යෙදුමෙන් කියවන්න

අක‍්කොසක සුත‍්තං

10. 2. 4. 8.

10. 2. 4. 8.

අක‍්කොසක සුත‍්තං

අක්කෝසක සූත්‍රය

[සාවත්‍ථි]

(සැවැත්)

යො සො භික‍්ඛවෙ භික‍්ඛු අක‍්කොසක පරිභාසකො අරියූපවාදී සබ්‍රහ‍්මචාරීනං, අට‍්ඨානමෙතං අනවකාසො යං සො දසන‍්නං බ්‍යසනානං අඤ‍්ඤතරං බ්‍යසනං න නිගච‍්ඡෙය්‍ය. කතමෙසං දසන‍්නං:

මහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුනට අක්කෝස පරිභාස කරන්නේ වේද, ආර්‍ය්‍යෝපවාද කරන්නේ වේ ද, යම් හෙයෙකින් හේ දශවිධ ව්‍යශනයන් අතුරෙන් අන්‍යතර ව්‍යශනයකට නො යන්නේ ය යන තෙල නො කරුණෙක, වන්නට අවකාශ ද නැත. කවර දශ දෙනෙකුන් අතුරින් යත්:

අනධිගතං නාධිගච‍්ඡති, අධිගතා පරිහායන‍්ති, සද‍්ධම‍්මස‍්ස න වොදානයන‍්ති. සද‍්ධම‍්මෙසු වා අධිමානිකො හොති, අනභිරතො වා බ්‍රහ‍්මචරියං චරති, අඤ‍්ඤතරං වා සඞ‍්කිලිට‍්ඨං ආපත‍්තිං ආපජ‍්ජති, ගාළ‍්හං වා රොගාතඞ‍්කං ඵුසති, උම‍්මාදං වා පාපුණාති චිත‍්තක‍්ඛෙපං, සම‍්මූළ‍්හො කාලං කරොති, කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති.

අනධිගත දහම් නොලබන්නේ ය, අධිගත දහමින් දහමින් පිරිහෙන්නේ ය, ශාසනසද්ධර්‍මයෝ ඔහුගේ ව්‍යවදානයට නො යෙති. සද්ධර්‍මයෙහි අධිමානික හෝ වෙයි, අනභිරත වැ සසුන් බඹසර කෙරෙයි, එක්තරා සකිලිටි ඇවැතකට හෝ අවදනේ වෙයි, දැඩි රෝගාතඞ්කයක් හෝ ස්පර්‍ශ කරයි, චිත්තවික්‍ෂේප සඞ්ඛ්‍යාත උමතුවට හෝ පැමිණෙයි. සම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්‍ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයට එළඹේ.

යො සො භික‍්ඛවෙ භික‍්ඛු අක‍්කොසපරිභාසකො අරියූපවාදී සබ්‍රහ‍්මචාරීනං. ඨානමෙතං අවකාසො, යං සො ඉමෙසං දසන‍්නං බ්‍යසනානං අඤ‍්ඤතරං බ්‍යසනං නිගච‍්ඡෙය්‍යාති.

මහණෙනි, යම් ඒ මහණෙක් සබ්‍රම්සරුනට අක්‍රොශ හා පරිභාෂ කරන්නේ වේ ද, ආර්‍ය්‍යෝපවාද කරන්නේ වේ ද, හේ තෙල දශව්‍යශනයන් අතුරින් අන්‍යතරව්‍යශනයකට පැමිණෙන්නේ ය යන යමෙක් ඇත් ද තෙල කරුණ ඇති.