යෙදුමෙන් කියවන්න

පුණ‍්ණිය සුත‍්තං

10. 2. 4. 3.

10. 2. 4. 3.

පුණ‍්ණිය සුත‍්තං

පුණ්ණිය සූත්‍රය

[සාවත්‍ථි]

[සැවැත්]

අථ ඛො ආයස‍්මා පුණ‍්ණියො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා පුණ‍්ණියො භගවන‍්තං එතදවොච: “කො නු ඛො භන‍්තෙ, හෙතු, කො පච‍්චයො, යෙන අප‍්පෙකදා තථාගතං ධම‍්මදෙසනා පටිභාති, අප‍්පෙකදා නප‍්පටිභාතී?”ති.

එකල්හි ආයුෂ්මත් පුණ්ණිය කෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් පුණ්ණිය කෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, යම් හෙයකින් කිසි කලෙක තථාගතයනට ධර්‍මදේශනාව වටහා නම් කිසි කලෙක නො වටහා නම් හේතු කවර ප්‍රත්‍යය කවර යැ?”

සද‍්ධො ච පුණ‍්ණිය භික‍්ඛු හොති, නො ච උපසඞ‍්කමිතා, නෙව තාව තථාගතං ධම‍්මදෙසනා පටිභාති. යතො ච ඛො පුණ‍්ණිය භික‍්ඛු සද‍්ධො ච හොති උපසඞ‍්කමිතා ච, එවං තථාගතං ධම‍්මදෙසනා පටිභාති.

පුණ්ණිය, මහණ සැදැහැතියේ ද වෙයි. නො ද වෙත එළඹෙන සුලු වෙයි. ඒ තාක් තථාගතයනට ධර්‍ම දේශනාව නො ම වටහයි. පුණ්ණිය, යම් කලෙක මහණ සැදැහැතියේ ද වෙත එළඹෙන සුලු ද වේ නම් මෙසේ තථාගතයනට ධර්‍ම දේශනාව වැටහෙයි.

සද‍්ධො ච පුණ‍්ණිය භික‍්ඛු හොති උපසඞ‍්කමිතා ච, නො ච පයිරුපාසිතා -පෙ- පයිරුපාසිතා ච, නො ච පරිපුච‍්ඡිතා. පරිපුච‍්ඡිතා ච, නො ච ඔහිතසොතො ධම‍්මං සුණාති, ඔහිතසොතො ච ධම‍්මං සුණාති, නො ච සුත්‍වා ධම‍්මං ධාරෙති, සුත්‍වා ච ධම‍්මං ධාරෙති, නො ච ධතානං ධම‍්මානං අත්‍ථං උපපරික‍්ඛති. ධතානඤ‍්ච ධම‍්මානං අත්‍ථං උපපරික‍්ඛති, නො ච අත්‍ථමඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤාය ධම‍්මානුධම‍්මපටිපන‍්නො හොති. අත්‍ථමඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤාය ධම‍්මානුධම‍්මපටිපන‍්නො ච හොති, නො ච කල්‍යාණවාචො හොති කල්‍යාණවාක‍්කරණො පොරියා වාචාය සමන‍්නාගතො විස‍්සට‍්ඨාය අනෙලගලාය අත්‍ථස‍්ස විඤ‍්ඤාපනියා. කල්‍යාණවාචො ච හොති කල්‍යාණවාක‍්කරණො පොරියා වාචාය සමන‍්නාගතො විස‍්සට‍්ඨාය අනෙලගලාය අත්‍ථස‍්ස විඤ‍්ඤාපනියා, නො ච සන්‍දස‍්සකො හොති සමාදපකො සමුත‍්තෙජකො සම‍්පහංසකො සබ්‍රහ‍්මචාරීනං. න ච තාව තථාගතං ධම‍්මදෙසනා පටිභාති.

