සඞ්ගාරව සුත‍්තං
10. 3. 2. 5.
10. 3. 2. 5.
සඞ‍්ගාරව සුත‍්තං
සඞ්ගාරව සූත්‍රය
අථ ඛො සඞ‍්ගාරවො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සඞ‍්ගාරවො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච:
එකල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කීය:
“කිං නු ඛො භො ගොතම ඔරිමං තීරං, කිං පාරිමං තීර”න‍්ති?
භවත් ගෞතමයෙනි, මෙතෙර කවර, එතෙර කවර?
මිච‍්ඡාදිට‍්ඨි ඛො බ්‍රාහ‍්මණ ඔරිමං තීරං, සම‍්මාදිට‍්ඨි පාරිමං තීරං. මිච‍්ඡාසඞ‍්කප‍්පො ඔරිමං තීරං, සම‍්මාසඞ‍්කප‍්පො පාරිමං තීරං. මිච‍්ඡාවාචා ඔරිමං තීරං, සම‍්මාවාචා පාරිමං තීරං. මිච‍්ඡාකම‍්මන‍්තො ඔරිමං තීරං සම‍්මාකම‍්මන‍්තො පාරිමං තීරං. මිච‍්ඡා ආජීවො ඔරිමං තීරං, සම‍්මා ආජීවො පාරිමං තීරං. මිච‍්ඡාවායාමො ඔරිමං තීරං, සම‍්මා වායාමො පාරිමං තීරං. මිච‍්ඡාසති ඔරිමං තීරං, සම‍්මාසති පාරිමං තීරං. මිච‍්ඡාසමාධි ඔරිමං තීරං, සම‍්මාසමාධි පාරිමං තීරං. මිච‍්ඡාඤාණං ඔරිමං තීරං, සම‍්මාඤාණං පාරිමං තීරං. මිච‍්ඡාවිමුත‍්ති ඔරිමං තීරං, සම‍්මාවිමුත‍්ති පාරිමං තීරං. ඉදං ඛො බ්‍රාහ‍්මණ ඔරිමං තීරං, ඉදං පාරිමං තීරන‍්ති.
බ්‍රාහ්මණය, මිථ්‍යාදෘෂ්ටිය මෙ තෙර යි. සම්‍යක්දෘෂ්ටිය එතෙර යි. මිථ්‍යාසඞ්කල්පය මෙතෙර යි, සම්‍යක්සඞ්කල්පය එතෙර යි. මිථ්‍යාවචනය මෙතෙර යි, සම්‍යක්වචනය එතෙර යි. මිථ්‍යාකර්‍මාන්තය මෙතෙර යි, සම්‍යක්කර්‍මාන්තය එතෙර යි. මිථ්‍යාආජීවය මෙතෙර යි, සම්‍යක්ආජීවය එතෙර යි. මිථ්‍යාව්‍යායාමය මෙතෙර යි, සම්‍යක්ව්‍යායාමය එතෙර යි. මිථ්‍යාසතිය මෙතෙර යි, සම්‍යක්සතිය එතෙර යි. මිථ්‍යාසමාධිය මෙතෙර යි, සම්‍යක්සමාධිය එතෙර යි. මිථ්‍යාඥානය මෙතෙර යි, සම්‍යක්ඥානය එතෙර යි. මිථ්‍යාවිමුක්තිය මෙතෙර යි, සම්‍යක්විමුක්තිය එතෙර යි. බමුණ, මෙ වනාහි මෙතෙරය, මෙ එතෙරය යි.
1. අප‍්පකා තෙ මනුස‍්සෙසු - යෙ ජනා පාරගාමිනො, අථායං ඉතරා පජා - තීරමෙවානුධාවති.
1. මිනිසුන් අතුරෙන් යම් ජන කෙනෙක් නිවන් යනුවෝ ද එ ජනයෝ මඳහ. වැලි මෙ (නිවන් යන සත්ත්‍වයන් කෙරෙන්) අන් ප්‍රජාව සත්කාය තීරයට ම දිවෙයි.
2. යෙ ච ඛො සම‍්මදක‍්ඛාතෙ - ධම‍්මෙ ධම‍්මානුවත‍්තිනො, තෙ ජනා පාරමෙස‍්සන‍්ති - මච‍්චුධෙය්‍යං සුදුත‍්තරං.
2. යම් කෙනෙකුන් මොනොවට දෙසූ (දේශනා) නව ලෝකෝත්තර ධර්‍මයෙහි ධර්‍මානුරූප ව වටනාහු ද, එ ජනයෝ සුදුසතර තෙබුමු වට නැමැති මෘත්‍යුධෙයය තරණය කොට පරතෙර (නිවන) ට යෙත්.
3. කණ‍්හං ධම‍්මං විප‍්පහාය සුක‍්කං භාවෙථ පණ‍්ඩිතො, ඔකා අනොකං ආගම‍්ම - විවෙකෙ යත්‍ථ දූරමං.
3. පණ්ඩිත තෙමේ කෘෂ්ණ ධර්‍ම හැරදමා වර්‍ත සඞ්ඛ්‍යාත ගෙන් යම් කාය චිත්ත උපධි විවේකයෙක්හි අභිරමණය කිරීමට දුෂ්කර වූ විවර්‍ත සඞ්ඛ්‍යාත අනෝකයට පැමිණ ශුක්ලධර්‍මය වඩනේ ය.
4. තත්‍රාභිරතිමිච‍්ඡෙය්‍ය - හිත්‍වා කාමෙ අකිඤ‍්චනො, පරියොදපෙය්‍ය අත‍්තානං - චිත‍්තක‍්ලෙසෙහි පණ‍්ඩිතො.
4. පලිබෝධ රහිත වූයේ පණ්ඩිත තෙම ද්විවිධ කාමයන් දුරු කොට එ නිවන්හි අභිරතිය කැමැති වන්නේ ය. චිත්තක්ලේශයන්ගෙන් සිත පර්‍ය්‍යවදාත කරන්නේ ය.
5. යෙසං සම‍්බොධි අඞ‍්ගෙසු - සම‍්මාචිත‍්තං සුභාවිතං, ආදානපටිනිස‍්සග‍්ගෙ - අනුපාදාය යෙ රතා, ඛීණාසවා ජුතීමන‍්තො - තෙ ලොකෙ පරිනිබ‍්බුතා ති.
5. යමකුන් විසින් සම්බෝධ්‍යඞ්ගයන්හි මොනොවට සිත වඩන ලද ද ග්‍රහණප්‍රතිනිඃසර්‍ග සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි චතුරෝපාදාන විසින් නො ගෙන යම් කෙනෙක් ඇලුණාහු ද ද්‍යුතිමත් එ ක්‍ෂීණාස්‍රවයෝ පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත උපාදාන ලෝකයෙහි (කෙලෙස් පිරිනිවුමෙන්) නිවියහයි.