යෙදුමෙන් කියවන්න

අවිජ‍්ජා සුත‍්තං

10. 2. 2. 1.

10. 2. 2. 1.

අවිජ‍්ජා සුත‍්තං

අවිද්‍යා සූත්‍රය

[සාවත්‍ථි]

[සැවැත්]

පුරිමා භික‍්ඛවෙ කොටි න පඤ‍්ඤායති අවිජ‍්ජාය ‘ඉතො පුබ‍්බෙ අවිජ‍්ජා නාහොසි, අථ පච‍්ඡා සම‍්භවී’ති. එවමෙතං භික‍්ඛවෙ වුච‍්චති, අථ ච පන පඤ‍්ඤායති ‘ඉදප‍්පච‍්චයා අවිජ‍්ජා’ති.

“මහණෙනි, මෙයින් පෙර අවිද්‍යා නො වී ය, එයින් පසු පහළ වී යැ” යි අවිද්‍යාවගේ පුරිම කෙළවරෙක් නො පැනේ. මෙසේ තෙල කියනු ලැබේ. වැලිදු අවිද්‍යාව ඉදම්ප්‍රත්‍යයෙනැ යි පැනේ.

අවිජ‍්ජම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං, කො චාහාරො අවිජ‍්ජාය: පඤ‍්ච නීවරණා තිස‍්ස වචනීයං. පඤ‍්චපහං භික‍්ඛවෙ නීවරණෙ සාහාරෙ වදාමි නො අනාහාරෙ. කො චාහාරො පඤ‍්චන‍්නං නීවරණානං: තීණි දුච‍්චරිතානීතිස‍්ස වචනීයං. තීණිපහං භික‍්ඛවෙ දුච‍්චරිතානි සාහාරානි වදාමි නො අනාහාරානි කො චාහාරො තිණ‍්ණන‍්නං දුච‍්චරිතානං: ඉන්‍ද්‍රියාසංවරො තිස‍්ස වචනීයං. ඉන්‍ද්‍රියාසංවරම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං, කො චාහාරො ඉන්‍ද්‍රියාසංවරස‍්ස: අසතාසම‍්පජඤ‍්ජන‍්තිස‍්ස වචනීයං. අසතාසම‍්පජඤ‍්ඡම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං, කො චාහාරො අසතාසම‍්පජඤ‍්ඤස‍්ස: අයොනිසො මනසිකාරොතිස‍්ස වචනීයං. අයොනිසො මනසිකාරම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං, කො චාහාරො අයොනිසො මනසිකාරස‍්ස: අස‍්සද‍්ධියන‍්තිස‍්ස වචනීයං. අස‍්සද‍්ධියම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං, කො චාහාරො අස‍්සද‍්ධියස‍්ස: අසද‍්ධම‍්මසවණන‍්තිස‍්ස වචනීයං. අසද‍්ධම‍්මසවණම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං, කො චාහාරො අසද‍්ධම‍්මසවණස‍්ස: අසප‍්පුරිසසංසෙවොතිස‍්ස වචනීයං.