පුණ්ණිය, මහණ සැදැහැතියේත් වෙත එළඹෙන සුලුත් වෙයි, නො ද පර්‍ය්‍යුපාසනා කෙරෙයි ... පර්‍ය්‍යුපාසනා කරණ සුලුත් වෙයි, නො ද පරිපෘච්ඡා කරණ සුලුත් වෙයි. පරිපෘච්ඡා කරණ සුලුත් වෙයි. නොද අවහිත ශ්‍රෝත ඇතියේ ධර්‍මය අසයි. අවහිත ශ්‍රෝත ඇතියේ ධර්‍මය ද අසයි, අසා දහම් නො දරයි. අසා ධර්‍මයත් දරයි, ධෘත ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය නො ද පිරික්සයි. ධෘත ධර්‍මයන්ගේ අර්‍ත්‍ථයත් පිරික්සයි, අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන නො ද ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වෙයි. අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ද වෙයි, නො ද කලණ තෙපුල් ඇතියේ නො ද කල්‍යාණ වාක්කරණ (මිහිරි කටහඬ) ඇතියේ පළිබෝධ රහිත නිදොස් අරුත් හඟවන පිරුණු තෙපුලින් නො ද සමන්‍වාගත වූයේ වෙයි. කලණ වදන් ඇතියේ කල්‍යාණ වාක්කරණ ඇතියේ පළිබෝධ රහිත නිදොස් අරුත් හඟවන පිරිපුන් වදනින් සමන්‍වාගත වූයේ ද වෙයි, සබ්‍රම්සරුනට සමාදන් කරවන සමුත්තේජනා කරවන සම්ප්‍රහංසනා කරවන සන්‍දර්‍ශක නො ද වෙයි. ඒ තාක් තථාගතයනට ධර්‍ම දේශනාව නො ද වැටහෙයි.

යතො ච ඛො පුණ‍්ණිය භික‍්ඛු සද‍්ධො ච හොති උපසඞ‍්කමිතා ච පයිරුපාසිතා ච පරිපුච‍්ඡිතා ච, ඔහිතසොතො ච ධම‍්මං සුණාති, සුත්‍වා ච ධම‍්මං ධාරෙති. ධතානඤ‍්ච ධම‍්මානං අත්‍ථං උපපරික‍්ඛති. අත්‍ථමඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤාය ධම‍්මානුධම‍්මපටිපන‍්නො ච හොති, කල්‍යාණවාචො ච හොති කල්‍යාණවාක‍්කරණො පොරියා වාචාය සමන‍්නාගතො විස‍්සට‍්ඨාය අනෙලගලාය අත්‍ථස‍්ස විඤ‍්ඤාපනියා. සන්‍දස‍්සකො ච හොති සමාදපකො සමුත‍්තෙජකො සම‍්පහංසකො සබ්‍රහ‍්මචාරීනං. එවං තථාගතං ධම‍්මදෙසනා පටිභාති. ඉමෙහි ඛො පුණ‍්ණිය, දසහි ධම‍්මෙහි සමන‍්නාගතා එකන‍්තපටිභානං තථාගතං ධම‍්මදෙසනා හොතීති.

පුණ්ණිය, යම් කලෙක මහණ සැදැහැතියේත් එළැඹෙන සුලුත් පර්‍ය්‍යුපාසනා කරණ සුලුත් පුළුවුස්නේත් වේ ද, අවහිත ශ්‍රෝත ඇතියේ දහම් අසා ද, අසාත් දහම් දරා ද, ධෘත ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය පිරික්සා ද, අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න ද වෙයි. පළිබෝධ රහිත නිදොස් අරුත් හඟවන පිරිපුන් තෙපුලින් සමන්‍වාගත වූයේ කල්‍යාණවාක් ඇතියේත් වෙයි. සබ්‍රම්සරුනට සමාදන් කරණුයේ සමුත්තේජනා කරණුයේ සම්ප්‍රහර්‍ෂණා කරණුයේ සන්‍දශර්‍ක ද වෙයි. මෙසේ තථාගතයනට ධර්‍ම දේශනා වටහයි. පුණ්ණිය, මේ දස කරුණින් සමන්‍වාගත වූ ධර්‍ම දේශනාව තථාගතයනට ඒකාන්ත ප්‍රතිභාන ඇති වේ යයි.