යෙදුමෙන් කියවන්න

තණ‍්හා සුත‍්තං

10. 2. 2. 2.

10. 2. 2. 2.

තණ‍්හා සුත‍්තං

තෘෂ්ණා සූත්‍රය

[සාවත්‍ථි]

[සැවැත්]

“පුරිමා භික‍්ඛවෙ කොටි න පඤ‍්ඤායති භවතණ‍්හාය, ඉතො පුබ‍්බෙ භවතණ‍්හා නාහොසි, අථ පච‍්ඡා සම‍්භවී”ති. එවඤ‍්චෙතං භික‍්ඛවෙ වුච‍්චති, අථ ච පන පඤ‍්ඤායති “ඉදපච‍්චයා භවතණ‍්හා”ති.

“මහණෙනි, මෙයින් පෙර භවතෘෂ්ණාව නො වී ය. යළි පසුව ඇතිවී යැ”යි භවතෘෂ්ණාවගේ පුරිම කෙළවරක් නො පැනෙයි. මහණෙනි, තෙල මෙසේ කියනු ලැබේ. එතෙකුදුවත් භවතෘෂ්ණාව මේ ප්‍රත්‍යයෙනැයි” පැනේ.

භවතණ‍්හම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං, කො චාහාරො භවතණ‍්හාය: ‘අවිජ‍්ජා’තිස‍්ස වචනීයං. අවිජ‍්ජම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො අවිජ‍්ජාය: “පඤ‍්ච නීවරණා” තිස‍්ස වචනීයං. පඤ‍්චපහං භික‍්ඛවෙ නීවරණෙ සාහාරෙ වදාමි, නො අනාහාරෙ. කො චාහාරො පඤ‍්චන‍්නං නීවරණානං: “තීණි දුච‍්චරිතානී”තිස‍්ස වචනීයං. තීණිපහං භික‍්ඛවෙ දුච‍්චරිතානි සාහාරානි වදාමි, නො අනාහාරානි. කො චාහාරො තිණ‍්ණන‍්නං දුච‍්චරිතානං: “ඉන්‍ද්‍රියාසංවරො”තිස‍්ස වචනීයං ඉන්‍ද්‍රියාසංවරම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි. නො අනාහාරං. කො චාහාරො ඉන්‍ද්‍රියාසංවරස‍්ස: අසතාසම‍්පජඤ‍්ඤන‍්ති”තිස‍්ස වචනීයං. අසතාසම‍්පජඤ‍්ඤම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං කො චාහාරො අසතාසම‍්පජඤ‍්ඤස‍්ස: “අයොනිසොමනසිකාරො”තිස‍්ස වචනීයං. අයොනිසොමනසිකාරම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි. නො අනාහාරං කො චාහාරො අයොනිසොමනසිකාරස‍්ස: “අස‍්සද‍්ධිය”න‍්තිස‍්ස වචනීයං. අස‍්සද‍්ධියම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං කො චාහාරො අස‍්සද‍්ධියස‍්ස: “අසද‍්ධම‍්මසවන”න‍්තිස‍්ස වචනීයං. අසද‍්ධම‍්මසවනම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො අසද‍්ධම‍්මසවනස‍්ස: අසප‍්පුරිසසංසෙවොතිස‍්ස වචනීයං.

