යෙදුමෙන් කියවන්න

කිංදිට‍්ඨික සුත‍්තං

10. 2. 5. 3.

10. 2. 5. 3.

කිංදිට‍්ඨික සුත‍්තං

කිංදිට්ඨික සූත්‍රය

එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති දිවා දිවස‍්ස සාවත්‍ථියා නික‍්ඛමි. භගවන‍්තං දස‍්සනාය. අථ ඛො අනාථපිණ‍්ඩිකස‍්ස ගහපතිස‍්ස එතදහොසි: “අකාලො ඛො තාව භගවන‍්තං දස‍්සනාය, පතිසල‍්ලීනො භගවා, මනො භාවනීයා නම‍්පී භික‍්ඛූනං අකාලො දස‍්සනාය, පතිසල‍්ලීනා මනොභාවනීයා භික‍්ඛු. යන‍්නූනාහං යෙනඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමෙය්‍යන‍්ති”. අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමි.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනාථපිණ්ඩික සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එකල්හි අනාථපිණ්ඩික ගෘහපති මැදි දහවල් භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැතින් නික්මින. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපතිහට තෙල සිත විය: “භාග්‍යවතුන් දක්නට තව ම නො කල, භාග්‍යවත්හු ප්‍රතිසංලීනයහ, මනෝ භාවනීය මහණුන් දක්නට ද, නො කල, මනෝ භාවනීය මහණහු ප්‍රතිසංලීනයහ. මම් අන්තොටු පිරිවැජ්ජන්ගේ අසපුව කරා යෙම් මැනැවැ”යි. ඉක්බිති අනේපිඬු සිටුතෙම අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළඹියේ ය.

තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා සඞ‍්ගම‍්ම සමාගම‍්ම උන‍්නාදිනො උච‍්චාසද‍්දා මහාසද‍්දා අනෙකවිහිතං තිරච‍්ඡාන කථං කථෙන‍්තා නිසින‍්නා හොන‍්ති. අද‍්දසංසු ඛො තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා අනාථපිණ‍්ඩිකං ගහපතිං දූරතොව ආගච‍්ඡන‍්තං, දිස‍්වා අඤ‍්ඤමඤ‍්ඤං සණ‍්ඨපෙසුං: “අප‍්පසද‍්දා භොන‍්තො හොන‍්තු, මා භොන‍්තො සද‍්දමකත්‍ථ, අයං අනාථපිණ‍්ඩිකො ගහපති ආගච‍්ඡති සමණස‍්ස ගොතමස‍්ස සාවකො, යාවතා ඛො පන සමණස‍්ස ගොතමස‍්ස සාවකා ගිහී ඔදාතවසනා සාවත්‍ථියං පටිවසන‍්ති, අයං තෙසං අඤ‍්ඤතරො අනාථපිණ‍්ඩිකො ගහපති. අප‍්පසද‍්දකාමා ඛො පන තෙ ආයස‍්මන‍්තො අප‍්පසද‍්ද විනීතා අප‍්පසද‍්දස‍්ස වණ‍්ණවාදිනො. අප‍්පෙව නාම අප‍්පසද‍්දං පරිසංවිදිත්‍වා උපසංකමිතබ‍්බං මඤ‍්ඤෙය්‍යා”ති. අථ ඛො තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා තුණ‍්හී අහෙසුං.

