බ්‍රාහ්මණ පච්චොරොහණී සුත්තං
10. 4. 2. 1.
10. 4. 2. 1.
බ්‍රාහ්මණ පච්චොරොහණී සුත්තං
බ්‍රාහ්මණ පච්චෝරෝහණී සූත්‍රය
තෙන ඛො පන සමයෙන ජාණුස්සොණි බ්රාහ්මණො තදහුපොසථෙ සීසං නහාතො නවං ඛොමයුගං නිවත්ථො අල්ලං කුසමුට්ඨිං ආදාය භගවතො අවිදූරෙ එකමන්තං ඨිතො හොති.
එසමයෙහි ජාණුස්සෝණි බ්‍රාහ්මණ එ පොහෝ දවස්හි ශීර්‍ෂස්නාන කෙළේ නවකොමුපිළී යුවළක් හැඳ අමු හීතණ මිටක් රැගෙන භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි එකත්පස් ව සිටියේ වෙයි.
අද්දසා ඛො භගවා ජාණුස්සොණිං බ්රාහ්මණං තදහුපොසථෙ සීසං නහාතං නවං ඛොමයුගං නිවත්ථං අල්ලං කුසමුට්ඨිං ආදාය එකමන්තං ඨිතං දිස්වා ජාණුස්සොණිං බ්රාහ්මණං එතදවොච:
භාග්‍යවතුන් වහන්සේ එ පොහෝ දවස්හි ශීර්ෂ ස්නාන කළ නවකොමු පිළී සඟලක් හැඳි අමු හීතණ මිටක් ගෙන එකත්පසෙක සිටි ජාණුස්සෝණි බමුණු දුටු සේක. දැක ජාණුස්සෝණි බමුණුහට තෙල කරුණ වදාළ සේක:
කිං නු ඛො ත්වං බ්‍රාහ්මණ තදහුපොසථෙ සීසං නහාතො නවං ඛොමයුගං නිවත්ථො අල්ලං කුසමුට්ඨිං ආදාය එකමන්තං ඨිතො, කින්ත්වජ්ජ බ්‍රාහ්මණ බ්‍රාහ්මණ කුලස්සාති.
බ්‍රාහ්මණය, තෝ එපොහෝ දවස්හි ශීර්‍ෂස්නාන කෙළේ, නවකොමු පිළී සඟලක් හැඳ අමු හීතණ මිටක් ගෙන කවර හෙයින් එකත්පස්හි සිටියෙහි දැ’යි? බ්‍රාහ්මණය, අද බ්‍රාහ්මණ කුලයට කුමක් වේ දැයි?
පච්චොරොහණී භො ගොතම අජ්ජ බ්‍රාහ්මණ කුලස්සා’ති.
භවත් ගෞතමයන්වහන්ස, අද බ්‍රාහ්මණ කුලයට පාපයන්ගේ ප්‍රත්‍යවරෝහණීය (ශෝධනය) වේ යයි.
යථා කථං පන බ්‍රාහ්මණ බ්රාහ්මණානං පච්චොරොහණී හොතීති?
බ්‍රාහ්මණය, බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණීය කවර පරිද්දෙකින් වේ දැයි?
ඉධ භො ගොතම බ්රාහ්මණා තදහුපොසථෙ සීසං නහාතා නවං ඛොමයුගං නිවත්ථා අල්ලෙන ගොමයෙන පඨවිං ඔපුඤ්ඡිත්වා හරිතෙහි කුසෙහි පත්ථරිත්වා අන්තරා ච වෙලං අන්තරා ච අග්ග්යාගාරං සෙය්යං කප්පෙන්ති, තෙ තං රත්තිං තික්ඛත්තුං පච්චුට්ඨාය පඤ්ජලිකා අග්ගිං නමස්සන්ති “පච්චොරොහාම භවන්තං පච්චොරොහාම භවන්ත”න්ති. පහූතෙන ච සප්පිතෙලෙන නවනීතෙන අග්ගිං සන්තප්පෙන්ති. තස්සා ච රත්තියා තෙන පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන බ්රාහ්මණෙ සන්තප්පෙන්ති. එවං ඛො භො ගොතම බ්රාහ්මණානං පච්චොරොහණී හොතීති.
