5. උපාලිවග්ගො අට්ඨකථා
5. උපාලි වර්ගය
1-2. කාමභොගී සුත්තාදිවණ්ණනා
1-2. කාමභොගී ආදි සූත්‍ර වර්ණනා
පඤ්චමස්ස පඨමෙ සාහසෙනාති සාහසියකම්මෙන. දුතියෙ භයානීති චිත්තුත්රාසභයානි. වෙරානීති අකුසලවෙරපුග්ගලවෙරානි. අරියො චස්ස ඤායොති සහ විපස්සනාය මග්ගො. ඉති ඉමස්මිං සති ඉදං හොතීති එවං ඉමස්මිං අවිජ්ජාදිකෙ කාරණෙ සති ඉදං සඞ්ඛාරාදිකං ඵලං හොති. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජතීති යො යස්ස සහජාතපච්චයො හොති, තස්ස උප්පාදා ඉතරං උප්පජ්ජති නාම. ඉමස්මිං අසතීති අවිජ්ජාදිකෙ කාරණෙ අසති සඞ්ඛාරාදිකං ඵලං න හොති. ඉමස්ස නිරොධාති කාරණස්ස අප්පවත්තියා ඵලස්ස අප්පවත්ති හොති.
පස්වැනි වර්ගයේ පළමු සූත්‍රයෙහි සාහසෙන යනු සාහසික කර්මයෙනි, දෙවැන්නෙහි භයානි යනු සිත තැති ගැනීමේ බියයි, වෙරානි අකුසල වෛරයෝයි, අරියො චස්ස ඤායො යනු විදසුන් සහිත මාර්ගයයි, ඉති ඉමස්මිං සති ඉදං හොති යනු මෙසේ මේ අවිද්‍යාදී කාරණය (හේතුව) ඇති කල්හි මේ සංස්කාර ආදි කොට ඇති ඵලය වෙයි. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති යනු යමක් යමකට එක්ව හටගත් (සහජාත) ප්‍රත්‍යය වේද එය ඉපදීමෙන් සෙස්ස ඉපදෙයි නමි. ඉමස්මිං අසති යනු අවිද්‍යා ආදී වූ හේතුව නැති කල්හි සංකාර ආදීවූ ඵලය නොවෙයි, ඉමස්ස නිරොධා යනු හේතුව නොපැවතීමෙන් ඵලයේ නොපැවතීම වෙයි.
3. කිංදිට්ඨික සුත්තවණ්ණනා
3. කිංදිට්ඨික සූත්‍ර වර්ණනාව
තතියෙ සණ්ඨාපෙසුන්ති ඉරියාපථම්පි වචනපථම්පි සණ්ඨාපෙසුං. අප්පසද්දවිනීතාති අප්පසද්දෙන මත්තභාණිනා සත්ථාරා විනීතා. පරතොඝොසපච්චයා වාති පරස්ස වා වචනකාරණා. චෙතයිතාති පකප්පිතා. මඞ්කුභූතාති දොමනස්සප්පත්තා නිත්තෙජා. පත්තක්ඛන්ධාති පතිතක්ඛන්ධා. සහධම්මෙනාති සහෙතුකෙන කාරණෙන වචනෙන.
තෙවැන්නෙහි සණ්ඨපෙසුං යනු ඉරියව්වත් වචන පථයත් පිහිටෙව්වාහුය, අප්පසද්දවිනීතා යනු අඩු හඬකින් පමණ දැන කථාකරණ ශාස්තෲන් වහන්සේ විසින් හික්මවන ලද්දාවූයි, පරතොඝොසප්පච්චයා යනු අනුන්ගේ හෝ වචනය හේතුවෙන්, චෙතයිතා යනු කල්පනා කරනලද, මඞ්කුභූතා යනු දොම්නසට පැමිණියාහු තෙද නැත්තාවූයි, පත්තක්ඛන්ධා යනු ඇදහැළුණු සිරුර ඇත්තාවූයි, සහධම්මෙන යනු හේතුසහිතවූ කරුණු සහිත වූ වචනයෙනි.
