යෙදුමෙන් කියවන්න

පඨම පච‍්චොරොහණී සුත‍්තං

10. 3. 2. 7.

10. 3. 2. 7.

පඨම පච‍්චොරොහණී සුත‍්තං

පඨම පච්චෝරෝහණී සූත්‍රය

තෙන ඛො පන සමයෙන ජාණුස‍්සොණි බ්‍රාහ‍්මණො තදහුපොසථෙ සීසංනහාතො නවං ඛොමයුගං නිවත්‍ථො අල‍්ලකුසමුට‍්ඨිං ආදාය භගවතො අවිදූරෙ එකමන‍්තං ඨිතො හොති.

එ සමයෙහි ජානුස්සෝණී බ්‍රාහ්මණ එ පොහෝ දවස්හි හිස නහවාලූයේ නව ක්‍ෂෞමවස්ත්‍ර යුග්මයක් හැඳියේ අමු කුසතණ මිටක් ගෙන භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි එකත්පස්හි සිටියේ වෙයි.

අද‍්දසා ඛො භගවා ජාණුස‍්සොණිං බ්‍රාහ‍්මණං තදහුපොසථෙ සීසං නහාතං නවං ඛොම යුගං නිවත්‍ථං අල‍්ලං කුසමුට‍්ඨිං ආදාය අවිදූරෙ එකමන‍්තං ඨිතං. දිස‍්වා ජාණුස‍්සොණිං බ්‍රාහ‍්මණං එතදවොච:

භාග්‍යවතුන් වහන්සේ එපොහෝ දවස්හි හිස නහවාලූ නව ක්‍ෂෞමවස්ත්‍ර යුග්මයක් හැඳි අමු හීතණ මිටක් ගෙන නුදුරෙහි එකත්පස්හි හුන් ජාණුස්සෝණී බ්‍රාහ්මණයා දුටුහු, දැක ජාණුස්සෝණී බ්‍රාහ්මණහට තෙල කරුණ වදාළ සේක:

කිං නු ඛො ත්‍වං බ්‍රාහ‍්මණ, තදහුපොසථෙ සීසං නහාතො නවං ඛොමයුගං නිවත්‍ථො අල‍්ලං කුසමුට‍්ඨිං ආදාය එකමන‍්තං ඨිතො? කිං න්‍වජ‍්ජ බ්‍රාහ‍්මණකුලස‍්සාති?

බ්‍රාහ්මණය, එ පොහෝ දවස්හි හිස සෝදා නහා නව කොමුපිළී යුවළක් හැඳියේ අමු හීතණ මිටක් ගෙන තෙපි කවර හෙයින් එකත් පසෙක් සිටියහු ද? අද බ්‍රාහ්මණ කුලයට කවරක් ඇද්දැයි?

පච‍්චොරොහණී භො ගොතම, අජ‍්ජ බ්‍රාහ‍්මණකුලස‍්සාති.

භවත් ගෞතමයිනි, අද බ්‍රාහ්මණ කුලයට ප්‍රත්‍යවරෝහණය (පව් සෝදා හැරීම) යි.

යථාකථං පන බ්‍රාහ‍්මණ, බ්‍රාහ‍්මණානං පච‍්චොරොහණී හොතී ති?

බ්‍රාහ්මණය, බමුණන්ගේ ප්‍රත්‍යවරෝහණය කෙසෙයින් වේ ද?

ඉධ භො ගොතම, බ්‍රාහ‍්මණා තදහුපොසථෙ සීසං නහාතා නවං ඛොමයුගං නිවත්‍ථා අල‍්ලෙන ගොමයෙන පඨවිං ඔපුඤ‍්ඡිත්‍වා හරිතෙහි කුසෙහි පත්‍ථරිත්‍වා අන‍්තරා ච වෙලං අන‍්තරා ච අග‍්ග්‍යාගාරං සෙය්‍යං කප‍්පෙන‍්ති. තෙ තං රත‍්තිං තික‍්ඛත‍්තුං පච‍්චුට‍්ඨාය පඤ‍්ජලිකා අග‍්ගිං නමස‍්සන‍්ති “පච‍්චොරොහාම භවන‍්තං, පච‍්චොරොහාම භවන‍්ත”න‍්ති. පහූතෙන ච සප‍්පිතෙලෙන නවනීතෙන අග‍්ගිං සන‍්තප‍්පෙන‍්ති. තස‍්සා ච රත‍්තියා අච‍්චයෙන පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන බ්‍රාහ‍්මණෙ සන‍්තප‍්පෙන‍්ති. එවං ඛො භො ගොතම, බ්‍රාහ‍්මණානං පච‍්චොරොහණී හොතීති.

