යෙදුමෙන් කියවන්න

තතිය අධම‍්ම සුත‍්තං

10. 3. 2. 3.

10. 3. 2. 3.

තතිය අධම‍්ම සුත‍්තං

තතිය අධම්ම සූත්‍රය

අධම‍්මො ච භික‍්ඛවෙ වෙදිතබ‍්බො, ධම‍්මො ච. අනත්‍ථො ච වෙදිතබ‍්බො අත්‍ථො ච, අධම‍්මඤ‍්ච විදිත්‍වා ධම‍්මඤ‍්ච, අනත්‍ථඤ‍්ච විදිත්‍වා අත්‍ථඤ‍්ච, යථා ධම‍්මො යථා අත්‍ථො තථා පටිපජ‍්ජිතබ‍්බන‍්ති. ඉදමවොච භගවා ඉදං වත්‍වා සුගතො උට‍්ඨායාසනා විහාරං පාවිසි.

මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මය ද ධර්‍මය ද දැන, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන ධර්‍මය යම් පරිදි නම්, අර්‍ත්‍ථය යම් පරිදි නම්, එපරිද්දෙන් පිළිපැදිය යුතු යයි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟි විහාරයට වැඩි සේක.

අථ ඛො තෙසං භික‍්ඛූනං අචිරපක‍්කන‍්තස‍්ස භගවතො එතදහොසි: “ඉදං ඛො නො ආවුසො භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො “අධම‍්මො ච භික‍්ඛවෙ වෙදිතබ‍්බො ධම‍්මො ච, අනත්‍ථො ච වෙදිතබ‍්බො අත්‍ථො ච, අධම‍්මඤ‍්ච විදිත්‍වා ධම‍්මඤ‍්ච, අනත්‍ථඤ‍්ච විදිත්‍වා අත්‍ථඤ‍්ච, යථා ධම‍්මො යථා අත්‍ථො තථා පටිපජ‍්ජිතබ‍්බ”න‍්ති. කො නු ඛො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජෙය්‍යාති.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ බැහැර වැඩි නො බෝ කල් වත් ම එ මහණුන්ට තෙල සිත විය: ඇවැත්නි, අපහට භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මය ද ධර්‍මය ද දැන, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන, ධර්‍මය යම් පරිදි නම්, අර්‍ත්‍ථය යම් පරිදි වේ නම්, එසෙයින් පිළිපැදිය යුතු යි” යන මෙ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟි විහාරයට වැඩියහ. කවරෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විභාග කරන්නේ දැ”යි.

අථ ඛො තෙසං භික‍්ඛූනං එතදහොසි: ‘අයං ඛො ආයස‍්මා ආනන්‍දො සත්‍ථු චෙව සංවණ‍්ණිතො, සම‍්භාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං, පහොති චායස‍්මා ආනන්‍දො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජිතුං.

එකල්හි එ මහණුන්හට තෙල සිත විය: “මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විතර විසින් බෙදා දක්වන්නට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පොහොසත් ද වන්නාහ.

යන‍්නූන මයං යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමෙය්‍යාම. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං එතමත්‍ථං පුච‍්ඡෙය්‍යාම, යථා නො ආයස‍්මා ආනන්‍දො ව්‍යාකරිස‍්සති, තථා නං ධාරෙස‍්සාමා”ති.

“ඉදින් අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹමෝ නම්, එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් තෙල අරුත් පුළුවුස්නමෝ නම්, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ යම් පරිද්දෙකින් අපට ව්‍යාකරණ කරත් ද එ පරිද්දෙන් එය දරන්නමෝ නම් යෙහෙකැ”යි.

අථ ඛො තෙ භික‍්ඛු යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා ආනන්‍දෙන සද‍්ධිං සම‍්මොදිංසු, සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛු ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොචුං:

ඉක්බිති එ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ මහණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කීහ:

