බීජ සුත‍්තං
10. 3. 1. 4.
10. 3. 1. 4.
බීජ සුත‍්තං
බීජ සූත්‍රය
මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස භික‍්ඛවෙ පුරිස පුග‍්ගලස‍්ස මිච‍්ඡා සංකප‍්පස‍්ස - මිච‍්ඡා වාචස‍්ස - මිච‍්ඡා කම‍්මන‍්තස‍්ස - මිච‍්ඡා ආජීවස‍්ස - මිච‍්ඡා වායාමස‍්ස - මිච‍්ඡා සතිස‍්ස - මිච‍්ඡා සමාධිස‍්ස - මිච‍්ඡා ඤාණිස‍්ස - මිච‍්ඡා විමුත‍්තිස‍්ස යඤ‍්චෙව කායකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යඤ‍්ච වචීකම‍්මං -පෙ- යඤ‍්ච මනොකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යා ච චෙතනා යා ච පත්‍ථනා, යො ච පණිධි, යෙ ච සඞ‍්ඛාරා, සබ‍්බෙ තෙ ධම‍්මා, අනිට‍්ඨාය අකන‍්තාය අමනාපාය අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු: දිට‍්ඨි හි භික‍්ඛවෙ පාපිකා.
මහණෙනි, මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් - මිථ්‍යා සංකල්ප ඇති - මිථ්‍යා වාක් ඇති - මිථ්‍යා කර්‍මාන්ත ඇති - මිථ්‍යා ආජීව ඇති - මිථ්‍යා ව්‍යායාම ඇති - මිථ්‍යා ස්මෘති ඇති - මිථ්‍යා සමාධි ඇති - මිථ්‍යා ඥාන ඇති - මිථ්‍යා විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් කාය කර්‍මයක් හා - යම් වාග් කර්‍මයක් හා දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් මනඃ කර්‍මයක් හා යම් චේතනාවක් හා යම් ප්‍රාර්‍ත්‍ථනාවක් හා යම් ප්‍රණිධියක් හා යම් සංස්කාර හා වෙත් නම්, ඒ හැම ධර්‍මයෝ අනිටු වූ අකාන්ත වූ අමනාප වූ අහිත වූ දුක් පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය ලමු වේ මැයි.
සෙය්‍යථාපි භික‍්ඛවෙ නිම‍්බබීජං වා කොසාතකී බීජං තිත‍්තකාලාබු බීජං වා අල‍්ලාය පඨවියා නික‍්ඛිත‍්තං යඤ‍්චෙව පඨවිරසං උපාදියති. යඤ‍්ච ආපොරසං උපාදියති. සබ‍්බං තං තිත‍්තකත‍්තාය කටුකත‍්තාය අසාතත‍්තාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු: බීජං හි භික‍්ඛවෙ පාපකං.
මහණෙනි, යම් සේ කොසඹ බිජුවටෙක් වේවයි වැටකොලු බිජුවටෙක් වේවයි තික්ත ලබු බිජුවටෙක් වේවයි තෙත් පොළොව්හි නික්‍ෂිප්ත වූයේ යම් ම පොළෝරසයක් හා අල්වාගනී නම්, යම් ම ආපෝරසයක් හා අල්වාගනී නම්, එහැම තික්ත භාවය පිණිස, කුළුබව් පිණිස, අශාතභාවය පිණිස වැටෙයි. එ කවරහෙයින යත්: මහණෙනි, බිජුවට ලමුමැයි. (එහෙයිනි)
එවමෙව ඛො භික‍්ඛවෙ මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස පුරිස පුග‍්ගලස‍්ස - මිච‍්ඡා සංකප‍්පස‍්ස - මිච‍්ඡා වාචස‍්ස - මිච‍්ඡා කම‍්මන‍්තස‍්ස - මිච‍්ඡා ආජීවස‍්ස - මිච‍්ඡා වායාමස‍්ස - මිච‍්ඡා සතිස‍්ස - මිච‍්ඡා සමාධිස‍්ස - මිච‍්ඡා ඤාණිස‍්ස - මිච‍්ඡා විමුත‍්තිස‍්ස යඤ‍්චෙව කායකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යඤ‍්ච වචීකම‍්මං -පෙ- යඤ‍්ච මනොකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යා ච චෙතනා යා ච පත්‍ථනා, යො ච පණිධි, යෙ ච සඞ‍්ඛාරා, සබ‍්බෙ තෙ ධම‍්මා, අනිට‍්ඨාය අකන‍්තාය අමනාපාය අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු: දිට‍්ඨි හි භික‍්ඛවෙ පාපිකා.
