යෙදුමෙන් කියවන්න

2. පච‍්චොරොහණීවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. පච්චොරොහණි වර්ගය

1-2. පඨම අධම‍්ම සුත‍්තාදිවණ‍්ණනා

1-2. පඨම අධම්ම ආදි සූත්‍ර වර්ණනා

දුතියස‍්ස පඨමෙ පාටියෙක‍්කං පුච‍්ඡා ච විස‍්සජ‍්ජනා ච කතා. දුතියෙ එකතොව.

දෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි වෙන්වෙන්ව විමසීමද විසඳීම ද කරනලදි. දෙවැන්නෙහි එකටමය.

3. තතිය අධම‍්ම සුත‍්තවණ‍්ණනා

3. තතිය අධම්ම සූත්‍ර වර්ණනාව

තතියෙ උද‍්දෙසං උද‍්දිසිත්‍වාති මාතිකං නික‍්ඛිපිත්‍වා. සත්‍ථු චෙව සංවණ‍්ණිතොති පඤ‍්චසු ඨානෙසු එතදග‍්ගෙ ඨපෙන‍්තෙන සත්‍ථාරා සංවණ‍්ණිතො. සම‍්භාවිතොති ගුණසම‍්භාවනාය සම‍්භාවිතො. පහොතීති සක‍්කොති. අතිසිත්‍වාති අතික‍්කමිත්‍වා. ජානං ජානාතීති ජානිතබ‍්බකං ජානාති. පස‍්සං පස‍්සතීති පස‍්සිතබ‍්බකං පස‍්සති. චක‍්ඛුභූතොති චක‍්ඛු විය භූතො ජාතො නිබ‍්බත‍්තො. ඤාණභූතොති ඤාණසභාවො. ධම‍්මභූතොති ධම‍්මසභාවො. බ්‍රහ‍්මභූතොති සෙට‍්ඨසභාවො. වත‍්තාති වත‍්තුං සමත්‍ථො. පවත‍්තාති පවත‍්තෙතුං සමත්‍ථො. අත්‍ථස‍්ස නින‍්නෙතාති අත්‍ථං නීහරිත්‍වා දස‍්සෙතා. යථා නො භගවාති යථා අම‍්හාකං භගවා බ්‍යාකරෙය්‍ය.

තෙවැන්නෙහි උද්දෙසං උදදිසිත්‍වා යනු මාතෘකාව ඉදිරිපත් කොටයි, සත්‍ථු චෙව සංවණ්ණිතො යනු පස් තැනක එතදග්‍රස්ථානයෙහි තබන්නා වූ ශාස්තෲන් වහන්සේ විසින් වර්‍ණනා කරන ලද්දේයි. සම්භාවිතො යනු ගුණ පැසසීමෙන් සම්භාවනය කරන ලද්දේයි. පහොති යනු හැකිවෙයි. අතියීත්‍වා යනු ඉක්මවායි, ජානං ජානාති යනු දතයුත්ත දැනගනියි, පස්සං පස්සති යනු දැකියයුත්ත දකියි. චක්‍ඛුභූතො යනු ඇස්මෙන් වූයේ, හටගත්තේ, උපන්නේයි, ඤාණභූතො යනු ඥානස්වභාවයයි, ධම්මභූතො යනු ධර්‍ම ස්වභාවයයි, බ්‍රහ්මභූතො යනු ශ්‍රේෂ්ඨ ස්වභාවයයි, වත්තා පවත්තා යනු කීමෙහි සමත්වූයේ, පැවැත්වීමෙහි සමත් වූයේයි, අත්ථස්ස නින්නෙතා යනු අර්‍ත්‍ථය ගෙනහැර දක්වයි, යථා නො භගවා යනු යම්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ ද යනුයි.

4. අජිත සුත‍්තවණ‍්ණනා

4. අජිත සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ අජිතොති එවංනාමකො. චිත‍්තට‍්ඨානසතානීති චිත‍්තුප‍්පාදසතානි. යෙහීති යෙහි චිත‍්තට‍්ඨානසතෙහි අනුයුඤ‍්ජියමානා. උපාරද‍්ධාව ජානන‍්ති උපාරද‍්ධස‍්මාති විරද‍්ධා නිග‍්ගහිතා එවං ජානන‍්ති “විරද‍්ධා මයං, නිග‍්ගහිතා මයං, ආරොපිතො නො දොසො”ති. පණ‍්ඩිතවත්‍ථූනීති පණ‍්ඩිතභාවත්‍ථාය කාරණානි.

සිවුවැන්නෙහි අජිනො යනු එබඳු නම් ඇත්තේයි, චිත්තට්ඨානසතානි යනු සිත් ඉපදීම් සියයකි, යම් යම් සිත් ඉපදවීම් සියයෙන් යොදනු ලබන්නා වූ උපාරද්ධා පජානං යනු උපාරද්ධමහා යනු විරුද්ධ වූවෝය, දොස්නඟනු ලද්දෝ යයි මෙසේ දනිත්. අපි විරුද්ධ වූවෝ වෙමු. ලද්දෝ වෙමු. අපට දෝෂය පවරන ලද්දේයි දනිති. පණ්ඩිතවත්‍ථුනි යනු පණ්ඩිත බවට කරුණුයි.

