යෙදුමෙන් කියවන්න

1. සමණසඤ‍්ඤාවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. සමණසඤ්ඤා වර්ගය

1. සමණසඤ‍්ඤා සුත‍්තවණ‍්ණනා

1. සමණසඤ්ඤා සූත්‍ර වර්ණනාව

තතියස‍්ස පඨමෙ සමණසඤ‍්ඤාති සමණානං උප‍්පජ‍්ජනකසඤ‍්ඤා. සන‍්තතකාරීති නිරන‍්තරකාරී. අබ්‍යාපජ‍්ඣොති නිද‍්දුක‍්ඛො. ඉදමත්‍ථංතිස‍්ස හොතීති ඉදමත්‍ථං ඉමෙ පච‍්චයාති එවමස‍්ස ජීවිතපරික‍්ඛාරෙසු හොති, පච‍්චවෙක‍්ඛිතපරිභොගං පරිභුඤ‍්ජතීති අත්‍ථො. දුතියං උත‍්තානත්‍ථමෙව.

තෙවැනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රයෙහි සමණසඤ්ඤා යනු මහණුන්ට උපදින සංඥාවයි, සත්තතකාරී යනු නිතර කරන්නාවූයි, අව්‍යාපජ්ඣො යනු දුක්නැත්තේයි, ඉදමත්‍ථන්තිස්ස හොති යනු මෙය අර්‍ත්‍ථයය, මෙය ප්‍රත්‍යය යැයි මෙසේ ඔහුට ජීවිත පිරිකර කෙරෙහි වෙයි. ප්‍රත්‍යවේක්ෂා කරන ලද පරිභොගය වළදතියි අරුත්ය. දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය,

3. මිච‍්ඡත‍්ත සුත‍්තවණ‍්ණනා

3. මිච්ඡත්ත සූත්‍ර වර්ණනාව

තතියෙ විරාධනා හොතීති සග‍්ගතො මග‍්ගතො ච විරජ‍්ඣනං හොති. නො ආරාධනාති න සම‍්පාදනා න පරිපූරකාරිතා හොති. පහොතීති පවත‍්තති.

තෙවැන්නෙහි විරාධනා හොති යනු ස්වර්‍ගයෙන් ද මාර්‍ගයෙන් ද මෙහි වැළකීමක් (වැළහීමක්) වෙයි. නො ආරාධනා යනු සම්පාදනයක් නොවේ. සපිරීමක් නොවේ (හැකිවේයයි පවතියි).

4. බීජ සුත‍්තවණ‍්ණනා

4. බීජ සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නන‍්ති දිට‍්ඨානුරූපෙන පරිපුණ‍්ණං සමාදින‍්නං සකලං ගහිතං. චෙතනාති තීසු ද‍්වාරෙසු නිබ‍්බත‍්තිතචෙතනාව ගහිතා. පත්‍ථනාති “එවරූපො සිය”න‍්ති එවං පත්‍ථනා. පණිධීති “දෙවො වා භවිස‍්සාමි දෙවඤ‍්ඤතරො වා”ති චිත‍්තට‍්ඨපනා. සඞ‍්ඛාරාති සම‍්පයුත‍්තකසඞ‍්ඛාරා.

සිවුවැන්නෙහි යථාදිට්ඨි සමත්තං සමාදිණ්ණං යනු දෘෂ්ටියට අනුරූපව සපුරන ලදි. ගන්නා ලදි, සියල්ල ගන්නා ලදි, චෙතනා යනු තිදොරෙහි උපන් චේතනාවම ගන්නා ලදි. පත්‍ථනා යනු මෙසේ වන්නේයයි මෙසේ ඇති කල්හි පැතුමයි. පණිධි යනු දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් අනෙකෙක් හෝ වන්නෙමියි සිත පිහිටුවීමයි. සඞ්ඛාරා යනු එක්ව යෙදුණු සංස්කාරයෝයි.

5. විජ‍්ජා සුත‍්තවණ‍්ණනා

5. විජ්ජා සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ පුරෙචාරිකට‍්ඨෙන පුබ‍්බඞ‍්ගමා. අන්‍වදෙවාති තං අනුබන්‍ධමානමෙව.