එ සමයෙහි අන්තොටු පිරිවැජියෝ එක් රැස්ව ඔල්වරසන් කරන්නාහු උස්හඬ මහ හඬ ඇත්තාහු අනේකවිධ තිරශ්චීන කථා කියන්නාහු හුන්නාහු වෙති. එ අන්තොටු පිරිවැජියෝ දුරින්ම එන අනේපිඬු ගැහැවි දුටුහු. දැක උනුන් (ඉරියව් - තෙපුල්) නැවැත් වූහ: “භවත්හු අල්ප ශබ්ද වෙත්වා, භවත්හු නහමක් ශබ්ද කරත්වා, මේ මහණ ගොයුම් සවු අනේපිඬු ගැහැවි එයි. මහණ ගොයුම්හුගේ සුදුවත් හඳනා ගිහි සව්වෝ යම් පමණ සැවැත්හි වෙසෙත් නම්, මේ අනාථ පිණ්ඩික ගෘහපති ඔවුනතුරෙන් අන්‍යතරයෙක, එ ආයුෂ්මත්හු වනාහි අල්පශබ්ද ඇති (මාත්‍රභාණී) යහු විසින් හික්මවන ලද්දාහු අල්පශබ්දයාගේ ගුණ වණන්නාහු වෙති, අල්පශබ්ද ඇති පිරිස දැන එළඹියැ යුතු කොට හඟනේ නම් මැනැවැයි. ඉක්බිති ඒ අන්තොටු පිරිවැජියෝ තුෂ්ණීම්භූත වූහ.

අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති යෙන තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තෙහි: අඤ‍්ඤතිත්‍ථියෙහි පරිබ‍්බාජකෙහි සද‍්ධිං සම‍්මොදි, සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො අනාථපිණ‍්ඩිකං ගහපතිං තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එතදවොචුං: “වදෙහි ගහපති කින්‍දිට‍්ඨිකො සමණො ගොතමො”ති. “න ඛො අහං භන‍්තෙ භගවතො සබ‍්බං දිට‍්ඨිං ජානාමී”ති.

ඉක්බිති අනේපිඬු ගැහැවි තෙම එ අන්තොටු පිරිවැජියන් කරා එළඹියේ ය. එළඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහි කටයුතු කථා කොට නිමවා එකත් පසෙක හින. එකත් පසෙක හුන් අනාථපිණ්ඩික ගැහැවිහට ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ තෙල කරුණ කීහ: “ගැහැවිය, මහණ ගොයුම්හු කවර දෘෂ්ටියක් ඇතියහු දැ යි කියව”යි. “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ හැම දිටු නො දන්මි”යි

ඉති කිර ත්‍වං ගහපති, න සමණස‍්ස ගොතමස‍්ස සබ‍්බං දිට‍්ඨිං ජානාසි, වදෙහි ගහපති කිං දිට‍්ඨිකා භික‍්ඛූ”ති. “භික‍්ඛූ තම‍්පි ඛො අහං භන‍්තෙ න සබ‍්බං දිට‍්ඨිං ජානාමී”ති.

“ගැහැවිය, මෙසේ තෙපි මහණ ගොයුම්හුගේ හැම දිටු නො දන්හු නම්, ගැහැවිය, භික්‍ෂූහු කවර දෘෂ්ටි ඇතියහු දැයි කියව”යි. “වහන්ස, මම භික්‍ෂූන්ගේ ද හැම දිටු නො දන්මි”යි.

ඉති කිර ත්‍වං ගහපති, න සමණස‍්ස ගොතමස‍්ස සබ‍්බං දිට‍්ඨිං ජානාසි, න පි භික‍්ඛූනං සබ‍්බං දිට‍්ඨිං ජානාසි, වදෙහි ගහපති, කිං දිට‍්ඨිකොසි ත්‍වන‍්ති” එතං ඛො භන‍්තෙ අම‍්හෙහි න දුක‍්කරං ව්‍යාකාතුං “යං දිට‍්ඨිකා මයන‍්ති”. ඉඞ‍්ඝ තාව ආයස‍්මන‍්තො යථාසකානි දිට‍්ඨිගතානි බ්‍යාකරොන‍්තු, පච‍්ඡාපෙතං අම‍්හෙහි න දුක‍්කරං භවිස‍්සති බ්‍යාකාතුං සන්‍දිට‍්ඨිකා මයන‍්ති.