“ඉදං ඛො නො ආවුසො ආනන්‍ද භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො, ‘අධම‍්මො ච භික‍්ඛවෙ වෙදිතබ‍්බො ධම‍්මො ච, අනත්‍ථො ච වෙදිතබ‍්බො අත්‍ථො ච, අධම‍්මඤ‍්ච විදිත්‍වා ධම‍්මඤ‍්ච, අනත්‍ථඤ‍්ච විදිත්‍වා අත්‍ථඤ‍්ච, යථා ධම‍්මො යථා අත්‍ථො, තථා පටිපජ‍්ජිතබ‍්බන‍්ති’. තෙසං නො ආවුසො අම‍්හාකං අචිරපක‍්කන‍්තස‍්ස භගවතො එතදහොසි: ‘ඉදං ඛො නො ආවුසො භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො, අධම‍්මො ච භික‍්ඛවෙ වෙදිතබ‍්බො ධම‍්මො ච, අනත්‍ථො ච වෙදිතබ‍්බො අත්‍ථො ච. අධම‍්මඤ‍්ච විදිත්‍වා ධම‍්මඤ‍්ච, අනත්‍ථඤ‍්ච විදිත්‍වා අත්‍ථඤ‍්ච, යථා ධම‍්මො යථා අත්‍ථො තථා පටිපජ‍්ජිතබ‍්බන‍්ති. කො නු ඛො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජෙය්‍යාති. තෙසං නො ආවුසො අම‍්හාකං එතදහොසි: “අයං ඛො ආයස‍්මා ආනන්‍දො සත්‍ථු චෙව සංවණ‍්ණිතො සම‍්භාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං, පහොති චායස‍්මා ආනන්‍දො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජිතුං. යන‍්නූන මයං යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමෙය්‍යාම, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං එතමත්‍ථං පුච‍්ඡෙය්‍යාම, යථා නො ආයස‍්මා ආනන්‍දො ව්‍යාකරිස‍්සති තථා නං ධාරෙය්‍යාමා”ති. විභජතු ආයස‍්මා ආනන්‍දොති.

ඇවැත් ආනන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේ අපට ‘මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මය ද ධර්‍මය ද දැන, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන, ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතු’යි යන මේ උද්දේශය සැකෙවින් උදෙසා විතර විසින් අර්‍ත්‍ථය නො බෙදා හුනස්නෙන් නැඟ විහාරයට වන්හ. ඇවැත්නි, එ අපට භාග්‍යවතුන් වහන්සේ බැහැර වැඩි නොබෝ කල්වත් ම තෙල සිත විය: ‘ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු ය, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු ය, අධර්‍මය ද ධර්‍මය ද දැන, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන, ධර්‍මය යම් පරිදි වේ නම්, අර්‍ත්‍ථය යම් පරිදි වේ නම්, එ පරිදි පිළිපැදිය යුතු ය’ යන මේ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟ විහාරයට වන්හ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය කවරෙක් විතර විසින් අර්‍ත්‍ථය බෙදා දක්වන්නේ දැ’යි. ඇවැත්නි, එ අපට තෙල සිත විය: “මෙ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ වනාහි ශාස්තෘන් වහන්සේ විසින් ද සංවර්ණිතයහ. විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් අරුත් බෙදනට පොහොසත් ද වෙත්. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹමෝ නම්, එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් තෙල කරුණ පුළුවුස්නමෝ නම්, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ යම් පරිදි ව්‍යාකරණ කරන්නහු ද එ පරිදි දරන්නමෝ නම් යෙහෙකැ’යි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බෙදා දක්වත්වා යි.

සෙය්‍යථාපි ආවුසො පුරිසො සාරත්‍ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක‍්ඛස‍්ස තිට‍්ඨතො සාරවතො අතික‍්කම‍්මෙව මූලං අතික‍්කම‍්මඛන්‍ධං සාඛා පලාසෙ සාරං පරියෙසිතබ‍්බං මඤ‍්ඤෙය්‍ය, එවං සම‍්පදමිදං ආයස‍්මන‍්තානං සත්‍ථරි සම‍්මුඛීභූතෙ තං භගවන‍්තං අතියිත්‍වා අම‍්හෙ එතමත්‍ථං පටිපුච‍්ඡිතබ‍්බං මඤ‍්ඤථ. සොහාවුසො භගවා ජානං ජානාති, පස‍්සං පස‍්සති, චක‍්ඛුභූතො ඤාණභූතො ධම‍්මභූතො බ්‍රහ‍්මභූතො වත‍්තා පවත‍්තා අත්‍ථස‍්ස නින‍්නෙතා අමතස‍්ස දාතා ධම‍්මස‍්සාමී තථාගතො. සො චෙව පනෙතස‍්ස කාලො අහොසි, යං තුම‍්හෙ භගවන‍්තං යෙව උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පුච‍්ඡෙය්‍යාථ, යථා වො භගවා ව්‍යාකරෙය්‍ය තථා නං ධාරෙය්‍යාථා ති.