මහණෙනි, භවතෘෂ්ණාව ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍ය කොට නො කියමි. භවතෘෂ්ණාවගේ ප්‍රත්‍යය කවරේ ය: අවිද්‍යා ය යි කිවයුතු වෙයි. මහණෙනි, මම අවිද්‍යාව ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අවිද්‍යාවගේ ප්‍රත්‍යය කවරේ යැ: පඤ්චනිවරණයහ යි කිවයුතු වෙයි. මහණෙනි, මම පඤ්චනිවරණයනුදු සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. පඤ්චනිවරණයන්ගේ ප්‍රත්‍යය කවරේ යැ: ත්‍රිවිධ දුශ්චරිතයෝ ය යි කිය යුතුය. මහණෙනි, මම ත්‍රිවිධ දුශ්චරිතයන් ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ත්‍රිවිධ දුශ්චරිතයන්ගේ ප්‍රත්‍යය කවරේ ය: ඉන්‍ද්‍රිය අසංවරය යි කියයුතු වෙයි. මහණෙනි, මම ඉන්‍ද්‍රිය අසංවරය ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ඉන්‍ද්‍රිය අසංවරයාගේ ප්‍රත්‍යය කවරේ ය: අස්මෘති - අසම්ප්‍රජන්‍ය යි කිය යුතු ය. මහණෙනි, මම අස්මෘති - අසම්ප්‍රජන්‍ය ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අස්මෘති - අසම්ප්‍රජන්‍යයාගේ ප්‍රත්‍යය කවරේ ය: අයෝනිසෝමනසිකාරය යි කිය යුතු වෙයි. මහණෙනි, මම අයෝනිසෝමනසිකාරය ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අයෝනිසෝමනසිකාරයාගේ ප්‍රත්‍යය කවරේ ය: නො ඇදහිලි බව යයි කියයුතු වෙයි. මහණෙනි, මම නො ඇදහිලි බව ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. නොඇදහිලිබව්හුගේ ප්‍රත්‍යය කවරේ ය: අසද්ධර්‍මශ්‍රණය යි කියමි. මහණෙනි, මම අසද්ධර්‍මශ්‍රවණය ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අසද්ධර්‍මශ්‍රවණයාගේ ප්‍රත්‍යය කවරේ ය: අසත්පුරුෂසංසේවය යි කියයුතු වෙයි.

ඉති ඛො භික‍්ඛවෙ අසප‍්පුරිසසංසෙවො පරිපූරො අසද‍්ධම‍්මසවනං පරිපූරෙති. අසද‍්ධම‍්මසවනං පරිපූරං අස‍්සද‍්ධියං පරිපූරෙති, අස‍්සද‍්ධියං පරිපූරං අයොනිසොමනසිකාරං පරිපූරෙති, අයොනිසොමනසිකාරො පරිපූරො අසතාසම‍්පජඤ‍්ඤං පරිපූරෙති, අසතාසම‍්පජඤ‍්ඤං පරිපූරං ඉන්‍ද්‍රියාසංවරං පරිපූරෙති, ඉන්‍ද්‍රියාසංවරො පරිපූරො තීණි දුච‍්චරිතානි පරිපූරෙති, තීණි දුච‍්චරිතානි පරිපූරානි පඤ‍්චනීවරණෙ පරිපූරෙන‍්ති. පඤ‍්චනීවරණා පරිපූරා අවිජ‍්ජං පරිපූරෙන‍්ති. අවිජ‍්ජා පරිපූරා භවතණ‍්හං පරිපූරෙති. එවමෙතිස‍්සා භවතණ‍්හාය ආහාරො හොති, එවඤ‍්ච පාරිපූරි.