මහණෙනි, මම අවිද්‍යාව සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අවිද්‍යාවගේ ආහාර කවරේ ය: පඤ්චනීවරණයහ යි කියයුතු වෙයි. මහණෙනි, මම පඤ්චනීවරණයනුදු සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. පඤ්චනීවරණයන්ගේ ආහාර කවරේ ය: ත්‍රිවිධ දුශ්චරිතයහයි කියයුතු වෙයි. මහණෙනි, මම ත්‍රිවිධ දුශ්චරිතයන් ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ත්‍රිවිධ දුශ්චරිතයන්ගේ ආහාර කවරේ ය: ඉන්‍ද්‍රිය අසංවරය යි කියයුතු වෙයි. මහණෙනි, මම ඉන්‍ද්‍රිය අසංවරය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ඉන්‍ද්‍රිය අසංවරයාගේ ආහාර කවරේ ය: අස්මෘති අසම්ප්‍රජන්‍යය යි යි කියයුතු වෙයි. මහණෙනි, මම අස්මෘති අසම්ප්‍රජන්‍යය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අස්මෘතිය අසම්ප්‍රජන්‍යයාගේ ආහාර කවරේ ය: අයෝනිසෝමනසිකාරය යි කියයුතු වෙයි. මහණෙනි, මම අයෝනිසෝමනසිකාරය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අයෝනිසෝමනසිකාරයාගේ ආහාර කවරේ ය: නො ඇදහිලි බව ය යි කියයුතු වෙයි. මහණෙනි, මම නො ඇදහිලි බව ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. නො ඇදහිලිබව්හුගේ ආහාර කවරේ ය: අසද්ධර්‍මශ්‍රවණ ය යි කියයුතු වෙයි. මහණෙනි, මම අසද්ධර්‍මශ්‍රවණය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අසද්ධර්‍මශ්‍රවණයාගේ ආහාර කවරේ ය: අසත්පුරුෂ සංසේවා ය යි කියයුතු වෙයි.

ඉති ඛො භික‍්ඛවෙ අසප‍්පුරිසසංසෙවො පරිපූරො අසද‍්ධම‍්මසවනං පරිපූරෙති. අසද‍්ධම‍්මසවනං පරිපූරං අස‍්සද‍්ධියං පරිපූරෙති. අස‍්සද‍්ධියං පරිපූරං අයොනිසොමනසිකාරං පරිපූරෙති. අයොනිසො මනසිකාරො පරිපූරො අසතාසම‍්පජඤ‍්ඤං පරිපූරෙති. අසතාසම‍්පජඤ‍්ඤං පරිපූරං ඉන්‍ද්‍රියාසංවරං පරිපූරෙති. ඉන්‍ද්‍රියාසංවරො පරිපූරො තීණි දුච‍්චරිතානි පරිපූරෙති. තීණි දුච‍්චරිතානි පරිපූරානි පඤ‍්ච නීවරණෙ පරිපූරෙන‍්ති. පඤ‍්ච නීවරණා පරිපූරා අවිජ‍්ජං පරිපූරෙන‍්ති. එවමෙතිස‍්සා අවිජ‍්ජාය ආහාරො හොති. එවඤ‍්ච පාරිපූරි.

මහණෙනි, මෙසේ අසත්පුරුෂසංසේවා පරිපූර්‍ණ වූයේ අසද්ධර්‍මශ්‍රවණය පුරයි. අසද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ නො ඇදහිලි බව පුරයි. නො ඇදහිලි බව පරිපූර්‍ණ වූයේ අයෝනිසෝමනසිකාරය පුරයි. අයෝනිසෝමනසිකාරය පරිපූර්‍ණ වූයේ අස්මෘති අසම්ප්‍රජන්‍යය පුරයි. අස්මෘති අසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රිය අසංවරය පුරයි. ඉන්‍ද්‍රිය අසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ දුශ්චරිතයන් පුරයි. ත්‍රිවිධ දුශ්චරිත පරිපූර්‍ණ වූවාහු පඤ්චනීවරණයන් පුරත්. පඤ්චනීවරණයෝ පරිපූර්‍ණ වූවාහු අවිද්‍යාව පුරත්. මෙසේ තෙල අවිද්‍යාවගේ ප්‍රත්‍යය වෙයි. මෙසේ පරිපූර්‍ණ භාවය ද වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ උපරි පබ‍්බතෙ ථුල‍්ලඵුසිතකෙ දෙවෙ වස‍්සන‍්තෙ දෙවෙ ගලගලායන‍්තෙ තං උදකං යථානින‍්නං පවත‍්තමානං පබ‍්බතකන්‍දරපදරසාඛා පරිපූරෙති, පබ‍්බතකන්‍දරපදරසාඛා පරිපූරා කුස‍්සුබ‍්භෙ පරිපූරෙන‍්ති, කුස‍්සුබ‍්භා පරිපූරා මහාසොබ‍්භෙ පරිපූරෙන‍්ති, මහාසොබ‍්භා පරිපූරා කුන‍්නදියො පරිපූරෙන‍්ති, කුන‍්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන‍්ති, මහානදියො පරිපූරා මහාසමුද‍්දං සාගරං පරිපූරෙන‍්ති. එවමෙතස‍්ස මහාසමුද‍්දස‍්ස සාගරස‍්ස ආහාරො හොති, එවඤ‍්ච පාරිපූරී.

