යෙදුමෙන් කියවන්න

කොකාලික සුත‍්තං

10. 2. 4. 9.

10. 2. 4. 9.

කොකාලික සුත‍්තං

කෝකාලික සූත්‍රය

[සාවත්‍ථි]

(සැවැත්)

අථ ඛො කොකාලිකො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො කොකාලිකො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “පාපිච‍්ඡා භන‍්තෙ සාරිපුත‍්ත මොග‍්ගල‍්ලානා, පාපිකානං ඉච‍්ඡානං වසං ගතා”ති.

එසඳ කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹිණ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේය. “වහන්ස, සැරියුත් මුගලන්හු පාපේච්ඡයහ. පාපඉච්ඡාවන්ගේ වශයට ගියහ”යි.

මා හෙවං කොකාලික, මා හෙවං කොකාලික, පසාදෙහි කොකාලික සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙසු චිත‍්තං, පෙසලා සාරිපුත‍්තමොග‍්ගල‍්ලානාති.

“කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන්හු පේශලයහ” යි.

දුතියම‍්පි ඛො කොකාලිකො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “කිඤ‍්චාපි මෙ භන‍්තෙ භගවා සද‍්ධායිකො පච‍්චයිකො, අථ ඛො පාපිච‍්ඡාව සාරිපුත‍්තමොග‍්ගල‍්ලානා පාපිකානං ඉච‍්ඡානං වසං ගතා”ති.

කෝකාලික මහණ දෙවනවට ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මා හට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධාව එළවත් නමුදු ප්‍රත්‍යයික වෙත් නමුදු සැරියුත් මුගලන්හු පාපේච්ඡයහ. පාපඉච්ඡාවන්ගේ වශයට ගියහ”යි.

මා හෙවං කොකාලික මා හෙවං කොකාලික, පසාදෙහි කොකාලික සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙසු චිත‍්තං, පෙසලා සාරිපුත‍්තමොග‍්ගල‍්ලානාති.

“කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය නහමක් මෙසේ කිය, කෝකාලිකය, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන්හු පේශලයහ” යි.

තතියම‍්පි ඛො කොකාලිකො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “කිඤ‍්චාපි මෙ භන‍්තෙ භගවා සද‍්ධායිකො පච‍්චයිකො, අථ ඛො පාපිච‍්ඡාව සාරිපුත‍්තමොග‍්ගල‍්ලානා පාපිකානං ඉච‍්ඡානං වසං ගතා”ති.

කෝකාලික මහණ තෙවනවට ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මාහට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධාව එළවත් නමුදු ප්‍රත්‍යයික වෙත් නමුදු වැලිත් සැරියුත් මුගලන්හු පාපේච්ඡයහ. පාපඉච්ඡාවන්ගේ වශයට ගියහ”යි.

මා හෙවං කොකාලික, මා හෙවං කොකාලික, පසාදෙහි කොකාලික සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙසු චිත‍්තං, පෙසලා සාරිපුත‍්තමොග‍්ගල‍්ලානාති.

“කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය නහමක් මෙසේ කිය, කෝකාලිකය, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන්හු පේශලයහ” යි.

අථ ඛො කොකාලිකො භික‍්ඛු උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. අචිරපක‍්කන‍්තස‍්සෙව කොකාලිකස‍්ස භික‍්ඛුනො සාසපමත‍්තාහි පිළකාහි සබ‍්බො කායො ඵුටො අහොසි. සාසපමත‍්තියො හුත්‍වා මුග‍්ගමත‍්තියො අහෙසුං. මුග‍්ගමත‍්තියො හුත්‍වා කලායමත‍්තියො අහෙසුං. කලායමත‍්තියො හුත්‍වා කොලට‍්ඨිමත‍්තියො අහෙසුං. කොලට‍්ඨිමත‍්තියො හුත්‍වා කොලමත‍්තියො අහෙසුං, කොලමත‍්තියො හුත්‍වා ආමලකමත‍්තියො අහෙසුං. ආමලකමත‍්තියො හුත්‍වා බෙලුවසලාටුකමත‍්තියො අහෙසුං. බෙලුවසලාටුකමත‍්තියො හුත්‍වා බිල‍්ලමත‍්තියො අහෙසුං. බිල‍්ලමත‍්තියො හුත්‍වා පභිජ‍්ජිංසු. පුබ‍්බඤ‍්ච ලොහිතඤ‍්ච පග‍්ඝරිංසු. ස‍්වාස‍්සුදං කදලිපත‍්තෙසු සෙති මච‍්ඡොව විසගිලිතො.