මහණෙනි, මෙසේ අසත්පුරුෂසංසේවය පරිපූර්‍ණ වූයේ අසද්ධර්‍මශ්‍රවණය පුරයි. අසද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ නොඇදහිලි බව පුරයි. නොඇදහිලි බව පරිපූර්‍ණ වූයේ අයෝනිසෝමනසිකාරය පුරයි. අයෝනිසෝමනසිකාරය පරිපූර්‍ණ වූයේ අස්මෘති අසම්ප්‍රජන්‍යය පුරයි, අස්මෘති අසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රිය අසංවරය පුරයි. ඉන්‍ද්‍රිය අසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ දුශ්චරිත පුරයි. ත්‍රිවිධ දුශ්චරිතයෝ පරිපූර්‍ණ වූවාහු පඤ්චනීවරණයන් පුරත්. පඤ්චනීවරණයෝ පරිපූර්‍ණ වූවාහු අවිද්‍යාව පුරත්. අවිද්‍යාව පරිපූර්‍ණ වූවා භව තෘෂ්ණාව පුරයි. මෙසේ තෙල භවතෘෂ්ණාවගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ උපරිපබ‍්බතෙ ථුල‍්ලඵුසිතකෙ දෙවෙ වස‍්සන‍්තෙ දෙවෙ ගලගලායන‍්තෙ තං උදකං යථානින‍්නං පවත‍්තමානං පබ‍්බතකන්‍දරපදරසාඛා පරිපූරෙති, පබ‍්බතකන්‍දරපදරසාඛා පරිපූරා කුස‍්සුබ‍්භෙ පරිපූරෙන‍්ති, කුස‍්සුබ‍්භා පරිපූරා මහාසොබ‍්භෙ පරිපූරෙන‍්ති, මහාසොබ‍්භා පරිපූරා කුන‍්නදියො පරිපූරෙන‍්ති, කුන‍්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන‍්ති, මහානදියො පරිපූරා මහාසමුද‍්දං සාගරං පරිපූරෙන‍්ති. එවමෙතස‍්ස මහාසමුද‍්දස‍්ස සාගරස‍්ස ආහාරො හොති, එවඤ‍්ච පාරිපූරි.

මහණෙනි, යම් පරිදි ගල්මතුයෙහි මහත් පොද ඇති වැසි වස්නා කල්හි වැසි දිය ගලා යන කල්හි ඒ දිය නිම්න තුබූ සේ වැටෙමින් පර්‍වතකන්‍දර ප්‍රදරශාඛා පුරාලන්නේ වේ ද, පර්‍වතකන්‍දර ප්‍රදරශාඛා පිරුණාහු කුඩා කුඩා හෙබ් පුරාලත් ද, කුඩා හෙබ්හු පිරුණාහු මහහෙබ් පුරාලත් ද, මහහෙබ්හු පිරුණාහු කුඩා නදීන් පුරාලත් ද, කුඩා නදීන් පිරුණාහු මහ නදීන් පුරාලත් ද, මහ නදීහු පිරුණාහු සයුර පුරාලත් ද, මෙසේ තෙල සමුද්‍රයාගේ ආහාරය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ අසප‍්පුරිසසංසෙවො පරිපූරො අසද‍්ධම‍්මසවනං පරිපූරෙති, අසද‍්ධම‍්මසවනං පරිපූරං අස‍්සද‍්ධියං පරිපූරෙති, අස‍්සද‍්ධියං පරිපූරං අයොනිසොමනසිකාරං පරිපූරෙති. අයොනිසොමනසිකාරො පරිපූරො අසතාසම‍්පජඤ‍්ඤං පරිපූරෙති, අසතාසම‍්පජඤ‍්ඤං පරිපූරං ඉන්‍ද්‍රියාසංවරං පරිපූරෙති, ඉන්‍ද්‍රියාසංවරො පරිපූරො තීණි දුච‍්චරිතානි පරිපූරෙති, තීණි දුච‍්චරිතානි පරිපූරානි පඤ‍්චනීවරණෙ පරිපූරෙන‍්ති. පඤ‍්ච නීවරණා පරිපූරා අවිජ‍්ජං පරිපූරෙන‍්ති. අවිජ‍්ජා පරිපූරා භවතණ‍්හං පරිපූරෙති. එවමෙතිස‍්සා භවතණ‍්හාය ආහාරො හොති එවං ච පාරිපූරි.

මහණෙනි, එපරිදි ම අසත්පුරුෂ සංසේවය පරිපූර්‍ණ වූයේ අසද්ධර්‍ම ශ්‍රවණ පුරයි. අසද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ නොඇදහිලිබව පුරයි. නොඇදහිලිබව පරිපූර්‍ණ වූයේ අයෝනිසෝමනසිකාරය පුරයි. අයෝනිසෝමනසිකාරය පරිපූර්‍ණ වූයේ අස්මෘති අසම්ප්‍රජන්‍යය පුරයි. අස්මෘති අසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රිය අසංවරය පුරයි. ඉන්‍ද්‍රිය අසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ දුශ්චරිතයන් පුරයි. ත්‍රිවිධ දුශ්චරිතයෝ පරිපූර්‍ණ වූවාහු පඤ්චනීවරණයන් පුරත්. පඤ්චනීවරණයෝ පරිපූර්‍ණ වූවාහු අවිද්‍යාව පුරත්. අවිද්‍යාව පරිපූර්‍ණ වූවාහු භවතෘෂ්ණාව පුරයි. මෙසේ තෙල භවතෘෂ්ණාවගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වෙයි.

