කොකනද සුත්තං
10. 2. 5. 6.
10. 2. 5. 6.
කොකනද සුත්තං
කොකනද සූත්‍රය
එකං සමයං ආයස්මා ආනන්දො රාජගහෙ විහරති තපොදාරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය යෙන තපොදා තෙනුපසඞ්කමි ගත්තානි පරිසිඤ්චිතුං, තපොදෙ ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසි ගත්තානි පුබ්බාපයමානො. කොකනදොපි ඛො පරිබ්බාජකො රත්තියා පච්චූසසමයං පච්චුපට්ඨාය යෙන තපොදා තෙනුපසඞ්කමි ගත්තානි පරිසිඤ්චිතුං. අද්දසා ඛො කොකනදො පරිබ්බාජකො ආයස්මන්තං ආනන්දං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආයස්මන්තං ආනන්දං එතදවොච:
එක් කලෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ රජගහ නුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වාසය කරත්. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ රාත්‍රි ප්‍රත්‍යූෂ සමයෙහි නැගිට ගාත්‍ර පරිෂේකය සඳහා තපොදා නදිය කරා වැඩියහ. තපෝදයෙහි ගාත්‍ර පරිෂෙක කොට පෙරළා ගොඩ නැගී සිරුරු තෙත සිඳුවමින් ඒකචීවරව සිටියහ. කොකනද පරිව්‍රාජක ද රාත්‍රිහුගේ ප්‍රත්‍යූෂ සමයෙහි නැගී තපොදා නදිය කරා ගාත්‍ර ස්නානය පිණිස ගියේ ය. කොකනද පරිව්‍රාජකයා ආයුෂ්මත් ආනන්ද තෙරුන් එනු දුරදී ම දිටී. දැක ආයුෂ්මත් ආනන්ද තෙරුනට තෙල කීය:
කො’ ත්ථ ආවුසොති?
ඇවැත්නි, තෙපි කවරහු වව.
අහමාවුසො, භික්ඛූති.
ඇවැත්නි, මම් මහණෙක් මි යි.
කතමෙසං ආවුසො භික්ඛූනන්ති?
ඇවැත්නි, කවර මහණුන් අතුරෙහි වව යි?
සමණානං ආවුසො සක්යපුත්තියානන්ති.
ඇවැත්නි, ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන් අතුරෙහි වෙමි යි.
පුච්ඡෙය්යාම මයං ආයස්මන්තං කිඤ්චිදෙව දෙසං සචෙ ආයස්මා ඔකාසං කරොති පඤ්හස්ස වෙය්යාකරණායාති.
ඉදින් ආයුෂ්මත් පැන විසඳනට අවකාශ කෙරේ නම් අපි ආයුෂ්මතුන් කිසියම් ම ලේශයක් පුළුවුස්න මෝයි.
පුච්ඡාවුසො, සුත්වා වෙදිස්සාමාති.
ඇවැත්නි, පුළුවුස, අසා දනුම්හ යි.
කින්නු ඛො භො ‘සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති’ එවං දිට්ඨි භවන්ති?
භවත්නි, කිමෙක, තෙපි ‘ලෝකය ශාශ්වතය’ යන ‘මෙ ම සත්‍යය අනෙක මෝඝය’ යන මෙ බඳු දෘෂ්ටි ඇති යව් දැයි?
න ඛො අහං ආවුසො එවං දිට්ඨි ‘සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති.
ඇවැත්නි, මම ‘ලෝකය ශාශ්වතය’ යන ‘මෙ ම සත්‍යය අනෙක මෝඝය’ යන මෙ බඳු දෘෂ්ටි නැතියෙකිමි යි.
කිම්පන භො අසස්සතො ලොකො ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති එවන්දිට්ඨි භවන්ති?
භවත්නි, කිමෙක භවත්හු ‘ලෝකය ශාශ්වතය’ යන ‘මෙ ම සත්‍යය, අනෙක මෝඝය’ යන මෙ බඳු දෘෂ්ටි ඇතියව් දැ? යි.