ඇවැත්නි, හර කැමැති පුරුෂයෙක් හර සොයනුයේ සාරපර්‍ය්‍යෙෂණ කරනුයේ සිටුනා හර ඇති මහරුක්හුගේ මුල ඉක්ම කඳ ඉක්ම අතු කොළෙහි හර සෙවිය යුතු කොට හඟනේ යම් සේ නම්, මෙ එබඳු උපමා සම්පත් ඇත්තෙකි. ආයුෂ්මත්හට ශාස්තෘන් සම්මුඛ වත් ම එ භාග්‍යවත්හු ඉක්ම තෙල කරුණ අප පිළිවිසිය යුතු කොට හඟනාහු ය. ඇවැත්නි, දන්නා වූ එ භාග්‍යවතුන් වහන්සේ දනිත්ම ය, දක්නාහු දක්නාහුම ය. තථාගතයන් වහන්සේ චක්‍ෂූර්භූතයහ, ඥානස්වභාව ඇතියහ, ධර්‍මස්වභාව ඇතියහ, ශ්‍රේෂ්ඨ ස්වභාව ඇතියහ, වක්තෘහ, ප්‍රවර්‍තනයෙහි සමර්‍ත්‍ථයහ, අර්‍ත්‍ථයාගේ නිර්නේතෘහ, අමෘතයාගේ දාතෘහ, ධර්‍මස්වාමීහ. තෙල කරුණ සඳහා එම කල් විය. එහෙයින් තෙපි එ භාග්‍යවතුන් වහන්සේ කරා ම එළඹ තෙල කරුණ පුළුවුස්ව. භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දෙකින් තොපට ව්‍යාකරණ කෙරෙත්නම්, එ පරිද්දෙන් එය දරව යි.

අද‍්ධාවුසො ආනන්‍ද භගවා ජානං ජානාති, පස‍්සං පස‍්සති. චක‍්ඛුභූතො ඤාණභූතො ධම‍්මභූතො බ්‍රහ‍්මභූතො වත‍්තා පවත‍්තා අත්‍ථස‍්ස නින‍්නෙතා අමතස‍්ස දාතා ධම‍්මස‍්සාමි තථාගතො. සො චෙව පනෙතස‍්ස කාලො අහොසි යං මයං භගවන‍්තං යෙව උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පුච‍්ඡෙය්‍යාම, යථා නො භගවා ව්‍යාකරෙය්‍ය තථා නං ධාරෙය්‍යාම. අපි ච ආයස‍්මා ආනන්‍දො සත්‍ථු චෙව සංවණ‍්ණිතො, සම‍්භාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං, පහොති චායස‍්මා ආනන්‍දො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජිතුං. විභජතායස‍්මා ආනන්‍දො අගරු කරිත්‍වාති.

ඇවැත් ආනන්‍දයෙනි, එකැතින් දන්නාහු ම භාග්‍යවත්හු දනිති, දක්නාහු දකිත්, චක්‍ෂූර්භූතයහ, ඥානභූතයහ, ධර්‍මභූතයහ, බ්‍රහ්මභූතයහ, වක්තෘහ, ප්‍රවර්තෘහ, අර්‍ත්‍ථයාගේ නිර්නේතෘහ, අමෘතයාගේ දෘතෘහ, තථාගතයෝ ධර්‍මස්වාමීහ. යම් හෙයකින් අපි භාග්‍යවතුන් වහන්සේ කරා ම එළැඹ පුළුවුස්නමෝ නම්, යම් පරිද්දෙකින් අපට භාග්‍යවතුන් වහන්සේ ව්‍යාකරණ කරන සේක් නම් එසෙයින් දරනමෝ නම්, තෙල කරුණ සඳහා එ ම කල් විය. වැලිත් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ, විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විතර විසින් විභජනයට සමත්හ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ නො බර කොට විභජනය කරත්ව යි.