4. වජ්ජියමාහිත සුත්තවණ්ණනා
4. වජ්ජියමාහිත සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ වජ්ජියමාහිතොති එවංනාමකො. සබ්බං තපන්ති සබ්බමෙව දුක්කරකාරිකං. සබ්බං තපස්සින්ති සබ්බං තපනිස්සිතකං. ලූඛාජීවින්ති දුක්කරකාරිකජීවිකානුයොගං අනුයුත්තං. ගාරය්හන්ති ගරහිතබ්බයුත්තකං. පසංසියන්ති පසංසිතබ්බයුත්තකං. වෙනයිකොති සයං අවිනීතො අඤ්ඤෙහි විනෙතබ්බො. අපඤ්ඤත්තිකොති න කිඤ්චි පඤ්ඤාපෙතුං සක්කොති. අථ වා වෙනයිකොති සත්තවිනාසකො. අපඤ්ඤත්තිකොති අපච්චක්ඛං නිබ්බානං පඤ්ඤාපෙති, සයංකතාදීසු කිඤ්චි පඤ්ඤාපෙතුං න සක්කොති. න සො භගවා වෙනයිකොති සො භගවා එවං යාථාවතො ඤත්වා කුසලාකුසලං පඤ්ඤාපෙන්තො න අඤ්ඤෙන විනෙතබ්බො න අඤ්ඤසික්ඛිතො. යෙ ච ධම්මෙ උපාදාය සත්තො පඤ්ඤාපියති, තෙසං පඤ්ඤාපනතො න සත්තවිනාසකො, සුවිනීතො සුසික්ඛිතො සත්තවිනායකොති අත්ථො. තස්ස ච පඤ්ඤත්තියො සපඤ්ඤත්තියොයෙවාති දස්සෙති. විමුත්තිං විමුච්චතො අකුසලා ධම්මාති මිච්ඡාදිට්ඨිසඞ්ඛාතං චිත්තස්ස අධිමුත්තිං අධිමුච්චතො අකුසලා ධම්මා වඩ්ඪන්ති නාම, තං සන්ධායෙතං වුත්තං. සාසනෙ පන චිත්තස්ස විමුත්තිසඞ්ඛාතො විමුත්ති කුසලානංයෙව පච්චයො හොති.
සිවුවැන්නෙහි වජ්ජියමාහිතො යනු මෙබඳු නම් ඇත්තේයි, සබ්බං තපං යනු සියලුම දුෂ්කර ක්‍රියාවයි, සබ්බං තපස්සිං යනු තපස ඇසුරු කළ සියලු දෙයයි, ලුඛාජීවං යනු දුෂ්කරව කරන දිවිපැවැත්මෙහි යෙදුනාවූයි, ගාරය්හං යන ගැරහිය යුතුවූයි, පසංසියං යනු පැසසිය යුතුවූයි, වෙනයිකො යනු තෙමේ නොහික්මුනේ අනුන් විසින් හික්මවිය යුත්තේයි, අපඤ්ඤත්තිකො යනු කිසිවක් පැනවීමට නොහැකි වෙයි, නැතහොත් වෙනයිකො යනු සත්ත්වයන් විනාශ කරන්නායි, අපඤ්ඤත්තිකො යනු පසක් නොකළ නිවන පනවයි, සයංකත (සත්ත්වයා තෙමේ විසින්ම කරන ලදැයි යන මතය) යනාදියෙහි කිසිවක් පැනවීමට නොහැකි වෙයි. න සො භගවා වෙනයිකො යනු ඒ භාග්‍යවතුන් වහන්සේ තතු පරිද්දෙන් දැන කුසල් අකුසල් පනවමින් අනෙකකු විසින් හික්මවිය යුත්තෝ නොවෙති. ප්රත්යක්ෂයෙන්ම ධර්මයන් ගෙන පනවති. ඒවා පැනවීම නිසා සත්ත්ව විනාශකයෙක් නොවෙත්. සුවිනීත වූ මනාව හික්මුණු සත්ත්වයන් මෙහෙයවන්නෙකියි අරුත්ය. උන්වහන්සේගේ පැනවීම් ද මනාව පනවන ලද්දේමයයි දක්වයි. විමුත්තිං විමුච්චතො අකුසලා ධම්මා යනු මිථ්‍යාදෘෂ්ටි සංඛ්‍යාත වූ සිතේ හැඟීම් නැඹුරුවීමෙන් අකුසල් දහම් වැඩෙයි නමි. ඒ සඳහා කියන ලදි. සසුනෙහි වනාහි සිතේ විමුක්තිය නම් වූ විමුක්තිය කුසලයන්ටම ප්‍රත්‍යය වෙයි.
