කාමභොගී සුත‍්තං
10. 2. 5. 1.
10. 2. 5. 1.
කාමභොගී සුත‍්තං
කාමභෝගී සූත්‍රය
එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො අනාථපිණ‍්ඩිකං ගහපතිං භගවා එතදවොච:
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු මහසිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි අනාථ පිණ්ඩික ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් අනාථ පිණ්ඩික ගෘහපති හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
දස ඉමෙ ගහපති කාමභොගී සන‍්තො සංවිජ‍්ජමානො ලොකස‍්මිං. කතමෙ දස.
ගැහැවිය, මෙ ලොව්හි කාමභෝගී හු දස දෙනෙක් විද්‍යාමාන වෙත්. කවර දසදෙනෙකයත්:
1. ඉධ පන ගහපති එකච‍්චො කාමභොගී අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙන. අධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙන න අත‍්තානං සුඛෙති පීනෙති න සංවිභජති න පුඤ‍්ඤානි කරොති.
1. ගැහැවිය, මෙලොව්හි එක් කාම භෝගියෙක් අධර්‍මයෙන් සැහැසි කමින් භෝග පර්‍ය්‍යෙෂණා කරණේ ය. අධර්‍මයෙන් සැහැසි කමින් භෝග පර්‍ය්‍යෙෂණා කොට තමා නො සුවපත් කරන්නේ ය. නො පිනවන්නේ ය. සංවිභාග නො කරන්නේ ය, පින් නොකරන්නේ ය.
2. ඉධ පන ගහපති එකච‍්චො කාමභොගී අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙන. අධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙන අත‍්තානං සුඛෙති, පීනෙති, න සංවිභජති, න පුඤ‍්ඤානි කරොති.
2. ගැහැවිය, මෙලොව්හි එක් කාම භෝගියෙක් අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයනේ ය. අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරනේ ය, පිනවනුයේ ය, සංවිභාග නො කරනේ ය, පින් නො කරනේ ය.
3. ඉධ පන ගහපති එකච‍්චො කාමභොගී අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙන. අධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙන, අත‍්තානං සුඛෙති පීනෙති, සංවිභජති, පුඤ‍්ඤානි කරොති.
3. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයනේ ය. අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරනේ ය, පිනවන්නේය, සංවිභාග කරනේ ය, පින් කරනේ ය.
4. ඉධ පන එකච‍්චො කාමභොගී ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙන පි අසාහසෙන පි. ධම‍්මාධම‍්මෙන භොගෙපරියෙසිත්‍වා සාහසෙන පි අසාහසෙන පි න අත‍්තානං සුඛෙති පීනෙති, න සංවිභජති, න පුඤ‍්ඤානි කරොති.
4. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මාධර්‍මයෙන් සාහසයෙනුදු අසාහසයෙනුදු භෝග සොයනේය. ධර්‍මාධර්‍මයෙන් සාහසයෙනුදු අසාහසයෙනුදු භෝග සොයා තමා සුවපත් නො කරයි, නො පිනවයි, සංවිභාග නො කරයි, පින් නො කරයි.
5. ඉධ පන ගහපති එකච‍්චො කාමභොගී ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙන පි. අසාහසෙන පි ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙන පි අසාහසෙන පි අත‍්තානං සුඛෙති පීනෙති, න සංවිභජති න පුඤ‍්ඤානි කරොති.
5. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මාධර්‍මයෙන් ද සාහසයෙන් ද අසාහසයෙන් ද භෝග සොයා තමා සුවපත් කරයි, පිනවයි, සංවිභාග නො කරයි, පින් නො කරයි.
6. ඉධ පන ගහපති එකච‍්චො කාමභොගී ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙන පි අසාහසෙන පි. ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙන පි අසාහසෙන පි අත‍්තානං සුඛෙති පීනෙති, සංවිභජති, පුඤ‍්ඤානි කරොති.
6. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මාධර්‍මයෙනුදු සාහසයෙනුදු අසාහසයෙනුදු භෝග සොයනේ ය. ධර්‍මාධර්‍මයෙනුදු සාහසයෙනුදු භෝග සොයා තමා සුවපත් කරනේ ය, පිනවන්නේ ය, සංවිභාග කරනේ ය, පින් කරනේ ය.
