යෙදුමෙන් කියවන්න

උත‍්තිය සුත‍්තං

10. 2. 5. 5.

10. 2. 5. 5.

උත‍්තිය සුත‍්තං

උත්තිය සූත්‍රය

අථ ඛො උත‍්තියො පරිබ‍්බාජකො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො උත‍්තියො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච:

එකල්හි උත්තිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් උත්තිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කීය:

කින‍්නුඛො භො ගොතම සස‍්සතො ලොකො, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති?

කිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය ශාශ්වත ය’ යි යන මෙම සත්‍ය ද, අනෙක මෝඝ වේ දැ? යි

අව්‍යාකතං ඛො එවං උත‍්තිය මයා ‘සස‍්සතො ලොකො, ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤන‍්ති’.

උත්තිය, ‘ලෝකය ශාශ්වත ය යන මෙම සත්‍ය වෙයි, අනෙක මෝඝ වේ ය’යි මෙසේ මා විසින් අව්‍යාකෘතම වෙයි.

කිං පන භො ගොතම ‘අසස‍්සතො ලොකො, ඉද මෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති’?

කිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය අශාශ්වත ය’ යන මෙම සත්‍ය වේ ද? අනෙක මෝඝ වේ දැ? යි

එතම‍්පි ඛො උත‍්තිය අව්‍යාකතං මයා ‘අසස‍්සතො ලොකො, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති’.

උත්තිය, ‘ලෝකය ශාශ්වත ය’ යන මෙ ම සත්‍ය වෙයි, අනෙක මෝඝ යන තෙල කරුණ ද මා විසින් අව්‍යාකෘත වේ යයි.

කින‍්නු ඛො භො ගොතම අන‍්තවා ලොකො -පෙ- තං ජීවං තං සරීරං -පෙ- අඤ‍්ඤං ජීවං, අඤ‍්ඤං සරීරං -පෙ- හොති තථාගතො පරම‍්මරණා -පෙ- හොති ච න හොති ච තථාගතො පරම‍්මරණා -පෙ- නෙව හොති න නහොති තථාගතො පරම‍්මරණා, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති?

කිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය අන්තවත් ය’ ... ‘ඒ මැ ජීව ය, එමැ ශරීර ය’ .. ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යි ... ‘මරණින් මතු සත්ත්‍ව වෙයි ... සත්ත්‍ව මරණින් මතු නො වෙයි’ ... ‘සත්ත්‍ව මරණින් මතු වන්නේ ද නොවන්නේ ද වෙයි’ ... ‘සත්ත්‍ව මරණින් මතු නො ම වන්නේ ය නො ම නොවන්නේ ය’ යන මෙම සත්‍ය වෙයි. අනෙක මෝඝ වේ දැයි?

එතම‍්පි ඛො උත‍්තිය අව්‍යාකතං මයා ‘නෙව හොති න නහොති තථාගතො පරම‍්මරණා, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති.

උත්තිය, ‘සත්‍ව මරණින් මතු නොම වන්නේ ය, නොම නොවන්නේ ය’ යන මෙම සත්‍ය වෙයි, අනෙක මෝඝ වේය යන තෙල කරුණ ද මා විසින් අව්‍යාකෘත වේ යයි.

කින‍්නු ඛො භො ගොතම සස‍්සතො ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉති පුට‍්ඨො සමානො ‘අව්‍යාකතං ඛො එතං උත‍්තිය මයා සස‍්සතො ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති’ වදෙසි.

කිමෙක, භවත් ගෞතමයෙනි, ‘සත්ත්‍ව ශාශ්වත ය’ යන මෙම සත්‍ය වෙයි, අනෙක මෝඝ වේ දැ’යි මෙසේ පුළුවුස්නා ලදුයේ, “උත්තිය, ‘ලෝකය ශාශ්වත ය, යන මෙම සත්‍ය වෙයි, අනෙක මෝඝ වේ ය’ යන තෙල මා විසින් අව්‍යාකාත වේ යයි කියහි,

කිම‍්පන භො ගොතම අසස‍්සතො ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉති පුට‍්ඨො සමානො එතම‍්පි ඛො උත‍්තිය අව්‍යාකතං මයා ‘අසස‍්සතො ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති” වදෙසි.

කිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය අශාශ්වත ය’ යන මෙම සත්‍ය වෙයි, අනෙක මෝඝ වේ දැයි? මෙසේ පුළුවුස්නා ලදුයේ, “උත්තිය, ‘ලෝකය අශාශ්වත ය’ යන මෙම සත්‍ය වෙයි, අනෙක මෝඝය යන තෙල කරුණ මා විසින් අව්‍යාකාතය ය”යි කියහි,

කින‍්නු ඛො භො ගොතම අන‍්තවා ලොකො -පෙ- අනන‍්තවා ලොකො -පෙ- තං ජීවං තං සරීරං -පෙ- අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරං -පෙ- හොති තථාගතො පරම‍්මරණා -පෙ- න හොති තථාගතො පරම‍්මරණා -පෙ- හොති ච න හොති ච තථාගතො පරම‍්මරණා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉති පුට‍්ඨො සමානො ‘එතම‍්පි ඛො උත‍්තිය අබ්‍යාකතං මයා නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති වදෙසි. අථ කිඤ‍්චරහි භොතා ගොතමෙන ව්‍යාකතන‍්ති?

කිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය අන්තවත් ය’ ... ‘ලෝකය අනන්තවත් ය’ ... ‘ඒ මැ ජීව ය, ඒ මැ ශරීර ය, ජීවය අනෙකෙකි, ශරීරය අනෙකෙකැ යි’ ... ‘සත්ත්‍ව මරණින් මතු වන්නේ ය’ ... ‘සත්ත්‍ව මරණින් මතු නො වන්නේ ය’ ... ‘සත්ත්‍ව මරණින් මතු වන්නේ ද නො වන්නේ ද වෙයි’ ... ‘සත්ත්‍ව මරණින් මතු නො ම වන්නේ ය, නො ම නො වන්නේ ය’ යන මෙම සත්‍ය, අනෙක් මෝඝ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම, “උත්තිය, සත්ත්‍ව මරණින් මතු නොම වන්නේ ය, නො ම නො වන්නේ ය, යන මෙම සත්‍යය, අනෙක මෝඝ වේය යන තෙල කරුණ ද මාවිසින් අව්‍යාකෘත ය”යි කියහි. වැලි එසේ වී නම් භවත් ගෞතමයන් විසින් කවරක් ව්‍යාකෘත වේ දැ යි?

අභිඤ‍්ඤාය ඛො අහං උත‍්තිය සාවකානං ධම‍්මං දෙසෙමි සත‍්තානං විසුද‍්ධියා සොකපරිද‍්දවානං සමතික‍්කමාය දුක‍්ඛදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමාය ඤායස‍්ස අධිගමාය නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියායාති.

උත්තිය, මම විශිෂ්ටඥානයෙන් දැන ම සත්ත්‍වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය සඳහා දුක්දොම්නසුන්ගේ අස්තඞ්ගමය සඳහා න්‍යායයාගේ අධිගමය සඳහා නිර්‍වාණයාගේ සාක්‍ෂාත් කරණය සඳහා ශ්‍රාවකයනට ධර්‍ම දේශනා කරමි යි.

යං පනෙතං භවං ගොතමො අභිඤ‍්ඤාය අභිඤ‍්ඤාය සාවකානං ධම‍්මං දෙසෙති සත‍්තානං විසුද‍්ධියා සොකපරිද‍්දවානං සමතික‍්කමාය දුක‍්ඛදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමාය ඤායස‍්ස අධිගමාය නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියාය සබ‍්බො වා තෙන ලොකො නීයිස‍්සති උපඩ‍්ඪො වා තිභාගො වා ති? එවං වුත‍්තෙ භගවා තුණ‍්හී අහොසි.

