උපාලි සුත්තං
10. 2. 5. 9.
10. 2. 5. 9.
උපාලි සුත්තං
උපාලි සූත්‍රය
අථ ඛො ආයස්මා උපාලි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපාලි භගවන්තං එතදවොච: ඉච්ඡාමහං භන්තෙ අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතුන්ති.
එකල්හි ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මම ආරණ්‍ය - වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් සෙවුමට කැමතියෙමි යි.
දුරභිසම්භවානි ඛො උපාලි අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි, දුක්කරං පවිවෙකං දුරභිරමං එකත්තෙ හරන්ති මඤ්ඤෙ මනො වනානි සමාධිං අලභමානස්ස භික්ඛුනො. යෙ ඛො උපාලි එවං වදෙය්ය: ‘අහං සමාධිං අලභමානො අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිස්සා මි’ති. තස්සෙතං පාටිකඞ්ඛං සංසීදිස්සති වා උප්පිලවිස්සතිවා.
උපාලි, ආරණ්‍ය - වානප්‍රස්ථ ප්රාන්තශයනාසනයෝ දුසඃහ වෙත්, සිත් ඇලැවිය නො හැකි වෙත්. ප්‍රවිවේකය දුෂ්කර වෙයි. අභිරමණය සුකර නො වෙයි, වනයෝ සමාධිය නො ලබන මහණහුගේ සිත ඒකී භාවය ඇතිවත් ම පැහැරගන්නාක් මෙන් මෙනි, උපාලි, යම් කෙනෙක් මෙසේ කියන්නාහු ද: “මම් සමාධිය නො ලබනුයෙම් අරණ්‍යයන් හි වනපෙත් හා ප්‍රාන්ත සෙනසුන් හා ඇසුරු කෙරෙමැ”යි (කියායි). ඔහු විසින් ගිලෙන්නේය හෝ ඉල්පෙන්නේය හෝ යන තෙල කැමති විය යුතු.
සෙය්යථාපි උපාලි මහා උදකරහදො, අථ ආගච්ඡෙය්ය හත්ථිනාගො සත්තරතනො වා අට්ඨරතනො වා. තස්ස එවමස්ස: ‘යන්නූනාහං ඉමං උදකරහදං ඔගාහෙත්වා කණ්ණසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළෙය්යං, පිට්ඨිසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළෙය්යං. කණ්ණසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළිත්වා පිට්ඨිසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළිත්වා නහාත්වා ච පිවිත්වා ච පච්චුත්තරිත්වා යෙන කාමං පක්ඛමෙය්ය’න්ති. සො උදකරහදං ඔගාහෙත්වා කණ්ණසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළෙය්ය. පිට්ඨිසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළෙය්ය. කණ්ණසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළිත්වා පිට්ඨිසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළිත්වා නහාත්වා ච පිවිත්වා ච පච්චුත්තරිත්වා යෙන කාමං පක්කමෙය්ය. තං කිස්සහෙතු: මහාහුපාලි අත්තභාවො ගම්භීරෙ ගාධං වින්දති,
උපාලි, යම් සේ මහ දිය විලෙක් වේ නම්, එකල සත්රියන් වේ වයි, අටරියන් වේ වයි, හස්ති නාගයෙක් එයි නම්, ඔහට මෙබඳු සිතෙක් වන්නේ ය: මම මෙ දිය විලට බැස කණ්ණසන්‍ධොපික (කන් දෙවුන් කෙළි) නම් ක්‍රීඩා ද කෙළනෙම් පිට්ඨිසන්‍ධොකපික (පිටදෙවුන්) නම් ක්‍රීඩාව ද කෙළනෙම් නම් කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළැ පිට්ඨිසන්‍ධොකපික නම් ක්‍රීඩා ද කොට ස්නාන ද කොට පැන්පීම ද කොට ගොඩනැඟී කැමැති තැනෙක යෙම් නම් යෙහෙකැ”යි. හේ මහදිය විලට බැස කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළනේ ය, පිට්ඨිසන්‍ධොකපික නම් ක්‍රීඩා ද කෙළනේ ය. කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළැ පිට්ඨිසන්‍ධොකපික නම් ද ක්‍රීඩා ද කොට සනහා පැන් බී ගොඩනැඟී කැමැති තැනෙක යන්නේ ය. එ කවර හෙයින යත්: උපාලි, මහත් වූ ම ආත්මභාවයෙක් ගැඹරෙහි ප්‍රතිෂ්ඨා විඳුනේය.