7. ඉධ පන එකච‍්චො කාමභොගී ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා අසාහසෙන න අත‍්තානං සුඛෙති පීනෙති, න සංවිභජති, න පුඤ‍්ඤානි කරොති.
7. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසිකමින් භෝගපර්‍ය්‍යෙෂණ කරනේ ය. දැමින් නො සැහැසිකමින් භෝගපර්‍ය්‍යෙෂණ කොට තමා සුවපත් නො කරනේ ය. නො පිනවන්නේය, සංවිභාග නො කරනේ ය. පින් නොකරනේ ය.
8. ඉධ පන ගහපති එකච‍්චො කාමභොගී ධම‍්මෙන භොගෙ පරියෙසති, අසාහසෙන. ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා අසාහසෙන අත‍්තානං සුඛෙති පීනෙති, න සංවිභජති, න පුඤ‍්ඤානි කරොති.
8. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයනේ ය. ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරනේ ය, පිනවන්නේ ය, සංවිභාග නො කරන්නේ ය, පින් නො කරනේ ය.
9. ඉධ පන ගහපති එකච‍්චො කාමභොගී ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා අසාහසෙන අත‍්තානං සුඛෙති පීනෙති, සංවිභජති, පුඤ‍්ඤානි කරොති. තෙ ච භොගෙ ගථිතො මුච‍්ඡිතො අජ‍්ඣාපන‍්නො ආනාදීනව දස‍්සාවී අනිස‍්සරණපඤ‍්ඤො පරිභුඤ‍්ජති.
9. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසයෙන් භෝග සොයන්නේය, ධර්‍මයෙන් අසාහසයෙන් භෝග සොයා තමා සුවපත් කරයි, පිනවයි, සංවිභාග කරයි, පින් කරයි. (ලෝභයෙන්) ග්‍රථිත වූයේ; මූර්ඡිතවූයේ, එහි බැස ගත්තේ ආදීනව නො දක්නා සුලුයේ නිඃසරණප්‍රඥා නැතියේ එ භෝගයනුදු වලඳනේය.
10. ඉධ පන ගහපති එකච‍්චො කාමභොගී ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා අසාහසෙන අත‍්තානං සුඛෙති පීනෙති, සංවිභජති, පුඤ‍්ඤානි කරොති. තෙ ච භොගෙ අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣාපන‍්නො ආදීනවදස‍්සාවී නිස‍්සරණපඤ‍්ඤො පරිභුඤ‍්ජති.
10. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසයෙන් භෝග පර්‍ය්‍යෙෂණ කරයි. දැහැමින් නො සැහැසියෙන් භෝග සොයා තමා සුවපත් කෙරෙයි, පිනවයි, සංවිභාග කෙරෙයි, පින් කරයි. ග්‍රථිත නො වූයේ මූර්ඡිත නො වූයේ, එහි නො බැස ගත්තේ ආදීනව දක්නා සුලුයේ නිඃසරණප්‍රඥා ඇතියේ වළඳනේ යි.
1. තත්‍ර ගහපති ය‍්වායං කාමභොගී අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙන, අධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙන, න අත‍්තානං සුඛෙති, පීනෙති, න සංවිභජති, න පුඤ‍්ඤානි කරොති, අයං ගහපති කාමභොගී තීහි ඨානෙහි ගාරය‍්හො: ‘අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙනා’ති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය‍්හො. ‘න අත‍්තානං සුඛෙති පීනෙති’ති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය‍්හො න සංවිභජති, න පුඤ‍්ඤානි කරොතී’ති ඉමිනා තතියෙන ඨානෙන ගාරය‍්හො අයං ගහපති කාමභොගී ඉමෙහි තීහි ඨානෙහි ගාරය‍්හො.