භවත් ගෞතමයෝ තෙල යම් ධර්‍මයක් සත්ත්‍වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය සඳහා දුක්දොම්නසුන්ගේ අස්තඞ්ගමය සඳහා න්‍යායයාගේ අධිගමය සඳහා නිර්‍වාණයාගේ සාක්‍ෂාත් කරණය සඳහා සව්වනට ධර්‍ම දේශනා කරත් නම්, එ දහමින් හැම ලොව හෝ, අඩෙක් හෝ, තුන්වන භාගයෙක් හෝ (නිවනට) පමුණුවනු ලැබේ දැයි? මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ තූෂ්ණීම්භූත වූහ.

අථ ඛො ආයස‍්මතො ආනන්‍දස‍්ස එතදහොසි: ‘මාහෙවං ඛො උත‍්තියො පරිබ‍්බාජකො පාපකං දිට‍්ඨිගතං පටිලභි. ‘සබ‍්බසාමුක‍්කංසිකං වත මෙ සමණො ගොතමො පඤ‍්හං පුට‍්ඨො සංසාදෙති, නො විස‍්සජ‍්ජෙති, න නූන විසහතී’ති. තදස‍්ස උත‍්තියස‍්ස පරිබ‍්බාජකස‍්ස දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායා’ති.

එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයනට තෙල සිත විය: “උත්තිය පරිව්‍රාජක මෙබඳු ලාමක දෘෂ්ටිගතයක් නහමක් ලබාවා. ‘එකැතින් මා විසින් සර්‍වොත්කර්‍ෂ ප්‍රශ්නය පුළුවුස්නා ලද ශ්‍රමණ භවත් ගෞතමයෝ වළහති, නො විසඳති, එකැතින් නො ඉවසත් යි.’ එය උත්තිය පරිව්‍රාජකයාහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් වන්නේ යයි.”

අථ ඛො ආයස‍්මා ආනන්‍දො උත‍්තියං පරිබ‍්බාජකං එතදවොච: තෙන හාවුසො උත‍්තිය උපමං තෙ කරිස‍්සාමි. උපමාය පි ඉධෙකච‍්චෙ විඤ‍්ඤූ පුරිසා භාසිතස‍්ස අත්‍ථං ආජානන‍්ති.

එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ උත්තිය පිරිවැජියනට තෙල කීහ: ඇවැත් උත්තිය, තට එකරුණෙන් උපමාවකුදු කරණෙම්. මෙ ලොව්හි ඇතැම් විඥ පුරුෂයෝ උපමායෙනුදු භාෂිතයාගේ අරුත් දැන ගණිත්.

සෙය්‍යථාපි ආවුසො උත‍්තිය රඤ‍්ඤො පච‍්චන‍්තිමං නගරං දළහුද‍්දාපං දළ‍්හපාකාරතොරණං එකද‍්වාරං. තත්‍රස‍්ස දොවාරිකො පණ‍්ඩිතො බ්‍යත‍්තො මෙධාවී අඤ‍්ඤාතානං නිවාරෙතා, ඤාතානං පවෙසෙතා. සො තස‍්ස නගරස‍්ස සමන‍්තා අනුපරියායපථං අනුක‍්කමමානො න පස‍්සෙය්‍ය පාකාරසන්‍ධිං වා පාකාරවිවරං වා අන‍්තමසො බිළාර නික‍්කමනමත‍්තම‍්පි, නො ච ඛ‍්වස‍්ස එවං ඤාණං හොති: එත‍්තකා පාණා ඉමං නගරං පවිසන‍්ති වා නික‍්ඛමන‍්ති වාති. අථ ඛ‍්වස‍්ස එවමෙත්‍ථ හොති: යෙ ඛො කෙචි ඔළාරිකා පාණා ඉමං නගරං පවිසන‍්ති වා නික‍්ඛමන‍්ති වා සබ‍්බෙ තෙ ඉමිනා ද‍්වාරෙන පවිසන‍්ති ච නික‍්ඛමන‍්ති චාති.