“ගැහැවිය, මෙසේ තෙපි මහණ ගොයුම්හුගේ හැම දිටු නො දන්හු නම්, භික්‍ෂූන්ගේ ද හැම දිටු නො දන්හු නම්, ගැහැවිය, තෙපි කවර දිටු ඇතියහු දැයි කියව”යි. වහන්ස, අපි කවර දිටු ඇතියමෝ ද යන තෙල කරුණ පාළ කරන්නට අප විසින් දුෂ්කර නො වෙයි. එසේ නම් ආයුෂ්මත්හු පළමු මැ යථා ස්වක දෘෂ්ටීන් පාළ කෙරෙත් වා, අපි යම් දෘෂ්ටියක් ඇතියමෝ නම් තෙල කරුණ අප විසින් පසු ද පාළ කරන්නට දුෂ්කරයෙක් නො වන්නේ ය.

එවං වුත‍්තෙ අඤ‍්ඤතරො පරිබ‍්බාජකො අනාථපිණ‍්ඩිකං ගහපතිං එතදවොච: “සස‍්සතො ලොකො, ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤන‍්ති” එවං දිට‍්ඨිකො අහං ගහපතී”ති, අඤ‍්ඤතරොපි පරිබ‍්බාජකො අනාථපිණ‍්ඩිකං ගහපතිං එතදවොච: “අසස‍්සතො ලොකො, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති” එවං දිට‍්ඨිකො අහං ගහපතී”ති. අඤ‍්ඤතරොපි ඛො පරිබ‍්බාජකො අනාථපිණ‍්ඩිකං ගහපතිං එතදවොච: ‘අන‍්තවා ලොකො’ -පෙ- ‘අනන‍්තවා ලොකො’ -පෙ- ‘තං ජීවං තං සරීරං’ -පෙ- ‘අඤ‍්ඤං ජීවං, අඤ‍්ඤං සරීරං’ -පෙ- ‘හොතී තථාගතො පරම‍්මරණා’ -පෙ- ‘න හොති තථාගතො පරම‍්මරණා’ -පෙ- ‘හොති ච න හොති ච තථාගතො පරම‍්මරණා’ -පෙ- නෙව හොති, න න හොති තථාගතො පරම‍්මරණා’, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති” එවං දිට‍්ඨිකො අහං ගහපතී”ති.

මෙසේ කී කල්හි අන්‍යතර පරිව්‍රාජකයෙක් අනාථපිණ්ඩික ගෘහපතිහට තෙල කරුණ කීය: “ගෘහපතිය, මම ලෝකය ශාශ්වතය, මෙ ම සත්‍යය, අනෙක අසත්‍යය යන මෙබඳු දෘෂ්ටි ඇතියෙමි යි. අන්‍යතර පරිව්‍රාජකයෙක් ද අනාථපිණ්ඩික ගෘහපතිහට තෙල කරුණ කීය: “ලෝකය අශාශ්වතය, මෙ ම සත්‍යය: අනෙක සිස්ය යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙමැ”යි. අන්‍යතර පරිව්‍රාජකයෙක් ද අනාථපිණ්ඩික ගෘහපතිහට තෙල කරුණ කී: “ගැහැවිය, මම ලෝකය අන්තවත්ය, -පෙ- ලෝකය අනන්තවත් ය, -පෙ- එ ජීවය; එ සිරුරය -පෙ- ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙක, -පෙ- සත්ත්‍වයා මරණින් පසු (පිළිසඳ විසින්) වෙයි, -පෙ- සත්ත්‍ව මරණින් පසු (පිළිසඳ විසින්) නොවෙයි -පෙ- සත්ත්‍වයා මරණින් පසු වන්නේ ද, නොවන්නේ ද වෙයි -පෙ- සත්ත්‍වයා මරණින් පසු නො මැ වෙයි, නොවන්නේ නොවෙයි, මෙ ම සත්‍යය, අනෙක සිස් ය යන මෙබඳු දෘෂ්ටි ඇතියෙමි”යි.

