ආහුනෙය්‍ය සුත්තං
10. 2. 5. 7.
10. 2. 5. 7.
ආහුනෙය්‍ය සුත්තං
ආහුනෙය්‍ය සූත්‍රය
දසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි දසහි:
මහණෙනි, දශධර්‍මයෙකින් සමන්වාගත මහණ ආහුනෙය්‍ය, පාහුණෙය්‍ය, දක්ඛිණෙය්‍ය, අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර දශයෙකින යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවර සංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ වාස කරයි. ආචාර ගෝචරසම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහි භය දක්නා සුලුයේ සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා.
ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදි කල්‍යාණ, මධ්‍ය කල්‍යාණ, පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ යම් බඳු ධර්මකෙනෙක් සාර්ත්ථ සව්‍යඤ්ජන කොට, කේවලපරිපූර්‍ණ, පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පළට කරත් නම්, එබඳු ධර්මයෝ ඔහු විසින් ධරන ලද්දාහු වචනයෙන් පරිචිත වූවාහු මනසින් අනුප්‍රේක්‍ෂිත වූවාහු ප්‍රඥායෙන් සුප්‍රවිදිත වූවාහු බහුශ්‍රුත වෙති.
කල්යාණමිත්තො ච හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො.
කල්‍යාණ සගයන් ඇතියේ කල්‍යාණ පුද්ගලයනට නැඹුරුවීම් ඇතියේ කල්‍යාණමිත්‍ර ද වෙයි.
සම්මාදිට්ඨිකො හොති සම්මාදස්සනෙන සමන්නාගතො.
සම්‍යග් දර්ශනයෙන් සමන්වාගත වූයේ සම්‍යග්දෘෂ්ටික වෙයි.
අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති එකොපි හුත්වා බහුධා හොති, බහුධා පි හුත්වා එකො හොති, ආවීභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ. පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ. උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්යථාපි පඨවියං. ආකාසෙපි පල්ලඞ්කෙන කමති සෙය්යථාපි පක්ඛි සකුණො. ඉමෙ පි චන්දිම සුරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරිමසති පරිමජ්ජති. යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති.
අනේකවිධ ඍද්ධි විශේෂය වදනේය. එකෙක් ම වූයේ බහුප්‍රකාරයෙන් වෙයි. බහුප්‍රකාරයෙන් වූයේ ම එකෙක් වෙයි. පළට බව, නො පළ බව කරනේය, බිතින් පරභාගයට පවුරින් පරභාගයට පවුයෙන් පරභාගයට අහසැ සෙයින් නො ලැගෙමින් යෙයි. දියෙහි මෙන් පොළොව්හිදු නැගීම් හා ගැලීම් හා කෙරෙයි. පොළොව්හි සෙයින් නො බිඳෙන දියෙහි දු ගමන් කෙරෙයි. පියාපත් ඇති ළිහිණියක සෙයින් අහස්හිදු පළඟින් යෙයි. මෙසේ මහර්ධි ඇති, මෙසේ මහානුභාව ඇති මෙ සඳහිරුනුදු අත්ලෙන් පරාමර්‍ෂ කෙරෙයි, පිරිමදියි, බඹ ලෝ හිම් කොට ද කයින් වශය පවත්වයි.
දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ ච සන්තිකෙ ච,
විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවසෝධායෙන් දිව්‍ය වූ හා මානුෂ හා දුරෙහි හා වෙත හා උභය ශබ්දයන් අසයි.
පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං -පෙ- වීතදොසං වා චිත්තං -පෙ- සමොහං වා චිත්තං -පෙ- වීතමොහං වා චිත්තං -පෙ- සඞ්ඛිත්තං වා චිත්තං -පෙ- වික්ඛිත්තං වා චිත්තං -පෙ- අමහග්ගතං වා චිත්තං -පෙ- මහග්ගතං වා චිත්තං -පෙ- සවුත්තරං වා චිත්තං -පෙ- අනුත්තරං වා චිත්තං -පෙ- අසමාහිතං වා චිත්තං -පෙ- සමාහිතං වා චිත්තං -පෙ- අවිමුත්තං වා චිත්තං -පෙ- විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති.
පරසත්ත්ව පරපුද්ගලයන්ගේ සිත් තම සිතින් පිරිසිඳ දන්නේ ය: සරාග වූ හෝ චිත්තය සරාග චිත්ත යයි දන්නේ ය. වීතරාග හෝ චිත්තය වීතරාග චිත්ත යයි දන්නේ ය. සදෝස හෝ චිත්තය ... වීතදෝස හෝ චිත්තය ... සමෝහ හෝ චිත්තය ... වීතමෝහ හෝ චිත්තය ... සංක්ෂිප්ත හෝ චිත්තය ... වික්ෂිප්ත හෝ චිත්තය ... අමහද්ගත හෝ චිත්තය ... මහද්ගත හෝ චිත්තය ... සඋත්තර හෝ චිත්තය ... අනුත්තර හෝ චිත්තය ... අසමාහිත හෝ චිත්තය ... සමාහිත හෝ චිත්තය ... අවිමුත්ත හෝ චිත්තය ... විමුත්ත හෝ චිත්තය ... විමුක්ත හෝ චිත්තය විමුක්ත චිත්තය යි දන්නේය.
අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො, තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො, වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො, චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො, ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාති සතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ට විවට්ටකප්පෙ අමුත්රාසිං, එවංනාමො, එවංගොත්තො, එවංවණ්ණො, එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං. තත්රාපාසිං එවන්නාමො එවඞ්ගොත්තො, එවංවණ්ණො එවමාහාරො එවං සුඛ දුක්ඛ පටිසංවෙදී, එවමායු පරියන්තො. සො තතො චුතො ඉධූප්පන්නොති ඉති සාකාරං සවුද්දෙසං අනෙකවිහිතං පුබ්බෙ නිවාසං අනුස්සරති.
අනේකවිධ පූර්වේනිවාස සිහි කරන්නේ ය. කෙසෙයින යත්: එක් ජාතිකෙකුදු - ජාති දෙකකුදු - ජාති තුනකුදු - ජාති සතරකුදු - ජාති පසකුදු - ජාති දශයකුදු - ජාති විස්සකුදු - ජාති තිසකුදු - ජාති සතළිසකුදු - ජාති පනසකුදු - ජාති සියයකුදු - ජාති දහසකුදු - ජාති සුවහසකුදු - නොයෙක් සංවර්තකල්පයනුදු - අනේක විවර්තකල්පයනුදු - අනේක සංවර්තවිවර්ත කල්පයනන් දැයි (යන විසිනි.) මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගොත් ඇත්තෙම්, මෙබඳු සිරුරු පැහැතියෙම්, මෙබඳු අහරැතියෙම් මෙබඳු සුවදුක් විඳුනෙම්, මෙබඳු ආයු හිම් කොට ඇතියෙම්, අසෝතන්හි උපන්මි, හෙ මම් එයින් සැවැ අසෝතන්හි උපනිමි. එහිදු මෙබඳු නමැතියෙම්, මෙබඳු ගොත් ඇතියෙම්, මෙබඳු පැහැ ඇතියෙම්. මෙබඳු අහරැතියෙම් මෙබඳු සුවදුක් විඳින සුලුයෙම් මෙබඳු ආයු හිම්කොට ඇත්තෙම් වීමි. එ මම් එයින් ච්‍යුතවූයෙම් මෙහි උපන්නෙම් වෙමියි මෙ ආකාර සහිත උද්දේශ සහිත අනේකවිධ පූර්වේනිවාසය සිහි කරයි.
දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. ‘ඉමෙ වත භොන්තො සත්තා කාය දුච්චරිතෙන සමන්නාගතා වචී -පෙ- මනො -පෙ- අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨි කම්ම සමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙවා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා, වචී -පෙ- මනො සුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්ම සමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං ලොකං උපපන්නාති, ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් සැවෙන උපදනා සත්ත්වයන් දකී, හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්ණ වූ ද දුර්වර්ණ වූ ද සුගත වූ ද කම් වූ පරිදි මැරීයන සත්ත්වයන් දන්නේ ය. එකැතියෙන් මෙ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් සමන්වාගත වූහු ... වාග් .... මනස් ... ආර්‍ය්‍යයනට උපවාද කරන්නාහු මිථ්‍යාදෘෂ්ටික වූහු මිථ්‍යාදෘෂ්ටික කර්ම සමාදාන ඇත්තාහු වෙති. ඔහු කා බුන් මරණින් මතු අපාය වූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණියාහු වෙත්. මෙ භවත් සත්ත්වයෝ කාය සුචරිතයෙන් සමන්වාගත වූවාහු ... වාග් .... මනෝ සුචරිතයෙන් සමන්වාගත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නො කරන්නාහු සම්‍යග්දෘෂ්ටික වූවාහු සම්‍යග්දෘෂ්ටික කර්ම සමාදානයෙන් යුක්ත වූවාහු වෙති. ඔහු කා බුන් මරණින් මතු සුගති වූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහු වෙති. මෙසේ විශුද්ධි වූ මිනිස් ඇස ඉක්ම ගිය දිවැසින් ච්යවමෘන වූ ද උපපද්‍යමාන වූ ද හීන, ප්‍රණීත, සුවර්ණ, දුවර්‍ණ, සුගත, දුර්ගත, කම් වූ පරිදි යන සත්ත්වයන් දනී.
ආසවානං ඛයා අනාසවං චෙතො විමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
ආස්‍රක්‍ෂයයෙන් අනාස්‍රව චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තෙමෙ අභිඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට එළඹ වෙසෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුණෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
මහණෙනි, මේ දස ධර්මයෙන් සමන්වාගත මහණ ආහුනෙය්‍ය වෙයි, පාහුණෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.