අථ ආගච්ඡෙය්ය සසො වා බිළාරො වා. තස්ස එව මස්ස: කො චාහං, කො ච හත්ථිනාගො? යන්නූනාහං ඉමං උදකරහදං ඔගාහෙත්වා කණ්ණසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළෙය්යං පිට්ඨිසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළෙය්යං කණ්ණසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළිත්වා පිට්ඨිසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළිත්වා නහාත්වා ච පිවිත්වා ච පච්චුත්තරිත්වා යෙන කාමං පක්කමෙය්යන්ති. සොතං උදකරහදං සහසා අප්පටිසඞ්ඛාය පක්ඛන්දෙය්ය.
ඉක්බිති ශශකයෙක් වේව යි විඩාලයෙක් වේ වයි එන්නේය. ඔහට මෙ සිත වන්නේ ය. මම් කවරෙකිම්? ඇත් නා කවරෙක? මම් මෙ මහ දිය විලට බැස කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළනෙම්, පිට්ඨිසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළෙනම්, කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළැ පිට්ඨිසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළැ සනහා පැන් බී ගොඩනැඟී කැමැති තැනෙක යෙම් නම් මැනැවැ”යි. හේ දිය විලට වහා නොපස්විකා පනනේ ය.
තස්සෙතං පාටිකඞ්ඛං සංසීදිස්සති වා උප්පිලවිස්සති වා තං කිස්සහෙතු: පරිත්තො හුපාලි අත්තභාවො ගම්භීරෙ ගාධං න වින්දති. එවමෙව ඛො උපාලි යො එවං වදෙය්ය: අහං සමාධිං අලභමානො අරඤ්ඤෙ වනපත්ථානි පත්තානි සෙනාසනානි පටිසෙවිස්සාමී ති. තස්සෙතං පාටිකඞ්ඛං, සංසීදිස්සති වා උප්පිලවිස්සති වා.
‘ගිලෙනුයේ හෝ ඉල්පෙනුයේය’ යන තෙල ඔහු විසින් කැමැති විය යුතු. හෙ කවරහෙයින යත්: උපාලි, ලඝු වූ ශරීරාත්මභාවය ගැඹරෙහි ප්‍රතිෂ්ඨා නො විඳුනේ ම ය. උපාලි, එපරිද්දෙන් ම යමෙක් මෙසේ කියා නම්: “මම සමාධි නො ලබනුයෙම් අරන හා පෙත් හා ප්‍රාන්ත සෙනසුන් සෙවුනෙමි”යි ඔහු විසින් “ගිලෙයි හෝ ඉල්පෙයි හෝ” යන තෙල කැමැති වියුතු.
සෙය්යථාපි උපාලි දහරො කුමාරො මන්දො උත්තානසෙය්යකො සකෙන මුත්තකරීසෙන කීළති, තං කිං මඤ්ඤසි උපාලි, නන්වායං කෙවලා පරිපූරා බාලඛිඩ්ඩාති? එවං භන්තෙ.
උපාලි, ළදරු උඩුකුරුව හෝනා බොළඳ කුමරෙක් යම්සේ සිය මලමූයෙන් කෙළනේ නම්, උපාලි, ඒ කුමැයි හඟුව? මෙ හැම පිරිපුන් බාල ක්‍රීඩායෙක් නො වේ ද? වහන්ස, එසේය.
ස ඛො සො උපාලි කුමාරො අපරෙන සමයෙන වුද්ධිමන්වාය ඉන්ද්රියානං පරිපාකමන්වාය යානි තානි කුමාරකානං කීළාපනකානි භවන්ති. සෙය්යථීදං: වඞ්කකං, ඝටිකං, මොක්ඛචිකං, චිඞ්ගුලකං පත්තාළ්හකං, රථකං ධනුකං, තෙහි කීළති. තං කිං මඤ්ඤසි උපාලි. නන්වායං ඛිඩ්ඩා පුරිමාය ඛිඩ්ඩාය අභික්කන්තතරා ච පණීතතරා චාති? එවං භන්තෙ.
