යෙදුමෙන් කියවන්න

3. 6. 1

3. 6. 1.

3. 6. 1.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

1. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, පටිපදා.

1. මහණෙනි, මේ පටිපදාවෝ තුන් දෙනෙකි.

කතමා තිස‍්සො?

කවර තුන් දෙනෙක යත්:

ආගාළ‍්හා පටිපදා, නිජ‍්ඣාමා පටිපදා, මජ‍්ඣිමා පටිපදා.

ආගාඪප්‍රතිපත්තිය, පරිතප්තප්‍රතිපත්තිය, මධ්‍යමප්‍රතිපත්ති යි.

කතමා ච භික‍්ඛවෙ, ආගාළ‍්හා පටිපදා?

මහණෙනි, ආගාඪප්‍රතිපත්ති කවර?

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො එවංවාදී හොති එවංදිට‍්ඨි : නත්‍ථි කාමෙසු දොසොති. සො කාමෙසු පාතව්‍යතං ආපජ‍්ජති. අයං වුච‍්චති භික‍්ඛවෙ, ආගාළ‍්හා පටිපදා.

මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙබඳු වාද ඇතියේ වෙයි, මෙබඳු දෘෂ්ටි ඇතියේ වෙයි: කාමයෙහි දෝෂයෙක් නැත කියායි. හේ කාමයෙහි පියයුතු බවට පැමිණෙයි. මහණෙනි, මේ ආගාඪප්‍රතිපත්තිය යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ, නිජ‍්ඣාමා පටිපදා?

මහණෙනි, පරිතප්තප්‍රතිපත්ති කවර?

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො අචෙලකො හොති මුත‍්තාචාරො, හත්‍ථාපලෙඛනො න එහිභදන‍්තිකො, න තිට‍්ඨභදන‍්තිකො. න අභිහටං, න උද‍්දිස‍්සකටං, න නිමන‍්තනං සාදියති. සො න කුම‍්භිමුඛා පතිගණ‍්හාති, න කළොපිමුඛා පතිගණ‍්හාති, න එළකමන‍්තරං, න දණ‍්ඩමන‍්තරං, න මුසලමන‍්තරං, න ද‍්වින‍්නං භුඤ‍්ජමානානං, න ගබ‍්භිනියා, න පායමානාය, න පුරිසන‍්තරගතාය, න සඞ‍්කිත‍්තීසු, න යත්‍ථ සා උපට‍්ඨිතො හොති, න යත්‍ථ මක‍්ඛිකා සණ‍්ඩසණ‍්ඩචාරිනී, න මච‍්ඡං, න මංසං, න සුරං, න මෙරයං, න ථුසොදකං පිවති. සො එකාගාරිකො වා හොති එකාලොපිකො වා. ද‍්වාගාරිකො වා හොති ද‍්වාලොපිකො වා. සත‍්තාගාරිකො වා හොති සත‍්තාලොපිකො වා. එකිස‍්සාපි දත‍්තියා යාපෙති, ද‍්වීහිපි දත‍්තීහි යාපෙති. තීහිපි දත‍්තීහි යාපෙති. සත‍්තහිපි දත‍්තීහි යාපෙති. එකාහිකම‍්පි ආහාරං ආහාරෙති, ද‍්වාහිකම‍්පි ආහාරං ආහාරෙති. සත‍්තාහිකම‍්පි ආහාරං ආහාරෙති. ඉති එවරූපං අද‍්ධමාසිකම‍්පි පරියායභත‍්තභොජනානුයොගමනුයුත‍්තො විහරති. සො සාකභක‍්ඛොපි හොති, සාමාකභක‍්ඛොපි හොති, නීවාරභක‍්ඛොපි හොති, දද‍්දුලභක‍්ඛොපි හොති, හටභක‍්ඛොපි හොති, කණ‍්හභක‍්ඛොපි හොති, ආචාමභක‍්ඛොපි හොති, පිඤ‍්ඤාකභක‍්ඛොපි හොති, තිණභක‍්ඛොපි හොති, ගොමයභක‍්ඛොපි හොති, වනමූලඵලාහාරො යාපෙති පවත‍්තඵලභොජී.