5. උත්තිය සුත්තවණ්ණනා
5. උත්තිය සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ තුණ්හී අහොසීති සත්තූපලද්ධියං ඨත්වා අපුච්ඡං පුච්ඡතීති තුණ්හී අහොසි. සබ්බසාමුක්කංසිකං වත මෙති මයා සබ්බපුච්ඡානං උත්තමපුච්ඡං පුච්ඡිතො සමණො ගොතමො සංසාදෙති නො විස්සජ්ජෙති, නූන න විසහති න සක්කොති විස්සජ්ජෙතුන්ති එවං පාපිකං දිට්ඨිං මා පටිලභීති. තදස්සාති තං එවං උප්පන්නං දිට්ඨිගතං භවෙය්ය. පච්චන්තිමන්ති යස්මා මජ්ඣිමදෙසෙ නගරස්ස උද්ධාපාදීනි ථිරානි වා හොන්තු දුබ්බලානි වා, සබ්බසො වා පන මා හොන්තු, චොරාසඞ්කා න හොති. තස්මා තං අග්ගහෙත්වා “පච්චන්තිමං නගර”න්ති ආහ. දළ්හුද්ධාපන්ති ථිරපාකාරපාදං. දළ්හපාකාරතොරණන්ති ථිරපාකාරඤ්චෙව ථිරපිට්ඨිසඞ්ඝාටඤ්ච. එකද්වාරන්ති කස්මා ආහ? බහුද්වාරස්මිඤ්හි නගරෙ බහූහි පණ්ඩිතදොවාරිකෙහි භවිතබ්බං, එකද්වාරෙ එකොව වට්ටති. තථාගතස්ස ච පඤ්ඤාය අඤ්ඤො සදිසො නත්ථි. තස්මා සත්ථු පණ්ඩිතභාවස්ස ඔපම්මත්ථං එකංයෙව දොවාරිකං දස්සෙතුං “එකද්වාර”න්ති ආහ. පණ්ඩිතොති පණ්ඩිච්චෙන සමන්නාගතො. බ්යත්තොති වෙය්යත්තියෙන සමන්නාගතො. මෙධාවීති ඨානුප්පත්තියපඤ්ඤාසඞ්ඛාතාය මෙධාය සමන්නාගතො. අනුපරියායපථන්ති අනුපරියායනාමකං මග්ගං. පාකාරසන්ධින්ති ද්වින්නං ඉට්ඨකානං අපගතට්ඨානං. පාකාරවිවරන්ති පාකාරස්ස ඡින්නට්ඨානං. තදෙවෙතං පඤ්හන්ති තංයෙව “සස්සතො ලොකො”තිආදිනා නයෙන පුට්ඨං ඨපනීයපඤ්හං පුනපි පුච්ඡි. සබ්බො ච තෙන ලොකොති සත්තූපලද්ධියංයෙව ඨත්වා අඤ්ඤෙනාකාරෙන පුච්ඡතීති දස්සෙති.