1. ගැහැවිය, එහි යම් කාමභෝගියෙක් අදහමින් සැහැසිකමින් භෝග සොයනේ නම්, අදහමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් නො කෙරේ නම්, නො පිනවා නම්, සංවිභාග නො කෙරේ නම්, පින් නො කෙරේ නම්, ගැහැවිය මෙ කාමභෝගී තෙම තුන් කරුණෙකින් ගැරැහිය යුත්තේ ය: ‘අදහමින්, සැහැසිකමින් භෝග පර්‍ය්‍යෙෂණ කරයි’ යන මේ පළමු කරුණෙන් ගැරැහිය යුත්තේ ය. තමා සුවපත් නො කෙරෙයි, නො පිනවයි, යන මේ දෙවන කරුණෙන් ගැරැහිය යුත්තේ ය. සංවිභාග නො කෙරෙයි, පින් නො කෙරෙයි යන මේ තුන්වන කරුණෙන් ගැරැහිය යුත්තේ ය. ගැහැවිය, මෙ කාමභෝගී පුරුෂ මෙතුන් කරුණෙන් ගැරැහිය යුත්තේ ය.
2. තත්‍ර ගහපති ය‍්වායං කාමභොගී අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙන, අධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙන අත‍්තානං සුඛෙති, පීනෙති, න සංවිභජති, න පුඤ‍්ඤානි කරොති, අයං ගහපති කාමභොගී ද‍්වීහි ඨානෙහි ගාරය‍්හො, එකෙන ඨානෙන පාසංසො. ‘අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙනා’ති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය‍්හො. ‘අත‍්තානං සුඛෙති පීනෙතී’ති ඉමිනා එකෙන ඨානෙන පාසංසො. ‘න සංවිභජති, න පුඤ‍්ඤානි කරොතීති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය‍්හො. අයං ගහපති කාමභොගී ඉමෙහි ද‍්වීහි ඨානෙහි ගාරය‍්හො. ඉමිනා එකෙන ඨානෙන පාසංසො.
2. ගැහැවිය, එහි යම් කාමභෝගියෙක් අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරයි නම්, පිනවා නම්, සංවිභාග නොකෙරේ නම් පින් නො කෙරේ නම්, ගැහැවිය, මෙ කාමභෝගී පුරුෂයා කරුණු දෙකෙකින් ගැරැහිය යුත්තේ ය. එක් කරුණෙකින් ප්‍රශංසාර්‍හ වෙයි: ‘අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයන්නේ ය යන මෙ පළමු කරුණෙන් ගැරැහිය යුත්තේ ය. තමා සුවපත් කෙරෙයි. පිනවයි යන මෙ එක් කරුණෙන් ප්‍රශංසාර්‍හ වෙයි. සංවිභාග නොකෙරෙයි. පින් නො කෙරෙයි යන මෙ දෙවන කරුණෙන් ගැරැහිය යුත්තේ ය. ගැහැවිය, මෙ කාමභෝගී පුරුෂ තෙම දෙකරුණෙන් ගැරැහිය යුත්තේ ය. මෙ එක් කරුණින් පැසැස්ස යුතු වෙයි.
3. තත්‍ර ගහපති ය‍්වායං කාමභොගී අධම‍්මෙන භොගෙ පරියෙසති. සාහසෙන අධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙන අත‍්තානං සුඛෙති, පීනෙති, සංවිභජති, පුඤ‍්ඤානි කරොති. අයං ගහපති කාමභොගී එකෙන ඨානෙන ගාරය‍්හො, ද‍්වීහි ඨානෙහි පාසංසො. ‘අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති ඉමිනා එකෙන ඨානෙන ගාරය‍්හො. අත‍්තානං සුඛෙති පීනෙතී’ති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. ‘සංවිභජති, පුඤ‍්ඤානි කරොතී’ති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. අයං ගහපති කාමභොගී ඉමිනා එකෙන ඨානෙන ගාරය‍්හො. ඉමෙහි ද‍්වීහි ඨානෙහි පාසංසො.
3. ගැහැවිය, එහි යම් කාමභෝගියෙක් අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, අධර්‍මයෙන්, සාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කෙරේ නම්, පිනවා නම්, සංවිභාග කෙරේ නම් පින් කෙරේ නම්, ගැහැවිය, මෙ කාමභෝගියා එක් කරුණෙකින් ගැරැහිය යුතු වෙයි. දෙකරුණෙකින් ප්‍රශංසාර්‍හ වෙයි: අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයයි යන මෙ එක් කරුණෙකින් ගැරැහිය යුතු වෙයි. තමා සුවපත් කරයි, පිනවයි යන මේ පළමු කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි. සංවිභාග කරයි, පින් කෙරෙයි යන මේ දෙවන කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි. ගැහැවිය, මෙ කාම භෝගියා මෙ එක් කරුණින් ගැරැහිය යුතු වෙයි. මෙ දෙකරුණින් ප්‍රශංසාර්‍හ වෙයි.