විජ‍්ජාවිමුත‍්තිම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං, කො චාහාරො විජ‍්ජාවිමුත‍්තියා: සත‍්තබොජ‍්ඣඞ‍්ගාතිස‍්ස වචනීයං. සත‍්තපහං භික‍්ඛවෙ බොජ‍්ඣඞ‍්ගෙ සාහාරෙ වදාමි, නො අනාහාරෙ කො චාහාරො සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං: චත‍්තාරො සතිපට‍්ඨානාතිස‍්ස වචනීයං. චත‍්තාරොපහං භික‍්ඛවෙ සතිපට‍්ඨානෙ සාහාරෙ වදාමි, නො අනාහාරෙ. කො චාහාරො චතුන‍්නං සතිපට‍්ඨානානං: තීණි සුචරිතානී’තිස‍්ස වචනීයං. තීණිපහං භික‍්ඛවෙ සුචරිතානි සාහාරානි වදාමි, නො අනාහාරානි, කො චාහාරො තිණ‍්ණන‍්නං සුචරිතානං: ඉන්‍ද්‍රියසංවරොතිස‍්ස වචනීයං. ඉන්‍ද්‍රියසංවරම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං. කො චාහාරො ඉන්‍ද්‍රියසංවරස‍්ස: සතිසම‍්පජඤ‍්ඤන‍්තිස‍්ස වචනීයං. සතිසම‍්පජඤ‍්ඤම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි. නො අනාහාරං. කො චාහාරො සතිසම‍්පජඤ‍්ඤස‍්ස: යොනිසොමනසිකාරොතිස‍්ස වචනීයං. යොනිසොමනසිකාරම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො යොනිසො මනසිකාරස‍්ස: සද‍්ධාතිස‍්ස වචනීයං: සද‍්ධම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො සද‍්ධාය: සද‍්ධම‍්මසවනන‍්තිස‍්ස වචනීයං. සද‍්ධම‍්මසවනම‍්පහං භික‍්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො සද‍්ධම‍්මසවනස‍්ස: සප‍්පුරිසසංසෙවොතිස‍්ස වචනීයං.

මහණෙනි, මම විද්‍යාවිමුක්තිය ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නොකියමි. විද්‍යාවිමුක්තියගේ ප්‍රත්‍යය කවරේ ය: සප්තබෝධ්‍යඞ්ගය හයි කිය යුතු වෙයි. මහණෙනි, මම සප්තබෝධ්‍යඞ්ගයන් ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නොකියමි. සප්තබෝධ්‍යඞ්ගයන්ගේ ප්‍රත්‍යය කවරේ ය: සතර සතිපට්ඨානයහ යි. මහණෙනි, මම සතර සතිපට්ඨානයන් ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නො කියමි. සතර සතිපට්ඨානයන්ගේ ප්‍රත්‍යය කවරේ ය: ත්‍රිවිධ සුචරිතයහ යි කියයුතු වෙයි. මහණෙනි, මම ත්‍රිවිධ සුචරිතයන් ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නො කියමි. මහණෙනි, ත්‍රිවිධ සුචරිතයන්ගේ ප්‍රත්‍යය කවරේ ය: ඉන්‍ද්‍රිය සංවරයයි කියයුතු වෙයි. මහණෙනි, මම ඉන්‍ද්‍රිය සංවරය ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නො කියමි. ඉන්‍ද්‍රිය සංවරයාගේ ප්‍රත්‍යය කවරේ ය: ස්මෘතිසම්ප්‍රජන්‍ය යයි කිය යුතු වෙයි. මහණෙනි, මම ස්මෘතිසම්ප්‍රජන්‍ය ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නොකියමි. ස්මෘතිසම්ප්‍රජන්‍යයාගේ ප්‍රත්‍යය කවරේ ය: යෝනිසෝමනසිකාර යයි කිය යුතු වෙයි. මහණෙනි, මම යෝනිසෝමනසිකාර ය ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නොකියමි. යෝනිසෝමනසිකාරයාගේ ප්‍රත්‍යය කවරේ ය: ශ්‍රද්ධා යයි කියයුතු වෙයි. මහණෙනි, මම ශ්‍රද්ධාව ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නොකියමි. ශ්‍රද්ධාවගේ ප්‍රත්‍යය කවරේ ය: සද්ධර්‍මශ්‍රවණ යයි කිවයුතු වෙයි. මහණෙනි, මම සද්ධර්‍මශ්‍රවණය ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නොකියමි. සද්ධර්‍මශ්‍රවණයාගේ ප්‍රත්‍යය කවරේ ය: සත්පුරුෂසංසේව යයි කියයුතු වෙයි.

