යෙදුමෙන් කියවන්න

භබ‍්බාභබ‍්බ සුත‍්තං

10. 2. 5. 10.

10. 2. 5. 10.

භබ‍්බාභබ‍්බ සුත‍්තං

භබ්බාභබ්බ සූත්‍රය

දස ඉමෙ භික‍්ඛවෙ ධම‍්මෙ අප‍්පහාය අභබ‍්බො අරහත‍්තං සච‍්ඡිකාතුං කතමෙ දස:

මහණෙනි, මෙ දහම් දසය නොහැර අර්‍හත්‍වය සාක්‍ෂාත් කරණයට අභව්‍ය වෙයි. කවර දසයෙක් යත්:

රාගං දොසං මොහං කොධං උපනාහං මක‍්ඛං පලාසං ඉස‍්සං මච‍්ඡරියං මානං.

රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, උපනාහය, මකුබවය, පලාසය, ඊර්‍ෂ්‍යාය, මාත්සර්‍ය්‍යය, මානය දැයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ දස ධම‍්මෙ අප‍්පහාය අභබ‍්බො අරහත‍්තං සච‍්ඡිකාතුං.

මහණෙනි, මෙ දස දහම් නොහැර අර්‍හත්‍වය සාක්‍ෂාත් කරණයට අභව්‍ය වෙයි.

දසයිමෙ භික‍්ඛවෙ ධම‍්මෙ පහාය භබ‍්බො අරහත‍්තං සච‍්ඡිකාතුං කතමෙ දස:

මහණෙනි, මෙ දහම් දසය හැර අර්‍හත්‍වය සාක්‍ෂාත් කරණයට භව්‍ය වෙයි. කවර දසයෙක යත්:

රාගං දොසං මොහං කොධං උපනාහං මක‍්ඛං පලාසං ඉස‍්සං මච‍්ඡරියං මානං.

රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, උපනාහය, මක්ඛය, පලාසය, ඊර්‍ෂ්‍යාය, මාත්සර්‍ය්‍යය, මානය දැයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ දස ධම‍්මෙ පහාය භබ‍්බො අරහත‍්තං සච‍්ඡිකාතුන‍්ති.

මහණෙනි, මෙ දස දහම් හැර අර්‍හත්‍වය සාක්‍ෂාත් කරණයට භව්‍ය වෙයි.

උපාලිවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි උපාලි වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

කාමභොගී වෙරං - දිට‍්ඨිවජ‍්ජ උත‍්තියා උභො කොකනදො ආහුනියො: ථෙරො උපාලි අභබ‍්බොති.

කාම භෝගී සූත්‍රය, වෙර සූත්‍රය, දිට්ඨි සූත්‍රය, වජ්ජියමාහිත සූත්‍රය, උත්තිය සූත්‍රය, කොකනද සූත්‍රය, ආහුනෙය්‍ය සූත්‍රය, ථේර සූත්‍රය, උපාලි සූත්‍රය, අභබ්බ සූත්‍රය දැයි දසයෙකි.

දුතියො පණ‍්ණාසකො නිට‍්ඨිතො.

දෙවන පණ්ණාසකය නිමි.