4. තත්‍ර ගහපති ය‍්වායං කාමභොගී ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙන පි අසාහසෙන පි, ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙන පි අසාහසෙන පි න අත‍්තානං සුඛෙති පීනෙති න සංවිභජති, න පුඤ‍්ඤානි කරොති, අයං ගහපති කාමභොගී එකෙන ඨානෙන පාසංසො, තීහි ඨානෙහි ගාරය‍්හො. ‘ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙනා’ති ඉමිනා එකෙන ඨානෙන පාසංසො. ‘අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙනා’ති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය‍්හො, ‘න අත‍්තානං සුඛෙති පීනෙතී’ති ඉමිනා දුතියෙන ඨානෙ ගාරය‍්හො. ‘න සංවිභජති, න පුඤ‍්ඤානි කරොතී’ති ඉමිනා තතියෙන ඨානෙන ගාරය‍්හො. අයං ගහපති කාමභොගී ඉමිනා එකෙන ඨානෙන පාසංසො. ඉමෙහි තීහි ඨානෙහි ගාරය‍්හො.
4. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාමභෝගියෙක් ධර්‍මාධර්‍මයෙනුදු සාහසිකාසාහසිකකර්‍මයෙනුදු භෝග සොයා නම්, ධර්‍මාධර්‍මයෙන් හා සාහසිකාසාහසිකකර්‍මයෙනුදු භෝග සොයා තමා සුවපත් නො කෙරේ නම්, නොපිනවා නම්, සංවිභාග නොකෙරේ නම්, පින් නොකෙරේ නම්, ගැහැවිය, මෙ කාම භෝගී පුද්ගල එක් කරුණෙකින් ප්‍රශංසාර්‍හ වෙයි, තුන් කරුණෙකින් ගැරැහිය යුතු වෙයි: ‘දැහැමින් නො සැහැසි කමින් භෝග සොයන්නේ ය යන මෙ එක් කරුණෙකින් ප්‍රශංසාර්‍හ වෙයි. අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග පර්‍ය්‍යෙෂණ කරයි යන මෙ පළමුවන කරුණින් ගැරැහිය යුතු වෙයි. තමා සුවපත් නො කෙරෙයි නො පිනවයි යන මේ දෙවන කරුණින් ගැරැහිය යුතු වෙයි. සංවිභාග නො කරයි, පින් නො කරයි, යන මෙ තුන්වන කරුණින් ගැරැහිය යුතු වෙයි. ගැහැවිය මෙ කාම භෝගී තෙම මෙ එක් කරුණෙන් පැසැස්ස යුතු වෙයි. මෙ තුන් කරුණෙන් ගැරැහිය යුතු වෙයි.
5. තත්‍ර ගහපති ය‍්වායං කාමභොගී ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙන පි අසාහසෙන පි, ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙන පි අසාහසෙන පි, අත‍්තානං සුඛෙති පීනෙති න සංවිභජති න පුඤ‍්ඤානි කරොති. අයං ගහපති කාමභොගී ද‍්වීහි ඨානෙහි පාසංසො: ද‍්වීහි ඨානෙහි ගාරය‍්හො: ‘ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙනා’ති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙනා’ති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය‍්හො, ‘අත‍්තානං සුඛෙති පීනෙතී’ති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. න සංවිභජති, න පුඤ‍්ඤානි කරොතී’ති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය‍්හො. අයං ගහපති කාමභොගී ඉමෙහි ද‍්වීහි ඨානෙහි පාසංසො, ඉමෙහි ද‍්වීහි ඨානෙහි ගාරය‍්හො.
5. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාමභෝගියෙක් ධර්‍මා ධර්‍මයෙනුදු සාහසිකා සාහසික කර්‍මයෙනුදු භෝග සොයා නම් ධර්‍මාධර්‍මයෙනුදු සාහසිකා සාහසික කර්‍මයෙනුදු භෝග සොයා කර්‍මයෙනුදු භෝග සොයා තමා සුවපත් කෙරේ නම්, පිනවා නම්, සංවිභාග නො කෙරේ නම්, පින් නො කෙරේ නම්, ගැහැවිය, මේ කාමභෝගී පුද්ගල දෙකරුණෙකින් ප්‍රශංසාර්‍හ වෙයි. දෙකරුණෙකින් ගැරැහිය යුතු වෙයි: ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයනේ ය යන මේ පළමු කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි. අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයයි යන මෙ පළමු කරුණින් ගැරැහිය යුතු වෙයි. තමා සුවපත් කරයි, පිනවයි යන මෙ කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි. සංවිභාග නො කරයි, පින් නො කරයි යන මේ දෙවන කරුණින් ගැරැහිය යුතු වෙයි. ගැහැවිය, මෙ කාම භෝගී පුද්ගල මෙ කරුණු දෙකින් ප්‍රශංසාර්‍හ වෙයි. මෙ කරුණු දෙකින් ගැරැහිය යුතු වෙයි.
6. තත්‍ර ගහපති ය‍්වායං කාමභොගී ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙන පි අසාහසෙන පි ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙන පි අසාහසෙන පි, අත‍්තානං සුඛෙති පීනෙති, සංවිභජති, පුඤ‍්ඤානි කරොති. අයං ගහපති කාමභොගී තීහි ඨානෙහි පාසංසො: එකෙන ඨානෙන ගාරය‍්හො: ‘ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙනා’ති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙනා’ති ඉමිනා එකෙන ඨානෙන ගාරය‍්හො, ‘අත‍්තානං සුඛෙති පීනෙතී’ති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. සංවිභජති, පුඤ‍්ඤානි කරොතී’ති ඉමිනා තතියෙන ඨානෙන පාසංසො. අයං ගහපති කාමභොගී ඉමෙහි තීහි ඨානෙහි පාසංසො, ඉමිනා එකෙන ඨානෙන ගාරය‍්හො.
6. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාම භෝගියෙක් ධර්‍මාධර්‍මයෙනුදු, සාහසිකාසාසික කර්‍මයෙනුදු භෝග සොයා නම් ධර්‍මාධර්‍මයෙනුදු සාහසිකාසාහසික කර්‍මයෙනුදු භෝග සොයා තමා සුවපත් කෙරෙයි නම්, පිනවා නම්, සංවිභාග කෙරෙයි නම්, පින් කෙරෙයි නම්, ගැහැවිය, මෙ කාමභෝගී පුද්ගල තුන් කරුණෙකින් ප්‍රසංසාර්‍හ වෙයි, එක් කරුණෙකින් ගැරහිය යුතුවෙයි: ධර්‍මයෙනුදු අසාහසික කර්‍මයෙනුදු භෝග පර්‍ය්‍යෙෂණ කරනුයේය යන මේ පළමු කරුණින් ප්‍රසංසාර්‍හ වෙයි. අධර්‍මයෙනුදු සාහසික කර්‍මයෙනුදු භෝග පර්‍ය්‍යෙෂණ කරනුයේය යන මේ එක් කරුණෙන් ගැරැහිය යුතු වෙයි. තමා සුවපත් කරනුයේ, පිනවන්නේය යන මේ දෙවන කරුණින් ප්‍රසංසාර්‍හ වෙයි. සංවිභාග කරනුයේය, පින කරනුයේ ය යන මෙ තෙවන කරුණින් ප්‍රසංසාර්‍හ වෙයි. ගැහැවිය, මෙ කාමභෝගී පුද්ගල මෙතුන් කරුණින් ප්‍රසංසාර්‍හ වෙයි. මෙ එක් කරුණින් ගැරැහිය යුතු වෙයි.