මහණෙනි, යම් පරිදි ගල් මතුයෙහි දළ පොද ඇති වැසි වස්නා කල්හි වැසිදිය ගලා යත් ම එ දිය නිම්න තැන් තුබූ සේ වැටෙමින් පර්‍වත කන්‍දර ප්‍රදර ශාඛා පුරාලන්නේ වේද, පර්‍වත කන්‍දර ප්‍රදර ශාඛාවෝ පරිපූර්‍ණ වූවාහු කුඩා හෙබ් පුරාලත් ද, කුඩා හෙබ්හු පරිපූර්‍ණ වූවාහු මහ හෙබ් පුරාලත් ද, මහ හෙබ්හු පරිපූර්‍ණ වූවාහු කුඩා නදීන් පුරාලත් ද, කුඩා නදීහු පරිපූර්‍ණ වූවාහු මහා නදීන් පුරා ලත් ද මහා නදීහු පරිපූර්‍ණ වූවාහු මහාසමුද්‍රය පුරා ලත්ද මෙසේ තෙල මහා සමුද්‍රයාගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වේ.

එවමෙව ඛො භික‍්ඛවෙ අසප‍්පුරිසසංසෙවො පරිපූරො අසද‍්ධම‍්මසවනං පරිපූරෙති අසද‍්ධම‍්මසවනං පරිපූරං අස‍්සද‍්ධියං පරිපූරෙති, අස‍්සද‍්ධියං පරිපූරං අයොනිසොමනසිකාරං පරිපූරෙති, අයොනිසො මනසිකාරො පරිපූරො අසතා’සම‍්පජඤ‍්ඤං පරිපූරෙති, අසතා’සම‍්පජඤ‍්ඤං පරිපූරං ඉන්‍ද්‍රියා’සංවරං පරිපූරෙති, ඉන්‍ද්‍රියා’සංවරො පරිපූරො තීණි දුච‍්චරිතානි පරිපූරෙති. තීණි දුච‍්චරිතානි පරිපූරානි පඤ‍්චනීවරණෙ පරිපූරෙන‍්ති, පඤ‍්චනීවරණා පරිපූරා අවිජ‍්ජං පරිපූරෙන‍්ති. එවමෙතිස‍්සා අවිජ‍්ජාය ආහාරො හොති. එවඤ‍්ච පාරිපූරි.

මහණෙනි, ඒ පරිදි ම අසත්පුරුෂ සංසේවය පරිපූර්‍ණ වූයේ අසද්ධර්‍ම ශ්‍රවණය පුරයි. අසද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ නො හැදහිලි බව පුරයි. නො හැදහිලි බව පරිපූර්‍ණ වූයේ අයෝනිසෝමනසිකාරය පුරයි. අයෝනිසෝමනසිකාරය පරිපූර්‍ණ වූයේ අස්මෘති අසම්ප්‍රජන්‍යය පුරයි. අස්මෘති අසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රිය අසංවරය පුරයි. ඉන්‍ද්‍රිය අසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ දුශ්චරිතයන් පුරයි. ත්‍රිවිධ දුශ්චරිතයෝ පරිපූර්‍ණ වූවාහු පඤ්චනීවරණයන් පුරත්. පඤ්චනීවරණයෝ පරිපූර්‍ණ වූවාහු අවිද්‍යාව පුරත්. මෙසේ තෙල අවිද්‍යාවගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණ භාවය වෙයි.

