වජ්ජියමාහිත සුත්තං
10. 2. 5. 4.
10. 2. 5. 4.
වජ්ජියමාහිත සුත්තං
වජ්ජියමාහිත සූත්‍රය
එකං සමයං භගවා චම්පායං විහරති ගග්ගාරාය පොක්ඛරණියා තීරෙ, අථ ඛො වජ්ජියමාහිතො ගහපති දිවා දිවස්ස චම්පායා නික්ඛමි භගවන්තං දස්සනාය. අථ ඛො වජ්ජියමාහිතස්ස ගහපතිස්ස එතදහොසි: අකාලො ඛො තාව භගවන්තං දස්සනාය, පතිසල්ලීනො භගවා, මනොභාවනීයානම්පි භික්ඛූනං අකාලො දස්සනාය, පතිසල්ලානා මනොභාවනීයා භික්ඛු. යන්නූනාහං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යන්ති.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර සමීපයෙහි ‘ගග්ගරා’ නම් පොකුණු තෙර වැඩ වසන සේක. එකල්හි වජ්ජියමාහිත නම් ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා චම්පා නුවරින් මහ දවල්හි නික්මියේ ය. එකල්හි වජ්ජියමාන ගෘහපතියහට තෙල සිත විය: “භාග්‍යවතුන් වහන්සේ දක්නට තවම නො කලි. භාග්‍යවතුන් වහන්සේ පිළිසලනෙහි හුන්හ. මනෝභාවනීය භික්‍ෂූනුදු දක්නට නො කලි, මනෝභාවනායෙහි ඇලුණු භික්ෂූහු පිළිසලනෙහි යෙදුණහ. ඉදින් මම් අන්තොටු පිරිවැජියන්ගේ අසපුවට යෙම් නම් මැනැවැ”යි.
අථ ඛො වජ්ජියමාහිතො ගහපති යෙනඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා සඞ්ගම්ම සමාගම්ම උන්නාදිනො උච්චාසද්දා මහාසද්දා අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තා නිසින්නා හොන්ති.
ඉක්බිති වජ්ජියමාහිත ගෘහපති අන්තොටු පිරිවැජ්ජන්ගේ අසපුවට එළඹියේ ය. එකල්හි අන්යතීර්ත්ථක පරිව්‍රාජකයෝ එක් රැස්ව ඔල්වරසන් ඇත්තාහු උස්හඬ ඇත්තාහු මහහඬ ඇත්තාහු නන් වැදෑරුම් තිරිසන්ගිය කථා කියමින් හුන්නාහු වෙත්.
අද්දසංසු ඛො තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා වජ්ජියමාහිතං ගහපතිං දූරතොව ආගච්ඡන්තං. දිස්වා අඤ්ඤමඤ්ඤං සණ්ඨපෙසුං අප්පසද්දා භොන්තො හොන්තු, මා භොන්තො සද්දමකත්ථ, අයං වජ්ජියමාහිතො ගහපති ආගච්ඡති, සමණස්ස ගොතමස්ස සාවකො, යාවතා ඛො පන සමණස්ස ගොතමස්ස සාවකා ගිහී ඔදාතවසනා චම්පායං පටිවසන්ති, අයං තෙසං අඤ්ඤතරො. වජ්ජියමාහිතො ගහපති අප්පසද්දකාමා ඛො පන තෙ අයස්මන්තො අප්පසද්දවිනීතා අප්පසද්දස්ස වණ්ණවාදිනො අප්පෙවනාම අප්පසද්දං පරිසං විදිත්වා උපසඞ්කමිතබ්බං මඤ්ඤෙය්යාති.