භවත් ගෞතමයන්වහන්ස, මෙ ලොව්හි බමුණෝ ඒ පොහෝ දවස්හි හිස් සෝදා නහා නවකොමුපිළී සඟල හැඳියාහු අමු ගොමින් බිම පිරිබඩ කොට නිල් කුසතණින් අතුරා වැලි ඉවුරු හා ගිනිහල් ගෙය හා අතර ශය්‍යා කෙරෙත්. ඔහු ඒ රෑ තෙවරක් නැඟි සිට බැඳිලි ව ගිනිදෙවි වඳනාහ. “භවත්හට ප්‍රත්‍යවරෝහණීය (පාපශෝධනය) කරම්හ, භවත්හට ප්‍රත්‍යවරෝහණය කරම්හ” යි. බොහෝ ගිතෙලිනුදු වෙඬරුයෙනුදු ගිනිදෙවියා සතප්වති. එ රෑ ඇවෑමෙන් ඒ පිණී කෑ යුතු දැයින් හා බිඳිය යුතු දැයින් බුමුණනුදු සතප්වති. භවත් ගෞතමයන්වහන්ස, මෙසෙයින් බමුණන්ගේ ප්‍රත්‍යවරෝහණය වේ යයි.
අඤ්ඤථා ඛො බ්‍රාහ්මණ බ්රාහ්මණානං පච්චොරොහණී, අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ පච්චොරොහණී හොතීති.
බ්‍රාහ්මණය, බමුණන්ගේ ප්‍රත්‍යවරෝහණය අන්පරිදි වෙයි. ආර්‍ය්‍යයන්ගේ විනයෙහි ප්‍රත්‍යවරෝහණය අන් පරිදි වේ යයි.
යථා කථං පන භො ගොතම අරියස්ස විනයෙ පච්චොරොහණී හොතීති, සාධු මෙ භවං ගොතමො තථා ධම්මං දෙසෙතු යථා අරියස්ස විනයෙ පච්චොරොහණී හොතීති.
භවත් ගෞතමයන්වහන්ස, ආර්‍ය්‍යයන්ගේ විනයෙහි ප්‍රත්‍යවරෝහණය කිසෙයින් වේ දැයි? භවත් ගෞතමයන් වහන්සේ ආර්‍ය්‍යයන්ගේ විනයෙහි යම් පරිදි ප්‍රත්‍යවරෝහණය වේ නම් එ පරිදි මට දහම් දෙසන සේක් නම් මැනැවැ යි.
තෙන හි බ්‍රාහ්මණ සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති. එවම්භොති ඛො ජාණුස්සොණී බ්රාහ්මණො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
බමුණ, එසේ නම් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමියි පින්වතුන් වහන්ස, එසේයැ යි. ජාණුස්සෝණී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වී ය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
ඉධ බ්‍රාහ්මණ අරියසාවකො ඉති පටිසංචික්ඛති: පාණාතිපාතස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති. සො ඉතිපටිසඞ්ඛාය පාණාතිපාතං පජහති, පාණාතිපාතා පච්චොරොහති, අදින්නාදානස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති. සො ඉති පටිසඞ්ඛාය අදින්නාදානං පජහති, අදින්නාදානා පච්චොරොහති. කාමෙසු මිච්ඡාචාරස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති. සො ඉති පටිසඞ්ඛාය කාමෙසු මිච්ඡාචාරං පජහති, කාමෙසු මිච්ඡාචාරා පච්චොරොහති. මුසාවාදස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති, සො ඉති පටිසඞ්ඛාය මුසාවාදං පජහති, මුසාවාදා පච්චොරොහති, පිසුනාය වාචාය ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති. සො ඉති පටිසඞ්ඛාය පිසුනං වාචං පජහති. පිසුනාය වාචාය පච්චොරොහති. ඵරුසාය වාචාය ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති. සො ඉති පටිසඞ්ඛාය ඵරුසං වාචං පජහති, ඵරුසාය වාචාය පච්චොරොහති, සම්ඵප්පලාපස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති. සො ඉති පටිසඞ්ඛාය සම්ඵප්පලාපං පජහති, සම්ඵප්පලාපා පච්චොරොහති, අභිජ්ඣාය ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති. සො ඉති පටිසඞ්ඛාය අභිජ්ඣං පජහති. අභිජ්ඣාය පච්චොරොහති. ව්යාපාදස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති, සො ඉති පටිසඞ්ඛාය ව්යාපාදං පජහති, ව්යාපාදා පච්චොරොහති, මිච්ඡාදිට්ඨියා ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති, සො ඉති පටිසඞ්ඛාය මිච්ඡාදිට්ඨිං පජහති, මිච්ඡාදිට්ඨියා පච්චොරොහති, එවං ඛො බ්‍රාහ්මණ අරියස්ස විනයෙ පච්චොරොහණී හොතීති.