7. තත්‍ර ගහපති ය‍්වායං කාමභොගී ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා අසාහසෙන න අත‍්තානං සුඛෙති පීනෙති, න සංවිභජති, න පුඤ‍්ඤානි කරොති. අයං ගහපති කාමභොගී එකෙන ඨානෙන පාසංසො: ද‍්වීහි ඨානෙහි ගාරය‍්හො: ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙනා’ති ඉමිනා එකෙන ඨානෙන පාසංසො. ‘න අත‍්තානං සුඛෙති පීනෙතී’ති, ඉමිනා පඨමෙන ඨානෙන ගාරය‍්හො. ‘න සංවිභජති, න පුඤ‍්ඤානි කරොතී’ති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය‍්හො. අයං ගහපති කාමභොගී ඉමිනා එකෙන ඨානෙන පාසංසො. ඉමෙහි ද‍්වීහි ඨානෙහි ගාරය‍්හො.
7. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් නොකෙරෙයි නම්, නො පිනවා නම්, සංවිභාග නො කෙරේ නම්, පින් නොකෙරේ නම්, ගැහැවිය, මෙ කාමභෝගී පුද්ගල එක් කරුණෙකින් පැසැස්ස යුතු වෙයි. දෙකරුණෙකින් ගැරැහිය යුතු වෙයි: ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග පර්‍ය්‍යෙෂණ කරනුයේය යන මේ පළමු කරුණින් පැසැස්ස යුතු වෙයි. තමා සුවපත් නො කරනුයේ ය, නො පිනවයි, යන මෙ පළමුවන කරුණින් ගැරැහිය යුතු වෙයි. සංවිභාග නො කෙරෙයි, පින් නො කෙරෙයි යන මෙ දෙවන කරුණින් ගැරැහිය යුතු වෙයි. ගැහැවිය, මෙ කාම භෝගී පුද්ගල මෙ එක් කරුණින් පැසැස්ස යුතු වෙයි. මෙ දෙකරුණින් ගැරැහිය යුතු වෙයි.
8. තත්‍ර ගහපති, ය‍්වායං කාමභොගී ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා අසාහසෙන අත‍්තානං සුඛෙති පීනෙති, න සංවිභජති, න පුඤ‍්ඤානි කරොති. අයං ගහපති කාමභොගී ද‍්වීහි ඨානෙහි පාසංසො: එකෙන ඨානෙන ගාරය‍්හො: ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙනා’ති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත‍්තානං සුඛෙති පීනෙතී’ති, ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. න සංවිභජති න පුඤ‍්ඤානි කරොතී’ති ඉමිනා එකෙන ඨානෙන ගාරය‍්හො. අයං ගහපති කාමභොගී ඉමෙහි ද‍්වීහි ඨානෙහි පාසංසො. ඉමිනා එකෙන ඨානෙන ගාරය‍්හො.
8. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කෙරේ නම්, පිනවා නම්, සංවිභාග නො කෙරේ නම්, පින් නො කෙරේ නම්, ගැහැවිය, මෙ කාම භෝගියා දෙකරුණෙකින් ප්‍රශංසාර්‍හ වෙයි. ඒ කරුණෙකින් ගැරැහිය යුතු වෙයි: ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග පර්‍ය්‍යෙෂණ කරයි යන මේ පළමු වන කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි. තමා සුවපත් කරයි, පිනවයි යන මෙ දෙවන කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි. සංවිභාග නො කෙරෙයි, පින් නො කෙරෙයි යන මෙ එක් කරුණින් ගැරහිය යුතු වෙයි. ගැහැවිය, මේ කාම භෝගී මෙ දෙකරුණින් පැසැස්ස යුතු වෙයි. මෙ එක්කරුණින් ගැරැහිය යුතු වෙයි.
9. තත්‍ර ගහපති, ය‍්වායං කාමභොගී ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා අසාහසෙන අත‍්තානං සුඛෙති, පීනෙති, සංවිභජති, පුඤ‍්ඤානි කරොති, තෙච භොගෙ ගථිතො මුච‍්ඡිතො අජ‍්ඣාපන‍්නො අනාදීනව දස‍්සාවී අනිස‍්සරණ පඤ‍්ඤො පරිභුඤ‍්ජති. අයං ගහපති, කාමභොගී තීහි ඨානෙහි පාසංසො එකෙන ඨානෙන ගාරය‍්හො: ‘ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙනා’ති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො, ‘අත‍්තානං සුඛෙති පීනෙතී’ති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. සංවිභජති පුඤ‍්ඤානි කරොතී’ති ඉමිනා තතියෙන ඨානෙන පාසංසො. ‘තෙ ච භොගෙ ගථිතො මුච‍්ඡිතො අජ‍්ඣාපන‍්නො අනාදීනවදස‍්සාවී අනිස‍්සරණපඤ‍්ඤො පරිභුඤ‍්ජතී’ති, ඉමිනා එකෙන ඨානෙන ගාරය‍්හො. අයං ගහපති කාමභොගී ඉමෙහි තීහි ඨානෙහි පාසංසො. ඉමිනා එකෙන ඨානෙන ගාරය‍්හො.
9. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාම භෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කෙරෙයි නම්, පිනවයි නම්, සංවිභාග කෙරෙයි නම්, පින් කෙරෙයි නම්, ඒ භෝගයෙනුදු ග්‍රථිතවූයේ මූර්ඡිත වූයේ එහි බැස ගත්තේ ආදීනව නොදක්නා සුළු වූයේ අනිඃසරණප්‍රඥා ඇත්තේ වළඳානම්, ගැහැවිය, මෙ කාමභෝගී තෙම තුන් කරුණෙකින් පැසැසිය යුතු වෙයි. එක් කරුණෙකින් ගැරැහිය යුතු වෙයි: ධර්‍මයෙන් අසාහාසික කර්‍මයෙන් භෝග සොයයි යන මෙපළමු කරුණින් පැසැස්ස යුතු වෙයි. තමා සුවපත් කෙරෙයි, පිනවයි යන මෙ දෙවන කරුණින් පැසැස්ස යුතු වෙයි. සංවිභාග කෙරෙයි, පින් කෙරෙයි, මෙ තෙවන කරුණින් පැසිසිය යුතු වෙයි. එ භෝගයනුදු ග්‍රථිත වූයේ මූර්ඡිත වූයේ එහි බැස ගත්තේ, ආදීනව නො දක්නා සුලු වූයේ නිඃසරණ ප්‍රඥා නැත්තේ වළඳ කරයි යන මෙ එක් කරුණින් ගැරැහිය යුතු වෙයි. ගැහැවිය, මේ කාමභෝගයා මේ තුන් කරුණින් පැසැස්ස යුතු වෙයි. මෙ එක් කරුණින් ගැරැහිය යුතු වෙයි.
10. තත්‍ර ගහපති ය‍්වායං කාමභොගී ධම‍්මෙන භොගෙ පරියෙසති, අසාහසෙන, ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා අසාහසෙන අත‍්තානං සුඛෙති, පීනෙති, සංවිභජති පුඤ‍්ඤානි කරොති, තෙ ච භොගෙ අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣාපන‍්නො, ආදීනවදස‍්සාවී නිස‍්සරණ පඤ‍්ඤො පරිභුඤ‍්ජති. අයං ගහපති, කාමභොගී චතුහි ඨානෙහි පාසංසො: ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත‍්තානං සුඛෙති පීනෙතී’ති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. සංවිභජති පුඤ‍්ඤානි කරොතී’ති ඉමිනා තතියෙන ඨානෙන පාසංසො තෙ ච භොගෙ අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣාපන‍්නො ආදීනවදස‍්සාවී නිස‍්සරණපඤ‍්ඤො පරිභුඤ‍්ජතී’ති, ඉමිනා චතුත්‍ථෙන ඨානෙන පාසංසො.
10. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසි කමින් භෝග සොයා නම්, දැහැමින් නො සැහැසි කමින් භෝග සොයා තමා සුවපත් කරයි නම්, පිනවයි නම්, සංවිභාග කරයි නම්, පින් කරයි නම්, ඒ භෝගයනුදු ග්‍රථිත නො වූයේ මූර්ඡිත වූයේ එහි බැස නොගත්තේ ආදීනව දක්නා සුලුවූයේ නිඃසරණ ප්‍රඥා ඇතියේ වළඳයි නම්, ගැහැවිය, මෙ කාමභෝගී තෙම සතර කරුණෙකින් පැසැසිය යුතු වෙයි: දැහැමින් නොසැහැසි කමින් භෝග සොයයි යන මෙ පළමු කරුණින් පැසැසිය යුතු වෙයි. තමා සුවපත් කෙරෙයි, පිනවයි යන මෙ දෙවත් කරුණින් පැසැසිය යුතු වෙයි. සංවිභාග කරයි, පින් කරයි, යන මෙ තෙවන කරුණින් පැසැසිය යුතු වෙයි. එ භෝගයනුදු ග්‍රථිත වූයේ අමූර්ඡිත වූයේ අධ්‍යාපන්න නො වූයේ ආදීනව දක්නා සුලුයේ නිඃසරණ ප්‍රඥා ඇතියේ වළඳයි යන මෙ සතර කරුණින් පැසැසිය යුතු වෙයි.
