යෙදුමෙන් කියවන්න

ඔරිමතීර සුත‍්තං

10. 3. 2. 6.

10. 3. 2. 6.

ඔරිමතීර සුත‍්තං

ඔරිමතීර සූත්‍රය

ඔරිමඤ‍්ච ඛො භික‍්ඛවෙ තීරං දෙසිස‍්සාමි, පාරිමඤ‍්ච තීරං. තං සුණාථ. සාධුකං මනසිකරොථ, භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

මහණෙනි, තොපට ඔරිමතීරය හා පාරිමතීරය හා දෙසන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව දෙසන්නෙමි යි. ‘වහන්ස, එසේ’ යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:

කතමඤ‍්ච භික‍්ඛවෙ ඔරිමං තීරං, කතමඤ‍්ච පාරිමං තීරං:

මහණෙනි, ඔරිමතීරය හා කවර, පාරිමතීරය හා කවර:

මිච‍්ඡාදිට‍්ඨි භික‍්ඛවෙ ඔරිමං තීරං, සම‍්මාදිට‍්ඨි පාරිමං තීරං -පෙ- මිච‍්ඡාවිමුත‍්ති ඔරිමං තීරං, සම‍්මාවිමුත‍්ති පාරිමං තීරං. ඉදං ඛො භික‍්ඛවෙ ඔරිමං තීරං, ඉදං පාරිමං තීරන‍්ති.

මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය ඔරිමතීරය යි. සම්‍යග්දෘෂ්ටිය පාරිමතීරය යි ... මිථ්‍යාවිමුක්තිය ඔරිමතීරය යි. සම්‍යග්විමුක්තිය පාරිමතීරය යි. මහණෙනි, මෙ ඔරිමතීරය යි. මෙ පාරිමතීරය යි.

1. අප‍්පකා තෙ මනුස‍්සෙසු - යෙ ජනා පාරගාමිනො, අථායං ඉතරා පජා - තීරමෙවානුධාවති.

1. මිනිසුන් අතුරෙන් යම් ජන කෙනෙක් නිවන් යනුවෝ ද, එ ජනයෝ මදහ. වැලි මෙ සෙසු ලොවී සත්ත්‍වාඛ්‍ය ප්‍රජාව සත්කාය තීරයටම දිවෙයි.

2. යෙ ච ඛො සම‍්මදක‍්ඛාතෙ - ධම‍්මෙ ධම‍්මානුවත‍්තිනො, තෙ ජනා පාරමෙස‍්සන‍්ති - මච‍්චුධෙය්‍යං සුදුත‍්තරං.

2. යම් කෙනෙකුන් මොනොවට දෙසූ නව ලොවුතුරු දහම්හි ධර්‍මානුරූප ව වටනාහු ද, එ ජනයෝ සුදුසතර වූ තෙබුමු වට නැමැති මෘත්‍යුධෙයය තරණය කොට පරතෙර (නිවන) ට යෙත්.

3. කණ‍්හං ධම‍්මං විප‍්පහාය - සුක‍්කං භාවෙථ පණ‍්ඩිතො, ඔකා අනොකං ආගම‍්ම - විවෙකෙ යත්‍ථ දූරමං.

3. පණ්ඩිත තෙම කෘෂ්ණධර්‍ම හැරපියා වර්‍ත සඞ්ඛ්‍යාත ගිහිගෙන් ත්‍රිවිධ විවේකයෙහි අභිරමණයට දුෂ්කරවූ විවර්‍ත සඞ්ඛ්‍යාත අනෝකයට පැමිණ ශුක්ල ධර්‍ම වඩනේ ය.

4. තත්‍රාභිරතිමිච‍්ඡෙය්‍ය - හිත්‍වා කාමෙ අකිඤ‍්චනො, පරියොදපෙය්‍ය අත‍්තානං - චිත‍්තක‍්ලෙසෙහි පණ‍්ඩිතො.

4. පරිරෝධ නැතියේ කාමයන් හැරපියා එ නිවන්හි අභිරතිය පතන්නේ ය. පණ්ඩිත තෙමේ චිත්තක්ලේශයන්ගෙන් සිත පර්‍ය්‍යවදාත කරන්නේ ය.

5. යෙසං සම‍්බොධි අඞ‍්ගෙසු - සම‍්මාචිත‍්තං සුභාවිතං, ආදානපටිනිස‍්සග‍්ගෙ - අනුපාදාය යෙ රතා, ඛීණාසවා ජුතීමන‍්තො - තෙ ලොකෙ පරිනිබ‍්බුතා ති.

5. යමකුන් විසින් සම්බෝධ්‍යඞ්ගයන්හි චිත්තය මොනොවට වඩන ලද ද, ආදාන ප්‍රතිනිඃසර්‍ගයෙහි උපාදාන විසින් නො ගෙන යමෙක් ඇලුණාහු ද ද්‍යුතිමත් එ ක්‍ෂීණාස්‍රව පණ්ඩිතයෝ ලොව්හි පිරිනිවියහ යි.