විජ‍්ජාවිමුත‍්තිම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං. කො චාහාරො විජ‍්ජාවිමුත‍්තියා: “සත‍්තබොජ‍්ඣඞ‍්ගා”තිස‍්ස වචනීයං. සත‍්තපහං භික‍්ඛවෙ බොජ‍්ඣඞ‍්ගෙ සාහාරෙ වදාමි නො අනාහාරෙ. කො චාහාරො සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං: “චත‍්තාරො සතිපට‍්ඨානා”තිස‍්ස වචනීයං. චත‍්තාරොපහං භික‍්ඛවෙ සතිපට‍්ඨානෙ සාහාරෙ වදාමි නො අනාහාරෙ. කොචාහාරො චතුන‍්නං සතිපට‍්ඨානානං: “තීණි සුචරිතානී”තිස‍්ස වචනීයං. තීණිපහං භික‍්ඛවෙ සුචරිතානි සාහාරානි වදාමි නො අනාහාරානි. කො චාහාරො තිණ‍්ණන‍්නං සුචරිතානං: “ඉන්‍ද්‍රියසංවරො”තිස‍්ස වචනීයං. ඉන්‍ද්‍රියසංවරම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං කො චාහාරො ඉන්‍ද්‍රියසංවරස‍්ස: “සතිසම‍්පජඤ‍්ඤන‍්තිස‍්ස” වචනීයං. සතිසම‍්පජඤ‍්ඤම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං.

මහණෙනි, මම විද්‍යා විමුත්තිය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. විද්‍යා විමුත්තියට ප්‍රත්‍යය කවරේය: සත් වැදෑරුම් මාර්‍ග බෝධ්‍යඞ්ගයහ යි කිය යුතු වෙයි. මහණෙනි, මම සප්ත බෝධ්‍යඞ්ගයන් සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. සප්ත බෝධ්‍යඞ්ගයන්ගේ ප්‍රත්‍යය කවරේය: සතර සීවටනයහ යි කියයුතු වෙයි. මහණෙනි, මම සතර සීවටනුදු සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. සතර සීවටන්හුගේ ප්‍රත්‍යය කවරේය: ත්‍රිවිධ සුචරිතය යි කියයුතු වෙයි. මහණෙනි, මම ත්‍රිවිධ සුවරිතයනුදු සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ත්‍රිවිධ සුචරිතයන්ගේ ප්‍රත්‍යයෝ කවරහ: ඉන්‍ද්‍රිය සංවරය යි කිය යුතුවෙයි. මහණෙනි, මම ඉන්‍ද්‍රිය සංවරය සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ඉන්‍ද්‍රිය සංවරයාගේ ප්‍රත්‍යය කවරේ ය: ස්මෘති සම්ප්‍රජන්‍ය ය යි කියයුතු ය. මහණෙනි, මම ස්මෘති සම්ප්‍රජන්‍යය සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි.

කො චාහාරො සතිසම‍්පජඤ‍්ඤස‍්ස: “යොනිසොමනසිකාරො” තිස‍්ස වචනීයං, යොනිසොමනසිකාරම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං. කො චාහාරො යොනිසොමනසිකාරස‍්ස: “සද‍්ධා” තිස‍්ස වචනීයං. සද‍්ධම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං. කො චාහාරො සද‍්ධාය: “සද‍්ධම‍්මසවනන‍්තිස‍්ස” වචනීයං. සද‍්ධම‍්මසවනම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො සද‍්ධම‍්මසවනස‍්ස: “සප‍්පුරිසසංසෙවො”තිස‍්ස වචනීයං.