අයං ගපහති කාමභොගී ඉමෙහි චතුහි ඨානෙහි පාසංසො.
ගැහැවිය, මෙ කාම භෝගීතෙම මෙ සතර කරුණෙන් පැසැසිය යුතු වෙයි.
ඉමෙ ඛො ගහපති දස කාමභොගී සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. ඉමෙසං ඛො ගහපති දසන‍්නං කාමභොගීනං ය‍්වායං කාමභොගී ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා අසාහසෙන, අත‍්තානං සුඛෙති පීනෙති. සංවිභජති පුඤ‍්ඤානි කරොති, තෙ ච භොගෙ අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣාපන‍්නො ආදීනවදස‍්සාවී නිස‍්සරණ පඤ‍්ඤො පරිභුඤ‍්ජති, අයං ඉමෙසං දසන‍්නං කාමභොගීනං අග‍්ගො ච සෙට‍්ඨො ච පාමොක‍්ඛො ච උත‍්තමො ච පවරො ච.
ගැහැවිය මෙ දස කාමභෝගීහු ලොව්හි විද්‍යාමාන ම වෙති. ගැහැවිය මෙ දස කාමභෝගීන් අතුරෙන් යම් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරයි නම්, පිනවා නම්, සංවිභාග කරයි නම්, පින් කරයි නම් එ භෝගයනුදු ග්‍රථිතනුවූයේ අමූර්ඡිත වූයේ අධ්‍යාපන්න නො වූයේ ආදීනව දක්නා සුලුයේ නිඃසරණ ප්‍රඥා ඇතියේ වළඳා නම්, මෙතෙම මෙ දස කාමභෝගීන්ගෙන් අග්‍රද, ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වෙයි.
සෙය්‍යථාපි ගහපති ගවා ඛීරං, ඛීරම‍්හා දධි, දධිම‍්හා නවනීතං, නවනීතම‍්හා සප‍්පි, සප‍්පිම‍්හා සප‍්පිමණ‍්ඩො තත්‍ථ අග‍්ගමක‍්ඛායති, එව මෙව ඛො ගගපති ඉමෙසං දසන‍්නං කාමභොගීනං ය‍්වායං කාමභොගී ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා අසාහසෙන අත‍්තානං සුඛෙති පීනෙති සංවිභජති, පුඤ‍්ඤානි කරොති, තෙ ච භොගෙ අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣාපන‍්නො ආදීනව දස‍්සාවී නිස‍්සරණ පඤ‍්ඤො පරිභුඤ‍්ජති. අයං ඉමෙසං දසන‍්නං කාමභොගීනං අග‍්ගො ච සෙට‍්ඨො ච පාමොක‍්ඛො ච උත‍්තමො ච පවරොචාති.
ගැහැවිය, යම් පරිදි දෙනගෙන් කිරිය, කිරෙන් දිහිය, දිහියෙන් වෙඬරුය, වෙඬරුයෙන් ගීය, ගියෙන් ගී මධුය, එහි ලා අග්‍රයයි ගිණුමටයේ ද, ගැහැවිය, එපරිදි ම මෙ දස කාමභෝගීන් අතුරෙන් යම් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරයි නම්, පිනවා නම්, සංවිභාග කරයි නම්, පින් කරයි නම්, එ භෝගයනුදු ග්‍රථිත නුවූයේ අමූර්ඡිත වූයේ අනධ්‍යාපන්නවූයේ ආදීනව දක්නා සුලුයේ, නිඃසරණ ප්‍රඥා ඇතියේ වළඳා නම්, මෙ දස කාමභෝගීන්ගෙන් මෙතෙම අග්‍රද, ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වෙයි.