ඒ අන්යතීර්ත්ථක පරිව්‍රාජකයෝ වජ්ජියමාහිත ගෘහපතීහු එනු දුරදීම දුටහ. දුරදී ම එන්නහු දැක උනුන් පිහිටවූහ (නවතාලූහ) “භවත්හු නිහඬ වෙත් වා, භවත්හු නහමක් ශබ්ද කෙරෙත්වා. ශ්‍රමණභවත් ගෞතමයන්ගේ ශ්‍රාවක වජ්ජියමාහිත ගෘහපති එයි. ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවක වූ සුදුවත් හඳනා යම් පමණ ගිහිහු චම්පායෙහි වසත් ද, මේ වජ්ජියමාහිත ගෘහපති ඔවුන්ගෙන් අන්‍යතරයෙක් වෙයි. අල්පශබ්ද කැමැති ඒ භවත් හු අල්පශබ්ද ඇතියහු (මහණ ගොයුම්හු) විසින් විනීත වූවාහු අල්පශබ්දයාගේ වර්ණ කියන්නාහු නිහඬ පිරිසැ යි දැන එළඹිය යුතු කොට හඟනේ නම් මැනැවැ”යි.
අථ ඛො තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා තුණ්හී අහෙසුං. අථ ඛො වජ්ජියමාහිතො ගහපති යෙන තෙ පරිබ්බාජකා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො වජ්ජියමාහිතං ගහපතිං තෙ පරිබ්බාජකා එතදවොචුං:
ඉක්බිති ඒ අන්තොටු පිරිවැජියෝ තූෂ්ණීම්භූත වූහ. එකල්හි වජ්ජියමාහිත ගැහැවි එ පිරිවැජියන් කරා එළැඹියේ ය. එළැඹ ඒ අන්තොටු පිරිවැජියන් සමග සතුටු විය. සතුටු විය යුතු ස්මරණාර්‍හ කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් වජ්ජියමාහිත ගෘහපතිහට ඒ පිරිවැජියෝ තෙල කරුණ කීහ:
“සච්චං කිර ගහපති සමණො ගොතමො සබ්බං තපං ගරහති, සබ්බං තපස්සිං ලූඛාජීවිං එකංසෙන උපක්කොසති උපවදතී’ති?
ගෘහපතිය, මහණ ගොයුම් හැම තපසක් (දුෂ්කර ක්‍රියාවක්) ගරහන්නේ ය, රූක්‍ෂාජීව ඇති දුෂ්කර තවුස් දම් රක්නා හැමට එකැතින් උපක්‍රෝශ කරන්නේ ය. උපවාද කරන්නේ ය යනු සැබෑවෙක් දැයි?”
න ඛො භන්තෙ භගවා සබ්බං තපං ගරහති, න පි සබ්බං තපස්සිං ලූඛාජීවිං එකංසෙන උපක්කොසති උපවදති. ගාරය්හං ඛො පන භන්තෙ භගවා ගරහති, පාසංසියං පසංසති, ගාරය්හං ඛො පන භන්තෙ භගවා ගරහන්තො, පාසංසීයං පසංසන්තො විභජ්ජවාදො භගවා. න සො භගවා එත්ථ එකංසවාදොති.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ හැම තපස නො මැ ගරහන්නා හ, රූක්‍ෂාජීව ඇති හැම තපස්වියකුට එකැතින් නො ද උපක්‍රෝෂ හා උපවාද හා නො කරන්නා හ. වහන්ස, භගවත්හු ගැරැහිය යුක්තහු ම ගරහන්නා හ, පැසැසියයුතුවහු ම පසස්නා හ. වහන්ස, ගැරැහියයුතුවහු ම ගරහන, පැසසියයුතුවහු ම පසස්නා භාග්‍යවතුන් වහන්සේ විභජ්ජවාද ඇතියහ. එ භගවත්හු මෙ කරුණෙහිලා ඒකාංශවාද ඇතියාහු නො වෙත්.
එවං වුත්තෙ අඤ්ඤතරො පරිබ්බාජකො වජ්ජියමාහිතං ගහපතිං එතදවොච:
මෙසේ කී කල්හි අන්‍යතර පරිව්‍රාජකයෙක් වජ්ජියමාහිත ගීහපතිහට තෙල කරුණ කීහ:
“ආගමෙහි ත්වං ගහපති යස්ස ත්වං සමණස්ස ගොතමස්ස වණ්ණං භාසසි සො සමණො ගොතමො වෙනයිකො අප්පඤ්ඤත්තිකොතී.