උපාලි, එ කුමර ම පසු කාලයෙහි විය පැමිණ ඉන්ද්රිය පරිපාකයට පැමිණ, වඞ්කක (කුඩා කෙළි නගුල්) ය, ඝටිකා (කෙළිදඬු) ය, මොක්ඛචිකා (පිනුම් ගැසුම්) ය, චිඞ්ගුලක (හුළංපෙති) ය, පත්තාළහක (කොළ නැලිය) ය, කෙළිරියය, කුඩා කෙළි දුනුය, යන මෙබඳු කුමරුවන් ගේ යම් ඒ කෙළි බඩු වෙත් නම් එයින් කෙළනේ ය. උපාලි එ කුමැයි හඟුව, මෙ කෙළි, පළමු ක්‍රීඩාවට වඩා සිත්කලු හා ප්‍රණීතතර හා නොවේ ද? වහන්ස, එසේය.
සඛො සො උපාලි කුමාරො අපරෙන සමයෙන වුද්ධිමන්වාය ඉන්ද්රියානං පරිපාකමන්වාය පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගිභූතො පරිචාරෙති චක්ඛුවිඤ්ඤෙය්යෙහි රූපෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි, සොතවිඤ්ඤෙය්යෙහි සද්දෙහි, ඝානවිඤ්ඤෙය්යෙහි ගන්ධෙහි, ජිව්හාවිඤ්ඤෙය්යෙහි රසෙහි, කාය විඤ්ඤෙය්යෙහි ඵොට්ඨබ්බෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පිය රූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි, තං කිං මඤ්ඤසි උපාලි, නන්වායං ඛිඩ්ඩා පුරිමාහි ඛිඩ්ඩාහි අභික්කන්තතරා ච පණීතතරා චාති?
උපාලි, එ කුමරු ම පසු කලෙක වැඩිවිය පත්ව ව ඉන්ද්රිය පරිපාකයට ගොස් පස්කම් ගුණෙන් සමර්පිත වූයේ සමග වූයේ ඉෂ්ට කාන්ත මනාප චක්‍ෂුර්විඥේය වූ කාමෝපසංහිත වූ රැඳැවිය යුතු රූපයන්ගෙන් පරිචරණ කරයි. ශ්‍රෝතවිඥේය ශබ්දයෙන්, ඝ්‍රාණවිඥේය ගන්ධයෙන්, ජිහ්වාවිඥේය රසයෙන්, කායවිඥේය ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමයට හිත වූ රජනීය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් පරිචරණය කරයි. උපාලි, එ කුමැයි හඟුව? මෙ ක්‍රීඩා පළමු ක්‍රීඩායෙන් වඩා උතුම් වූයේ ප්‍රණීතතර වූයේත් නො වේ ද?
එවං භන්තෙ
වහන්ස එසේය.
ඉධං ඛො පන වො උපාලි තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා: සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති, සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉතිපටිසංචික්ඛති: සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්ත පරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්යන්ති. සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති.
උපාලි, මෙ ලොව්හි අර්හත්, සම්‍යක් සම්බුද්ධ, විද්‍යාචරණ සම්පන්න, සුගත, ලෝකවිද්, අනුත්තර පුරුෂදම්‍යසාරථී, දෙව් මිනිස්නට ශෘස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ උපදනාහුය. උහු දෙවියන් සහිත, මරුන් සහිත බඹුන් සහිත, මහණ බමුණන් සහිත සත්ත්වයන් ඇති සදේව මානුෂ මෙ ලොව තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට දන්වන්නාහ. උහු ආදි කල්‍යාණ වූ මධ්‍යයෙහි කල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ සාර්ත්ථ වූ සව්‍යඤ්ජන වූ කේවල පරිපූර්ණ වූ ධර්ම දේශනා කරත්. පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පළට කරත්. එ ධර්මය ගෙහෙවියෙක් වේවයි, ගෙහෙවි පුතෙක් වේවයි, අන්‍යතර කුලයෙක උපන්නේ වේව යි අසන්නේ ය. හෙ එ දහම් අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධා ප්‍රතිලාභයෙන් සමන්වාගත වූයේ මෙසේ ප්රත්යවේක්ෂා කරයි: ගෘහවාසය සම්බාධය, කෙලෙස් මගෙක පැවිද්ද අභ්‍යවකාශය වේ. ඒකාන්ත පරිපූර්ණ වූ ලියූ සකක් සෙයින් ඒකාන්තපරිශුද්ධ වූ මෙ බඹසර වස්නට ගිහිගෙයි වසනුවහු විසින් සුකර නො වෙයි. ඉඳින් මම් කෙහෙමස් බහා කහවත් පෙරෙව ගිහිගෙන් නික්ම පැවිද්දට වදනෙම් නම් යෙහෙකැයි. හේ පසු කල්හි අල්ප වූ හෝ භෝගස්කන්ධය හැරැදමා මහත් වූ හෝ භෝගස්කන්ධය හැරදමා අල්ප වූ හෝ ඥාතිපරිවර්තය හැරැදමා මහත් වූ හෝ ඥාතිපරිවර්තය හැරැදමා කේමස් බහා කහවත් පෙරැවැ ගිහි ගෙන් නික්ම පැවිද්දට වදනේ ය.