ඉක්බිති කෝකාලික මහණ හුනස්සෙන් නැග භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේය. බැහැර ගිය නොබෝ කල් ඇත්තා වූ ම කෝකාලික මහණ හුගේ හැම කය සර්‍ෂපමාත්‍රවූ පොළින් පැතුරුනේ විය. (ඒ පොළ) සර්‍ෂපමාත්‍ර ව මුද්ගමාත්‍ර විය. මුද්ගමාත්‍රික ව කඩල ඇට පමණැති විය. කඩල ඇට පමණැතිව ඩෙබරැට පමණැති විය. ඩෙබරැට පමණ ව කොල මාත්‍රික විය. කොල මාත්‍රික ව ආමලක මාත්‍රික වූහ. ආමලක මාත්‍රිකව තරුණ බිල්වඵලමාත්‍රික විය. තරුණ බිල්වඵලමාත්‍රික ව බිල්ව මාත්‍රික විය. බිල්ව මාත්‍රික ව බිඳිණ. පූයි හා ලේ වගුලේ ය, හේ විසගිලි මස්සකු සෙයින් කේල්පත්හි හෝනේ ය.

අථ ඛො තුදු පච‍්චෙක බ්‍රහ‍්මා යෙන කොකාලිකො භික‍්ඛු තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා වෙහාසෙ ඨත්‍වා කොකාලිකං භික‍්ඛුං එතදවොච: “පසාදෙහි කොකාලික සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙසු චිත‍්තං, පෙසලා සාරිපුත‍්ත මොග‍්ගල‍්ලානා”ති.

එකල්හි තුදු පච්චේකබ්‍රහ්ම කෝකාලික කරා එළැඹියේ ය. එළැඹ අහස්හි සිට කෝකාලික මහණ හට තෙල කීය: “කොකාලිකය, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන්හු පේශලයහ” යි.

කොසි ත්‍වං ආවුසොති?

ඇවැත්නි, තෝ කවරෙක් වෙහි යි?

අහං තුදු පච‍්චෙකබ්‍රහ‍්මාති.

“මම් තුදු පච්චේකබ්‍රහ්ම වෙමි”යි

නනු ත්‍වං ආවුසො භගවතා අනාගාමී ව්‍යාකතො, අථ කිං චරහි ඉධාගතො? පස‍්ස යාවඤ‍්ච තෙ ඉදං අපරද‍්ධන‍්ති.

ඇවැත්නි, තෝ භාග්‍යවතුන් වහන්සේ විසින් අනාගාමී ව්‍යාකෘත නො වෙහි ද? වැලි දැන් කවර හෙයින් මෙහි ආයෙහි දැයි. යම්තාක් මෙය තාගේ අපරාධය වේ ද ඒ තාක් දකුව”යි.

අථ ඛො තුදු පච‍්චෙකබ්‍රහ‍්මා කොකාලිකං භික‍්ඛුං ගාථාහි අජ‍්ඣභාසි:

එසඳ තුදු පච්චේකබ්‍රහ්ම කෝකාලික මහණ හට ගාථායෙන් කීය:

1. පුරිසස‍්ස හි ජාතස‍්ස කුඨාරී ජායතෙ මුඛෙ, යාය ඡින්‍දති අත‍්තානං බාලො දුබ‍්භාසිතං භණං.

1. බාලතෙම දුබැසිබණන්නේ යම් පරොස් බස් සඞ්ඛ්‍යාත අවියෙකින් තමා සිඳුනේ නම්, උපන් පුරුෂයාගේ මුවෙහි පරොස් බස් නමැති කූඨාරිය උපදනේ මැයි.

2. යො නින්‍දියං පසංසති තං වා නින්‍දති යො පසංසියො, විචිනාති මුඛෙන සො කලිං කලිනා තෙන සුඛං න වින්‍දති.

2. යමෙක් නින්‍දාර්‍හයා පසස්නේ ද යමෙක් ප්‍රශංසාර්‍හ වේනම් ඔහුට හෝ නින්‍දා කරණේ ද, හේ මුවින් අපරාධ රැස්කරණේ ද, ඒ අපරාධයෙන් සුව නො විඳුනේ ය.

3. අප‍්පමත‍්තො අයං කලි යො අක‍්ඛෙසු ධනපරාජයො, සබ‍්බස‍්සාපි සහාපි අත‍්තනා අයමෙව මහන‍්තතරො කලි යො සුගතෙසු මනං පදොසයෙ

3. ද්‍යුත ක්‍රීඩාවන්හි ලා තමා හා යම් සියලු ධනපරාජයෙක් වේ නම්, මේ අපරාධය අල්පමාත්‍රවෙයි. යමෙක් සම්‍යක් ගතයන් කෙරෙහි සිත ප්‍රද්විෂ්ට කෙරේ නම්, මෙය ම මහන්තර අපරාධ වෙයි.