එවං වුත‍්තෙ අනාථපිණ‍්ඩිකො ගහපති තෙ පරිබ‍්බාජකෙ එතදවොච: ය‍්වායං භන‍්තෙ, ආයස‍්මා එවමාහ: ‘සස‍්සතො ලොකො, ඉද මෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති” එවං දිට‍්ඨිකො අහං ගහපතී’ති, ඉමස‍්සායස‍්මතො දිට‍්ඨි අත‍්තනො වා අයොනිසො මනසිකාරහෙතු උප‍්පන‍්නා, පරතොඝොසප‍්පච‍්චයා වා. සා ඛො පනෙසා දිට‍්ඨි භූතා සඞ‍්ඛතා චෙතයිතා පටිච‍්චසමුප‍්පන‍්නා, යං ඛො පන කිඤ‍්චි භූතං සඞ‍්ඛතං චෙතයිතං පටිච‍්චසමුප‍්පන‍්නං තදනිච‍්චං, යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදෙව සො ආයස‍්මා අල‍්ලීනො තදෙව සො ආයස‍්මා අජ‍්ඣූපගතො.

මෙසේ කී කල්හි අනාථපිණ්ඩික ගෘහපති එ පිරිවැජියනට තෙල කරුණ කීය: වහන්ස, යම් ආයුෂ්මතෙක් “ගෘහපතිය මම ලෝකය ශාශ්වතය, මෙ මැ සත්‍ය ය, අන්‍ය සිස් ය යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙමැ”යි මෙසේ කී නම්, මෙ ආයුෂ්මත්හුගේ දෘෂ්ටිය තමාගේ අයෝනිසෝමනසිකාර හේතුයෙන් හෝ පරතෝඝෝෂ ප්‍රත්‍යයයෙන් උපන. තෙල දෘෂ්ටිය වනාහි භූත ය, සංස්කෘත ය, කල්පිත ය, ප්‍රතීත්‍ය සමුත්පන්න ය. යම් කිසිවක් ම භූත ද, සංස්කෘත ද, කල්පිත ද, ප්‍රතීත්‍ය සමුත්පන්න ද එ අනිත්‍ය වෙයි. යම් කිසිවක් ම අනිත්‍ය වේ ද එ දුඃඛය. යමක් දුඃඛ වේ නම් එ ආයුෂ්මත් එයට ම ඇලුණේ ය. එ ආයුෂ්මත් එයට ම බැසගත්තේ ය.

යොපායං භන‍්තෙ, ආයස‍්මා එවමාහ: අසස‍්සතො ලොකො, ඉද මෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති” එවං දිට‍්ඨිකො අහං ගහපතී’ති, ඉමස‍්සපි ආයස‍්මතො දිට‍්ඨි අත‍්තනො වා අයොනිසො මනසිකාරහෙතු උප‍්පන‍්නා පරතොඝොසප‍්පච‍්චයා වා. සා ඛො පනෙසා දිට‍්ඨි භූතා සඞ‍්ඛතා චෙතයිතා පටිච‍්චසමුප‍්පන‍්නා, යං ඛො පන කිඤ‍්චි භූතං සඞ‍්ඛතං චෙතයිතං පටිච‍්චසමුප‍්පන‍්නං තදනිච‍්චං, යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදෙව සො ආයස‍්මා අල‍්ලීනො තදෙව සො ආයස‍්මා අජ‍්ඣුපගතො.

වහන්ස, යම් ම ආයුෂ්මතෙක් “ගෘහපතිය, මම ලෝකය අශාශ්වත ය, මෙ මැ සත්‍ය ය, අන්‍යය අසත්‍ය ය යන මෙබඳු දෘෂ්ටි ඇතියේ මැයි” මෙසේ කී නම්, මෙ ආයුෂ්මත්හුගේ දෘෂ්ටිය ද තමාගේ අයෝනිමනසිකාරය හේතුයෙන් හෝ පරතෝඝෝෂප්‍රත්‍යයෙන් හෝ උපන, තෙල දෘෂ්ටිය භූත ය, සංස්කෘත ය, කල්පිත ය, ප්‍රතීත්‍යසමුත්පන්න ය. යම් කිසිවක් ම භූත ද, සංස්කෘත ද, කල්පිත ද, ප්‍රතීත්‍යසමුත්පන්න ද එ අනිස වෙයි, යමක් අනිස වේ නම් එ දුක් ය, යමක් දුක් වේ නම් එයට ම මේ ආයුෂ්මත් ඇලුණේ ය. එයට ම මේ ආයුෂ්මත් බැසගත්තේ ය.