5. සඞ‍්ගාරව සුත‍්තවණ‍්ණනා

5. සඞ්ගාරව සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ ඔරිමං තීරන‍්ති ලොකියං ඔරිමතීරං. පාරිමං තීරන‍්ති ලොකුත‍්තරං පාරිමතීරං. පාරගාමිනොති නිබ‍්බානගාමිනො. තීරමෙවානුධාවතීති සක‍්කායදිට‍්ඨිතීරංයෙව අනුධාවති. ධම‍්මෙ ධම‍්මානුවත‍්තිනොති සම‍්මා අක‍්ඛාතෙ නවවිධෙ ලොකුත‍්තරධම‍්මෙ අනුධම‍්මවත‍්තිනො, තස‍්ස ධම‍්මස‍්සානුච‍්ඡවිකාය සහසීලාය පුබ‍්බභාගපටිපත‍්තියා පවත‍්තමානා. මච‍්චුධෙය්‍යං සුදුත‍්තරන‍්ති මච‍්චුනො ඨානභූතං තෙභූමකවට‍්ටං සුදුත‍්තරං තරිත්‍වා. පාරමෙස‍්සන‍්තීති නිබ‍්බානං පාපුණිස‍්සන‍්ති.

පස්වැන්නෙහි ඔරිමංතීරං යනු ලෞකික මෙතරයි, පාරිමං තීරං යනු ලොකෝත්තර වූ එතෙරයි, පාරගාමිනො යනු නිවනට යන්නෝයි, තීරමවානුධාවති යනු සත්කාය ( දෘෂ්ටි) තෙරට ලුහුබඳියි, ධම්මෙ ධම්මානුවත්තිනො යනු මනාව දෙසනලද නවවැදෑරුම් ලොවුතුරු දහමෙහි අනුදහමෙහි පවතින්නෝයි, ධර්‍මයට සුදුසුවූ ශීලය සමඟ ඒ පූර්‍වභාග ප්‍රතිපත්තියෙහි පවතින්නාහුයි. මච්චුධෙය්‍යං සුදුත්තරං යනු මරයාට ස්ථාන වූ ත්‍රෛභූමික සංසාරය ඉතා දුකසේ තරණය කොටයි, පාරමෙස්සන්ති යනු නිවනට පැමිණෙත්.

ඔකා අනොකමාගම‍්මාති වට‍්ටතො විවට‍්ටං ආගම‍්ම. විවෙකෙ යත්‍ථ දූරමන‍්ති යස‍්මිං කායචිත‍්තඋපධිවිවෙකෙ දුරභිරමං, තත්‍රාභිරතිමිච‍්ඡෙය්‍ය. හිත්‍වා කාමෙති දුවිධෙපි කාමෙ පහාය. අකිඤ‍්චනොති නිප‍්පලිබොධො. ආදානපටිනිස‍්සගෙති ගහණපටිනිස‍්සග‍්ගසඞ‍්ඛාතෙ නිබ‍්බානෙ. අනුපාදාය යෙ රතාති චතූහි උපාදානෙහි කිඤ‍්චිපි අනුපාදියිත්‍වා යෙ අභිරතා. පරිනිබ‍්බුතාති තෙ අපච‍්චයපරිනිබ‍්බානෙන පරිනිබ‍්බුතා නාමාති වෙදිතබ‍්බා. ඡට‍්ඨං භික‍්ඛූනං දෙසිතං.

ඔකා අනොකමාගම්ම යනු සසරින් නිවනට පැමිණයි, විවෙක යත්‍ථ දූරමං යනු යම් කායචිත්ත උපධි විවේකයෙක්හි දුකසේ සතුටුවන්නාවූයි, තත්‍රාභිරතිමිච්ඡෙය්‍ය හිත්‍වා කාමෙ යනු දෙවැදෑරුම්වූ ද කාමයන් අතහැරයි, අකිඤ්චනො උවදුරු නැත්තේ, ආදානපටිනිස්සග්ගෙ යනු දැඩිව ගැනීම අත්හැරීම් සංඛ්‍යාත නිවනෙහියි, අනුපාදාය යෙ තො යනු සතර උපාදානයන්ගෙන් කිසිවකුදු දැඩි සේ නොගෙන ඇලුනාවූ යම් කෙනෙක්, පරිනිබ්බුතා යනු ඔවුහු ප්‍රත්‍යය නැති පිරිනිවුමෙන් පිරිනිවුණාහුයයි දතයුත්තාහ. සවැන්න භික්‍ෂුන්ට දෙසන ලදි.

7-8. පඨම පච‍්චොරොහණී සුත‍්තාදිවණ‍්ණනා

7-8. පඨම පච්චොරොහණී ආදි සූත්‍ර වර්ණනා

සත‍්තමෙ පච‍්චොරොහණීති පාපස‍්ස පච‍්චොරොහණං. පත්‍ථරිත්‍වාති සන්‍ථරිත්‍වා. අන‍්තරා ච වෙලං අන‍්තරා ච අග්‍යාගාරන‍්ති වාලිකාරාසිස‍්ස ච අග‍්ගිඅගාරස‍්ස ච අන‍්තරෙ. අට‍්ඨමං භික‍්ඛුසඞ‍්ඝස‍්ස දෙසිතං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

සත්වැන්නෙහි පච්චොරොහණී යනු පාපයාගේ පහළ බැස්මයි, පත්‍ථරිත්‍වා යනු අතුරුවායි, අන්තරා ච වෙලං අන්තරා ච අග්‍යාගාරං යනු වැලිගොඩට ද ගිනිගෙයට ද අතරයි, අටවැන්න භික්ෂු සංඝයාට දෙසන ලදි. සෙස්ස සියලු තැන පැහැදිලි අරුත් ඇත්තේමය.

පච‍්චොරොහණිවග‍්ගො දුතියො.

දෙවැනිවූ පච්චොරොහණි වර්‍ගයයි.