“ගැහැවිය ඉවසව, තෝ යම් බඳු මහණ ගොයුමක්හුගේ ගුණ වනහි නම්, එ මහණ ගොයුම්හු (මෙරමා විසින්) හික්මැවිය යුතුවහ, (කිසිවක්) පැනැවිය නො සමත්හ”යි
එත්ථපාහං භන්තෙ ආයස්මන්තෙ වක්ඛාමි සහධම්මෙන ඉදං කුසලන්ති භන්තෙ භගවතා පඤ්ඤත්තං, ඉදං අකුසලන්ති භන්තෙ භගවතා පඤ්ඤත්තං. ඉති කුසලාකුසලං භගවා පඤ්ඤාපයමානො සප්පඤ්ඤත්තිකො භගවා, න සො භගවා වෙනයිකො අප්පඤ්ඤත්තිකොති.
වහන්ස, මෙ කරුණෙහිදු මම් ආයුෂ්මත්නට සහ ධර්මයෙන් කියනෙම්: වහන්ස, භාග්‍යයවතුන් වහන්සේ විසින් ‘මේ කුසල’යි පැනැවිණ, වහන්ස, භාග්‍යයවතුන් වහන්සේ විසින් මෙ ‘අකුසල’ යි පැනවිණ. මෙසේ භාග්‍යයවතුන් වහන්සේ කුශලාකුශල පනවන්නාහු භගවත් සප්පඤ්ඤත්තික වෙති. ඒ භගවත්හු වෙනයික අප්පඤ්ඤත්තික නො වෙත් යයි.
එවං වුත්තෙ තෙ පරිබ්බාජකා තුණ්හීභූතා මඞ්කුභූතා පත්තක්ඛන්ධා අධොමුඛා පජ්ඣායන්තෙ අප්පටිභානා නිසීදිංසු. අථ ඛො වජ්ජියමාහිතො ගහපති තෙ පරිබ්බාජකෙ තුණ්හීභූතෙ මඞ්කුභූතෙ පත්තක්ඛන්ධෙ අධොමුඛෙ පජ්ඣායන්තෙ අප්පටිභානෙ විදිත්වා උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වජ්ජියමාහිතො ගහපති යාවතකො අහොසි තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං කථාසල්ලාපො තං සබ්බං භගවතො ආරොචෙසි.
මෙසේ කී කල්හි එ පිරිවැජියෝ තූෂ්ණීම්භූත වූවාහු මකු වූවාහු යට හෙලූ කඳට ඇතියහු යට අළ මුව ඇත්තාහු සිතිවිලි සිතනුවෝ ප්‍රතිභාන රහිත ව හුන්හ. ඉක්බිති වජ්ජියමාහිත ගෘහපති තූෂ්ණීම්භූත, මඞ්කුභූත, නැමූ කඳට ඇති යට හෙලූ ඇස් ඇති සිතිවිලි සිතන කිසිවක් නො වටහන එ පිරිවැජියන් දැන හුනස්නෙන් නැඟ භාග්‍යයවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යයවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් වජ්ජියමාහිත ගැහැවි ඒ පරිව්‍රාජකයන් සමඟ යම් පමණ කථාසල්ලාපයෙක් වී නම් එ හැම භාග්‍යයවතුන් වහන්සේට සැල කෙළේ ය.