පස්වැන්නෙහි තුණ්හී අහොසි යනු සත්ත්වයන් පහළ වීමෙහි සිට නොඇසියයුක්තක් අසතැයි නිශ්ශබ්ද වූයේය. සබ්බසාමුක්කංසිකං වත මෙ යනු මවිසින් සියලු ප්රශ්නයන් අතුරෙන් උතුම් ප්රශ්නය අසනලද ශ්‍රමණ ගෞතමයෝ පසකින් තබති. නොවිසඳති. බුහුටි නොවන්නෝ නොවෙත්ද, විසඳීමට නොහැකි වන්නේදැයි මෙබඳු පවිටු දෘෂ්ටියක් නොලැබිය යනුයි. තදස්ස යනු මෙසේ උපන්නා වූ දෘෂ්ටිගතයක් වන්නේය. පච්චන්තිමං යනු යම් හෙයකින් මධ්‍ය දේශයෙහි පවුරු පාදම් ආදිය ස්ථිර හෝ වේද දුබල හෝ වේද සියල්ලෙන් හෝ ඔවුනට පවුරක් වේද එහෙයින් එය නොගෙන පසල් (පිටිඝර) නුවරකැයි පැවසීය. දළ්හුද්දාපං යනු ස්ථිරප්රාකාර පාදයයි, දළ්හපාකාරතොරණං යනු ස්ථිරප්රාකාරය ද ස්ථිර දොරකණුව ද යනුයි, එකද්වාරං යනු කුමක් හෙයින් පැවසීද? බොහෝ දොරටු ඇති නුවරක බොහෝවූ නුවණැති දොරටුපල්ලන් වියයුතුය. එක් දොරටුවක එකෙක්ම ප්රමාණවත්ය. තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට අන් සමානවූවෙක් නැත. එහෙයින් මනා නුවණැති බවට උපමාවනු සඳහා එකම දොරටුපල්ලකු දැක්වීමට එකද්වාරං”යි කීවේය. පණ්ඩිතො යනු පාණ්ඩිත්‍යයෙන් යුක්තවූයේයි, ව්යත්තො යනු වියත් බවින් යුක්තවූයේයි, මෙධාවී යනු ස්ථානොචිත ප්‍රඥා සංඛ්‍යාත නුවණින් යුක්තවූයේයි, අනුපරියායපථං යනු අනුපරියාය නම් වූ මාර්ගයයි, පාකාරසන්ධිං යනු ගඩොල් දෙකක් ඉවත්වූ තැනයි, පාකාරවිවරං යනු පවුරේ සිඳුණු තැනයි, තදෙවෙතං පඤ්හං යනු ඒ ලෝකය සදාකාලිකද යනාදී ක්‍රමයෙන් අසන ලද පසෙකින් තැබිය යුතු ප්රශ්නය නැවතද ඇසීය. සබ්බො ච තෙන ලොකො යනු සත්ත්වයන් ඇතිවීමෙහි සිට වෙනත් අයුරකින් අසතිය දක්වයි.