යො පායං භන‍්තෙ ආයස‍්මා එවමාහ: අන‍්තවා ලොකො -පෙ- අනන‍්තවා ලොකො -පෙ- තං ජීවං තං සරීරං -පෙ- අඤ‍්ඤං ජීවං, අඤ‍්ඤං සරීරං -පෙ- හොතී තථාගතො පරම‍්මරණා -පෙ- න හොති තථාගතො පරම‍්මරණා -පෙ- හොති ච න හොති ච තථාගතො පරම‍්මරණා -පෙ- නෙව හොති, න න හොති තථාගතො පරම‍්මරණා ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති එවං දිට‍්ඨිකො අහං ගහපතී’ති. ඉමස‍්සපි ආයස‍්මතො දිට‍්ඨි අත‍්තනො වා අයොනිසො මනසිකාරහෙතු උප‍්පන‍්නා, පරතොඝොසප‍්පච‍්චයා වා. සා ඛො පනෙසා දිට‍්ඨි භූතා සඞ‍්ඛතා චෙතයිතා පටිච‍්චසමුප‍්පන‍්නා.

වහන්ස, යම් ම ආයුෂ්මතෙක් “ගෘහපතිය, මම ‘ලෝකය අන්තවත් යැ, -පෙ- ලෝකය අනන්තවත් යැ ... එමැ ජීවය එමැ ශරීරය ... සත්ත්‍ව මරණින් මතු වෙයි ... සත්ත්‍ව මරණින් මතු නො වෙයි ... සත්ත්‍ව මරණින් මතු වන්නේත් නොවන්නේත් වෙයි ... සත්ත්‍ව මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙයි, මෙ ම සත්‍ය ය, අන්‍යය මෝඝය යන මෙ බඳු දෘෂ්ටි ඇතියෙමි” කීයේ නම්, මෙ ආයුෂ්මත්හුගේ ද දෘෂ්ටිය තමාගේ අයෝනිසෝමනසිකාරයෙන් හෝ පරතෝඝෝෂප්‍රත්‍යයෙන් හෝ උපන. තෙල දෘෂ්ටිතොමෝ භූත ය, සංස්කෘත ය, කල්පිත ය, ප්‍රතීත්‍යසමුත්පන්න ය.

යං ඛො පන කිඤ‍්චි භූතං සංඛතං චෙතයිතං පටිච‍්චසමුප‍්පන‍්නං, තදනිච‍්චං, යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදෙවෙසො ආයස‍්මා අල‍්ලීනො, තදෙවෙසො ආයස‍්මා අජ‍්ඣුපගතොති.

මේ කිසිවක් භූත, සංස්කෘත, කල්පිත, ප්‍රතීත්‍යසමුත්පන්න වේ ද, එ අනිස. යමක් අනිස වේ ද, එ දුක. යමක් දුක් වේ ද, එයටම මේ ආයුෂ්මත් ඇලුණේය. එයට ම මෙ ආයුෂ්මත් බටුයේ යි.

එවං වුත‍්තෙ තෙ පරිබ‍්බාජකා අනාථපිණ‍්ඩිකං ගහපතිං එතදවොචුං: බ්‍යාකතානි ඛො ගහපති අම‍්හෙහි සබ‍්බෙහෙව යථාසකානි දිට‍්ඨිගතානි, වදෙහි ගහපති, කිං දිට‍්ඨිකොසි ත්‍වන‍්ති’.