න ඛො අහං ආවුසො, එවන්දිට්ඨි ‘අසස්සතො ලොකො ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති.
ඇවැත්නි, මම ‘ලෝකය අශාශ්වතය’ යන ‘මෙය ම සත්‍යය අනෙක සිස්ය’ යන මෙ බඳු දෘෂ්ටි නැතියෙකිමි යි.
කින්නු ඛො භො, අන්තවා ලොකො -පෙ- අනන්තවා ලොකො -පෙ- තං ජීවං තං සරීරං -පෙ- අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං -පෙ- හොති තථාගතො පරම්මරණා -පෙ- න හොති තථාගතො පරම්මරණා -පෙ- හොති ච න ච හොති ච තථාගතො පරම්මරණා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං,මොඝමඤ්ඤන්ති එවන්දිට්ඨි භවන්ති?
භවත්නි, කිමෙක තෙපි ‘ලෝකය අන්තවත් ය’ ... ‘ලෝකය අනන්තවත්ය’ ...’ඒ ජීවවෙයි, එ ශරීර වෙයි’ ... ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙක’ ... ‘සත්ත්ව මරණින් මතු වන්නේ ය’ ... ‘සත්ත්ව මරණින් මතු නො වන්නේ ය’ ... ‘සත්ත්ව මරණින් මතු වන්නේ ය, නො ද වන්නේ ය’ ... ‘සත්ත්ව මරණින් මතු නො ම වන්නේ ය, නො ම නොවන්නේ ය’ යන මෙය ම සත්‍යය, අනෙක සිස් ය යන මෙ බඳු දෘෂ්ටි ඇතියව් දැ යි?
න ඛො අහං ආවුසො, එවංදිට්ඨි ‘නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති.
ඇවැත්නි මම, “සත්ත්ව මරණින් මතු නො ම වන්නේ ය, නො ම නොවන්නේ ය” යන මෙය ම සත්‍යය, අනෙක සිස් ය, මෙ බඳු දෘෂ්ටි ඇතියෙකිම් නො වෙම් මැයි.
තෙනහි භවං න ජානාති න පස්සතීති? න ඛො අහං ආවුසො න ජානාමි, න පස්සාමි, ජානාමහං ආවුසො පස්සාමී ති.
එ කරුණෙන් ම භවත් නො දන්නේ ය නො දක්නේ යයි? ඇවැත්නි, මම නො ම නො දන්නෙම්, නො ම නො දක්නෙ මි. ඇවැත්නි, මම දන්මි, දක්මි යි.
කින්නු ඛො භො සස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති එවන්දිට්ඨි භවන්ති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං ආවුසො එවන්දිට්ඨි සස්සතො ලොකො ඉද මෙව සච්චං මොඝමඤ්ඤන්ති’ වදෙසි.
භවත්නි, කිමෙක, ‘භවත් “ලෝකය ශාශ්වතය” යන මෙම සත්‍යය අනෙක සිස්ය යන මෙබඳු දෘෂ්ටි ඇතියාව’යි මෙසේ පුළුවුස්නා ලදුයේ ම, ‘ඇවැත්නි, මම “ලෝකය ශාශ්වතය” යන මෙ ම සත්‍යය, අනෙක මෝඝය යන මෙ බඳු දෘෂ්ටි ඇතියෙකිම් නො වෙ මැයි’ කියව.
කින්නු ඛො භො අසස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති එවන්දිට්ඨි භවන්ති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං ආවුසො එවන්දිට්ඨි අසස්සතො ලොකො ඉද මෙව සච්චං මොඝමඤ්ඤන්ති’ වදෙසි.