පස්වැන්නෙහි, ඉදිරියෙහි හැසිරෙන අරුතින් පුබ්බඞ්ගමා නමි, අන්‍වදෙව යනු එය ඵහුබඳින්නාවූමයි,

6. නිජ‍්ජර සුත‍්තවණ‍්ණනා

6. නිජ්ජර සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ නිජ‍්ජරවත්‍ථූනීති නිජ‍්ජරකාරණානි. මිච‍්ඡාදිට‍්ඨි නිජ‍්ජිණ‍්ණා හොතීති අයං හෙට‍්ඨා විපස‍්සනායපි නිජ‍්ජිණ‍්ණා එව පහීනා. කස‍්මා පුන ගහිතාති? අසමුච‍්ඡින‍්නත‍්තා. විපස‍්සනාය හි කිඤ‍්චාපි නිජ‍්ජිණ‍්ණා, න පන සමුච‍්ඡින‍්නා. මග‍්ගො පන උප‍්පජ‍්ජිත්‍වා තං සමුච‍්ඡින්‍දති, න පුන වුට‍්ඨාතුං දෙති. තස‍්මා පුන ගහිතා. එවං සබ‍්බපදෙසු යොජෙතබ‍්බො. එත්‍ථ ච සම‍්මාවිමුත‍්තිපච‍්චයා චතුසට‍්ඨි ධම‍්මා භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති. කතමෙ චතුසට‍්ඨි? සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ අධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියං පරිපූරති, පග‍්ගහට‍්ඨෙන වීරියින්‍ද්‍රියං, උපට‍්ඨානට‍්ඨෙන සතින්‍ද්‍රියං, අවික‍්ඛෙපට‍්ඨෙන සමාධින්‍ද්‍රියං, දස‍්සනට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියං පරිපූරෙති, විජානනට‍්ඨෙන මනින්‍ද්‍රියං, අභිනන්‍දනට‍්ඨෙන සොමනස‍්සින්‍ද්‍රියං, පවත‍්තසන‍්තතිආධිපතෙය්‍යට‍්ඨෙන ජීවිතින්‍ද්‍රියං පරිපූරති…පෙ… අරහත‍්තඵලක‍්ඛණෙ අධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියං…පෙ… පවත‍්තසන‍්තතිආධිපතෙය්‍යට‍්ඨෙන ජීවිතින්‍ද්‍රියං පරිපූරතීති එවං චතූසු ච මග‍්ගෙසු චතූසු ච ඵලෙසු අට‍්ඨට‍්ඨ හුත්‍වා චතුසට‍්ඨි ධම‍්මා පාරිපූරිං ගච‍්ඡන‍්ති.

සවැන්නෙහි, නිජ්ජරවත්‍ථුනි යනු දිරායාමට හේතුයි, මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා හොති යනු මේ මිත්‍ථ්‍යාදෘෂ්ටිය යට විදර්‍ශනාවෙන් ද දිරාපත් වූයේමය. කුමක් හෙයින් යළි ගන්නා ලද්දේ ද යත්? සම්පූර්‍ණයෙන් විනාශ නොවූ බැවිනි. විදර්‍ශනාවෙන් මඳක් ගෙවී ගියේයි, සම්පූර්‍ණයෙන් වැනසුනේ නොවෙයි. මාර්‍ගය ඉපිද එය සහමුලින් වනසයි. යළි නැඟී සිටීමට නොදෙයි. එහෙයින් නැවත ගන්නා ලදී. මෙසේ සියලු පදයන්හි යෙදිය යුතුය. (මෙහිද සම්මා විමුත්තිය හේතුවෙන් සිවුසැට දහම්) වැඩීම සපිරීමට යයි. කවර සිවු සැටක්ද? සොතාපත්ති මාර්‍ගක්‍ෂණයෙහි අධිෂ්ඨාන අර්‍ත්‍ථයෙන් සද්ධින්‍ද්‍රිය සපිරෙයි. (දැඩිව ගැනීම් අර්‍ත්‍ථයෙන්) විරියින්‍ද්‍රිය එළඹසිටීමේ අර්‍ත්‍ථයෙන් සතිඉන්‍ද්‍රිය නොවිසිරීමේ අරුතින් සද්ධින්‍ද්‍රිය දැකීමේ අරුතින් පඤ්ඤින්‍ද්‍රිය දැනීමේ අරුතින් මනින්‍ද්‍රිය ගලායාමේ අරුතින් සොමනස්ස ඉන්‍ද්‍රිය පැවති සන්තතියට අධිපතිවීමේ අරුතින් ජීවිතින්‍ද්‍රිය සපිරෙයි. අරහත් ඵලක්‍ෂණයෙහි අධිෂ්ඨාන අර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධා ඉන්‍ද්‍රිය -පෙ- පවතින සන්තතියට අධිපති වීමේ අරුතින් ජීවිතින්‍ද්‍රිය සපුරයි. මෙසේ සිවුමග සිවුපෙලෙහි අට අට වී සිවුසැට දහම් සම්පූර්‍ණ බව යයි.