භවත් ගෞතමයෙනි, මෙලොව්හි බමුණෝ එ පොහෝ දවස්හි හිස් සෝදා නෑවාහු නව කොමුපිළී යුවළක් හැදියාහු අමුගොමින් පොළෝ අලෙවුදී නිල් හීතණින් අතුරා වැලිසරට හා ගිනිහල් ගෙට අතර ශය්‍යා කරත්. ඔහු එරෑ තෙවිටක් නැඟී බදැඳිලි ව ගිනි නමදිත්. “භවතුන්ට ප්‍රත්‍යවරෝහණය (පාපශෝධන) කරම්හ”යි. බොහෝ ගිතෙලිනුදු වෙඬරුයෙනුදු අග්නි සන්තර්‍පණ කරත්. එරෑ ඉක්ම යාමෙනුදු කෑ යුතු බුදිය යුතු පිණි අහරින් බමුණන් සන්තර්පිත කරත්. භවත් ගෞතමයෙනි, මෙසෙයින් බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය වේ යයි.

අඤ‍්ඤථා ඛො බ්‍රාහ‍්මණ, බ්‍රාහ‍්මණානං පච‍්චොරොහණී අඤ‍්ඤථා ච පන අරියස‍්ස විනයෙ පච‍්චොරොහණී හොතී ති.

බ්‍රාහ්මණය, බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය අන්පරිද්දෙකින් වෙයි. ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය අන් පරිද්දෙකින් වේ යයි.

යථාකථං පන භො ගොතම, අරියස‍්ස විනයෙ පච‍්චොරොහණී හොතීති? සාධු මෙ භවං ගොතමො තථා ධම‍්මං දෙසෙතු, යථා අරියස‍්ස විනයෙ පච‍්චොරොහණී හොතීති.

භවත් ගෞතමයෙනි, ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය කෙසේ වේ දැයි? ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය යම් පරිද්දෙකින් වේ නම් භවත් ගෞතමයන් වහන්සේ මට එලෙසින් දහම් දෙසන සේක්වා යි.

තෙන හි බ්‍රාහ‍්මණ, සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස‍්සාමීති.

බ්‍රාහ්මණය, එ කරුණෙන් අසව, මොනොවට මෙනෙහි කරව දෙසන්නෙමි.

එවං භොති ඛො ජාණුස‍්සොණි බ්‍රාහ‍්මණො භගවතො පච‍්චස‍්සොසි, භගවා එතදවොච:

භවත්නි, එසේය යි ජාණුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වීය.

ඉධ බ්‍රාහ‍්මණ, අරියසාවකො ඉතිපටිසඤ‍්චික‍්ඛති: “මිච‍්ඡාදිට‍්ඨියා ඛො පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ, අභිසම‍්පරායඤ‍්චා”ති, සො ඉති පටිසඞ‍්ඛාය මිච‍්ඡාදිට‍්ඨිං පජහති, මිච‍්ඡාදිට‍්ඨියා පච‍්චොරොහති.

බමුණ, මෙසස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලක යි. මිථ්‍යාදෘෂ්ටිහුගේ ලාමක විපාක දිටුදැමියෙහි ම හා සම්පරායෙහි වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිසදිටු හැරපියයි. මිථ්‍යාදෘෂ්ටියෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.

මිච‍්ඡාසඞ‍්කප‍්පස‍්ස ඛො පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අභිසම‍්පරායඤ‍්චාති. සො ඉති පටිසඞ‍්ඛාය මිච‍්ඡාසඞ‍්කප‍්පං පජහති, මිච‍්ඡාසඞ‍්කප‍්පා පච‍්චොරොහති.

මිථ්‍යාසඞ්කල්පයාගේ ලාමක විපාක වනාහි දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාසඞ්කල්ප හැර පියයි, මිථ්‍යාසඞ්කල්පයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.

මිච‍්ඡාවාචාය ඛො පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ, අභිසම‍්පරායඤ‍්චාති. සො ඉති පටිසඞ‍්ඛාය මිච‍්ඡාවාචං පජහති. මිච‍්ඡාවාචාය පච‍්චොරොහති.

