යෙදුමෙන් කියවන්න

ථෙර සුත‍්තං

10. 2. 5. 8.

10. 2. 5. 8.

ථෙර සුත‍්තං

ථේර සූත්‍රය

දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ථෙරො භික‍්ඛු යස‍්සං යස‍්සං දිසායං විහරති. ඵාසුයෙව විහරති. කතමෙහි දසහි:

මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත තෙර මහණෙක් යම් ම දිසායෙක වාසය කෙරේ නම් පහසුයෙන් ම වසන්නේ ය. කවර දසයෙකින යත්:

ථෙරො හොති රත‍්තඤ‍්ඤූ චිරපබ‍්බජිතො. සීලවා හොති -පෙ- සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. බහුස‍්සුතො හොති -පෙ- දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධො. උභයානි ඛො පනස‍්ස පාතිමොක‍්ඛානි විත්‍ථාරෙන ස‍්වාගතානි හොන‍්ති සුවිභත‍්තානි සුප‍්පවත‍්තීනි සුවිනිච‍්ඡිතානි සුත‍්තසො අනුබ්‍යඤ‍්ජනසො අධිකරණ සමුප‍්පාද වූපසමෙ කුසලො හොති. ධම‍්මකාමො හොති පියසමුදාචාරො, අභිධම‍්මෙ අභිවිනයෙ උළාරපාමුජ‍්ජො, සන‍්තුට‍්ඨො හොති.

තෙර මහණ, පැවිදිව බොහෝ කල් ඇත්තේ රාත්‍රඥ වෙයි. සිල්වත් වෙයි ... සිකපදයන්හි සමාදන්ව හික්මෙයි. බහුශ්‍රුත වෙයි ... ප්‍රඥායෙන් මොනොවට පිළිවිදියාහු වෙති. උභය ප්‍රාතිමොක්‍ෂයෝ ඔහු විසින් විස්තර වශයෙන් සුවිභක්ත වූවාහු මොනොවට වණපොත්වන්නාහු සූත්‍ර විසින් අනුව්‍යඤ්ජන විසින් මොනොවට විනිශ්චිත වූවාහු ස්වාගත වෙත්. අධිකරණ සමුත්පාදව්‍යුපශමයෙහි කුශල වෙයි. ප්‍රිය කථා ඇතියේ ධර්‍මකාම වූයේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි උදාර ප්‍රාමෝද්‍යය ඇත්තේ වෙයි.

ඉතරීතරචීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන. පාසාදිකො හොති අභික‍්කන‍්තෙ පටික‍්කන‍්තෙ. සුසංවුතො අන‍්තරඝරෙපි නිසජ‍්ජාය, චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී ආසවානඤ‍්ච ඛයා අනාසවං චෙතො විමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

ඉතරතෙර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍ර‍්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයෙන් සතුටු වෙයි. ඉදිරි ගමනෙහි දු පෙරළා යන ගමනෙහිදු ප්‍රසාද ඇතියේ වෙයි. ඇතුළුගෙහිදු නිෂාද්‍යායෙන් සුසංවෘත වෙයි. අභිචිත්තයෙහි උපන් දිටුදැහැමියෙහි සුඛවිහරණ වූ සතර ධ්‍යානයන් කැමැති සේ ලබන සුල්ලේ නිදුකින් ලබන සුල්ලේ පහසුවෙන් ලබන සුල්ලේ වෙයි. ආස්‍රවයන්ගේ ක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතො ථෙරො භික‍්ඛු යස‍්සං යස‍්සං දිසායං විහරති ඵාසුයෙව විහරතීති.

මහණෙනි, මෙ දස කරුණෙන් සමන්‍වාගත තෙර මහණ යම් ම දිශායෙක්හි වෙසේ නම් පහසුවෙන් ම වාසය කෙරේ යයි.