තෙන හාවුසො සුණාථ සාධුකං මනසිකරොථ භාසිස‍්සාමී ති. එව මාවුසොති ඛො තෙ භික‍්ඛු ආයස‍්මතො ආනන්‍දස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා ආනන්‍දො එතදවොච:

ඇවැත්නි, එ කරුණින් අසව, මොනොවට මෙනෙහි කරව. දෙසන්නෙමැ යි. ‘ඇවැත්නි, එසේ’යයි එ මහණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කරුණ වදාළහ:

යං ඛො නො ආවුසො භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො “අධම‍්මො ච භික‍්ඛවෙ වෙදිතබ‍්බො ධම‍්මො ච, අනත්‍ථො ච වෙදිතබ‍්බො අත්‍ථො ච, අධම‍්මඤ‍්ච විදිත්‍වා ධම‍්මඤ‍්ච, අනත්‍ථඤ‍්ච විදිත්‍වා අත්‍ථඤ‍්ච, යථා ධම‍්මො යථා අත්‍ථො තථා පටිපජ‍්ජිතබ‍්බ”න‍්ති.

ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු ය, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු ය, අධර්‍මය ද ධර්‍මය ද දැන අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන ධර්‍මය යම් පරිදි වේ නම් එ පරිදි පිළිපැදිය යුතුය”යි යම් ම උද්දේශයක් උදෙසා විස්තර විසින් අර්‍ත්‍ථවිභජනය නො කොට හුනස්නෙන් නැග විහාරයට වන්හු නම්:

කතමො චාවුසො අධම‍්මො, කතමො ච ධම‍්මො, කතමො ච අනත්‍ථො, කතමො ච අත්‍ථො:

ඇවැත්නි, අධර්‍ම කවරේ ය, ධර්‍මය ද කවරේ ය, අනර්‍ත්‍ථය ද කවරේ ය, අර්‍ත්‍ථය කවරේ ය යත්:

“මිච‍්ඡාදිට‍්ඨි ආවුසො අධම‍්මො සම‍්මාදිට‍්ඨි ධම‍්මො. යෙ ච මිච‍්ඡාදිට‍්ඨිපච‍්චයා අනෙකෙ පාපකා අකුසලා ධම‍්මා සම‍්භවන‍්ති, අයං අනත්‍ථො. සම‍්මාදිට‍්ඨිපච‍්චයා ච අනෙකෙ කුසලා ධම‍්මා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති, අයං අත්‍ථො.

ඇවැත්නි, මිථ්‍යාදෘෂ්ටිය අධර්‍ම වෙයි, සම්‍යග්දෘෂ්ටිය ධර්‍මය වෙයි, මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම් බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මෙ අනර්‍ත්‍ථ යි, සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම්, මෙ අර්‍ත්‍ථ වේ.

මිච‍්ඡාසඞ‍්කප‍්පො ආවුසො අධම‍්මො, සම‍්මාසඞ‍්කප‍්පො ධම‍්මො -පෙ- මිච‍්ඡාවාචා ආවුසො අධම‍්මො, සම‍්මාවාචා ධම‍්මො -පෙ- මිච‍්ඡාකම‍්මන‍්තො ආවුසො අධම‍්මො සම‍්මාකම‍්මන‍්තො ධම‍්මො -පෙ- මිච‍්ඡාආජීවො ආවුසො අධම‍්මො, සම‍්මා ආජීවො ධම‍්මො -පෙ- මිච‍්ඡාවායාමො ආවුසො අධම‍්මො, සම‍්මාවායාමො ධම‍්මො -පෙ- මිච‍්ඡාසති ආවුසො අධම‍්මො, සම‍්මාසති ධම‍්මො -පෙ- මිච‍්ඡාසමාධි ආවුසො අධම‍්මො, සම‍්මා සමාධි ධම‍්මො -පෙ- මිච‍්ඡාඤාණං ආවුසො අධම‍්මො, සම‍්මා ඤාණං ධම‍්මො -පෙ- මිච‍්ඡාවිමුත‍්ති ආවුසො අධම‍්මො, සම‍්මාවිමුත‍්තිධම‍්මො, යෙ ච මිච‍්ඡාවිමුත‍්තිපච‍්චයා අනෙකෙ පාපකා අකුසලා ධම‍්මා සම‍්භවන‍්ති, අයං අනත්‍ථො. සම‍්මාවිමුත‍්තිපච‍්චයා ච අනෙකෙ කුසලා ධම‍්මා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති, අයං අත්‍ථො.

