භය සුත්තං
10. 2. 5. 2.
10. 2. 5. 2.
භය සුත්තං
භය සූත්‍රය
[සාවත්ථි]
(සැවැත්)
අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච:
එකල්හි අනාථපිණ්ඩික ගෘහපති භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ තෙල සැළ කළහ:
යතො ඛො ගහපති අරියසාවකස්ස පඤ්චභයානි වෙරානි වූපසන්තානි හොන්ති, චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, අරියො චස්ස ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො, ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය:
ගෘහපතිය, යම් හෙයෙකින් අරී සවුහුගේ පඤ්ච චිත්තෝ ත්රාසභයයෝ අකුශල වෛරයෝ මොනොවට සන්හුන් වෙත් ද, සතර සෝවාන් අඟින් සමන්වාගත වේ ද, ඔහු විසින් ආර්‍ය්‍ය (විදර්ශනා මාර්ග සඞ්ඛ්‍යාත) න්‍යායය ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද්දේ, සුපිළි විදියේ වේ ද, කැමැති වනුයේ තෙමේ තමා පහළ කරන්නේ ය:
ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො සොතාපන්නො හමස්මී, අවිනිපාත ධම්මො නියතො සම්බොධි පරායනොති. කතමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති:
“ක්ෂය වී ගිය නිරෑ ඇතියෙම් ක්ෂය වී ගිය තිරිසන් යොන් ඇතියෙම් ක්ෂය වී ගිය ප්‍රේතවිෂය ඇතියෙම්, ක්ෂය වී ගිය අවාදුගති විනිපා ඇතියෙම් වෙමි. විනිපාතස්වාභාව නැතියෙම් නියතයෙම් සම්බෝධිය පරායණ කොට ඇතියෙම් ශ්‍රෝතාපන්න යෙමි”යි. කවර පඤ්චභය වෛරයෝ සන්හුන්නාහු වෙත් ය යත්:
යං ගහපති, පාණාතිපාතී පාණාතිපාතප්පච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පාණාතිපාතා පටිවිරතො නෙව දිට්ඨධම්මිකං භයං වෙරං පසවති න සම්පරායිකං භයං වෙරං පසවති න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති, පාණාතිපාතා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති.
ගෘහපතිය, පණිවා කරණ සුලුවූයේ පණිවා හේතුකොටගෙන දෘෂ්ට ධාර්මික වූ ද යම් භය හා වෛර හා ලබා ද, සාම්පරායික වූ ද භය හා වෛර ලබා ද, චෛතසික වූ ද දුක් දොම්නස් විඳිනේ ද, පණිවායෙන් විරත වූයේ එ දෘෂ්ට ධාර්මික වූ භය වෛර නො ම ලබන්නේ ය. සාම්පරායික භය වෛර නො ම ලබන්නේ ය, චෛතසික දුඃඛදෞර්‍මනස්‍ය නො ම විඳිනේය. මෙසේ ප්‍රාණඝාතයෙන් වෙන්වූවහුගේ එ බිය හා වෙර හා සංහිඳුනේ වෙයි.
යං ගහපති අදින්නාදායී -පෙ- කාමෙසු මිච්ඡාචාරී -පෙ- මුසාවාදී -පෙ- සුරාමෙරය මජ්ජපමාදට්ඨායී සුරාමෙරය මජ්ජපමාදට්ඨානපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො නෙව දිට්ඨධම්මිකං භයං වෙරං පසවති න සම්පරායිකං භයං වෙරං පසවති න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති, සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති. ඉමානි පඤ්චභයානි වෙරානි වූපසන්තානි හොන්ති.
