යෙදුමෙන් කියවන්න

මිච‍්ඡත‍්ත සුත‍්තං

10. 3. 1. 3.

10. 3. 1. 3.

මිච‍්ඡත‍්ත සුත‍්තං

මිච්ඡත්ත සූත්‍රය

මිච‍්ඡත‍්තං භික‍්ඛවෙ ආගම‍්ම විරාධනා හොති, නො ආරාධනා. කථඤ‍්ච භික‍්ඛවෙ මිච‍්ඡත‍්තං ආගම‍්ම විරාධනා හොති නො ආරාධනා:

මහණෙනි, මිථ්‍යාත්‍වයට විරාධනා වෙයි. ආරාධනායෙක් නොවෙයි. මහණෙනි, කෙසේ නම් මිථ්‍යාත්‍වයට පැමිණීමෙන් විරාධන වේ යැ ආරාධනා නො වේය යත්:

මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස භික‍්ඛවෙ මිච‍්ඡාසංකප‍්පො පහොති, මිච‍්ඡාසඞ‍්කප‍්පස‍්ස මිච‍්ඡාවාචා පහොති, මිච‍්ඡාවාචස‍්ස මිච‍්ඡාකම‍්මන‍්තො පහොති, මිච‍්ඡාකම‍්මන‍්තස‍්ස මිච‍්ඡා ආජීවො පහොති, මිච‍්ඡාආජීවස‍්ස මිච‍්ඡාවායාමො පහොති, මිච‍්ඡාවායාමස‍්ස මිච‍්ඡාසති පහොති, මිච‍්ඡාසතිස‍්ස මිච‍්ඡාසමාධි පහොති, මිච‍්ඡාසමාධිස‍්ස මිච‍්ඡාඤාණං පහොති, මිච‍්ඡාඤාණිස‍්ස මිච‍්ඡාවිමුත‍්ති පහොති. එවං ඛො භික‍්ඛවෙ මිච‍්ඡත‍්තං ආගම‍්ම විරාධනා හොති නො ආරාධනා.

මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිකහට මිථ්‍යාසංකල්පය පොහෝනේය, මිථ්‍යාසංකල්ප ඇතියහට මිථ්‍යාවාක් පොහෝනේය. මිථ්‍යාවාක් ඇතියහට මිථ්‍යා කර්‍මාන්ත පොහෝනේය. මිථ්‍යා කර්‍මාන්ත ඇතියහට මිථ්‍යා ආජීවය පොහෝනේය. මිථ්‍යා ආජීව ඇත්තාහට මිථ්‍යා ව්‍යායාමය පොහෝනේය. මිථ්‍යා ව්‍යායාමය ඇත්තාහට මිථ්‍යා ස්මෘතිය පොහෝනේය. මිථ්‍යා ස්මෘතිය ඇත්තාහට මිථ්‍යා සමාධිය පොහෝනේය. මිථ්‍යා සමාධි ඇත්තාහට මිථ්‍යා ඥානය පොහෝනේය. මිථ්‍යා ඥානය ඇත්තාහට මිථ්‍යා විමුක්ති පොහෝනේය. මහණෙනි, මෙ සෙයින් ම මිථ්‍යාත්‍වයට පැමිණීමෙන් විරාධනා වෙයි. ආරාධනා නො වෙයි.

සම‍්මත‍්තං භික‍්ඛවෙ ආගම‍්ම ආරාධනා හොති, නො විරාධනා කථඤ‍්ච භික‍්ඛවෙ සම‍්මත‍්තං ආගම‍්ම ආරාධනා හොති, නො විරාධනා:

මහණෙනි, සම්‍යක්ත්‍වයට පැමිණීමෙන් ස්වර්‍ග - මාර්‍ගාරාධනා වෙයි. විරාධනා නො වෙයි. මහණෙනි, කෙසේ නම් සම්‍යක්ත්‍වයට පැමිණීමෙන් ආරාධනා වේයැ, විරාධනා නොවේය යත්:

සම‍්මාදිට‍්ඨිකස‍්ස භික‍්ඛවෙ සම‍්මාසඞ‍්කප‍්පො පහොති, සම‍්මාසඞ‍්කප‍්පස‍්ස සම‍්මාවාචා පහොති, සම‍්මාවාචස‍්ස සම‍්මාකම‍්මන‍්තො පහොති, සම‍්මාකම‍්මන‍්තස‍්ස සම‍්මා ආජීවො පහොති, සම‍්මා ආජීවස‍්ස සම‍්මාවායාමො පහොති, සම‍්මා වායාමස‍්ස සම‍්මාසති පහොති, සම‍්මාසතිස‍්ස සම‍්මා සමාධි පහොති, සම‍්මාසමාධිස‍්ස සම‍්මාඤාණං පහොති, සම‍්මාඤාණිස‍්ස සම‍්මාවිමුත‍්ති පහොති. එවං ඛො භික‍්ඛවෙ සම‍්මත‍්තං ආගම‍්ම ආරාධනා හොති නො විරාධනා ති.

මහණෙනි, සම්‍යක්දෘෂ්ටිකයාහට සම්‍යක් සංකල්පට පොහෝනේය. සම්‍යක් සංකල්ප ඇතිහට සම්‍යග් වචනය පොහෝනේය. සම්‍යග් වචනය ඇතියහට සම්‍යක්කර්‍මාන්තය පොහෝනේය. සම්‍යක් කර්‍මාන්ත ඇතියහට සම්‍යගාජීවය පොහෝනේය. සම්‍යගාජීවය ඇතියහට සම්‍යග් ව්‍යායාමය පොහෝනේය. සම්‍යග් ව්‍යායාමය ඇත්තහුට සම්‍යක් ස්මෘතිය පොහෝනේය. සම්‍යක් ස්මෘතිය ඇත්තහුට සම්‍යක් සමාධිය පොහෝනේය. සම්‍යක් සමාධිය ඇත්තහුට සම්‍යග් ඥානය පොහෝනේය. සම්‍යග් ඥාන ඇත්තහුට සම්‍යග් විමුක්තිය පොහෝනේයි. මහණෙනි, මෙ සෙයින් ම සම්‍යක්ත්‍වයට පැමිණීමෙන් ආරාධනා වේ. විරාධනා නො වෙයි.