මෙසේ කී කල්හි එ පිරිවැජියෝ අනේපිඬු ගැහැවිහට තෙලකීහ: “ගෘහපතිය, අප හැම දෙන විසින් යථාස්වක දෘෂ්ටීහු ව්‍යාකෘතයහ. ගෘහපතිය, තෝ කවර දෘෂ්ටි ඇතියෙක්හි දැයි කියව”යි.

යං ඛො භන‍්තෙ කිඤ‍්චි භූතං සඞ‍්ඛතං චෙතයිතං පටිච‍්චසමුප‍්පන‍්නං, තදනිච‍්චං. යදනිච‍්චං තං දුක‍්ඛං. යං දුක‍්ඛං තං නෙතං මම, නෙසො හමස‍්මි, න මෙ සො අත‍්තාති එවංදිට‍්ඨිකො අහං භන‍්තෙති.

වහන්ස, මම යම් කිසිවක් භූත ද, සංස්කෘත ද, කල්පිත ද, ප්‍රතීත්‍යසමුත්පන්න ද, එ අනිත්‍ය වෙයි. යමක් අනිත්‍ය ද, එ දුඃඛ වෙයි. යමක් දුඃඛ වේ නම්, ‘තෙල මාගේ නො වෙයි, තෙල මම් නො වෙම්, තෙල මාගේ ආත්ම නො වෙයි’ යන මෙ බඳු දෘෂ්ටි ඇතියෙකිමි”යි.

යං ඛො ගහපති කිඤ‍්චි භූතං සඞ‍්ඛතං චෙතයිතං පටිච‍්චසමුප‍්පන‍්නං තදනිච‍්චං, යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදෙව ත්‍වං ගහපති අල‍්ලීනො, තදෙව ත්‍වං ගහපති අජ‍්ඣුපගතොති.

ගෘහපතිය, යම් කිසිවක් භූත, සංස්කෘත, කල්පිත, ප්‍රතීත්‍යසමුත්පන්න වේ නම්, එ අනිත්‍ය වෙයි. යමක් අනිත්‍ය වේ නම් එ දුඃඛ වෙයි. යමක් දුඃඛවේ නම්, ගෘහපතිය, තෝ එයට ම ඇලුනෙහි, ගෘහපතිය, තෝ එයට ම බටුයෙහියි.

යං ඛො භන‍්තෙ කිඤ‍්චි භූතං සංඛතං චෙතයිතං පටිච‍්චසමුප‍්පන‍්නං තදනිච‍්චං, යදනිච‍්චං, තං දුක‍්ඛං, යං දුක‍්ඛං තං නෙතං මම, නෙසො’හමස‍්මි’ න මෙසො අත‍්තාති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං තස‍්ස ච උත‍්තරිං නිස‍්සරණං යථාභූතං පජානාමීති. එවං තෙ පරිබ‍්බාජකා තුණ‍්හීභූතා මඞ‍්කුභූතා පත‍්තක‍්ඛන්‍ධා අධොමුඛා පජ‍්ඣායන‍්තා අප‍්පටිභානා නිසීදිංසු.

වහන්ස, යම් කිසිවක් භූත, සංස්කෘත, කල්පිත, ප්‍රතීත්‍යසමුත්පන්න වේ නම්, එ අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම්, ඒ දුක් වෙයි. යමක් දුක් වේ නම් එය ‘තෙල මාගේ නො වෙයි, තෙල මම් නො වෙම්, තෙල මාගේ ආත්ම නො වෙයි. මෙසේ තෙල සම්‍යක් ප්‍රඥායෙන් මා විසින් මොනොවට දක්නා ලදී. එයට ද මතුයෙහි යථාභූතකොට නිඃසරණය දන්මි’යි. මෙසේ කී කල්හි එ පරිව්‍රාජකයෝ තුෂ්ණීභූත වූවාහු දොම්නස් ඇතියහු යට හෙලූ කඳ ට ඇත්තාහු යටහෙලූ මුව ඇත්තාහු සිතිවිලි සිතන්නාහු ප්‍රතිභාන රහිත වැ හුන්හ.

අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති තෙ පරිබ‍්බාජකෙ තුණ‍්හීභූතෙ මඞ‍්කුභූතෙ පත‍්තක‍්ඛන්‍ධෙ අධොමුඛෙ පජ‍්ඣායන‍්තෙ අප‍්පටිභානෙ විදිත්‍වා උට‍්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො අනාථපිණ‍්ඩිකො ගහපති යාවතකො අහොසි තෙහි අඤ‍්ඤතිත්‍ථියෙහි පරිබ‍්බාජකෙහි සද‍්ධිං කථාසල‍්ලාපො, තං සබ‍්බං භගවතො ආරොචෙසි.

ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති තෙම එ පිරිවැජියන් තුෂ්ණීම්භූතයහු උපන් දොම්නස් ඇතියහු බහාගත් කඳට ඇතියහු යටහෙලූ මුව ඇතියහු සිතිවිලි පර වූවහු ප්‍රතිභාන රහිත වූවහු දැන භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපති තෙම ඒ අන්තොටු පිරිවැජියන් හා සමග යම් පමණ වූ කථාසංලාපයෙක් වී නම්, ඒ හැම භාග්‍යවතුන් වහන්සේට සැලකළේ ය.

සාධු සාධු ගහපති, එවං ඛො තෙ ගහපති මොඝපුරිසා කාලෙන කාලං සහධම‍්මෙන සුනිග‍්ගහීතං නිග‍්ගහෙතබ‍්බාති. අථ ඛො භගවා අනාථපිණ‍්ඩිකං ගහපතිං ධම‍්මියා කථාය සංදස‍්සෙසි, සමාදපෙසි සමුත‍්තෙජෙසි සම‍්පහංසෙසි. අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති භගවතා ධම‍්මියා කථාය සන්‍දස‍්සිතො සමාදපිතො සමුත‍්තෙජිතො සම‍්පහංසිතො උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

ගැහැවිය මැනැවි, මැනැවි. ගැහැවිය, මෙසේ ම ඒ මෝඝ පුරුෂයෝ කලින් කල සකරුණෙන් සුනිගෘහිත කොට නිගැනියයුත්තාහ යි. ඉක්බිති භාග්‍යවතුන් අනාථපිණ්ඩිකගෘහපතීහු දැහැමි කථායෙන් සන්‍දර්‍ශන කරවූහ, සමාදන් කරවූහ, මොනොවට ඔද ගැන්වූහ, සුපහන් කරවූහ. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් සන්‍දර්ශිත වූයේ සමාදපිත වූයේ සමුත්තේජිත වූයේ සම්ප්‍රහර්‍ෂිත වූයේ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ මොනොවට වැඳ පැදකුණු කොට නැඟී ගියේ ය.

අථ ඛො භගවා අචිරපක‍්කන‍්තෙ අනාථපිණ‍්ඩිකෙ ගහපතිම‍්හි භික‍්ඛූ ආමන‍්තෙසි. යොපි සො භික‍්ඛවෙ භික‍්ඛු වස‍්සසතූපසම‍්පන‍්නො ඉමස‍්මිං ධම‍්මවිනයෙ, සොපි එවමෙවං අඤ‍්ඤතිත්‍ථියෙ පරිබ‍්බාජකෙ සහධම‍්මෙන සුනිග‍්ගහිතං නිග‍්ගණ‍්හෙය්‍ය යථා තං අනාථපිණ‍්ඩිකෙන ගහපතිනා නිග‍්ගහීතාති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතියා නික්මගිය නො බෝකල් ඇති වත් ම භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මෙ දහම් විනයෙහි උපසපුයෙන් සියක්වස් ගිය මහණෙක් වේ නම්, අනාථපිණ්ඩික ගෘහපතීහු විසින් ඔහු යම් පරිද්දෙන් නිගෘහීත වෙත් නම්, හෙද මෙ පරිද්දෙන් ම සකරුණෙන් අන්තොටු පිරිවැජියන් නිගන්නේ”යි.