සො එවං පබ්බජිතො සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිත දණ්ඩො නිහිතසත්ථො ලජ්ජි දයාපන්නො සබ්බපාණභූතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති දින්නාදායී දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුචි භූතෙන අත්තනා විහරති. අබ්රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා, මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස, පිසුනංවාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති.
හෙ මෙසේ පැවිදි වූයේ ම භික්ෂූන්ගේ ශික්ෂා සාජීවයට පැමිණියේ පණිවා හැරැ පණිවායෙන් වැළැකියේ වෙයි. බහා තැබූ දඬු ඇතියේ බහා තැබූ සත් ඇතියේ ලදැතියේ දයාපන්න වූයේ සර්වප්රාණිභූතයනට හිතානුකම්පා ඇතියේ වෙසෙයි. අයිනාදන් හැරැදමා අයිනාදනින් වැළැකියේ වෙයි. දුන් දෑ ගන්නා සුලුයේ දුන් දෑ කැමැත්තේ නො සොර පිවිතුරු ආත්මයෙන් වාසය කරයි. අබ්රම්සර හැරැදමා බ්‍රම්සර ඇතියේ ආරාචාරී වූයේ ගැමිදම් වන මෙවුන්දමින් වැළැකියේ වෙයි. මුසවා හැරැදමා මුසවායෙන් වැළැකියේ සත්‍යය කියනසුළුයේ සත්යසන්ධ වූයේ තථධර්මයෙන් යුක්ත වූයේ හැදැහිය හැකි (කථා ඇතියේ ලෝකයාට අවිසංවාදක) වූයේ වෙයි. පිසුනු බස් හැරැදමා පිසුනු බසින් වැළැකියේ වෙයි.
න ඉතො සුත්වා අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය, ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා සා වාචා නෙළා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
මොවුන්ගේ භේදය පිණිස මෙතැන්හි අසා අසෝතන්හි නො කියනුයේ අසෝ තන්හි හෝ අසා අසුකයන්ගේ බිඳුම සඳහා මොවුනට නො කියන්නේ වෙයි. මෙසේ අසමගි වූවන් සමගි කරණුයේ සමගි වූවනට අනුබල දෙන්නේ සමගියෙහි ඇලුම් ඇත්තේ සමගියෙහි රැඳුනේ සමගියෙන් සතුටුවනුයේ සමගි කරණ සුළු බස් කියන්නේ වෙයි. පරොස් බස් හැරැදමා පරොස් බසින් වැළැකියේ වෙයි. නිදොස්, කණට සුව දෙන, පෙම් දනවන, සුවසේ ලගන්නා ගුණෙන් පිරිපුන්, බහුජනකාන්ත වූ බහුජනමනාප වූ යම් බසක් වේ නම් එබඳු බස් කියන්නේ වෙයි. සම්ප්රඵලාප හැර දමා සම්ප්‍රඵලාපයෙන් වැළැකියේ වෙයි. කාල වාදී වූයේ සැබෑ කියනුයේ දෘෂ්ට ධාර්මික - සාම්පරායික අර්ත්ථයම කියන සුලුයේ නව ලොවුතුරු දහම් ම කියන සුලුයේ සංවර, පහාන විනය පිණිස බස් කියනුයේ නිධානවත් වදන් සුදුසු කල්හි සකරුණු කොට පර්‍ය්‍යන්තවත් කොට කියනුයේ වෙයි.