ඇවැත්නි, මිථ්‍යාසංකල්පය අධර්‍මයි, සම්‍යක්සංකල්පය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාවාක් අධර්‍මයි, සම්‍යග්වාක් ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාකර්‍මාන්තය අධර්‍මයි, සම්‍යක්කර්‍මාන්තය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාආජීවය අධර්‍මයි, සම්‍යගාජීවය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාව්‍යායාමය අධර්‍මයි, සම්‍යග්ව්‍යායාමය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාස්මෘතිය අධර්‍මයි, සම්‍යක්ස්මෘතිය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාසමාධිය අධර්‍මයි, සම්‍යක්සමාධිය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාඥානය අධර්‍මයි, සම්‍යග්ඥානය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාවිමුක්තිය අධර්‍මයි, සම්‍යග්විමුක්ති ධර්‍මයි ... මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මෙ අනර්‍ත්‍ථ යි. සම්‍යග්විමුක්ති ප්‍රත්‍යයෙනුදු නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මෙ අර්‍ත්‍ථ යි.

යං ඛො නො ආවුසො භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො “අධම‍්මො ච භික‍්ඛවෙ වෙදිතබ‍්බො ධම‍්මො ච, අනත්‍ථො ච වෙදිතබ‍්බො අත්‍ථො ච, අධම‍්මඤ‍්ච විදිත්‍වා ධම‍්මඤ‍්ච, අනත්‍ථඤ‍්ච විදිත්‍වා අත්‍ථඤ‍්ච, යථා ධම‍්මො යථා අත්‍ථො තථා පටිපජ‍්ජිතබ‍්බ”න‍්ති. ඉමස‍්ස ඛො අහං ආවුසො භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි. ආකඞ‍්ඛමානා ච පන තුම‍්හෙ ආවුසො භගවන‍්තංයෙව උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පුච‍්ඡෙය්‍යාථ. යථා වො භගවා ව්‍යාකරොති. තථා නං ධාරෙය්‍යාථාති.

ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට ‘මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු ය, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු ය, අධර්‍මය ද ධර්‍මය දැන අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන ධර්‍මය යම් පරිදි වේ නම්, අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එ පරිද්දෙන් පිළිපැදිය යුතු ය’යි යන මේ යම් උද්දේශයක් සැකෙවින් උදෙසා විතර විසින් අරුත් නොබෙදා හුනස්නෙන් නැඟී විහාරයට වන්හු නම්, ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නොබෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය මෙසේ විතර විසින් දනිම්. ඇවැත්නි, තෙපි කැමතිවන්නාහු නම්, භාග්‍යවතුන් වහන්සේ කරාම එළඹ තෙල කරුණ පුළුවුස්ව. භාග්‍යවත්හු තොපට යම් ලෙසෙකින් ව්‍යාකරණ කරත් නම්, එලෙසින් එ දරව යි.

’එවමාවුසො’ති ඛො තෙ භික‍්ඛු ආයස‍්මතො ආනන්‍දස‍්ස භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛු භගවන‍්තං එතදවොචුං:

“ඇවැත්නි, එසේය”යි එ මහණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ භාෂිතය සතුටින් පිළිගෙන, අනුමෝදන්ව හුනස්නෙන් නැග භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:

“යං ඛො නො භන‍්තෙ භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො “අධම‍්මො ච භික‍්ඛවෙ වෙදිතබ‍්බො ධම‍්මො ච, අනත්‍ථො ච වෙදිතබ‍්බො අත්‍ථො ච, අධම‍්මඤ‍්ච විදිත්‍වා ධම‍්මඤ‍්ච අනත්‍ථඤ‍්ච විදිත්‍වා අත්‍ථඤ‍්ච, යථා ධම‍්මො යථා අත්‍ථො තථා පටිපජ‍්ජිතබ‍්බ’න‍්ති. තෙසං නො භන‍්තෙ අම‍්හාකං අචිරපක‍්කන‍්තස‍්ස භගවතො එතදහොසි: “ඉදං ඛො නො ආවුසො භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො ‘අධම‍්මො ච භික‍්ඛවෙ වෙදිතබ‍්බො ධම‍්මො ච, අනත්‍ථො ච වෙදිතබ‍්බො අත්‍ථො ච, අධම‍්මඤ‍්ච විදිත්‍වා ධම‍්මඤ‍්ච, අනත්‍ථඤ‍්ච විදිත්‍වා අත්‍ථඤ‍්ච, යථා ධම‍්මො යථා අත්‍ථො තථා පටිපජ‍්ජිතබ‍්බ’න‍්ති. කො නු ඛො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජෙය්‍යා”ති. තෙසං නො භන‍්තෙ අම‍්හාකං එතදහොසි: “අයං ඛො ආයස‍්මා ආනන්‍දො සත්‍ථු චෙව සංවණ‍්ණිතො, සම‍්භාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං, පහොති චායස‍්මා ආනන්‍දො ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජිතුං. යන‍්නූනමයං යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමෙය්‍යාම, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මා ආනන්‍දං එතමත්‍ථං පුච‍්ඡෙය්‍යාම, යථා නො ආයස‍්මා ආනන්‍දො ව්‍යාකරිස‍්සති, තථා නං ධාරෙස‍්සාමාති.

“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට ‘මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු ය, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු ය, අධර්‍මයත් ධර්‍මයත් දැන අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතු ය’යි යම් උද්දේසයක් සැකෙවින් විතර විසින් අරුත් නොබෙදා හුනස්නෙන් නැඟී විහාරයට වන් සේක් ද වහන්ස, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ බැහැර වැඩි නො බෝ කල් වත් ම තෙල සිත විය. ‘ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතුය, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතුය, අධර්‍මය ද ධර්‍මය ද දැන අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් ඒ පරිදි පිළිපැදිය යුතු ය’යි යන මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී විහාරයට වන්හ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අරුත් නොබෙදන ලද මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දැ”යි. වහන්ස, ඒ අපට තෙල සිත විය: “මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්‍ණණිතයහ. විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විතර විසින් බෙදනට පොහොසත් ද වෙති. ඉදින් අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹමෝ නම්, එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් තෙල අරුත් පුළුවුස්නමෝ නම් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ යම් පරිදි අපට ව්‍යාකරණ කෙරෙත් නම් එසෙයින් එම දරන්නමෝ නම් මැනැවැ”යි.

අථ ඛො මයං භන‍්තෙ යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසංකමිම‍්හ, උපසංකමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං එතමත්‍ථං අපුච‍්ඡිම‍්හ. තෙසං නො භන‍්තෙ ආයස‍්මතා ආනන්‍දෙන ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි ව්‍යඤ‍්ජනෙහි අත්‍ථො සුවිභත‍්තො”ති.

වහන්ස, ඉක්බිති අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹියම්හ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් තෙල අරුත් පුළුවුසුම්හ. වහන්ස, එ අපට ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් විසින් මේ අයුරින් මෙ පෙදෙන් මෙ ව්‍යඤ්ජනයෙන් අර්‍ත්‍ථය සුවිභක්තය යි.

සාධු සාධු භික‍්ඛවෙ පණ‍්ඩිතො භික‍්ඛවෙ ආනන්‍දො, මහාපඤ‍්ඤො භික‍්ඛවෙ ආනන්‍දො. මමඤ‍්චෙපි තුම‍්හෙ භික‍්ඛවෙ උපසංකමිත්‍වා එතමත්‍ථං පුච‍්ඡෙය්‍යාථ, අහම‍්පි චෙතං අත්‍ථං එවමෙව ව්‍යාකරෙය්‍යං, යථා තං ආනන්‍දෙන ව්‍යාකතං. එසො චෙතස‍්ස අත්‍ථො, එවඤ‍්ච නං ධාරෙය්‍යාථාති.

මහණෙනි, මැනව, මැනව. මහණෙනි, ආනන්‍දයෝ පණ්ඩිතයහ. මහණෙනි, ආනන්‍දයෝ මහාප්‍රාඥයහ. මහණෙනි, ඉදින් තෙපි මා කරා එළඹ තෙල අරුත් පුළුවුස්නාහු නම් මම ද තෙල කරුණ ආනන්‍දයන් විසින් එය යම් පරිදි ව්‍යාකෘත නම් එපරිදි ම විවරණ කරමි. තෙල භාෂිතයාගේ තෙල අරුත් ම ය. එසෙයින් ම එය දරව යි.