6. කොකනද සුත්තවණ්ණනා
6. කොකනද සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ පුබ්බාපයමානොති පුබ්බසදිසානි නිරුදකානි කුරුමානො. ක්වෙත්ථ, ආවුසොති කො එත්ථ, ආවුසො. යාවතා, ආවුසො, දිට්ඨීති යත්තිකා ද්වාසට්ඨිවිධාපි දිට්ඨි නාම අත්ථි. යාවතා දිට්ඨිට්ඨානන්ති “ඛන්ධාපි දිට්ඨිට්ඨානං, අවිජ්ජාපි, ඵස්සොපි, සඤ්ඤාපි, විතක්කොපි අයොනිසොමනසිකාරොපි, පාපමිත්තොපි, පරතොඝොසොපි දිට්ඨිට්ඨාන”න්ති එවං යත්තකං අට්ඨවිධම්පි දිට්ඨිට්ඨානං දිට්ඨිකාරණං නාම අත්ථි. දිට්ඨාධිට්ඨානන්ති දිට්ඨීනං අධිට්ඨානං, අධිඨත්වා අධිභවිත්වා පවත්තාය දිට්ඨියා එතං නාමං. දිට්ඨිපරියුට්ඨානන්ති “කතමානි අට්ඨාරස දිට්ඨිපරියුට්ඨානානි? යා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරං දිට්ඨිවිසූකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයොජනං දිට්ඨිසල්ලං දිට්ඨිසම්බාධො දිට්ඨිපලිබොධො දිට්ඨිබන්ධනං දිට්ඨිපපාතො දිට්ඨානුසයො දිට්ඨිසන්තාපො දිට්ඨිපරිළාහො දිට්ඨිගන්ථො දිට්ඨුපාදානං දිට්ඨාභිනිවෙසො දිට්ඨිපරාමාසො. ඉමානි අට්ඨාරස දිට්ඨිපරියුට්ඨානානී”ති එවං වුත්තං දිට්ඨිපරියුට්ඨානං. සමුට්ඨානන්ති දිට්ඨිට්ඨානස්සෙව වෙවචනං. වුත්තඤ්හෙතං – “ඛන්ධා පච්චයො දිට්ඨීනං උපාදාය සමුට්ඨානට්ඨෙනා”ති (පටි· ම· 1.124) සබ්බං විත්ථාරෙතබ්බං. සොතාපත්තිමග්ගො පන දිට්ඨිසමුග්ඝාතො නාම සබ්බදිට්ඨීනං සමුග්ඝාතකත්තා. තමහන්ති තං සබ්බං අහං ජානාමි. ක්යාහං වක්ඛාමීති කිංකාරණා අහං වක්ඛාමි.
සවැන්නෙහි පුබ්බාපයමානො යනු පෙර සමාන වූ දියරහිතවූවන් කරනු ලබන්නේයි, කොත්ථ ආවුසො යනු ඇවැත්නි මෙහි කවරෙක්ද? යාවතා ආවුසො දිට්ඨි යනු යම්පමණ දෙසැට වැදෑරුම් වූ දෘෂ්ටි නම් ඇත්ද? යාවතා දිට්ඨිට්ඨානං යනු “ඛන්ධාපි දිට්ඨිට්ඨානං අවිජ්ජාපි ඵස්සොපි විතක්කොපි අයොනිසො මනසිකාරොපි පාපමිත්තොපි පරතොඝොසොපි දිට්ඨිට්ඨානං”යි මෙසේ යම්තාක් සත්වැදෑරුම් වූද, දෘෂ්ටිස්ථාන දෘෂ්ටිකාරණා නම් ඇත්ද? දිට්ඨාධිට්ඨානං යනු දැඩිව සිට බලවත්වී පැවති දෘෂ්ටියට මේ නමෙකි. දිට්ඨිපරියුට්ඨානං යනු ‘කතමානි අට්ඨාරස දිට්ඨිපරියුට්ඨානානි යා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරං දිට්ඨිවිසූකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයොජනං දිට්ඨිසල්ලං දිට්ඨිසම්බාධො දිට්ඨිපලිබොධො දිට්ඨිබන්ධනං දිට්ඨිපපාතො දිට්ඨානුසයො දිට්ඨිසන්තාපො දිට්ඨිපරිළාහො දිට්ඨිගබ්හො දිට්ඨූපාදානං දිට්ඨාභිනිවෙසො දිට්ඨිපරාමාසො ඉමානි අට්ඨාරස දිට්ඨිපරියුට්ඨානානි” යනුවෙන් මෙසේ කියනලද දිට්ඨිපරියුට්ඨානය (දෘෂ්ටි මතුවී ඒම) යි, සමුට්ඨානං යනු දෘෂ්ටිහේතුවටම නමකි. ස්කන්ධයෝ දෘෂ්ටීන් ඇසුරුකොට හටගැනීමේ අර්ත්ථයෙන් මෙය කියන ලදි යන ඒ සියල්ල විස්තර කළ යුතුය. සෝවාන් මග සියලු දෘෂ්ටීන් සහමුලින් වනසන බැවින් දිට්ඨිසමුග්ඝාත නමි. තමහං යනු ඒ සියල්ල මම දනිමි. ක්යාහං වක්ඛාමි යනු කුමන කරුණින් මම කියමිද?