සාධු සාධු ගහපති. එවං ඛො තෙ ගහපති මොඝපුරිසා කාලෙන කාලං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙතබ්බා. නාහං ගහපති සබ්බං තපං තපිතබ්බන්ති වදාමි, න පනාහං ගහපති සබ්බං තපං න තපිතබ්බන්ති වදාමි. නාහං ගහපති සබ්බං සමාදානං සමාදාතබ්බන්ති වදාමි. න පනාහං ගහපති සබ්බං සමාදානං න සමාදාතබ්බන්ති වදාමි. නාහං ගහපති සබ්බං පධානං පදහිතබ්බන්ති වදාමි. න පනාහං ගහපති සබ්බං පධානං න පදහිතබ්බන්ති වදාමි. නාහං ගහපති සබ්බො පටිනිස්සග්ගො පටිනිස්සජිතබ්බොති වදාමි. න පනාහං ගහපති සබ්බො පටිනිස්සග්ගො න පටිනිස්සජිතබ්බොති වදාමි. නාහං ගහපති සබ්බා විමුත්ති විමුච්චිතබ්බාති වදාමි, න පනාහං ගහපති සබ්බා විමුත්ති න විමුච්චිතබ්බාති වදාමි.
ගෘහපතිය, මැනැව, මැනැව. ගෘහපතිය, මෙසෙයින් ම එ මෝඝ පුරුෂයෝ සහධර්මයෙන් කලින් කල සුනිගෘහිතව නිගැනිය යුත්තාහ. ගෘහපතිය හැම තවුස් දමක් තැවිය යුතු කොට මම නො කියමි. ගෘහපතිය, හැම තවුස් දමක් නො තැවිය යුතු කොට ද මම නො කියමි. ගෘහපතිය, හැම සමාදානයක් සමාදන් විය යුතු කොට මම නො කියමි. ගෘහපතිය, හැම සමාදානයක් සමාදන් විය යුතුයයි ද මම නො කියමි. ගෘහපතිය, හැම ප්‍රධන් වීර්‍ය්‍යයක් කළ යුතු යයි මම නොකියමි. හැම ප්‍රධන් වීර්‍ය්‍යයක් නො කළ යුතු යයි මම නොකියමි. හැම ප්‍රතිනිඃසර්‍ගයෙක් දුර ලිය යුතු යයි මම නොකියමි. හැම ප්‍රතිනිඃසර්‍ගයෙක් දුර නො ලිය යුතු යයි මම නොකියමි. ගෘහපතිය, හැම විමුක්තියෙක් විමුක්තව්‍ය නො කියමි. ගෘහපතිය, හැම විමුක්තියෙක් විමුක්තව්‍ය නො වේ යයි ද මම නො කියමි.
යං හි ගහපති තපං තපතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, . කුසලා ධම්මා පරිහායන්ති, එවරූපං තපං න තපිතබ්බන්ති වදාමි. යඤ්චඛ්වාස්ස ගහපති තපං තපතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපං තපං තපිතබ්බන්ති වදාමි.
ගැහැවිය, යම් ම තපසක් කරනුවහුගේ අකුසල් දහම්හු වැඩෙත් ද, කුසල් දහම් හු පිරිහෙත් ද, මෙබඳු තව නො තැවිය යුතු යයි කියමි. ගැහැවිය, යම් ම තවක් තවනා ඔහුගේ අකුසල් දහම්හු පිරිහෙත් ද, කුසල් දහම්හු වැඩෙත් ද, මෙ බඳු තව තැවිය යයි කියමි.
යං හි ගහපති සමාදානං සමාදියතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, එවරූපං සමාදානං න සමාදිතබ්බන්ති වදාමි, යඤ්චඛ්වාස්ස ගහපති සමාදානං සමාදියතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපං සමාදානං සමාදිතබ්බන්ති වදාමි.
ගැහැවිය, යම් ම සමාදානයෙක් සමාදන්වනුවහුගේ අකුශලධර්‍මයෝ වැඩෙත් ද. කුශල ධර්මයෝ පිරිහෙත් ද මෙ බඳු සමාදානය නො සමාදන් විය යුතුයයි කියමි. ගැහැවිය, යම් ම සමාදානයක් සමාදන් වන ඔහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත් ද, කුශල ධර්මයෝ වැඩෙත් ද, මෙබඳු සමාදානය සමාදන් විය යුතු යයි කියමි.
යං හි ගහපති පධානං පදහතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, එවරූපං පධානං න පදහිතබ්බන්ති වදාමි. යඤ්චඛ්වාස්ස ගහපති පධානං පදහතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපං පධානං පදහිතබ්බන්ති වදාමි.
