යෙදුමෙන් කියවන්න

අජිත සුත‍්තං

10. 3. 2. 4.

10. 3. 2. 4.

අජිත සුත‍්තං

අජිත සූත්‍රය

අථ ඛො අජිතො පරිබ‍්බාජකො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො අජිතො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච:

එකල්හි අජිත පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් අජිත පරිව්‍රාජක භගවත්හට තෙල කීය.

අම‍්හාකං භො ගොතම පණ‍්ඩිතො නාම සබ්‍රහ‍්මචාරී. තෙන පඤ‍්චමත‍්තානි චිත‍්තට‍්ඨානසතානි චින‍්තිතානි, යෙහි අඤ‍්ඤතිත්‍ථියා උපාරද‍්ධා පජානන‍්ති උපාරද‍්ධම‍්භාති.

භවත් ගෞතමයෙනි, අපගේ පණ්ඩිත නම් සබ්‍රම්සරෙක් ඇත. ඔහු විසින් යම් චිත්තෝත්පාද කෙනෙකුන් කරණ කොට ගෙන අන්‍යතීර්‍ත්‍ථකයෝ නිගන්නාලදහු නිගන්නා ලදුම්හයි දනිත් නම් එබඳු පන්සියක් පමණ චිත්තෝත්පාදයෝ සිතන ලදහ.

අථ ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි: ධාරෙථ නො තුම‍්හෙ භික‍්ඛවෙ පණ‍්ඩිතවත්‍ථූනීති?

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක: “මහණෙනි, තෙපි පණ්ඩිත වස්තූන් දරවුදැ”යි.

එතස‍්ස භගවා කාලො, එතස‍්ස සුගත කාලො, යං භගවා භාසෙය්‍ය, භගවතො සුත්‍වා භික‍්ඛූ ධාරෙස‍්සන‍්තීති.

භාග්‍යවතුන් වහන්සේ යමක් වදාරනසේක් නම් භාග්‍යවත්නි, තෙල සඳහා මෙ කලි, සුගතයෙනි, තෙල සඳහා මෙ කලි, භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අසා භික්‍ෂූහු දරත්හ යි.

තෙන හි භික‍්ඛවෙ සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස‍්සාමීති.

මහණෙනි, එහෙයින් ම අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි.

එවම‍්භන‍්තෙති ඛො තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං.

වහන්ස, එසේ ය යි එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.

භගවා එතදවොච:

භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:

ඉධ භික‍්ඛවෙ එකච‍්චො අධම‍්මිකෙන වාදෙන අධම‍්මිකං වාදං අභිනිග‍්ගණ‍්හාති, අභිනිප‍්පීළෙති. තෙන ච අධම‍්මිකං පරිසං රඤ‍්ජෙති. තෙන සා අධම‍්මිකා පරිසා උච‍්චාසද‍්දා මහාසද‍්දා හොති. පණ‍්ඩිතො වත භො, පණ‍්ඩිතො වත භොති.

මහණෙනි, මෙ ලොව්හි එකෙක් අධාර්මිකවාදයෙන් අධාර්මිකවාදය නිගන්නේ ය, වෙසෙසින් පෙළන්නේ ය. එයිනුදු අධාර්මික පර්‍ෂද්රඤ්ජිත කරනේ ය. එයින් ඒ අධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත ය. භවත්නි, එකැතින් පණ්ඩිත ය”යි උස්හඬ මහහඬ හඬ ඇති වෙයි.

ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො අධම‍්මිකෙන වාදෙන ධම‍්මිකං වාදං අභිනිග‍්ගණ‍්හාති, අභිනිප‍්පීළෙති. තෙන ච අධම‍්මිකං පරිසං රඤ‍්ජෙති. තෙන සා අධම‍්මිකා පරිසා උච‍්චාසද‍්දා මහාසද‍්දා ‘පණ‍්ඩිතො වත භො, පණ‍්ඩිතො වත භො’ති.

මහණෙනි, මෙ ලොව්හි එකෙක් අධාර්මිකවාදයෙන් ධාර්මිකවාදය දැඩි කොට නිගන්නේ ය, දැඩි කොට පෙළන්නේ ය. එයිනුදු අධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත ය, භවත්නි, එකැතින් පණ්ඩිත ය”යි උස්හඬ මහහඬ ඇති වෙයි.

ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො අධම‍්මිකෙන වාදෙන ධම‍්මිකං ච වාදං අධම‍්මිකඤ‍්ච වාදං අභිනිග‍්ගණ‍්හාති, අභිනිප‍්පීළෙති. තෙන ච අධම‍්මිකං පරිසං රඤ‍්ජෙති. තෙන සා අධම‍්මිකා පරිසා උච‍්චාසද‍්දා මහාසද‍්දා හොති පණ‍්ඩිතො වත භො, පණ‍්ඩිතො වත භො’ති.

මහණෙනි, මෙ ලොව්හි එකෙක් අධාර්මිකවාදයෙන් ධාර්මිකවාදය ද අධාර්මිකවාදය ද දැඩි ව නිගනී, දැඩි ව පෙළ යි. එයින් ම අධාර්මික පර්‍ෂද් රඳනේ ය. ඒ කරුණින් ඒ අධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත. භවත්නි, එකැතින් පණ්ඩිත ය”යි උස්හඬ ඇති මහ හඬ ඇති වෙයි.

ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො ධම‍්මිකෙන වාදෙන ධම‍්මිකං ච වාදං අධම‍්මිකඤ‍්ච වාදං අභිනිග‍්ගණ‍්හාති, අභිනිප‍්පීළෙති. තෙන ච අධම‍්මිකං පරිසං රඤ‍්ජෙති. තෙන සා අධම‍්මිකා පරිසා උච‍්චාසද‍්දා මහාසද‍්දා හොති ‘පණ‍්ඩිතො වත භො, පණ‍්ඩිතො වත භො”ති.

මහණෙනි, මෙ ලොව්හි එකෙක් ධාර්මිකවාදයෙන් ධාර්මිකවාදය ද අධාර්මිකවාදය ද දැඩි ව නිගන්නේ ය, දැඩි ව පෙළන්නේ ය. එයිනුදු අධාර්මික පර්‍ෂද් කැඳවන්නේ ය. එයින් ඒ අධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත ය. භවත්නි, එකැතින් පණ්ඩිත ය”යි උස්හඬ මහහඬ ඇති වෙයි.

ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො ධම‍්මිකෙන වාදෙන ධම‍්මිකං වාදං අභිනිග‍්ගණ‍්හාති, අභිනිප‍්පීළෙති. තෙන ච ධම‍්මිකං පරිසං රඤ‍්ජෙති. තෙන ච සා ධම‍්මිකා පරිසා උච‍්චාසද‍්දා මහාසද‍්දා හොති පණ‍්ඩිතො වත භො, පණ‍්ඩිතො වත භො’ති.

මහණෙනි, මෙ ලොව්හි එකෙක් ධාර්මික වාදයෙන් ධාර්මිකවාදය තදින් නිගනී, තදින් පෙළයි. එයිනුදු ධාර්මික පර්‍ෂද් රඳවයි. එයින් ඒ ධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත ය. භවත්නි, එකැතින් පණ්ඩිත ය” යි උස්හඬ ඇති මහ හඬ ඇති වෙයි.

අධම‍්මො ච භික‍්ඛවෙ වෙදිතබ‍්බො ධම‍්මො ච, අනත්‍ථො ච වෙදිතබ‍්බො අත්‍ථො ච. අධම‍්මඤ‍්ච විදිත්‍වා ධම‍්මඤ‍්ච, අනත්‍ථං ච විදිත්‍වා අත්‍ථඤ‍්ච, යථා ධම‍්මො යථා අත්‍ථො පටිපජ‍්ජිතබ‍්බං.

මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මය ද ධර්‍මය ද දැන අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන දහම් යම් පරිදි වේ නම් අරුත් යම් පරිදි වේ නම් එ පරිදි පිළිපැදිය යුතු.

කතමො ච භික‍්ඛවෙ අධම‍්මො, කතමො ච ධම‍්මො: කතමො ච අනත්‍ථො, කතමො ච අත්‍ථො:

මහණෙනි, අධර්‍මය කවර? ධර්‍මය ද කවර? අනර්‍ත්‍ථය කවර? අර්‍ත්‍ථය ද කවර?

මිච‍්ඡාදිට‍්ඨි භික‍්ඛවෙ අධම‍්මො, සම‍්මාදිට‍්ඨි ධම‍්මො, යෙ ච මිච‍්ඡාදිට‍්ඨිපච‍්චයා අනෙකෙ පාපකා අකුසලා ධම‍්මා සම‍්භවන‍්ති, අයං අනත්‍ථො. සම‍්මාදිට‍්ඨිපච‍්චයා ච අනෙකෙ කුසලා ධම‍්මා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති අයං අත්‍ථො.

මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය අධර්‍ම යි. සම්‍යක්දෘෂ්ටිය ධර්‍ම යි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම් බඳු නොයෙක් ලමු අකුශල ධර්‍මයෝ උපදනාහු නම් මේ අනර්‍ත්‍ථ යි. සම්‍යක්දෘෂ්ටි ප්‍රත්‍යයෙනුදු නොයෙක් කුශල ධර්‍මයෝ භාවනායෙන් පරිපූර්ත්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.

මිච‍්ඡාසඞ‍්කප‍්පො භික‍්ඛවෙ අධම‍්මො, සම‍්මාසඞ‍්කප‍්පො ධම‍්මො -පෙ- මිච‍්ඡාවාචා භික‍්ඛවෙ අධම‍්මො, සම‍්මාවාචා ධම‍්මො -පෙ- මිච‍්ඡාකම‍්මන‍්තො භික‍්ඛවෙ අධම‍්මො සම‍්මාකම‍්මන‍්තො ධම‍්මො -පෙ-

මහණෙනි, මිථ්‍යාසඞ්කල්පය අධර්‍ම යි, සම්‍යක්සඞ්කල්පය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාවාග් අධර්‍ම යි, සම්‍යක්වාග් ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යා කර්‍මාන්තය අධර්‍ම යි. සම්‍යක් කර්‍මාන්තය ධර්‍ම යි ...

මිච‍්ඡාආජීවො භික‍්ඛවෙ අධම‍්මො, සම‍්මා ආජීවො ධම‍්මො -පෙ- මිච‍්ඡාවායාමො භික‍්ඛවෙ අධම‍්මො, සම‍්මාවායාමො ධම‍්මො -පෙ- මිච‍්ඡාසති භික‍්ඛවෙ අධම‍්මො, සම‍්මාසති ධම‍්මො -පෙ- මිච‍්ඡාසමාධි භික‍්ඛවෙ අධම‍්මො, සම‍්මා සමාධි ධම‍්මො -පෙ- මිච‍්ඡාඤාණං භික‍්ඛවෙ අධම‍්මො, සම‍්මා ඤාණං ධම‍්මො -පෙ- මිච‍්ඡාවිමුත‍්ති භික‍්ඛවෙ අධම‍්මො, සම‍්මාවිමුත‍්ති ධම‍්මො, යෙ ච මිච‍්ඡාවිමුත‍්තිපච‍්චයා අනෙකෙ පාපකා අකුසලා ධම‍්මා සම‍්භවන‍්ති, අයං අනත්‍ථො. සම‍්මාවිමුත‍්තිපච‍්චයා ච අනෙකෙ කුසලා ධම‍්මා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති, අයං අත්‍ථො.

මහණෙනි, මිථ්‍යාආජීවය අධර්‍ම යි. සම්‍යක්ආජීවය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාව්‍යායාමය අධර්‍ම යි. සම්‍යක්ව්‍යායාමය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යා ස්මෘතිය අධර්‍ම යි, සම්‍යක්ස්මෘතිය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාසමාධිය අධර්‍ම යි. සම්‍යක්සමාධිය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාඤාණය අධර්‍ම යි, මහණෙනි, සම්‍යක්ඥානය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාවිමුක්තිය අධර්‍ම යි. සම්‍යක්විමුක්තිය ධර්‍ම යි. මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් මේ අනර්‍ත්‍ථ යි. සම්‍යක් විමුක්ති ප්‍රත්‍යයෙනුදු මේ කුශල ධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍තතියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.

අධම‍්මො ච භික‍්ඛවෙ වෙදිතබ‍්බො ධම‍්මො ච, අනත්‍ථො ච වෙදිතබ‍්බො අත්‍ථො ච, අධම‍්මඤ‍්ච විදිත්‍වා ධම‍්මඤ‍්ච, අනත්‍ථඤ‍්ච විදිත්‍වා අත්‍ථඤ‍්ච යථා ධම‍්මො, යථා අත්‍ථො තථා පටිපජ‍්ජිතබ‍්බන‍්ති ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තන‍්ති.

මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මයත් ධර්‍මයත් දැන අනර්‍ත්‍ථයත් අර්‍ත්‍ථයත් දැන දහම් යම් පරිදි වේ නම් අනර්‍ත්‍ථ යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතු යයි මෙසේ යමක් කියන ලද නම් මෙය තෙල කරුණ පිණිස කියන ලදැ යි.