මිථ්‍යාවාක්හුගේ ලාමක විපාක වනාහි දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාවචනය හැර පියයි, මිථ්‍යාවචනයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.

මිච‍්ඡාකම‍්මන‍්තස‍්ස ඛො පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ, අභිසම‍්පරායඤ‍්චාති. සො ඉති පටිසඞ‍්ඛාය මිච‍්ඡාකම‍්මන‍්තං පජහති. මිච‍්ඡාකම‍්මන‍්තා පච‍්චොරොහති.

මිථ්‍යාකර්‍මාන්තයාගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාකර්‍මාන්තය හැර පියයි, මිථ්‍යාකර්‍මාන්තයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.

මිච‍්ඡාආජීවස‍්ස ඛො පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අභිසම‍්පරායඤ‍්චාති සො ඉති පටිසඞ‍්ඛාය මිච‍්ඡාආජීවං පජහති. මිච‍්ඡාආජීවා පච‍්චොරොහති.

මිථ්‍යාආජීවයාගේ වනාහි ලාමකවිපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාආජීවය හැර පියයි, මිථ්‍යාආජීවයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.

මිච‍්ඡාවායාමස‍්ස ඛො පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අභිසම‍්පරායඤ‍්චාති සො ඉති පටිසඞ‍්ඛාය මිච‍්ඡාවායාමං පජහති. මිච‍්ඡා වායාමා පච‍්චොරොහති.

මිථ්‍යාව්‍යායාමයාගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාව්‍යායාමය හැර පියයි, මිථ්‍යාව්‍යායාමයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.

මිච‍්ඡාසතියා ඛො පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අභිසම‍්පරායඤ‍්චාති සො ඉති පටිසඞ‍්ඛාය මිච‍්ඡාසතිං පජහති. මිච‍්ඡාසතියා පච‍්චොරොහති.

මිථ්‍යාස්මෘතිහුගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාස්මෘතිය හැර පියයි, මිථ්‍යාස්මෘතියෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.

මිච‍්ඡාසමාධිස‍්ස ඛො පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අභිසම‍්පරායඤ‍්චාති සො ඉති පටිසඞ‍්ඛාය මිච‍්ඡාසමාධිං පජහති. මිච‍්ඡාසමාධිම‍්හා පච‍්චොරොහති.

මිථ්‍යාසමාධිහුගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාසමාධි හැර පියයි, මිථ්‍යාසමාධියෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.

මිච‍්ඡාඤාණස‍්ස ඛො පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අභිසම‍්පරායඤ‍්චාති සො ඉති පටිසඞ‍්ඛාය මිච‍්ඡාඤාණං පජහති. මිච‍්ඡාඤාණා පච‍්චොරොහති.

මිථ්‍යාඥානයාගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාඥානය හැර පියයි, මිථ්‍යාඥානයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.

මිච‍්ඡාවිමුත‍්තියා ඛො පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අභිසම‍්පරායඤ‍්චාති සො ඉති පටිසඞ‍්ඛාය මිච‍්ඡාවිමුත‍්තිං පජහති. මිච‍්ඡාවිමුත‍්තියා පච‍්චොරොහති.

මිථ්‍යාවිමුක්තිහුගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාවිමුක්ති හැරපියා මිථ්‍යාවිමුක්තියෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.

එවං ඛො බ්‍රාහ‍්මණ, අරියස‍්ස විනයෙ පච‍්චොරොහණී හොතීති.

බ්‍රාහ්මණය, මෙසේ වනාහි ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණ වේ යයි.

අඤ‍්ඤථා භො ගොතම, බ්‍රාහ‍්මණානං පච‍්චොරොහණී, අඤ‍්ඤථා ච පන අරියස‍්ස විනයෙ පච‍්චොරොහණී හොතීති. ඉමිස‍්සා ච ඛො භො ගොතම, අරියස‍්ස විනයෙ පච‍්චොරොහණියා බ්‍රාහ‍්මණානං පච‍්චොරොහණී කලං නාග‍්ඝති සොළසිං.

භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණ අන් පරිද්දෙකින් වෙයි. ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය ද අන් පරිද්දෙකින් වේ යයි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය මේ ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණයාගේ සොළොස්වන කලා ද නො අගනේ යයි.

අභික‍්කන‍්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත ය ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු කොට දරන සේක්වා යි.