7. ධොවන සුත‍්තවණ‍්ණනා

7. ධොවන සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ ධොවනන‍්ති අට‍්ඨිධොවනං. තස‍්මිඤ‍්හි ජනපදෙ මනුස‍්සා ඤාතකෙ මතෙ න ඣාපෙන‍්ති, ආවාටං පන ඛණිත්‍වා භූමියං නිදහන‍්ති. අථ නෙසං පූතිභූතානං අට‍්ඨීනි නීහරිත්‍වා ධොවිත්‍වා පටිපාටියා උස‍්සාපෙත්‍වා ගන්‍ධමාලෙහි පූජෙත්‍වා ඨපෙන‍්ති. නක‍්ඛත‍්තෙ පත‍්තෙ තානි අට‍්ඨීනි ගහෙත්‍වා රොදන‍්ති පරිදෙවන‍්ති, තතො නක‍්ඛත‍්තං කීළන‍්ති.

සත්වැන්නෙහි ධොවනං යනු ඇට සේදීමයි, ඒ දනව්වෙහි මිනිස්සු නෑයන් මළවිට නොදවත්, වළක් කැණ බිම තැන්පත් කරයි. ඉක්බිති ඔවුන්ගේ කුණු වූ ඇට ගොඩගෙන දොවා පිළිවෙලින් ඔසවා ගඳමලින් පුදා තබත්. නැකත පැමිණිවිට ඒවා ගෙන හඬත්. වැලපෙත්. එයින් නැකත්කෙළි කරත්.

8-10. තිකිච‍්ඡක සුත‍්තාදිවණ‍්ණනා

8-10. තිකිච්ඡක ආදි සූත්‍ර වර්ණනා

අට‍්ඨමෙ විරෙචනන‍්ති දොසනීහරණභෙසජ‍්ජං. විරිත‍්තා හොතීති නීහටා හොති පනුදිතා. නවමෙ වමනන‍්ති වමනකරණභෙසජ‍්ජං. දසමෙ නිද‍්ධමනීයාති නිද‍්ධමිතබ‍්බා. නිද‍්ධන‍්තාති නිද‍්ධමිතා.

අටවැන්නෙහි චිරෙචනං යනු දොස් දුරු කරන බෙහෙතකි, විරිත්තා හොති යනු ඉවත් කරන ලද්දේ, දුරුකරන ලද්දේ වෙයි, නවවැන්නෙහි වමනං යනු වමනය ඇති කරවන බෙහෙතකි. දසවැන්නෙහි නිද්ධන්තා යනු බැහැර කරන ලද්දාවූයි.

11. අසෙක සුත‍්තවණ‍්ණනා

11. අසෙඛ සූත්‍ර වර්ණනාව

එකාදසමෙ අඞ‍්ගපරිපූරණත්‍ථං සම‍්මාදිට‍්ඨියෙව සම‍්මාඤාණන‍්ති වුත‍්තා. එවමෙතෙ සබ‍්බෙපි අරහත‍්තඵලධම‍්මා අසෙඛා, අසෙඛස‍්ස පවත‍්තත‍්තා පච‍්චවෙක‍්ඛණඤාණම‍්පි අසෙඛන‍්ති වුත‍්තං.

එකළොස් වැන්නෙහි අඞ්ග සපිරීම සඳහා සම්මාදිට්ඨියම සම්මාඤාණයයි කියන ලදි. මෙසේ මේ සියලුම අරහත්ඵල ධර්‍මයෝ අශෛක්‍ෂයෝයි, අශෛක්‍ෂයාට පැවති බැවින් ප්‍රත්‍යවෙක්ෂණ ඥානය ද අශෛක්‍ෂයයි කියන ලදි.

12. අසෙඛියධම‍්ම සුත‍්තවණ‍්ණනා

12. අසෙඛියධම්ම සූත්‍ර වර්ණනාව

ද‍්වාදසමෙ අසෙඛියාති අසෙඛායෙව, අසෙඛසන‍්තකා වා. ඉමිනා සුත‍්තෙන ඛීණාසවොව කථිතොති.

දොළොස්වැන්නෙහි අසෙඛියා යනු අශෛක්‍ෂයෝම අසෙඛියා නමි. මේ සූත්‍රයෙන් ක්ෂීණාශ්‍රවයන් වහන්සේ කියන ලදි.

සමණසඤ‍්ඤාවග‍්ගො පඨමො.

පළමු සමණසඤ්ඤා වර්‍ගයයි.