7-8. ආහුනෙය්‍ය සුත්තාදිවණ්ණනා
7-8. ආහුනෙය්‍ය ආදි සූත්‍ර වර්ණනා
සත්තමෙ සම්මාදිට්ඨිකොති යාථාවදිට්ඨිකො. අට්ඨමෙ අධිකරණසමුප්පාදවූපසමකුසලොති චතුන්නං අධිකරණානං මූලං ගහෙත්වා වූපසමෙන සමුප්පාදවූපසමකුසලො හොති.
සත්වැන්නෙහි සම්මාදිට්ඨිකො යනු ඇති සැටියෙන් දකියි, අටවැන්නෙහි අධිකරණසමුප්පාදවුපසමකුසලො යන සතර අධිකරණයන්ගේ මුලෙන් මුල ගෙන සංසිඳීමෙන් හටගැනීම සංසිඳවීමෙහි දක්ෂයෙක් වෙයි.
9. උපාලි සුත්තවණ්ණනා
9. උපාලි සූත්‍ර වර්ණනාව
නවමෙ දුරභිසම්භවානීති සම්භවිතුං දුක්ඛානි දුස්සහානි, න සක්කා අප්පෙසක්ඛෙහි අජ්ඣොගාහිතුන්ති වුත්තං හොති. අරඤ්ඤවනපත්ථානීති අරඤ්ඤානි ච වනපත්ථානි ච. ආරඤ්ඤකඞ්ගනිප්ඵාදනෙන අරඤ්ඤානි, ගාමන්තං අතික්කමිත්වා මනුස්සානං අනුපචාරට්ඨානභාවෙන වනපත්ථානි. පන්තානීති පරියන්තානි අතිදූරානි. දුක්කරං පවිවෙකන්ති කායවිවෙකො දුක්කරො. දුරභිරමන්ති අභිරමිතුං න සුකරං. එකත්තෙති එකීභාවෙ. කිං දස්සෙති? කායවිවෙකෙ කතෙපි තත්ථ චිත්තං අභිරමාපෙතුං දුක්කරං. ද්වයංද්වයාරාමො හි අයං ලොකොති. හරන්ති මඤ්ඤෙති හරන්ති විය ඝසන්ති විය. මනොති චිත්තං. සමාධිං අලභමානස්සාති උපචාරසමාධිං වා අප්පනාසමාධිං වා අලභන්තස්ස. කිං දස්සෙති? ඊදිසස්ස භික්ඛුනො තිණපණ්ණමිගාදිසද්දෙහි විවිධෙහි ච භීසනකෙහි වනානි චිත්තං වික්ඛිපන්ති මඤ්ඤෙති. සංසීදිස්සතීති කාමවිතක්කෙන සංසීදිස්සති. උප්ලවිස්සතීති බ්යාපාදවිහිංසාවිතක්කෙහි උද්ධං ප්ලවිස්සති.