සො බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. එකභත්තිකො හොති. රත්තුපරතො විරතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො හොති, මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩන විභූසනට්ඨානා පටිවිරතො හොති උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො හොති. ආමකධඤ්ඤ පටිග්ගහණා පටිවිරතො හොති. ආමකමංසපටිග්ගහණා පටිවිරතො හොති. ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතො හොති. දාසිදාසපටිග්ගහණා පටිවිරතො හොති. අජෙළකපටිග්ගහණා පටිවිරතො හොති. කුක්කුට සූකරපටිග්ගහණා පටිවිරතො හොති. හත්ථිගවාස්සවළවා පටිග්ගහණා පටිවිරතො හොති. ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති. දූතෙය්‍ය පහිණගමනානුයොගා පටිවිරතො හොති. කයවික්කයා පටිවිරතො හොති, තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො හොති. උක්කොටන වඤ්චනනිකතිසාචියොගා පටිවිරතො හොති. ඡෙදනවධබන්ධනවිපරාමොසආලොපසාහකාරා පටිවිරතො හොති.
භූතගාම බීජගාම විකෝපනයෙන් වැළැකියේ වෙයි. රාත්‍රිභෝජනයෙන් දුරු වූයේ විකල් බොජුනෙන් වැළැකියේ ඒකභක්තික වෙයි. නැටුම් ගැයුම් විසුලු දස්නෙන් බොජුනෙන් වැළැකියේ වෙයි. මල් ගඳ විලෙවුන් දැරුම් උනුතැන් පිරවීම් සිරුරු සැරැහුම් යන කරුණින් වැළැකියේ වෙයි. උසස්නෙන් හා මහස්නෙන් වැළැකියේ වෙයි. රන් රිදී පිළි ගැනුමෙන් වැළැකියේ වෙයි. ආමක ධාන්‍ය පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. අමු මස් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. ස්ත්‍රීන් හා කුමාරිකාවන් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. දැසි දස් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. එළුතිරෙළු වන් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. කුකුළුන් හා හූරන් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. ස්ත්‍රීන් ගෙරි අසුන් වෙළඹුන් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. කෙත් වත් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. දූතගමන ප්රහෙණගමනෙහි යෙදුමෙන් වැළැකියේ වෙයි. ක්‍රය වික්රයෙන් වැළැකියේ වෙයි. තුලා කූට, කංස කූට, මාන කූටයෙන් වැළැකියේ වෙයි. ලස්ගෙන හිමියන් අහිමියෙන් කිරීමය, වඤ්චනාය, මායායෝගය යන මෙදැයින් වැළැකියේ වෙයි. ඡේදනය, මරණය බන්ධනය, මං පැහැරීමය, ගම් පැහැරීමය, සාහසික ක්‍රියාය යන මෙයින් වැළැකියේ වෙයි.
සො සන්තුට්ඨො හොති කායපාරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. සෙය්යථාපි පක්ඛීසකුණො යෙන යෙනෙව ඩෙති, සපත්තභාරොව ඩෙති. එවමෙව භික්ඛු සන්තුට්ඨො හොති කායපාරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන යෙන යෙනෙව පක්කමති, සමාදායෙව පක්කමති සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති:
හේ කායපාරිහාරක චීවරයෙනුදු කුච්ඡිපාරිහාරික පිඬුවායෙනුදු සතුටු වෙයි. යම් ම දිගෙක යේ නම්, රැගෙන ම යෙයි. යම් පරිදි පක්ෂි ශකුනයෙක් යම් ම දිගෙක ඉගිල යේ නම් සපත්රහාරව ම ඉගිල යෙයි ද එසෙයින් මහණ කායපාරිහාරික චීවරයෙනුදු කුක්‍ෂිපාරිහාරික පිණ්ඩපාතයෙනුදු සතුටු වෙයි. යම් ම දිගෙක යේ නම් රැගෙන ම යෙයි. හේ මෙ ආර්‍ය්‍ය ශීලස්කන්ධයෙන් සමන්වාගත වූයේ අධ්‍යාත්මයෙහි අනවද්‍ය සුඛය විඳුනේය.
සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොතී නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති.
හේ චක්ෂුසින් රූපයක් දැක නිමිති නොගන්නා සුලු වෙයි. අනුව්‍යඤ්ජන නොගන්නා සුලු වෙයි. යම් හේතුයෙකින් චක්ෂුරින්ද්රියය අසංවෘත කොට වසන තෙල මහණහු ලමු අකුසල් දම් වූ අභිධ්‍යා දෞම්නස්යයෝ නුහුබඳනාහු නම් එ සංවරය සඳහා පිළිපදනේය. චක්ෂුරින්ද්රියය රක්නේ ය, චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි.
සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති, නානුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙතං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං පටිසංවෙදෙති.
ශොත්‍රයෙන් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්ධය ආඝ්රාණ කොට ... දිවින් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය පැහැස ... මනසින් ධර්මය දැන නිමිති නොගන්නා සුලු අනුව්‍යඤ්ජන නොගන්නා සුලු වෙයි. යම් හෙයකින් මනසින්ද්රිය ය අසංවෘත කොට වෙසෙන තෙල මහණහු ලමු පවු දහම් වන අභිධ්‍යා දෞර්මනස්යයෝ නුහුබඳනාහු ද, එ සංවරය සඳහා පිළිපදනේය. මනින්ද්රියය රක්නේ ය. මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. හේ මෙ ආර්‍ය්‍ය ඉන්ද්රිය සංවරයෙන් සමන්වාගත වූයේ අධ්‍යාත්මයෙහි අව්යාශෙක සුඛය විඳුනේ ය.
සො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති. උච්චාර පස්සාවකම්මෙ සම්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. .
හේ ඉදිරි ගමනෙහි දු පෙරළා ගමනෙහි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි. ඉදිරි බැල්මෙහි දු පසු බැල්මෙහි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි. අත් පා හැකුළුම්හි දු විහිදුම්හි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි. සඟළ පා සිවුරු ධැරුම්හි සම්ප්‍රජන්‍යකාරී වෙයි. අශිතයෙහි දු, පීතයෙහි දු, ඛායිතයෙහු දු, සායිතයෙහි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි. උච්චාර - ප්‍රස්‍රාව කර්මයෙහි සම්ප්‍රජන්‍යකාරී වෙයි. ගමනෙහි දු, සිටුම්හි දු, හිඳුම්හි දු, හෙවීම්හි දු නිදිවැරුම්හි දු භාෂිතයෙහි දු තූෂ්ණීම්භාවයෙහි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි.
සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො විචිත්තං සෙනාසනං භජති: අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං සො අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
හේ මෙ ආර්ය්යශිලස්කන්ධයෙනු දු සමන්වාගත වූයේ මේ ආර්‍ය්‍ය ඉන්ද්රිය සංවරයෙනුදු සමන්වාගත වූයේ මේ ආර්‍ය්‍ය ස්මෘති සම්ප්රජන්යයෙනුදු සමන්වාගත වූයේ ජනසම්බාධා රහිත සෙනසුන් වන අරණ්‍යය, වෘක්ෂ මූලය, පර්වතය, කන්දරය, ගිරිගුහාය, ශමසානය, වනපෙතය, අබවසය, තණසෙවෙණිය බෙජෙයි. හේ අරණට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ජනශූණ්යාගාරයට ගියේ වේවයි පලක් බැඳ කය ඉදු කොට තබා සිහිය පරිමුඛ කොට එළවා හිඳුනේය.
සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. ව්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී, ව්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථීනමිද්ධං පහාය විගත ථීනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථීනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම්මෙසු, විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
හේ පඤ්චස්කන්ධ සඞ්ඛ්‍යාත ලොව්හි අභිධ්‍යාව දුරු කොට පහව ගිය අභිධ්‍යා ඇති සිතින් වාසය කරණේය. අභිධ්‍යායෙන් සිත පිරිසුදු කෙරෙයි. ව්‍යාපාද ප්‍රද්වේෂය දුරු කොට ව්‍යාපාදයට නො අවන් සිතින් සිතැතියේ සර්වප්රාණභූතයනට හිතානුකම්පා ඇතියේ වාසය කරයි. ව්‍යාපාද ප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය දුරුකොට පහව ගිය ස්ත්‍යානමිද්ධ ඇතියේ ආලෝක සංඥා ඇතියේ ස්මෘතිමත් වූයේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ ස්ත්‍යානමිද්ධයෙන් සිත පිරිසුදු කෙරෙයි. ඖද්ධත්‍ය කෞකෘත්‍යය දුරු කොට උද්ධත නො වූයේ අධ්‍යාත්මයෙහි ව්‍යුපශාන්ත චිත්ත ඇතියේ වාසය කරයි. ඖද්ධත්‍ය කෞකෘත්‍යයෙන් සිත පිරිසුදු කෙරෙයි. විචිකිත්සාව දුරු කොට තරණ කළ විචිකිත්සාව ඇතියේ කුශල ධර්මයන් විෂයයෙහි කථංකථි නොවූයේ විචිකිත්සායෙන් සිත පිරිසිදු කෙරෙයි.