මහණෙනි, එපරිද්දෙන් ම මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් - මිථ්‍යාසංකල්ප ඇති - මිථ්‍යාවාක් ඇති - මිථ්‍යා කර්‍මාන්ත ඇති - මිථ්‍යා ආජීව ඇති - මිථ්‍යා ව්‍යායාම ඇති - මිථ්‍යා ස්මෘති ඇති - මිථ්‍යා සමාධි ඇති - මිථ්‍යා ඥාන ඇති - මිථ්‍යා විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි වූ පරිද්දෙන් ගන්නා ලද සමාදන්වන ලද යම් කායකර්‍මයක් හා - යම් ම වාක්කර්‍මයක් හා දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් ම මනඃකර්‍මයක් හා - යම් ම චේතනාවක් හා යම් ම ප්‍රාර්‍ත්‍ථනාවක් හා යම් ම ප්‍රණිධියක් හා යම් ම සංස්කාර කෙනෙක් හා වෙත් ද එ හැම දහම්හු අනිටු බව පිණිස, අකාන්තය පිණිස දුක් පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය ලමු මැයි. (එහෙයිනි)
සම‍්මාදිට‍්ඨිකස‍්ස භික‍්ඛවෙ පුරිසපුග‍්ගලස‍්ස සම‍්මා සංකප‍්පස‍්ස - සම‍්මා වාචස‍්ස - සම‍්මා කම‍්මන‍්තස‍්ස - සම‍්මා ආජීවස‍්ස - සම‍්මා වායාමස‍්ස - සම‍්මා සතිස‍්ස - සම‍්මා සමාධිස‍්ස - සම‍්මා ඤාණිස‍්ස - සම‍්මා විමුත‍්තිස‍්ස යඤ‍්චෙව කායකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යඤ‍්ච වචීකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං යඤ‍්ච මනොකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යා ච චෙතනා, යා ච පත්‍ථනා යො ච පණිධි, යෙ ච සඞ‍්ඛාරා සබ‍්බෙ තෙ ධම‍්මා ඉට‍්ඨාය කන‍්තාය මනාපාය හිතාය සුඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු: දිට‍්ඨි හි භික‍්ඛවෙ භද‍්දිකා.
මහණෙනි, සම්‍යක්දෘෂ්ටික පුරුෂපුද්ගලයා විසින් - සම්‍යක් සංකල්ප ඇති - සම්‍යක් වාක් ඇති - සම්‍යක් කර්‍මාන්ත ඇති - සම්‍යක් ආජීව ඇති - සම්‍යක් ව්‍යායාම ඇති - සම්‍යක් ස්මෘති ඇති - සම්‍යක් සමාධි ඇති - සම්‍යක් ඥාන ඇති - සම්‍යක් විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් ම කායකර්‍මයක් වේවයි, දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන්වන ලද යම් ම වාක්කර්‍මයක් වේවයි, දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන්වන ලද යම් ම මනඃකර්‍මයක් වේවයි, යම් ම චේතනාවක් වේවයි, යම් ම ප්‍රාර්‍ත්‍ථනාවක් වේවයි, යම් ම ප්‍රණිධියක් වේවයි, යම් ම සංස්කාර වෙත්වයි, එ හැම ධර්‍මයෝ ඉටු වූ කාන්ත වූ මනාප වූ හිත වූ සැප පිණිස වැටෙත්. එ කවරහෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය භද්‍ර මැයි. (එහෙයිනි)
සෙය්‍යථාපි භික‍්ඛවෙ, උච‍්ඡුබීජං වා සාළි බීජං වා මුද‍්දිකා බීජං වා අල‍්ලාය පඨවියා නික‍්ඛිත‍්තං යඤ‍්චෙව පඨවිරසං උපාදියති, යඤ‍්ච ආපොරසං උපාදියති, සබ‍්බං තං සාතත‍්තාය මධුරත‍්තාය අසෙචනකත‍්තාය සංවත‍්තති. තං කිස‍්ස හෙතු: බීජං හි භික‍්ඛවෙ භද‍්දකං.