ඉති ඛො භික‍්ඛවෙ සප‍්පුරිසසංසෙවො පරිපූරො සද‍්ධම‍්මසවනං පරිපූරෙති සද‍්ධම‍්මසවනං පරිපූරං, සද‍්ධං පරිපූරෙති, සද‍්ධා පරිපූරා යොනිසොමනසිකාරං පරිපූරෙති, යොනිසොමනසිකාරො පරිපූරො සතිසම‍්පජඤ‍්ඤං පරිපූරෙති, සතිසම‍්පජඤ‍්ඤං පරිපූරං ඉන්‍ද්‍රියසංවරං පරිපූරෙති, ඉන්‍ද්‍රියසංවරො පරිපූරො, තීණි සුචරිතානි පරිපූරෙති තීණි සුචරිතානි පරිපූරානි, චත‍්තාරො සතිපට‍්ඨානෙ පරිපූරෙන‍්ති, චත‍්තාරො සතිපට‍්ඨානා පරිපූරා සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ පරිපූරෙන‍්ති, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා පරිපූරා විජ‍්ජාවිමුත‍්තිං පරිපූරෙන‍්ති. එවමෙතිස‍්සා විජ‍්ජාවිමුත‍්තියා ආහාරො හොති. එවඤ‍්ච පාරිපූරි.

මහණෙනි, මෙසේ සත්පුරුෂසංසේවය පරිපූර්‍ණ වූයේ සද්ධර්‍මශ්‍රවණය පුරයි. සද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ ශ්‍රද්ධාව පරිපූර්‍ණ වෙයි. ශ්‍රද්ධාව පරිපූර්‍ණ වූවා යෝනිසෝමනස්කාර පුරයි. යෝනිසෝමනස්කාර පරිපූර්‍ණ වූයේ ස්මෘතිසම්ප්‍රජන්‍යය පුරයි. ස්මෘතිසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රිය සංවරය පුරයි. ඉන්‍ද්‍රිසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්‍ණ වූවාහු සතර සතිපට්ඨානයන් පුරති. සතර සතිපට්ඨානයෝ පරිපූර්‍ණ වූවාහු සප්තබෝධ්‍යඞ්ගයන් පුරත්. සප්තබෝධ්‍යඞ්ගයෝ පරිපූර්‍ණ වූවාහු විද්‍යවිමුක්තිය පුරත්. මෙසේ තෙල විද්‍යාවිමුක්තියට ආහාර වෙයි. මෙසේ පාරිපූරිය වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ උපරි පබ‍්බතෙ ථුල‍්ලඵුසිතකෙ දෙවෙ වස‍්සන‍්තෙ දෙවෙ ගලගලායන‍්තෙ තං උදකං යථානින‍්නං පවත‍්තමානං පබ‍්බතකන්‍දරපදරසාඛා පරිපූරෙති, පබ‍්බතකන්‍දරපදරසාඛා පරිපූරා කුස‍්සුබ‍්භෙ පරිපූරෙන‍්ති, කුස‍්සුබ‍්භා පරිපූරා මහාසොබ‍්භෙ පරිපූරෙන‍්ති, මහාසොබ‍්භා පරිපූරා කුන‍්නදියො පරිපූරෙන‍්ති, කුන‍්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන‍්ති, මහානදියො පරිපූරා මහාසමුද‍්දං සාගරං පරිපූරෙන‍්ති. එවමෙතස‍්ස මහාසමුද‍්දස‍්ස සාගරස‍්ස ආහාරො හොති, එවඤ‍්ච පාරිපූරි.