ගෘහපතිය, නුදුන්දෑගන්නා සුලුවූයේ -පෙ- කාමයන්හි මිසහසර ඇතියේ - මුසවා බණනසුලුවූයේ යම් - ගෘහපතිය, මදපමා දෙකට කරුණුවූ රහමෙර බොන සුලුයේ මදපමා දෙකට කරුණුවූ රහමෙර හේතුයෙන් යම් දෘෂ්ටධාර්මික වූ ද භය හා වෛර හා ලබා නම් සාම්පරායික වු ද භය හා වෛර හා ලබා නම් චෛතසික වූ ද දුක් දොම්නස් විඳිනේ නම් මදපමා දෙකට කරුණු රහමෙරින් විරත වූයේ දෘෂ්ට ධාර්මික වූ ද භය හා වෛර හා නොම ලබනේ ය, සාම්පරායික වූ ද දුක් භය හා වෛර හා නො ම ලබනේ ය, චෛතසික වූ ද දුක් දොම්නස් නො ම විඳුනේය, මදපමා දෙකට කරුණු වූ රහමෙරින් විරතහුගේ මෙසේ එ භය හා වෛර හා සංහිඳුනේ වෙයි. මෙ පස් භය හා වෛර හා ව්‍යුපශාන්ත වෙත්.
කතමෙහි චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති:
කවර නම් සතර සෝවාන් අඟින් සමන්වාගත වේය යත්:
ඉධ ගහපති අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති.
ගෘහපතිය, මෙ සස්නෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්වාගත වෙයි: මෙ කරුණිනුදු එ භාග්‍යවත්හු අර්හත්හ, සම්‍යක් සම්බුද්යහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, අනුත්තරයහ, පුරුෂදම්‍ය සාරථිහ, දේවමනුෂ්‍යයනට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ”යි. ධර්මයෙහි අවෙත්‍ය ප්‍රසාදයෙන් සමන්වාගත වෙයි: භගවත්හු විසින් ධර්මය ස්වාඛ්‍යාතය, සාන්දෘෂ්ටිකය, අකාලිකය, ඒහිපස්සිකය, උපනයාර්හය, විඥයන් විසින් ප්‍රත්‍යාත්ම වශයෙන් දතයුතුය”යි.
සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවක සඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා, එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුණෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති.
සඞ්ඝයා කෙරෙහි අවෙත්‍ය ප්‍රසාදයෙන් සමන්වාගත වෙයි: භගවත්හුගේ අරී සවු සඟ සුපිළිපන් වෙයි, භගවත්හුගේ සවු සඟ ඍජු පිළිවෙතට පිළිපන, භගවත්හුගේ සවු සඟ මාර්ග නියාමයට පිළිපන, භගවත්හුගේ සවු සඟ සාමීචියට පිළිපන. මේ සතර පුරුෂ යුගලයෙක් අෂ්ට පුරුෂපුද්ගල කෙනෙක් වෙත් නම් භගවත්හුගේ තෙල ශ්‍රාවක සඞ්ඝ ආහුණෙය්‍යය, පාහුණෙය්‍යය, දක්ඛිණෙය්‍යය, අඤ්ජලීකරණීයය, ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර”යි.
අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති, අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි ඉමෙහි චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති.
අඛණ්ඩ වූ අච්ඡිද්‍රවූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ විඥ ප්රශස්ත වූ අපරාමාෂ්ට වූ සමාධියට හිතව වැටෙන ආර්ය්යකාන් ශීලයෙන් සමන්වාගත වෙයි. මෙ සතර සෝතාපත්ති අඞ්ගයෙන් සමන්වාගත වෙයි.