බමුණ, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලකන්නේ ය. පණිවායෙහි ලාමක විපාක ඉහාත්මයෙහිත් අභිසම්පරාහිත් වේ මැ යි, හේ මෙසේ නුවණින් සලකා පණිවා හැරලයි. පණිවායෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙ යි. අයිනාදන්හුගේ ලාමක විපාක ඉහාත්මයෙහි හා අභිසම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා අයිනාදන් හැර ල යි. අයිනාදනින් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. කාමයෙහි මිසහසරෙහි ලාමක විපාක දිටුදැමියෙහි හා සම්පරාහි හා වෙයි, හෙ මෙසේ නුවණින් සලකා කාමයෙහි මිසහසර හැරලයි. කාමයන්හි මිසහසරින් ප්‍රත්‍යවරෝහණ කෙරෙ යි. මුසවායෙහි ලාමක විපාක දිටුදැමියෙහි හා අභිසම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා මුසවා හැරලයි. මුසවායෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. පිසුණු බස් හි ලාමක විපාක දිටුදැමියෙහි සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා පිසුනු බස් හැර ලයි. පිසුනු බසින් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. පරොස්බස්හි ලාමක විපාක දිටුදැමියෙහි සම්පර හි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා පරොස්බස් හැරලයි. පරොස් බසින් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. සම්ඵප්‍රලාපයාගේ ලාමක විපාක දිටුදැමියෙහි හා සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා සම්ඵප්‍රලාපය හැරලයි. සම්ඵප්‍රලාපයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. අභිධ්‍යාවගේ ලාමක විපාක දිටුදැමියෙහි හා සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා අභිධ්‍යා හැරලයි. අභිධ්‍යායෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. ව්‍යාපාදයාගේ ලාමක විපාක ඉහාත්මයෙහි හා සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා ව්‍යාපාදය හැරලයි. ව්‍යාපාදයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. මිථ්‍යාදෘෂ්ටිහුගේ ලාමක විපාක ඉහාත්මයෙහි හා සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාදෘෂ්ටිය හැරලයි. මිථ්‍යාදෘෂ්ටියෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. බමුණ මෙසේ ආර්‍ය්‍යයන්ගේ විනයෙහි ප්‍රත්‍යවරෝහණ වේ යයි.
අඤ්ඤථා භො ගොතම බ්රාහ්මණානං පච්චොරොහණී, අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ පච්චොරොහණී හොතීති. ඉමිස්සා ච භො ගොතම අරියස්ස විනයෙ පච්චොරොහණියා බ්රාහ්මණානං පච්චොරොහණී කලං නාග්ඝති සොළසිං.
පින්වත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය අන්පරිදි වෙයි. ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය අන් පරිදි ම වෙයි. ආර්‍ය්‍යවිනයෙහි එන මේ ප්‍රත්‍යවරෝහණය සොළොස්වන කලාවට ද බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය නො අගනේ යි.
අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව ... භවත් ගෞතමයන් වහන්සේ අද සිට මා දිවිහිමියෙන් (තෙරුවන්) සරණ ගිය උවසු කොට දරන සේක් ව යි.