ඇවැත් උත්තිය, රජකුගේ තරපවුරු පදනම් ඇති, තරපවුරු හා තොරන් ඇති, එක් වාසල් දොරෙකින් යුත් ප්‍රත්‍යන්ත නගරයෙක් යම් පරිදි වේ නම් එහි පණ්ඩිත ව්‍යක්ත ස්ථානෝචිතප්‍රඥා ඇති අඥාතයන් වළහන, ඥාතයන් වැද්ද දෙන ද්වාරපාලකයෙක් වන්නේ ය. හේ එ නගරයාගේ අවට සිසාරා යන මංහි ඇවිදිනුයේ ප්‍රාකාරසන්‍ධියක් වේවයි, යටත් පිරිසෙයින් බළලකු නික්මෙන පමණ වූ ද ප්‍රාකාර විවරයක් වේවයි නො දක්නේ ය. ඔහට වනාහි මෙ බඳු නුවණෙක් නො ම පහළ වන්නේ ය: “මෙතෙක් සත්හු මෙ නුවරට පිවිසෙත් හෝ නික්මෙත් හෝ”යි. වැලිදු ඔහට එහි ලා මෙබඳු සිතෙක් ම වන්නේ ය: “යම් කිසි ඖදාරික (ස්ථුල) ප්‍රාණි කෙනෙක් මෙ නුවර වදිත්නම් හෝ ඉන් නික්මයෙත් නම් හෝ, එ හැම දෙන මෙ දොරින් පිවිසෙන්නාහු ද වෙති, නික්මෙන්නාහු ද වෙත්” යි.

එවමෙව ඛො ආවුසො උත‍්තිය න තං තථාගතස‍්ස එවං උස‍්සුක‍්කතං හොති ‘සබ‍්බො වා තෙන ලොකො නීයිස‍්සති, උපඩ‍්ඪො වා තිභාගො වා’ති. අථ ඛො එවමෙත්‍ථ තථාගතස‍්ස හොති: යෙ ඛො කෙචි ලොකම‍්හා නීයිංසු වා නීයන‍්ති වා නීයිස‍්සන‍්ති වා, සබ‍්බෙ තෙ පඤ‍්චනීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ චතුසු සතිපට‍්ඨානෙසු සුපට‍්ඨිතචිත‍්තා සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ යථාභූතං භාවෙත්‍වා එවමෙතෙ ලොකම‍්හා නීයිංසු වා නීයන‍්ති වා නීයිස‍්සන‍්ති වා’ති.

ඇවැත් උත්තිය, එපරිද්දෙන්ම “හැම ලෝකය හෝ ඉන් අඩෙක් හෝ ත්‍රිභාගයෙක් හෝ එයින් පමුණුවනු ලැබෙයි යන මෙ බඳුවූ වූ ඒ උත්සුක භාවය නො වෙයි. වැලිදු තථාගතයනට මෙ කරුණෙහි ලා මෙබඳු සිතෙක්ම වෙයි: “යම් කිසිවෙක් ම ලෝකයෙන් නික්ම ගියාහු ද, නික්මයෙත් ද, නික්ම යන්නාහු ද, එ හැම පඤ්චනීවරණ සඞ්ඛ්‍යාත ප්‍රඥාව දුර්‍වල කරණ, චිත්තෝපක්ලේශයන් දුරැරලා සතර සීවටන්හි මොනොවට එළැවූ සිත් ඇතියහු සප්ත බෝධ්‍යඞ්ගයන් තත්වූ පරිදි වඩා මෙ පරිද්දෙන් ලෝකයෙන් නික්ම ගියහ, නික්ම යත්, නික්මයන්නාහ”යි.

යදෙව ඛො ත්‍වං ආවුසො උත‍්තිය භගවන‍්තං පඤ‍්හං අපුච‍්ඡි තදෙවෙතං පඤ‍්ඤං භගවන‍්තං අඤ‍්ඤෙන පරියායෙන අපුච‍්ඡි. තස‍්මා තෙ තං භගවා න ව්‍යාකාසීති.

ඇවැත් උත්තිය, තෝ යම් ම ප්‍රශ්නයක් භාග්‍යවතුන් වහන්සේ විචාළෙහි නම්, තෙල ප්‍රශ්නය තො අන් අයුරෙකින් භාග්‍යවතුන් විචාළෙහි ය. එහෙයින් තට භාග්‍යවතුන් වහන්සේ එ නො වදාළ සේකැයි.