4. සතං සහස‍්සානං නිරබ‍්බුදානං, ඡත‍්තිංසති පඤ‍්ච ච අබ‍්බුදානි යමරියගරහී නිරයං උපෙතී, වාචං මනඤ‍්ච පණිධාය පාපකන‍්ති”.

4. යම් යෙහෙකින් පාපක වූ වාන්මනස් පිහිටුවා ආර්‍ය්‍යයන් ගරහනුයේ වේ ද, හේ නිබ්බුද ගණනින් එක්දහස් එක්සිය සතිසෙක් ද, අබ්බුද පසෙක් දැයි මෙතෙක් කාලමානයක් නිරයට එළඹෙයි.

අථ ඛො කොකාලිකො භික‍්ඛු තෙනෙව ආබාධෙන කාලමකාසි, කාලකතො ච කොකාලිකො භික‍්ඛු පදුමනිරයං උපපජ‍්ජි සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙසු චිත‍්තං ආඝාතෙත්‍වා.

එක්බිති කෝකාලික මහණ ඒ ආබාධයෙන් ම මෙළේය. කලුරිය කළ කෝකාලික මහණ සැරියුත් මුගලන් කෙරෙහි සිත් ඝටා පදුම නිරයෙහි උපන.

අථ ඛො බ්‍රහ‍්මා සහම‍්පති අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණො කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි, එකමන‍්තං ඨිතො ඛො බ්‍රහ‍්මා සහම‍්පති භගවන‍්තං එතදවොච: “කොකාලිකො භන‍්තෙ භික‍්ඛු කාලකතො, කාලකතො ච භන‍්තෙ කොකාලිකො භික‍්ඛු පදුමනිරයං උප‍්පන‍්නො සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙසු චිත‍්තං ආඝාතෙත්‍වා”ති. ඉදමවොච බ්‍රහ‍්මා සහම‍්පති, ඉදං වත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා තත්‍ථෙවන‍්තරධායි.

එක්බිති සහම්පති බඹ මධ්‍යම රාත්‍රියෙහි විශිෂ්ට ඡවිවර්‍ණ ඇතියේ සකල ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹිණ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙකැ සිට ගත, එකත්පසෙකැ සිටි සහම්පතී බඹ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැළ කෙළේය: “වහන්ස, කෝකාලික මහණ මෙළේය. වහන්ස, මළ කෝකාලික මහණ සැරියුත් මුගලනුන් කෙරෙහි සිත් දූෂ්‍ය කොට ඝටා පදුම නිරයට එළැඹිණැ’යි සහම්පතී බඹ මෙබස් කීය. මෙබස් කියා භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එ දෙව්රම් හි ම අතුරුදහන් කෙළේය.

අථ ඛො භගවා තස‍්සා රත‍්තියා අච‍්චයෙන භික‍්ඛු ආමන‍්තෙසි. ඉමං භික‍්ඛවෙ රත‍්තිං බ්‍රහ‍්මා සහම‍්පති අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණො කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙනාහං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා මං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි.

එක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රෑ ගෙවීමෙන් මහණුන් ඇමතූ සේක. මහණෙනි, මෙ රෑ සහම්පතී බඹ මධ්‍යම රාත්‍රියෙහි විශිෂ්ට ඡවිවර්‍ණ ඇතියේ සකල ජේතවනය බබුළුවා මා කරා එළැඹීණ. එළැඹ මා සකසා වැඳ එකත්පසෙක සිටියේ ය.

එකමන‍්තං ඨිතො ඛො භික‍්ඛවෙ බ්‍රහ‍්මා සහම‍්පති මං එතදවොච: “කොකාලිකො භන‍්තෙ භික‍්ඛු කාලකතො, කාලකතො ච භන‍්තෙ කොකාලිකො භික‍්ඛු පදුමනිරයං උපපන‍්නො, සාරිපුත‍්තමුග‍්ගල‍්ලානෙසු චිත‍්තං ආඝාතෙත්‍වා”ති. ඉදමවොච භික‍්ඛවෙ බ්‍රහ‍්මා සහම‍්පති ඉදං වත්‍වා මං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා තත්‍ථෙවන‍්තරධායීති.