සො ඉමෙ පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිං මඤ්ඤසි උපාලි, නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තතරො ච පණීතතරො චාති?
හේ මේ චිත්තෝපක්ලේශ වන ප්‍රඥාව දුර්වල කරණ පඤ්චනීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව ම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. උපාලි, එ කුමැයි හඟිව් ද? මෙ විහාරය පළමු විහරණයට වඩා අභික්කන්තර වූයේත් ප්‍රණීතතර වූයේත් නොවේ ද?
එවං භන්තෙ.
වහන්ස, එසේය.
ඉමම්පි ඛො උපාලි මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති. නො ච ඛො තාව අනුප්පත්ත සදත්ථා විහරන්ති.
උපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙ දහම ද තමා කෙරෙහි දක්මින් අරණු දු, වනපෙත් දු, දුරුසෙනසුනු දු සෙවුනාහ. එතෙකුදු වුව පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ (අර්හත්ව) ය ඇත්තාහුව වාසය නො කරත් මැයි.
පුන චපරං උපාලි භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිං මඤ්ඤසි උපාලි, නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තතරො ච පණීතතරො චා ති?
තවද, උපාලි, මහණ විතර්ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් -පෙ- ද්විතීය ධ්‍යානයට එළඹ වාසය කරයි. උපාලි, ඒ කුමැයි හඟුව? මෙ විහාරය පළමු විහරණයට වඩා අභිකාන්තතරත් ප්‍රණීතතරත් නොවේ ද?
එවං භන්තෙ.
වහන්ස, එසේය.
ඉමම්පි ඛො උපාලි මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති. නො ච ඛො තාව අනුප්පත්තසදත්ථා විහරන්ති.
උපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙ දහම දු තමා තුළ දක්මින් අරණු දු, වනපෙතු දු, දුරු සෙනසුන් ද සෙවුනාහ. එතෙකුදු වුව පිළිවෙළින් පත් ස්වාර්‍ත්‍ථ ඇත්තාහු නොම වෙසෙත්.
පුන චපරං උපාලි භික්ඛු පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති තං කිං මඤ්ඤසි උපාලි නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තතරො ච පණීතතරොචා ති?
තවද උපාලි, මහණ ප්‍රීතියෙනුදු විරාගයෙන් -පෙ- තෘතීයධ්‍යානයට එළඹ වෙසෙයි. උපාලි, එ කුමැයි හඟුව? මෙ විහාරය පළමු විහාරයනට වඩා අභිකාන්තතර හා ප්‍රණීතතර හා නො වේද?
එවං භන්තෙ.
වහන්ස, එසේය.
ඉමම්පි ඛො උපාලි මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති. නො ච ඛො තාව අනුප්පත්තසදත්ථා විහරන්ති.
උපාලි, මෙ දහම ද මාගේ ශ්‍රාවකයෝ තමන් කෙරෙහි දක්නාහු අරණු දු, වනපෙතු දු, දුරු සෙනසුනු දු සෙවුනාහ. එතෙකුදු වුව පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ ඇත්තාහු නො ම වෙසෙත්.
පුන චපරං උපාලි භික්ඛු සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, තං කිං මඤ්ඤසි උපාලි නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තතරො ච පණීතතරො චා ති?
තවද උපාලි, මහණ සුඛප්‍රහාණයෙනුදු -පෙ- චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. උපාලි, ඒ කුමැයි හඟුව? මෙ විහාරය පළමු විහාරයනයට වඩා අභිකාන්තතරත් ප්‍රණීතතරත් නොවේ ද?
එවං භන්තෙ.
වහන්ස, එසේය.
ඉමම්පි ඛො උපාලි මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති. නො ච ඛො තාව අනුප්පත්තසදත්ථා විහරන්ති.
උපාලි, මෙ දහම ද මාගේ සව්වෝ තමන් කෙරෙහි දක්නාහු අරණු දු, වනපෙතු දු, දුරු සෙනසුනු දු සෙව්නාහ. එතෙකුදු වුව පිළිවෙළින් පත් ස්වාර්‍ත්‍ථ ඇත්තාහු නො වෙසෙත්.