කතමො චස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො:
ඔහු විසින් කවර ආර්‍ය්‍ය න්‍යායයෙක් ප්‍රඥායෙන් සුදෘෂ්ට වූයේ සුප්රති විද්ධය යත්:
ඉධ ගහපති අරියසාවකො ඉතිපටිසංචික්ඛති: “ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාම රූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
ගෘහපතිය, මෙසස්නෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි: මෙසේ මෙ අවිද්‍යාදි ප්‍රත්‍ය ඇතිවත් ම මෙ සංස්කාරාදිය වෙයි. මෙ ප්‍රත්‍යයාගේ උත්පාදයෙන් මෙ ඵලය උපදනේය, මෙ ප්‍රත්‍යයාගේ අභාවය වත්ම මෙ ඵලය නොවේ, මෙ ප්‍රත්‍යයාගේ නිරෝධයෙන් මෙ ඵලය නිරුද්ධ වෙයි, එ කිසේය යත්: අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වෙයි, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වෙයි, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වෙයි, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශ වෙයි, ස්පර්ශ ප්‍රත්‍යයයෙන් වේදනා වෙයි, වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වෙයි, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි, උපාදාන ප්‍රත්‍යයයෙන් භව වෙයි, භව ප්‍රත්‍යයයෙන් ජාති වෙයි, ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ ශෝක පරිදේව දුඃඛදෞර්‍මනස්‍යෝපායාසයෝ වෙත්. මෙසේ තෙල කේවල දුඃඛස්කන්ධයාගේ සමුදය වෙයි.
අවිජ්ජායත්වෙව අසෙසවිරාග නිරොධා සඞ්ඛාර නිරොධො, සඞ්ඛාර නිරොධා විඤ්ඤාණ නිරොධො, විඤ්ඤාණ නිරොධා නාමරූප නිරොධො, නාමරූප නිරොධා සළායතන නිරොධො, සළායතන නිරොධා ඵස්ස නිරොධො, ඵස්ස නිරොධා වෙදනා නිරොධො, වෙදනා නිරොධා තණ්හා නිරොධො, තණ්හා නිරොධා උපාදාන නිරොධො, උපාදාන නිරොධා භව නිරොධො, භව නිරොධා ජාති නිරොධො, ජාති නිරොධා ජරා මරණං සොකපරිදෙවදුක්ඛ දොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. අයඤ්චස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො.
අවිද්යාහුගේ ම අශේෂවිරාග නිරෝධයෙන් සඞ්ඛාර නිරෝධය වෙයි, සඞ්ඛාර නිරෝධයෙන් විඥාන නිරෝධය වෙයි, විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වෙයි, නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වෙයි, ෂඩායතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධය වෙයි, ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි, වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වෙයි, තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි, භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි, ජාති නිරෝධයෙන් ජරාමරණ ශෝක පරිදේව දුඃඛදෞර්‍මනස්‍යෝපායාසයෝ නූපදිත්. මෙසේ තෙල කේවල දුඃඛ ස්කන්ධයාගේ නිරෝධය වෙයි, ඔහු විසින් මෙ න්‍යාය ප්‍රඥායෙන් සුදෘෂ්ට සුප්‍රතිවිද්ධ වෙයි.
යතො ඛො ගහපති අරියසාවකස්ස ඉමානි පඤ්චභයානි වෙරානි වූපසන්තානි හොන්ති. ඉමෙහි චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති. අයමස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය: “ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො. සොතාපන්නො හමස්මි අවිනිපාත ධම්මො නියතො සම්බොධිපරායනොති.
ගෘහපතිය, යම් කලෙක ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මේ පඤ්චභය වෛරයෝ ව්‍යුපශාන්ත වෙත් ද, මේ සතර ස්‍රෝතාපත්ති-අඞ්ගයෙන් සමන්වාගත වේ ද, ඔහු විසින් මෙ ආර්‍ය්‍ය න්‍යාය ප්‍රඥායෙන් සුදෘෂ්ට ද සුප්රතිවිද්ධද වෙයි. හේ කැමැති වන්නේ තෙමේ තමා පාළ කරන්නේය: ක්ෂය වූ නිරය ඇතියෙම්, ක්ෂය වූ තිරිසන්යොන් ඇතියෙම්, ක්ෂය වූ ප්‍රේත විෂය ඇතියෙම් ක්ෂය අවාදුගති විනිපා ඇතියෙම් නො හෙන සැහැවි ඇතියෙම් නියතයෙම් සම්බෝධි පරායණයෙම් සෝවාන් වෙමි යි.