නවවැන්නෙහි දුරභිසම්හවානි යනු හටගැනීමට දුෂ්කර වූ ඉවසිය නොහැකිවූයි, අල්පෙශාක්යයන් විසින් බැස ගැන්මට නොහැකියි කියන ලද්දේ වෙයි. අරඤ්ඤෙ වනපත්ථානි යනු වනපෙත් දයි, ආරණ්‍යකාංගය ඉපදවීමෙන් අරණ්‍යයි (වනයි), ගම්කෙළවර ඉක්මවා මිනිසුන්ට සමීපස්ථාන නොවන බැවින් වනපෙත්ය. පන්තානි යනු පර්ය්යන්තයෝයි, ඉතා දුරවූයි. දුක්කරං පචිවෙකං යනු කායවිවේකය දුෂ්කරය, දුරභිරමං යනු සිත් ඇලවීමට සුකර නොවේ, එකන්තෙ යනු හුදෙකලා බවෙහියි, කුමක් දක්වයිද? කායවිවේකය කළ කල්හි ද එහි සිත ඇලවිමට දුෂ්කරය. මේ ලෝකය දෙදෙනා දෙදෙනා බැගින් සතුටුවන්නේ වෙයි. හරන්ති මඤ්ඤෙ යනු ගෙනයන්නකු මෙන් කන්නකු මෙනි. මනො යනු සිතයි. සමාධිං අලභමානස්ස යනු උපචාර සමාධිය හෝ අප්පනාසමාධිය හෝ නොලබන්නාගේයි, (මෙයින්) කුමක් දක්වයිද? මෙබඳු වු භික්ෂුවගේ සිත තණපත් මුව ආදී හඬින් ද නොයෙක් බියකරු දෙයින් ද විසිර යතියි හඟියි, සංසීදිස්සති යනු කාම විතර්කයන්ගෙන් ගිලා බසියි, උප්පිලවිස්සති යනු ව්‍යාපාද විහිංසා විතර්කයන්ගෙන් උඩට උලුප්පවන්නේය,
කණ්ණසංධොවිකන්ති කණ්ණෙ ධොවන්තෙන කීළිතබ්බං. පිට්ඨිසංධොවිකන්ති පිට්ඨිං ධොවන්තෙන කීළිතබ්බං. තත්ථ උදකං සොණ්ඩාය ගහෙත්වා ද්වීසු කණ්ණෙසු ආසිඤ්චනං කණ්ණසංධොවිකා නාම, පිට්ඨියං ආසිඤ්චනං පිට්ඨිසංධොවිකා නාම. ගාධං වින්දතීති පතිට්ඨං ලභති. කො චාහං කො ච හත්ථිනාගොති අහං කො, හත්ථිනාගො කො, අහම්පි තිරච්ඡානගතො, අයම්පි, මය්හම්පි චත්තාරො පාදා, ඉමස්සපි, නනු උභොපි මයං සමසමාති.
කණ්ණසන්ධොපිකං යනු කණ දෙවීමෙන් ක්‍රීඩා කළයුතුයි, පිට්ඨසන්ධොපිකං යනු පිට දෙවීමෙන් ක්‍රීඩාකළ යුතුයි, එහි දිය සොඬින ගෙන දෙකන්හි වත්කිරීම කණ්ණසන්‍ධොපික නමි. පිටට වත්කිරීම පිට්ඨිසන්‍ධොපික නමි. ගාධං වින්දති යනු පිටක් ලබයි, කො වාහං කො ච හත්ථිනාගො යනු මම කවරෙක්ද ඇතා කවරෙක්ද? මම ද තිරිසන්ගිය කෙනෙකි, මෙතෙමේ ද (එසේය) මගේ ද මොහුගේ ද සිවුපාය, අපි දෙදෙනාම සමසම නොවෙමුද?
වඞ්කකන්ති කුමාරකානං කීළනකං ඛුද්දකනඞ්ගලං. ඝටිකන්ති දීඝදණ්ඩකෙන රස්සදණ්ඩකං පහරණකීළං. මොක්ඛචිකන්ති සංපරිවත්තකකීළං, ආකාසෙ දණ්ඩකං ගහෙත්වා භූමියං වා සීසං ඨපෙත්වා හෙට්ඨුපරියභාවෙන පරිවත්තනකීළන්ති වුත්තං හොති. චිඞ්ගුලකන්ති තාලපණ්ණාදීහි කතං වාතප්පහාරෙන පරිබ්භමනචක්කං. පත්තාළ්හකං වුච්චති පණ්ණනාළි, තාය වාලුකාදීනි මිනන්තා කීළන්ති. රථකන්ති ඛුද්දකරථං. ධනුකන්ති ඛුද්දකධනුමෙව.
