සමණසඤ්ඤා සුත්තං
10. 3. 1. 1.
10. 3. 1. 1.
සමණසඤ්ඤා සුත්තං
සමණසඤ්ඤා සූත්‍රය
තිස්සො ඉමා භික්ඛවෙ සමණසඤ්ඤා භාවිතා බහුලීකතා සත්තධම්මෙ පරිපූරෙන්ති. කතමා තිස්සො:
මහණෙනි, මෙ ත්‍රිවිධ ශ්‍රමණ සංඥා කෙනෙක් භාවිත බහුලීකෘත වූවාහු සත්කරුණක් පිරිපුන් කරත්. කවර තුන් කෙනෙක් යත්:
වෙවණ්ණියම්හි අජ්ඣුපගතො, පටපටිබද්ධා මෙ ජීවිකා, අඤ්ඤො මෙ ආකප්පො කරණීයොති. ඉමා ඛො භික්ඛවෙ තිස්සො සමණසඤ්ඤා භාවිතා බහුලීකතා සත්තධම්මෙ පරිපූරෙන්ති. කතමෙ සත්ත:
(කාය - චීවරාදී) වෛවර්ණ්යයට පැමිණියෙම් වෙමියි. මා දිවිවැටුම් පරාපිළිබැඳි වෙයි; මා විසින් ගිහිනට අන්‍ය වූ ශ්රමණාකල්පයෙක් කට යුත්තේ ය; මහණෙනි, ශ්‍රමණයනට උපදනා මෙ ත්‍රිවිධ සංඥාහු භාවිත බහුලීකෘත වූවාහු සත් කරුණක් පිරිපුන් කරත්. කවර සත් කෙනෙක යත්:
නිච්චං සන්තතකාරී හොති සන්තතවුත්ති සීලෙසු, අනභිජ්ඣාලූ හොති. අව්යාපජ්ඣො හොති. අනතිමානී හොති සික්ඛාකාමො හොති, ඉදමත්ථන්තිස්ස හොති ජීවිතපරික්ඛාරෙසු ආරද්ධවිරියො ච විහරති. ඉමා ඛො භික්ඛවෙ තිස්සො සමණඤ්ඤා භාවිතා බහුලීකතා ඉමෙ සත්ත ධම්මෙ පරිපූරෙන්තී ති.
හැම කල්හි නිරන්තරකාරී වූයේ ශීලයෙහි සතතප්‍රවෘත්ති ඇත්තේ වෙයි. අභිධ්‍යාබහුල නොවෙයි. ව්‍යාපාද නැත්තේ වෙයි. අතිමාන නැත්තේ වෙයි. ශික්ෂා කාම වෙයි. ඔහුගේ ජීවිතපරික්ෂාකාරයන්හි මේ ප්‍රත්‍යය ය යන (අදහස) වෙයි. ඇරඹු වැර ඇතියේ ද වෙයි. මහණෙනි, මේ ත්‍රිවිධ ශ්‍රමණ සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මෙ සත් කරුණු සපුරත්යි.
10. 3. 1. 2.
10. 3. 1. 2.
බොජ්ඣඞ්ග සුත්තං
බොජ්ඣඞ්ග සූත්‍රය
සත්තිමෙ භික්ඛවෙ බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා තිස්සො විජ්ජා පරිපූරෙන්ති. කතමෙ සත්ත:
මහණෙනි, මේ සප්ත බෝධ්‍යඞ්ගයෝ භාවිත බහුලීකෘත වූවාහු ත්‍රිවිද්‍යාවන් සපුරත්. කවර සතෙක යත්:
සතිසම්බොජ්ඣඞ්ගො, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, විරියසම්බොජ්ඣඞ්ගො, පීතිසම්බොජ්ඣඞ්ගො, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො සමාධිසම්බොජ්ඣඞ්ගො, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො, ඉමෙ ඛො භික්ඛවෙ සත්තබොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා තිස්සො විජ්ජා පරිපූරෙන්ති. කතමා තිස්සො:
සතිසම්බොජ්ඣඞ්ගය, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, විරිය සම්බොජ්ඣඞ්ගය, පීති සම්බොජ්ඣඞ්ගය, පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය, සමාධි සම්බොජ්ඣඞ්ගය, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය යි. මහණෙනි, මේ සප්ත සම්බොජඣඞ්ගයෝ භාවිත බහුලීකෘත වූවාහු ත්‍රිවිද්‍යාවන් සපුරත්, කවර තිදෙනෙක යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ අනේකවිධ වූ පූර්වේනිවාසානු ස්මෘතිය සිහි කරයි. එ කෙසේය යත්: එක් ජාතියක් ද, ජාති දෙකක් ද ... මෙසේ ආකාර සහිත උද්දේශ සහිත අනේකවිධ පූර්වේනිවාසය අනුස්මරණය කරයි.
දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
මිනිසැස ඉක්ම ගිය, විශුද්ධ වූ දිවැසින් ... කම් වූ පරිදි ප්රතිසන්ධියට එළඹෙන සත්ත්වයන් දනිත්.
ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
ආස්‍රවක්‍ෂයන් … සාක්ෂාත් කොට එයට එළඹ වෙසෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා ඉමා තිස්සො විජ්ජා පරිපූරෙන්තී ති.
මෙ සප්ත බෝධ්‍යඞ්ගයෝ භාවිත බහුලීකෘත වූවාහු මෙ ත්‍රිවිද්‍යාවන් සපුරත්.