ස්මෘති සම්ප්‍රජන්‍යයාගේ ප්‍රත්‍යය කවරේය: යෝනිසෝමනස්කාර යි කියයුතුය. මහණෙනි, මම යෝනිසෝමනස්කාර ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. යෝනිසෝමනසිකාරයාගේ ප්‍රත්‍යය කවරේය: ශ්‍රද්ධාව යැයි කිය යුතු ය. මහණෙනි, මම ශ්‍රද්ධාව සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ශ්‍රද්ධාවගේ ප්‍රත්‍යය කවරේ ද යත්: සද්ධර්‍ම ශ්‍රවණය යැයි කිය යුතු ය. මහණෙනි, මම සද්ධර්‍ම ශ්‍රවණය සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. සද්ධර්‍ම ශ්‍රවණයාගේ ප්‍රත්‍යය කවරේ ද යත්: සත්පුරුෂ සංසේවය යැයි කිය යුතු ය.

ඉති ඛො භික‍්ඛවෙ සප‍්පුරිසසංසෙවො පරිපූරො සද‍්ධම‍්මසවනං පරිපූරෙති, සද‍්ධම‍්මසවනං පරිපූරං සද‍්ධං පරිපූරෙති, සද‍්ධා පරිපූරා යොනිසොමනසිකාරං පරිපූරෙති, යොනිසොමනසිකාරො පරිපූරො සතිසම‍්පජඤ‍්ඤං පරිපූරෙති, සතිසම‍්පජඤ‍්ඤං පරිපූරං ඉන්‍ද්‍රියසංවරං පරිපූරෙති, ඉන්‍ද්‍රියසංවරො පරිපූරො තීණි සුචරිතානි පරිපූරෙති, තීණි සුචරිතානි පරිපූරානි චත‍්තාරො සතිපට‍්ඨානෙ පරිපූරෙන‍්ති, චත‍්තාරො සතිපට‍්ඨානා පරිපූරා සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ පරිපූරෙන‍්ති, සත‍්තබොජ‍්ඣඞ‍්ගා පරිපූරා විජ‍්ජාවිමුත‍්තිං පරිපූරෙන‍්ති. එවමෙතිස‍්සා විජ‍්ජාවිමුත‍්තියා ආහාරො හොති. එවඤ‍්ච පාරිපූරි.

මහණෙනි, මෙසේ සත්පුරුෂසංසේවය පරිපූර්‍ණ වූයේ සද්ධර්‍මශ්‍රවණය පුරයි. සද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ ශ්‍රද්ධාව පුරයි. ශ්‍රද්ධාව පරිපූර්‍ණ වූවා යෝනිසෝමනස්කාර පුරයි. යෝනිසෝමනස්කාර පරිපූර්‍ණ වූයේ ස්මෘති සම්ප්‍රජන්‍යය පුරයි. ස්මෘති සම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රියසංවරය පුරයි. ඉන්‍ද්‍රියසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්‍ණ වූවාහු සතරසීවටන් පුරත්. සතරසීවටන්හු පරිපූර්‍ණ වූවාහු සප්තබෝධ්‍යඞ්ගයන් පුරත්. සප්තබෝධ්‍යඞ්ගයෝ පරිපූර්‍ණ වූවාහු විද්‍යා විමුක්තිය පුරත්. මෙසේ තෙල විද්‍යාවිමුක්තියගේ ප්‍ර‍්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ උපරි පබ‍්බතෙ ඵුල‍්ලඵුසිතකෙ දෙවෙ වස‍්සන‍්තෙ දෙවෙ ගලගලායන‍්තෙ තං උදකං යථා නින‍්නං පවත‍්තමානං පබ‍්බතකන්‍දරපදරසාඛා පරිපූරෙති, පබ‍්බතකන්‍දරපදරසාඛා පරිපූරා කුස‍්සුබ‍්භෙ පරිපූරෙන‍්ති, කුස‍්සුබ‍්භා පරිපූරා මහාසොබ‍්භෙ පරිපූරෙන‍්ති, මහාසොබ‍්භා පරිපූරා කුන‍්නදියො පරිපූරෙන‍්ති, කුන‍්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන‍්ති, මහානදියො පරිපූරා මහාසමුද‍්දං සාගරං පරිපූරෙන‍්ති. එවමෙතස‍්ස මහාසමුද‍්දස‍්ස සාගරස‍්ස ආහාරො හොති, එවඤ‍්ච පාරිපූරී.