වඞ්කකං යනු කුඩා දරුවන්ගේ ක්‍රීඩාව සඳහා වූ කුඩා නඟුලයි, ඝටිකං යනු දිග දණ්ඩකින් කෙටි දණ්ඩකට ගැසීමේ ක්‍රීඩාවයි, මොක්ඛචිකං යනු පෙරළෙන ක්‍රීඩාවකි, අහසෙහි දණ්ඩක් අල්ලාගෙන හිස බිම තබා උඩුයටි වශයෙන් පෙරළෙන ක්‍රීඩාවකැයි කියන ලද්දේ වෙයි. විඞ්ගුලකං යනු තල් කොල ආදියෙන් කළ සුළං බලයෙන් කැරකෙන චක්රයකි. පත්තාළ්හකං යනු කොල නැළියයි කියනු ලැබේ. ඒ සැළි ආදියෙන් මනිමින් ක්‍රීඩා කරති. රථකං යනු කුඩා රියකි, ධනුකං කුඩා දුන්නක්මය.
ඉධ ඛො පන වොති එත්ථ වොති නිපාතමත්තං, ඉධ ඛො පනාති අත්ථො. ඉඞ්ඝ ත්වං, උපාලි, සඞ්ඝෙ විහරාහීති එත්ථ ඉඞ්ඝාති චොදනත්ථෙ නිපාතො. තෙන ථෙරං සඞ්ඝමජ්ඣෙ විහාරත්ථාය චොදෙති, නාස්ස අරඤ්ඤවාසං අනුජානාති. කස්මා? අරඤ්ඤසෙනාසනෙ වසතො කිරස්ස වාසධුරමෙව පූරිස්සති, න ගන්ථධුරං. සඞ්ඝමජ්ඣෙ වසන්තො පන ද්වෙ ධුරානි පූරෙත්වා අරහත්තං පාපුණිස්සති, විනයපිටකෙ ච පාමොක්ඛො භවිස්සති. අථස්සාහං පරිසමජ්ඣෙ පුබ්බපත්ථනං පුබ්බාභිනීහාරඤ්ච කථෙත්වා ඉමං භික්ඛුං විනයධරානං අග්ගට්ඨානෙ ඨපෙස්සාමීති ඉමමත්ථං පස්සමානො සත්ථා ථෙරස්ස අරඤ්ඤවාසං නානුජානීති. දසමං උත්තානත්ථමෙවාති.
, ඉධ ඛො පන වො යනු මෙහි වො යනු නිපාත මාත්‍රයකි, මෙහි වනාහි යන අරුත්ය, ඉඞ්ඝ ත්වං උපාලි සඞ්ඝෙ විහරාහි යනු මෙහි ඉඞ්ඝ යනු මෙහෙයවීම් අර්‍ත්‍ථයෙහි නිපාතයෙකි, එයින් තෙරුන් සඟ මැද විසීම සඳහා මෙහෙයවයි. ඔහුගේ අරණ්‍යවාසය නොඅනුදනියි, කුමක් හෙයින්ද? අරණ්‍ය සේනාසනයෙහි වසන්නාවූ ඔහුට වාසධුරයම සපිරෙන්නේය. ග්‍රන්ථධූරය නොවේ. සඟමැද වසමින් ධුර දෙකම පුරා රහත්බවට පැමිණෙන්නේය. විනය පිටකයෙහි ද ප්‍රමුඛයෙක් වන්නේය. ඉක්බිති මම ඔහුගේ පෙර පැතුමත් පෙර අදිටනත් විසඳා මේ භික්ෂුව විනයධරයන් අතුරෙහි අගතැන තබන්නෙමැයි මෙකරුණ දකිමින් ශාස්තෲන් වහන්සේ තෙරුන්ට අරණ්‍යවාසය නොඅනුදත් සේක. දසවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
උපාලිවග්ගො පඤ්චමො.
පස්වැනි උපාලි වර්ගයයි.
දුතියපණ්ණාසකං නිට්ඨිතං.
දෙවැනි පණ්ණාසකය නිමියේයි.