භවත්නි, කිමෙක, ‘භවත් “ලෝකය අශාශ්වතය” යන මෙ ම සත්‍යය අනෙක සිස්ය යන මෙබඳු දෘෂ්ටි ඇතිය ව් දැ? යි, මෙසේ පුළුවුස්නා ලදුයේ ම ‘ඇවැත්නි, මම “ලෝකය අශාශ්වතය” යන මෙ ම සත්‍යය, අනෙක මෝඝය යන මෙ බඳු දෘෂ්ටි ඇතියෙකිම් නො වෙ මැයි’ කියව.
කින්නු ඛො භො අන්තවා ලොකො -පෙ- අන්තවා ලොකො -පෙ- අනන්තවා ලොකො -පෙ- තං ජීවං තං සරීරං -පෙ- අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං -පෙ- හොති තථාගතො පරම්මරණා -පෙ- න හොති තථාගතො පරම්මරණා -පෙ- හොති ච න හොති ච තථාගතො පරම්මරණා -පෙ- නෙව හොති, න න හොති තථාගතො පරම්මරණා ඉද මෙව සච්චං, මොඝමඤ්ඤන්ති එවං දිට්ඨි භවන්ති ඉති පුට්ඨො සමානො න ඛො අහං ආවුසො එවන්දිට්ඨි නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉද මෙව සච්චං මොඝමඤ්ඤන්ති වදෙසි.
භවත්නි, කිමෙක, ‘භවත් ‘ලෝකය අන්තවත’ ... ‘ලෝකය අනන්තවත’ ... ‘ඒ ජීවය, එ ශරීරය’ ... ‘ජීවය අනෙකක, ශරීරය අනෙකෙක’ ... ‘සත්ත්ව මරණින් මතු වන්නේය’ ... ‘සත්ත්ව මරණින් මතු නො වන්නේ ය’ ... ‘සත්ත්ව මරණින් මතු වන්නේ ය නොවන්නේ ය’ ... ‘සත්ත්ව මරණින් මතු නො ම වන්නේ ය, නො ම නොවන්නේ ය’ යන මෙ ම සත්‍යය, අනෙක සිස්ය යන මෙබඳු දෘෂ්ටි ඇතියවු දැ’යි පුළුවුස්නා ලදුයේ ම, ඇවැත්නි, මම සත්ත්ව මරණින් මතු නොම වන්නේ ය, නොම නො වන්නේ ය යන මෙ ම සත්‍යය, අනෙක මෝඝය යන මෙබඳු දෘෂ්ටි ඇතියෙකිම් නො වෙ මැයි කියව.
තෙන හි භවං න ජානාති න පස්සතී ති ඉති පුට්ඨො සමානො න ඛො අහං ආවුසො න ජානාමි න පස්සාමි, ජානාමහං ආවුසො පස්සාමී ති වදෙසි. යථා කථම්පනාවුසො ඉමස්ස භාසිතස්ස අත්ථො දට්ඨබ්බොති?
එ කරුණෙන් භවත් නොදන්නේය, නො දක්නේ යයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ‘ඇවැත්නි, මම නො දන්නෙම් නොවෙමි, නො දක්නෙම් නොවෙ මි. ඇවැත්නි, මම් දන්මි, දක්මියි’ කියව, ඇවැත්නි, මේ භාෂිතයාගේ අර්ත්ථය කෙසේ වනාහි දතයුතු වේ දැ යි?
සස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඛො ආවුසො දිට්ඨිගතමෙතං. අසස්සතො ලොකො ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති ඛො ආවුසො දිට්ඨිගතමෙතං. අන්තවා ලොකො ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති ඛො ආවුසො දිට්ඨිගතමෙතං. අනන්තවා ලොකො -පෙ- තං ජීවං තං සරීරං ඉදමෙව සච්චං -පෙ- අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං හොති තථාගතො පරම්මරණා -පෙ- න හොති තථාගතො පරම්මරණා -පෙ- හොති ච න හොති ච තථාගතො පරම්මරණා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඛො ආවුසො දිට්ඨිගතමෙතං.