මහණෙනි, එකත්පසෙක සිටි සහම්පතී බඹ මට තෙල බස් සැල කෙළේය: “වහන්ස, කෝකාලික මහණ මෙළේය. වහන්ස, කලුරිය කළ කෝකාලික මහණ සැරියුත් මුගලනුන් කෙරෙහි සිත් ප්‍රදූෂ්‍ය කොට ඝටා පදුම නිරයට එළඹිණැ”යි, මහණෙනි, සහම්පතී බඹ මෙය කීය. මෙය කියා මා සකසා වැඳ පැදකුණු කොට එ දෙව්රම් හි ම අතුදන් කෙළේ”යි.

දීඝං එවං වුත‍්තෙ අඤ‍්ඤතරො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “කීවනුඛො භන‍්තෙ පදුමෙ නිරයෙ ආයුප‍්පමාණන‍්ති”. දීඝං ඛො භික‍්ඛු පදුමෙ නිරයෙ ආයුප‍්පමාණං, න තං සුකරං සඞ‍්ඛාතුං “එත‍්තකානි වස‍්සානී”ති වා “එත‍්තකානි වස‍්සසතානී”ති වා “එත‍්තකානි වස‍්සසහස‍්සානී”ති වා “එත‍්තකානි වස‍්ස සතසහස‍්සානී”ති වාති.

මෙසේ වදාළ කල්හි අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: “වහන්ස, පදුම නිරයෙහි ආයුෂ් ප්‍රමාණය කෙතෙක් කල් වේදැ?යි. “මහණ, පදුම නිරයෙහි ආයුස් ප්‍රමාණය දීර්‍ඝය, එය ‘මෙතෙක් වර්‍ෂයහ’යි හෝ ‘මෙතෙක් වර්‍ෂශතයෙකැයි’ හෝ ‘මෙතෙක් වර්‍ෂ සහස්‍රයෙකැ’යි හෝ ‘මෙතෙක් වර්‍ෂ ශත සහස්‍රයෙකැ’යි හෝ ගණන්ට සුකර නො වේ”යි.

සක‍්කා පන භන‍්තෙ උපමං කාතුන‍්ති.

“වහන්ස උවමක් කළ හැකි”දැ?යි.

“සක‍්කා භික‍්ඛූ”ති භගවා අවොච.

“මහණ, හැකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

සෙය්‍යථාපි භික‍්ඛු වීසතිඛාරිකො කොසලකො තිලවාහො, තතො පුරිසො වස‍්සසතස‍්ස වස‍්සසතස‍්ස අච‍්චයෙන එකමෙකං තිලං උද‍්ධරෙය්‍ය, ඛිප‍්පතරං ඛො සො භික‍්ඛු වීසතිඛාරිකො කොසලකො තිලවාහො ඉමිනා උපක‍්කමෙන පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡෙය්‍ය, නත්‍වෙව එකො අබ‍්බුදො නිරයො.

මහණ යම් සේ කෝශල දේශයෙහි වූ විසිකිරියක් ඇති තලගැළක් වේ නම්, පුරුෂයෙක් වර්‍ෂ ශතයක්හුගේ වර්‍ෂ ශතයක්හුගේ ඇවෑමෙන් එයින් එක් එක් තලැටක් නංවා ගන්නේ නම් මහණ, විසිකිරියක් ඇති ඒ මාගධක තල ගැළ මේ උපක්‍රමයෙන් ක්‍ෂිප්‍රතර ව පරික්‍ෂයට පර්‍ය්‍යාදානයට යන්නේ ය. එක් අර්වුද නිරයෙක් (පරික්‍ෂයට) නොයේ මැ යි.

සෙය්‍යථාපි භික‍්ඛු වීසති අබ‍්බුදා නිරයා එවමෙකො නිරබ‍්බුදො නිරයො. සෙය්‍යථාපි භික‍්ඛු වීසති නිරබ‍්බුදා නිරයා එවමෙකො අබබො නිරයො, සෙය්‍යථාපි භික‍්ඛු වීසතිඅබබා නිරයා එවමෙකො අහහො නිරයො. සෙය්‍යථාපි භික‍්ඛු වීසති අහහා නිරයා එවමෙකො අටටො නිරයො. සෙය්‍යථාපි භික‍්ඛු වීසති අටටා නිරයා එවමෙකො කුමුදො නිරයො. සෙය්‍යථාපි භික‍්ඛු වීසති කුමුදා නිරයා එවමෙකො සොගන්‍ධිකො නිරයො. සෙය්‍යථාපි භික‍්ඛු වීසති සොගන්‍ධිකා නිරයා එවමෙකො උප‍්පලකො නිරයො. සෙය්‍යථාපි භික‍්ඛු වීසති උප‍්පලකා නිරයා එව මෙවකො පුණ‍්ඩරීකො නිරයො. සෙය්‍යථාපි භික‍්ඛු වීසති පුණ‍්ඩරිකා නිරයා එවමෙකො පදුමො නිරයො. පදුමං ඛො පන භික‍්ඛු නිරයං කොකාලිකො භික‍්ඛු උපපන‍්නො සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙසු චිත‍්තං ආඝාතෙත්‍වාති.