ගැහැවිය, යම් ම ප්‍රධන්වීර්‍ය්‍යයක් කරනුවහුගේ අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශල ධර්මයෝ පිරිහෙත් ද මෙ බඳු ප්‍රධන්වීර්‍ය්‍යය නො කළයුතු යයි කියමි. ගැහැවිය, යම් ම ප්‍රධන්වීර්‍ය්‍යයක් කරන ඔහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත් ද, කුශල ධර්මයෝ වැඩෙත් ද, මෙබඳු ප්‍රධන්වීර්‍ය්‍යය කළයුතු යයි කියමි.
යං ගහපති පටිනිස්සග්ගං පටිනිස්සජ්ජයතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, එවරූපො පටිනිස්සග්ගො පටිනිස්සජිතබ්බොති වදාමි. යඤ්චඛ්වාස්ස ගහපති පටිනිසග්ගං පටිනිසජ්ජයතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපො පටිනිස්සග්ගො න පටිනිස්සජිතබ්බොති වදාමි.
ගැහැවිය, යම් ම ප්‍රතිනිඃසර්‍ගයක් දුරලනුවහුගේ අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශල ධර්මයෝ පිරිහෙත් ද, මෙබඳු ප්‍රතිනිඃසර්‍ගය දුරලියයුතු යයි කියමි. ගැහැවිය, යම් ම ප්‍රතිනිඃසර්‍ගයක් දුරලනුවහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත් ද, කුශල ධර්මයෝ වැඩෙත් ද, මෙබඳු ප්‍රතිනිඃසර්‍ගය නො දුරලිය යුතු යයි කියමි.
යං හි ගහපති විමුත්තිං විමුච්චයතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, එවරූපා විමුත්ති න විමුච්චිතබ්බාති වදාමි. යඤ්චඛ්වාස්ස ගහපති විමුත්තිං විමුච්චයතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපා විමුත්ති විමුච්චිතබ්බාති වදාමීති.
ගැහැවිය, යම් ම විමුක්තියක් කරනුවහුගේ අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශල ධර්මයෝ පිරිහෙත් ද, මෙ බඳු විමුක්තිය නො කටයුතු යයි කියමි. ගැහැවිය, යම් ම විමුක්තියක් කරනුවහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත් ද, කුශල ධර්මයෝ වැඩෙත් ද, මෙබඳු විමුක්තිය කළයුතු යයි කියමි.
අථ ඛො වජ්ජියමාහිතො ගහපති භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
ඉක්බිති වජ්ජියමාහිත ගැහැවි භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් සන්දර්ශිත වූයේ සමාදපිත වූයේ සමුත්තජිත වූයේ සම්ප්රභර්ෂිත වූයේ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
අථ ඛො භගවා අචිරපක්කන්තෙ වජ්ජියමාහිතෙ ගහපතිම්හි භික්ඛු ආමන්තෙසි යො පි සො භික්ඛවෙ භික්ඛු දීඝරත්තං අප්පරජක්ඛො ඉමස්මිං ධම්මවිනයෙ, සො පි එවමෙව අඤ්ඤතිත්ථියෙ පරිබ්බාජකෙ සහධම්මෙන සුනිග්ගතහිං නිග්ගණ්හෙය්ය යථා තං වජ්ජියමාහිතෙන ගහපතිනා නිග්ගහීතාති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වජ්ජියමාහිත ගෘහපති ගිය නොබෝකල් ඇතිවත් ම මහණුන් ඇමතූ සේක: මහණෙනි, යම් බඳු මහණෙක් මෙ දහම්විනයෙහි දීර්ඝරාත්රයෙහි නුවණැස්හි කෙලෙස් රජස් නැතියේ වී නම්, එ මහණ ද, යම් පරිද්දෙකින් වජ්ජියමාහිත ගෘහපතීහු නිගෘහීත වූහුද එපරිදිම සුනිගෘහීත කොට සකරුණෙන් නිගන්නේ ය.