පඨමසුඛ සුත‍්තං
10. 2. 2. 5.
10. 2. 2. 5.
පඨමසුඛ සුත‍්තං
පඨම සුඛ සූත්‍රය
එකං සමයං ආයස‍්මා සාරිපුත‍්තො මගධෙසු, විහරති නාලකගාමකෙ. අථ ඛො සාමණ‍්ඩකානි පරිබ‍්බාජකො යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා සාරිපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සාමණ‍්ඩකානි පරිබ‍්බාජකො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච. කින‍්නු ඛො ආවුසො සාරිපුත‍්ත සුඛං කිං දුක‍්ඛන‍්ති.
එක්කලෙක ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ මගධ ජනපදයෙහි නාලක ගාමකයෙහි වාසය කරන්නාහ. එකල්හි සාමණ්ඩකානි පිරිවැජි ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් හා සතුටු විය. සතුටුවිය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස්ව හින. එකත්පස් ව හුන් සාමණ්ඩකානි පිරිවැජි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීය: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, සුඛ කිමෙක, දුක්ඛ කිමෙකැ”යි.
අභිනිබ‍්බත‍්ති ඛො ආවුසො දුක‍්ඛා, අනභිනිබ‍්බත‍්ති සුඛා. අභිනිබ‍්බත‍්තියා ආවුසො සති ඉදං දුක‍්ඛං පාටිකඞ‍්ඛං. සීතං උණ‍්හං ජිඝච‍්ඡා පිපාසා උච‍්චාරො පස‍්සාවො අග‍්ගිසම‍්ඵස‍්සො දණ‍්ඩසම‍්ඵස‍්සො සත්‍ථසම‍්ඵස‍්සො ඤාතිපි මිත‍්තාපි සඞ‍්ගම‍්ම සමාගම‍්ම රොසෙන‍්ති. අභිනිබ‍්බත‍්තියා ආවුසො සති ඉදං දුක‍්ඛං පාටිකඞ‍්ඛං.
ඇවැත්නි, අභිනිර්‍වෘතිය (ඉපැත්ම) දුඃඛය, අනභිනිර්‍වෘතිය (නොයිපැත්ම) සුඛය යි. ඇවැත්නි, අභිනිර්‍වෘතිය ඇතිවත් ම මෙ දුඃඛය කැමැති විය යුතු: ශීත ය, උෂ්ණ ය, සා ය, පවස් ය, උච්චාර ය, ප්‍රස්‍රාව ය, අග්නිස්පර්‍ශ ය, දණ්ඩස්පර්‍ශ ය, ශස්ත්‍රස්පර්‍ශ ය යි. ඥාතීහු ද මිත්‍රයෝ ද එක් රැස්ව කෝප ගන්වත්. ඇවැත්නි, අභිනිර්‍වෘතිය ඇතිවත් ම මෙ දුක කැමැති විය යුතු.
අනභිනිබ‍්බත‍්තියා ආවුසො සති ඉදං සුඛං පාටිකඞ‍්ඛං. න සීතං න උණ‍්හං න ජිඝච‍්ඡා න පිපාසා න උච‍්චාරො න පස‍්සාවො න අග‍්ගිසම‍්ඵස‍්සො න දණ‍්ඩසම‍්ඵස‍්සො න සත්‍ථසම‍්ඵස‍්සො ඤාතිපි මිත‍්තාපි සඞ‍්ගම‍්ම සමාගම‍්ම න රොසෙන‍්ති. අනභිනිබ‍්බත‍්තියා ආවුසො සති ඉදං සුඛං පාටිකඞ‍්ඛන‍්ති.
ඇවැත්නි, අනභිනිර්‍වෘතිය ඇතිවත් ම මෙ සුඛය කැමැති විය යුතු. ශීත නැත, උෂ්ණ නැත, සා නැත, පවස් නැත, උච්චාර නැත, ප්‍රස්‍රාව නැත, අග්නිස්පර්‍ශ නැත, දණ්ඩස්පර්‍ශ නැත, ශස්ත්‍රස්පර්‍ශ නැත. ඥාතීහු ද මිත්‍රයෝ ද එක් රැස්ව කෝප නො ගන්වත්. ඇවැත්නි, අනභිනිර්‍වෘතිය ඇතිවත් ම මෙ සුඛය කැමැති විය යුතු.