මහණෙනි, යම්පරිදි උක් බිජුවටෙක් වේවයි හැල් බිජුවටෙක් වේවයි මිදි බිජුවටෙක් වේවයි තෙත් පොළොව්හි නික්‍ෂිප්ත වූයේ යම්බඳු පොළෝ රසයක් ගන්නේ ද ආපෝරසයක් ගන්නේ ද එ හැම ශාකභාවයට මියුරු බවට අසෙචනක භාවයට වැටෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, බිජුවට භද්‍ර ය, එහෙයිනි.
එවමෙව ඛො භික‍්ඛවෙ සම‍්මාදිට‍්ඨිකස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මා සංකප‍්පස‍්ස සම‍්මාවාචස‍්ස - සම‍්මාකම‍්මන‍්තස‍්ස - සම‍්මා ආජීවස‍්ස - සම‍්මා වායාමස‍්ස - සම‍්මා සතිස‍්ස - සම‍්මා සමාධිස‍්ස - සම‍්මා ඤාණස‍්ස - සම‍්මා විමුත‍්තිස‍්ස යඤ‍්චෙව කායකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යඤ‍්ච වචීකම‍්මං -පෙ- යඤ‍්ච මනොකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යා ච චෙතනා, යා ච පත්‍ථනා යො ච පණිධි, යෙ ච සඞ‍්ඛාරා සබ‍්බෙ තෙ ධම‍්මා ඉට‍්ඨාය කන‍්තාය මනාපාය හිතාය සුඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු: දිට‍්ඨි හි භික‍්ඛවෙ භද‍්දිකාති.
එපරිදි ම මහණෙනි, සම්‍යග්දෘෂ්ටික පුරුෂපුද්ගලයා විසින් - සම්‍යක්සංකල්ප ඇති - සම්‍යග්වචන ඇති - සම්‍යක්කර්‍මාන්ත ඇති - සම්‍යගාජීව ඇති - සම්‍යග්ව්‍යායාම ඇති - සම්‍යක්ස්මෘති ඇති - සම්‍යක්සමාධි ඇති - සම්‍යග්ඥාන ඇති - සම්‍යග්විමුක්ති ඇති පුරුෂපුද්ගලයා විසින් දෘෂ්ටියට අනුව ගන්නා ලද සමාදන් වන ලද යම් ම කායකර්‍මයක් වේවයි, යම් ම වාක්කර්‍මයක් වේවයි - දෘෂ්ටියට අනුව ගන්නා ලද සමාදන් වන ලද යම් ම මනඃකර්‍මයක් වේවයි, යම් ම චේතනාවක් වේවයි, යම් ම ප්‍රාර්‍ත්‍ථනාවක් වේවයි, යම් ම ප්‍රණිධියක් වේවයි, යම් ම සංස්කාරකෙනෙක් වෙත්වයි, එ හැම ඉටු වූ කාන්ත වූ මනාප වූ හිත වූ සුඛය පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය භද්‍ර මැයි. (එහෙයිනි)