ඇවැත්නි, “ලෝකය ශාශ්වතය’ යන මෙ ම සත්‍යය, අනෙක සිස් ය” යන තෙල දෘෂ්ටිගතයෙක. ඇවැත්නි, ‘ලෝකය අශාශ්වතය’ යන මෙ ම සත්‍යය, අනෙක මෝඝය, යන තෙල දෘෂ්ටිගතයෙක. “ලෝකය අන්තවත්ය, ... ලෝකය අනන්තවත්ය ... ඒ ජීවය, ඒ ශරීරය ... ජීවය අනෙකෙක ශරීරය අනෙකෙක -පෙ- තථාගත මරණින් මතු වන්නේ ය ... තථාගත මරණින් මතු නො වන්නේ ය ... තථාගත මරණින් මතු වන්නේ ය, නො දවන්නේ ය ... තථාගත මරණින් මතු නො ම වන්නේ ය, නො ම නොවන්නේ ය” යන මෙම සත්‍යය, අනෙක සිස්ය යන තෙල දෘෂ්ටිගතයෙක.
යාවතා ආවුසො දිට්ඨිගතා යාවතා දිට්ඨිට්ඨානං දිට්ඨාධිට්ඨානං දිට්ඨි පරියුට්ඨානං දිට්ඨිසමුට්ඨානං දිට්ඨිසමුග්ඝාතො. තමහං ජානාමි, තමහං පස්සාමි තමහං ජානන්තො තමහං පස්සන්තො ක්යාහං වක්ඛාමී ‘නජානාමි, න පස්සාමී’ති. ‘ජානාමහං ආවුසො පස්සාමී’ති.
ඇවැත්නි, යම් පමණ වූ දෘෂ්ටිගතයෝ වෙත් ද, යම් පමණ වූ දෘෂ්ටි ස්ථානයෙක්, දෘෂ්ට්යධිෂ්ඨානයෙක්, දෘෂ්ටිපර්ය්යුත්ථානයෙක්, දෘෂ්ටිසමුත්ථානයෙක්, දෘෂ්ටිසමුද්ඝාතයෙක් ඇත් ද, එ මම් දන්මි, එ මම් දක්මි, මම් එ දන්නෙම්, එ මම් දක්නෙම් කවර හෙයින් මම් නො දන්මි, නො දක්මි යි කියනෙම් ද? ඇවැත්නි, මම් දන්නෙම් දක්නෙම් වෙමි යි.
කො නාමො ආයස්මා? කථඤ්ච පනායස්මන්තං සබ්රහ්මචාරී ජානන්තී ති?
ආයුෂ්මත්හු කිනම්හුයි? කෙසේ නම් සබ්‍රම්සරහු ආයුෂ්මතුන් දන්නාහු දැයි?
ආනන්දොති ඛො මෙ ආවුසො නාමං, ආනන්දොති ච පන මං සබ්රහ්මචාරී ජානන්තී ති.
ඇවැත්නි, ‘ආනන්ද’ යනු මාගේ නම් වෙයි. සබ්‍රම්සරහු මා ආනන්ද යි ද දනිත් යි.
මහාචරියෙන වත කිර භොතා සද්ධිං මන්තයමානා න ජානිම්හ ‘ආයස්මා ආනන්දො’ති. සචෙ හි මයං සඤ්ජානෙය්යාම ‘ආයස්මා ආනන්දො’ති එත්තකම්පි නො නප්පටිභාසෙය්ය. ඛමතු ච මෙ ආයස්මා ආනන්දොති.
එකැතින් මහාචාර්ය්ය භවතුන් හා සමගම ම මන්ත්‍රණය කරන අපි “ආයුෂ්මත් ආනන්ද හ”යි නො දනුම්හ. ඉදින් අපි (මෙ) ‘ආයුෂ්මත් ආනන්ද හ’යි දනුමෝ නම් අපව මෙතෙකුදු නො වටනේ ය. ආයුෂ්මත් ආනන්දයෝ මට කමත්වා යි.