පුන චපරං උපාලි භික්ඛු සබ්බසො රූප සඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. තං කිං මඤ්ඤසි උපාලි, නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තරො ච පණීතතරො චාති?
තවද උපාලි, මහණ සර්වප්රකාරයෙන් රූප සංඥාවන් මොනොවට ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්ව සංඥාවන්ගේ අමනසිකාරයෙන් කිසුණු ඉගුලු අහස අනතැ’යි ආකාසානඤ්චායතනයට එළඹ වෙසෙයි. උපාලි, එකුමැ යි හඟුව? මෙ විහාරය පළමු විහාරයනට වඩා අභිකාන්තතර හා ප්‍රණීතතර හා නො වේ ද?
එවං භන්තෙ.
වහන්ස එසේය.
ඉමම්පි ඛො උපාලි, මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති. නො ච ඛො තාව අනුප්පත්තසදත්ථා විහරන්ති.
උපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙ දහම ද තමන් කෙරෙහි දක්නා හු අරණ්යයනු දු, වනපෙතු දු, ප්රාන්තශයනාසනයනු දු සෙවුනාහ. එතෙකුදු වුව අනුප්‍රාප්ත ස්වාර්‍ත්‍ථ ඇත්තාහු නො වෙසෙත්.
පුන චපරං උපාලි භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති: -පෙ- සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චී ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති -පෙ-
තවද උපාලි, මහණ සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්‍රම කොට ‘විඥානය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට එළඹ වෙසෙයි. ... -පෙ- සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිදු නැති’යි ආකිඤ්චඤ්ඤායතනයට එළඹ වෙසෙයි. ...
සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම ‘සන්තමෙතං, පණීතමෙත’න්ති නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, තං කිං මඤ්ඤසි උපාලි, නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තතරො ච පණීතතරො චාති?
සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනයට ඉක්ම ‘තෙල ශාන්තය, තෙල ප්‍රණීතය’යි නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹ වෙසෙයි. උපාලි, එ කිමැයි හඟුව? මෙ විහාරය පළමු විහාරයනට වඩා අභිකාන්තතර හා ප්‍රණීතතර හා නො වේ දැයි!
එවං භන්තෙ.
වහන්ස, එසේය.
ඉමම්පි ඛො උපාලි මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති. නො ච ඛො තාව අනුප්පත්තසදත්ථා විහරන්ති.
උපාලි, මාගේ සව්වෝ මෙ දහම ද තමන් කෙරෙහි දක්නාහු අරණු දු, වනපෙතු දු, දුරු සෙනසුනු දු සෙවුනාහ. එතෙකුදු වුව පිළිවෙළින් පත් රහත්ඵල ඇත්තාහු නො වෙසෙත් මැයි.
පුන චපරං උපාලි භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. තං කිං මඤ්ඤසි උපාලි, නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තතරො ච පණීතතරො චා ති?
උපාලි, තවද මහණ සර්වප්රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය සමතික්‍රම කොට සංඥාවේදයිත නිරෝධයට එළඹ වෙසෙයි. ඔහු ප්‍රඥායෙන් දැක ඔහුගේ ආස්‍රවයෝ ද පරික්ෂීණ වෙත. උපාලි, ඒ කිමැයි හඟුව? මෙ විහාරය පළමු විහාරයනට වඩා අභිකාන්තතර හා ප්‍රණීතතර හා නොවේ ද?
එවං භන්තෙ.
වහන්ස, එසේය.
ඉමම්පි ඛො උපාලි මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති. නො ච ඛො තාව අනුප්පත්තසදත්ථා විහරන්ති. ඉඞ්ඝ ත්වං උපාලි, සඞ්ඝෙ විහරාහි, සඞ්ඝෙ තෙ විහරතො ඵාසු භවිස්සතී ති.
උපාලි, මාගේ ශ්‍රාවකයෝ මේ දහම ද තමන් තුළ දක්නාහු අරණ්‍යය ද වාන ප්‍රස්ථයන් ද ප්‍රාන්තශයනාසනයන් ද සෙවුනාහ. එතෙකුදු වුව අනුප්‍රාප්ත ස්වාර්‍ත්‍ථ ඇත්තාහු නො වෙසෙත්. උපාලි, එහෙයින් තෝ සඟුන් කෙරෙහි වසව, සඟුන් කෙරෙහි වසන තොපට පහසු වන්නේ ය යි.