මහණෙනි, යම් පරිදි ගල්මතුයෙහි මහත් පොද ඇති වැසි වස්නා කල්හි වැසි දිය ගලායත්ම එදිය නිම්න තුබූ සේ වැටෙමින් පර්‍වතකන්‍දර ප්‍රදරශාඛා පුරාලන්නේ වේ ද, පර්‍වතකන්‍දර ප්‍රදරශාඛා පිරුණාහු කුඩා හෙබ් පුරාලත් ද, කුඩා හෙබ්හු පිරුණාහු මහහෙබ් පුරාලත් ද, මහහෙබ්හු පිරුණාහු කුඩා නදීන් පුරාලත් ද, කුඩා නදීන් පිරුණාහු මහ නදීන් පුරාලත් ද, මහ නදීහු පිරුණාහු සයුර පුරාලත් ද, මෙසේ තෙල සමුද්‍රයාගේ ආහාරය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ සප‍්පුරිසසංසෙවො පරිපූරො සද‍්ධම‍්මසවනං පරිපූරෙති. සද‍්ධම‍්මසවනං පරිපූරං සද‍්ධං පරිපූරෙති, සද‍්ධා පරිපූරා යොනිසොමනසිකාරං පරිපූරෙති. යොනිසොමනසිකාරො පරිපූරො සතිසම‍්පජඤ‍්ඤං පරිපූරෙති, සතිසම‍්පජඤ‍්ඤං පරිපූරං ඉන්‍ද්‍රියසංවරා පරිපූරෙති, ඉන්‍ද්‍රියසංවරො පරිපූරො, තීණි සුචරිතානි පරිපූරෙති. තීණි සුචරිතානි පරිපූරානි, චත‍්තාරො සතිපට‍්ඨානෙ පරිපූරෙන‍්ති, චත‍්තාරො සතිපට‍්ඨානා පරිපූරා සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ පරිපූරෙන‍්ති, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා පරිපූරා විජ‍්ජාවිමුත‍්තිං පරිපූරෙන‍්ති. එවමෙතිස‍්සා විජ‍්ජාවිමුත‍්තියා ආහාරො හොති. එවඤ‍්ච පාරිපූරීති.

මහණෙනි, එපරිදි ම සත්පුරුෂසංසේවය පරිපූර්‍ණ වූයේ සද්ධර්‍මශ්‍රවණය පුරයි. සද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ ශ්‍රද්ධා පුරයි. ශ්‍රද්ධාව පරිපූර්‍ණ වූවා යෝනිසෝමනස්කාර පුරයි. යෝනිසෝමනස්කාර පරිපූර්‍ණ වූයේ ස්මෘතිසම්ප්‍රජන්‍යය පුරයි. ස්මෘතිසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රියසංවරය පුරයි. ඉන්‍ද්‍රියසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්‍ණ වූවාහු සතර සතිපට්ඨානයන් පුරත්. සතර සතිපට්ඨානයෝ පරිපූර්‍ණ වූවාහු සප්තබෝධ්‍යඞ්ගයන් පුරත්. සප්තබෝධ්‍යඞ්ගයෝ පරිපූර්‍ණ වූවාහු විද්‍යාවිමුක්තිය පුරත්. මෙසේ තෙල විද්‍යාවිමුක්තියට ආහාරය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වේ යි.