මහණ යම් සෙයින් විංශත් අර්වුද නිරයෝ වෙත් නම්, එක් නිරර්වුද නිරයෙක් මෙබඳු වෙයි: මහණ, යම් සෙයින් විංශත් නිරර්වුද නිරයෝ වෙත් නම් එක් අබබ නිරයෙක් මෙබඳු වෙයි. මහණ, යම් සෙයින් විසංති අබබ නිරයෝ වෙත් නම්, එක් අභභ නිරයෙක් මෙබඳු වෙයි. මහණ යම් සෙයින් විසංති අභභනිරයෝ වෙත් නම් එක් අටට නිරයෙක් මෙබඳු වෙයි. මහණ, යම් සෙයින් විසංති අටට නිරයෝ වෙත් නම් එක් කුමුද නිරයෙක් මෙබඳු වෙයි. මහණ, යම්සෙයින් විසංති කුමුද නිරයෝ වෙත් නම්, එක් සෞගන්‍ධික නිරයෙක් එබඳු වෙයි, මහණ යම් සෙයින් විංශත් සෞගන්‍ධික නිරයෝ වෙත්නම්, එක් උත්පලක නිරයෙක් මෙබඳු වෙයි. මහණ, යම්සෙයින් විංශත් උත්පලක නිරයෝ වෙත් නම් එක් පුණ්ඩරීක නිරයෝ වෙත් නම් එක් පදුම නිරයෙක් මෙබඳු වෙයි. මහණ, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත් ප්‍රදූෂ්‍ය කොට ඝටා කෝකාලික මහණ පදුම නිරයට එළැඹිණැ යි.

ඉදමවොච භගවා ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා ශාස්තෘ වූ සුගතයන් වහන්සේ අනතුරුව තෙල වදාළ සේක:

1. පුරිසස‍්ස හි ජාතස‍්ස කුඨාරී ජායතෙ මුඛෙ, යාය ඡින්‍දති අත‍්තානං බාලො දුබ‍්භාසිතං භණං.

1. දු බැසි බණන බාල තෙම යමෙකින් තමා සිඳුනේ නම් (එබඳු) කුඨාරියෙක් උපන් පුරුෂයාගේ මුවෙහි උපදනේය.

2. යො නින්‍දියං පසංසති තං වා නින්‍දති යො පසංසියො, විචිනාති මුඛෙන සො කලිං කලිනා තෙන සුඛං න වින්‍දති.

2. යමෙක් නින්ද්‍යයකු පසස්නේ ද, යමෙක් හෝ ප්‍රශංසාර්‍හ වේ නම් ඔහට නින්‍දා හෝ කෙරේ නම්, හේ මුවින් අපරාධ කරණේය. ඒ අපරාධ හේතුයෙන් සුඛ නො විඳිනේ ය.

3. අප‍්පමත‍්තො අයං කලි යො අක‍්ඛෙසු ධනපරාජයො, සබ‍්බස‍්සාපි සහාපි අත‍්තනා අයමෙව මහන‍්තතරො කලි යො සුගතෙසු මනං පදොසයෙ.

3. ද්‍යුතක්‍රීඩාවන්හි ලා තමා හා යම් මුලු ධන පරාජයෙක් වේ නම්, මේ අපරාධය අල්පාමාත්‍රවෙයි. සම්‍යක් ගතයන් කෙරෙහි යමෙක් සිත ප්‍රද්විෂ්ට කෙරේ නම් මෙය ම මහන්තර අපරාධය වෙයි. හේ

4. සතං සහස‍්සානං නිරබ‍්බුදානං, ඡත‍්තිංසති පඤ‍්ච ච අබ‍්බුදානි යමරියගරහී නිරයං උපෙති, වාචං මනඤ‍්ච පණිධාය පාපකන‍්ති.

4. පාපක වාඞ්මනස් පිහිටුවා ආර්‍ය්‍යයනට ගර්‍හා කරනුයේ යම් නිරයකට එළැඹේ නම්, හේ නිරර්වුද ගණනින් එක්දහස් එක්සිය සතිසෙක් ද අර්වුද පසෙක් දැ යි මෙතෙක් කාලමානයෙක් ඔහට වේ යයි.