මහණෙනි, යම් පරිදි ගල් මුදුනෙහි දළ පොද ඇති වැසි වස්නා කල්හි වැසිදිය ගලායන කල්හි ඒ දිය නිම්න තුබූ සේ වැටෙමින් පර්‍වත කන්‍දර ප්‍රදර ශාඛා පුරා ලන්නේ වේද, පර්‍වත කන්‍දර ප්‍රදරශාඛාවෝ පරිපූර්‍ණ වූවාහු කුඩා හෙබ් පුරාලත් ද, කුඩා හෙබ්හු පරිපූර්‍ණ වූවාහු මහහෙබ් පුරාලත් ද, මහහෙබ්හු පරිපූර්‍ණ වූවාහු කුඩා නදීන් පුරාලත් ද, කුඩා නදීහූ පරිපූර්‍ණ වූවාහු මහා නදීන් පුරාලත් ද, මහා නදීහු පරිපූර්‍ණ වූවාහු මහමුහුද පුරාලත් ද, මෙසේ තෙල මහා සාගරයාගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ සප‍්පුරිසසංසෙවො පරිපූරො සද‍්ධම‍්මසවනං පරිපූරෙති, සද‍්ධම‍්මසවනං පරිපූරං සද‍්ධං පරිපූරෙති, සද‍්ධා පරිපූරා යොනිසොමනසිකාරං පරිපූරෙති, යොනිසොමනසිකාරො පරිපූරො සතිසම‍්පජඤ‍්ඤං පරිපූරෙති, සතිසම‍්පජඤ‍්ඤං පරිපූරං ඉන්‍ද්‍රියසංවරං පරිපූරෙති, ඉන්‍ද්‍රියසංවරො පරිපූරො තීණි සුචරිතානි පරිපූරෙති, තීණි සුචරිතානි පරිපූරානි චත‍්තාරො සතිපට‍්ඨානෙ පරිපූරෙන‍්ති, චත‍්තාරො සතිපට‍්ඨානා පරිපූරා සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ පරිපූරෙන‍්ති, සත‍්තබොජ‍්ඣඞ‍්ගා පරිපූරා විජ‍්ජාවිමුත‍්තිං පරිපූරෙන‍්ති. එවමෙතිස‍්සා විජ‍්ජාවිමුත‍්තියා ආහාරො හොති. එවඤ‍්ච පාරිපූරීති.

මහණෙනි, එ පරිදි ම සත්පුරුෂසංසේවය පරිපූර්‍ණ වූයේ සද්ධර්‍ම ශ්‍රවණය පුරයි. සද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ සැදැහැ පුරයි. ශ්‍රද්ධාව පරිපූර්‍ණ වූවා යෝනිසෝමනස්කාර පුරයි. යෝනිසෝමනස්කාර පරිපූර්‍ණ වූයේ ස්මෘති සම්ප්‍රජන්‍යය පුරයි. ස්මෘති සම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රියසංවරය පුරයි. ඉන්‍ද්‍රියසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්‍ණ වූවාහු සතර සීවටන් පුරත්. සතර සීවටන්හු පරිපූර්‍ණ වූවාහු සප්තබෝධ්‍යඞ්ගයන් පුරත්. සප්තබෝධ්‍යඞ්ගයෝ පරිපූර්‍ණ වූවාහු විද්‍යාවිමුක්තිය පුරත්. මෙසේ තෙල විද්‍යාවිමුක්තියගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වේ ය යි.