. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු පටිසල‍්ලීනො හොති, පටිසල‍්ලානස‍්ස වණ‍්ණවාදී, යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු පටිසල‍්ලීනො හොති, පටිසල‍්ලානස‍්ස වණ‍්ණවාදී, අයම‍්පි ධම‍්මො පියත‍්තාය -පෙ- එකීභාවාය සංවත‍්තති.

9. තවද මහණෙනි, අනෙකෙකි: මහණ පිළිසලන ඇතියේ වෙයි, පිළිසලන පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ පිළිසලන ඇතියේ වෙයි, පිළිසලන පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට -පෙ- ඒකී භාවයට වැටෙයි.

10. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු සබ්‍රහ‍්මචාරීනං පටිසන්‍ථාරකො හොති, පටිසන්‍ථාරකස‍්ස වණ‍්ණවාදී. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු පටිසන්‍ථාරකො හොති, පටිසන්‍ථාරකස‍්ස වණ‍්ණවාදී, අයම‍්පි ධම‍්මො පියත‍්තාය ගරුත‍්තාය භාවනාය, සාමඤ‍්ඤාය එකීභාවාය සංවත‍්තති.

10. තවද මහණෙනි, අනෙකෙකි: මහණ සබ්‍රම්සරුන් පිළිබඳ පිළිසඳර ඇතියේ වෙයි, පිළිසඳර පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ පිළිසඳර ඇතියේ වෙයි, පිළිසඳර පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට ගුරු භාවයට භාවනාවට ශ්‍රමණධර්‍මයට ඒකී භාවයට වැටෙයි.

එවරූපස‍්ස භික‍්ඛවෙ භික‍්ඛුනො කිඤ‍්චාපි න එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය, “අහො වත මං සබ්‍රහ‍්මචාරී සක‍්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං, මානෙය්‍යුං පූජෙය්‍යුන‍්ති”. අථ ඛො නං සබ්‍රහ‍්මචාරී සක‍්කරොන‍්ති, ගරුකරොන‍්ති, මානෙන‍්ති, පූජෙන‍්ති, තං කිස‍්ස හෙතු: තථා හිස‍්ස භික‍්ඛවෙ විඤ‍්ඤූ සබ්‍රහ‍්මචාරී තෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ පහීනෙ සමනුපස‍්සන‍්ති.

මහණෙනි, මෙවන් භික්‍ෂූහට “මට සබ්‍රම්සරහු සත්කාර කරන්නාහු නම්, ගුරුකාර කරන්නාහු නම් මානනා කරන්නාහු නම් පූජනා කරන්නාහු නම් මැනැවැ”යි මෙවන් ඉච්ඡායෙක් නූපදනේ නමුදු ඔහට සබ්‍රම්සරහු සත්කාර කරන්නාහ, ගුරුකාර කරන්නාහ, මානනා කරන්නාහ, පූජනා කරන්නාහ, එ කවර හෙයින යත්: මහණෙනි, එසේ මැයි නුවණැති සබ්‍රම්සරහු ඔහුගේ ඒ පාප අකුශල ධර්‍මයන් දක්නාහ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ භද‍්දස‍්ස අස‍්සාජානීයස‍්ස කිඤ‍්චාපි න එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: “අහො වත මං මනුස‍්සා ආජානීයට‍්ඨානෙ ඨපෙය්‍යුං ආජානීයභොජනනඤ‍්ච භොජෙය්‍යුං, ආජානීයපරිමජ‍්ජනඤ‍්ච පරිමජ‍්ජෙය්‍යුන‍්ති”, අථ ඛො නං මනුස‍්සා ආජානීයට‍්ඨානෙ ඨපෙන‍්ති, ආජානීයභොජනඤ‍්ච භොජෙන‍්තී, ආජානීයපරිමජ‍්ජනඤ‍්ච පරිමජ‍්ජන‍්ති. තං කිස‍්ස හෙතු: තථා හිස‍්ස භික‍්ඛවෙ විඤ‍්ඤූ මනුස‍්සා තානි සාඨෙය්‍යානි කූටෙය්‍යානි ජිම‍්හෙය්‍යානි වඞ‍්කෙය්‍යානි පහීනානි සමනුපස‍්සන‍්ති.

මහණෙනි, යම් පරිදි භද්‍ර අශ්වාජානේයහට “මිනිස්සු මා ආජානේය ස්ථානයෙහි තබන්නාහු නම්, ආජානේය භෝජන ද වළඳවත් නම්, ආජානේය පරිමාර්‍ජනා කරන්නාහු නම් ඉතා මැනැවැ”යි යන මෙබඳු ඉච්ඡායෙක් නූපදනේ නමුදු මිනිස්හු ඔහු ආජානේය ස්ථානයෙහි තබන්නාහ, ආජානේය භෝජන ද වළඳවන්නාහ, ආජානේය පරිමාර්‍ජනය ද කරන්නාහ. එ කවර හෙයින යත්: මහණෙනි, එ එසේ මැ යි නුවණැති මිනිස්හු ඔහුගේ ඒ ප්‍රහීණ ශඨ බව්, කුළු බව්, ඉදු නොවන බව්, වක් බව් දක්නාහ. එහෙයිනි.

එවමෙව ඛො භික‍්ඛවෙ එවරූපස‍්ස භික‍්ඛුනො කිඤ‍්චාපි න එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: “අහො වත මං සබ්‍රහ‍්මචාරී සක‍්කරෙය්‍යුං, ගරුකරෙය්‍යුං, මානෙය්‍යුං, පූජෙය්‍යුන‍්ති”, අථ ඛො නං සබ්‍රහ‍්මචාරී සක‍්කරොන‍්ති, ගරුකරොන‍්ති, මානෙන‍්ති, පූජෙන‍්ති තං කිස‍්ස හෙතු: තථා හිස‍්ස භික‍්ඛවෙ විඤ‍්ඤූ සබ්‍රහ‍්මචාරී තෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ පහීනෙ සමනුපස‍්සන‍්තීති.

මහණෙනි, එපරිදිම ම මෙවන් මහණහට “සබ්‍රම්සරහු මට සත්කාර කරන්නාහු නම්, ගුරුකාර කරන්නාහු නම්, මානනා කරන්නාහු නම් පූජනා කරන්නාහු නම් ඉතා මැනැවැ”යි මෙබඳු ඉච්ඡායෙක් නූපදනේ ය. එ කවර හෙයින යත්: “මහණෙනි, එසේමැ යි, නුවණැති සබ්‍රම්සරහු ඔහුගේ ඒ ප්‍රහීණ පාප අකුශල ධර්‍මයන් දක්නාහ. එහෙයිනැ”යි.