මහණෙනි, මෙලොව ඇතැමෙක් සෙලු වෙයි. හළ ආචාර ඇතියේ වෙයි. පිඬු නිමිකල අත ලෝනේ වෙයි. ‘එව, වහන්සැ’යි කීකල නො එනු සිල් කොට ඇතියේ වෙයි. ‘සිටුව, වහන්සැ’යි කීකල නොසිටිනු සිල් කොට ඇතියේ වෙයි, පළමු එළවූ අහර නොපිළිගන්නේ වෙයි, උදෙසා කළ අහර නොපිළිගන්නේ වෙයි, නිමන්ත්‍රණය නොපිළිගන්නේ වෙයි, හේ කළමුවෙන් උදුරා දුන් අහර නොපිළිගන්නේ වෙයි, සැළමුවින් උදුරා දුන් අහර නො පිළිගන්නේ වෙයි, එළිපත අතර කොට දෙන අහර නොපිළිගන්නේ වෙයි, දඬු අතර කොට දෙන අහර නොපිළිගන්නේ වෙයි, මොහොලා අතර කොට දෙන අහර නොපිළිගන්නේ වෙයි, වළඳන දෙදෙනකුන් අතුරින් එකකු නැගී දෙන අහර නොපිළිගන්නේ වෙයි, ගැබිලිය දෙන අහර නොපිළිගන්නේ වෙයි, කිරිපොවනිය දෙන අහර නොපිළිගන්නේ වෙයි, පුරුෂාන්තරගත ස්ත්‍රිය දෙන අහර නොපිළිගන්නේ වෙයි, සහල් ඈ සමාදන් කොට පිසූ කල දෙන අහර නොපිළිගන්නේ වෙයි, යම් තැනෙක බලු එළඹ සිටියේ නම් එහි දී දෙන අහර නොපිළිගන්නේ වෙයි, යම් තැනෙක මැසි මුළු ගළගළ ව හැසිරෙත් නම්, එහිදී දෙන අහර නොපිළිගන්නේ වෙයි, මත්ස්‍යමාංස නොපිළිගන්නේ වෙයි. රහ නොබොන්නේය, මෙර නොබොන්නේය. සෞවීරක නොබොන්නේය. හේ එක් ගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි, එක ආලෝපයෙකින් යැපෙන්නේ හෝ වෙයි, දෙගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි, ආලෝපදෙකෙකින් යැපෙන්නේ හෝ වෙයි, සත්ගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි, ආලෝප සතෙකින් යැපෙන්නේ හෝ වෙයි. එක් දැත්තෙකිනුදු (කුඩාතලියෙනුදු) යැපෙයි, දෙදැත්තෙකිනුදු යැපෙයි, තුන් දැත්තෙකිනුදු යැපෙයි, සත් දැත්තෙකිනුදු යැපෙයි. එක් දවසක් අතර කොට ගන්නා අහර ද වළඳයි, දෙදවසක් අතර කොට ගන්නා අහර ද වළඳයි, සත් දවසක් අතර කොට ගන්නා අහර ද වළඳයි. මෙසේ මෙබඳු අඩමසක් අතර කොට ගන්නා අහර දැ යි වාරභක්ත භෝජනයෙහි යෙදුනේ වෙසෙයි. හේ පලා වළඳන්නේ හෝ වෙයි, බඩහමු වළඳන්නේ හෝ වෙයි, හුරුහැල් වළඳන්නේ හෝ වෙයි, සම්කඩ වළඳන්නේ හෝ වෙයි, ලහටු වළඳන්නේ හෝ වෙයි, කුඩු වළඳන්නේ හෝ වෙයි, දමුබත් වළඳන්නේ හෝ වෙයි, පුනකු වළඳන්නේ හෝ වෙයි, ගොම වළඳන්නේ හෝ වෙයි. වැටුනු ඵල වළඳන සුලු වූයේ වනමුලඵල ආහාර කොට ඇතියේ ද යැපෙයි.

සො සාණානිපි ධාරෙති, මසාණානිපි ධාරෙති, ඡවදුස‍්සානිපි ධාරෙති, පංසුකූලානිපි ධාරෙති, තිරීටානිපි ධාරෙති, අජිනානිපි ධාරෙති, අජිනක‍්ඛිපම‍්පි ධාරෙති, කුසචීරම‍්පි ධාරෙති, වාකචීරම‍්පි ධාරෙති, ඵලකචීරම‍්පි ධාරෙති, කෙසකම‍්බලම‍්පි ධාරෙති, වාලකම‍්බලම‍්පි ධාරෙති, උලූකපක‍්ඛම‍්පි ධාරෙති, කෙසමස‍්සුලොචකොපි හොති කෙසමස‍්සුලොචනානුයොගමනුයුත‍්තො, උබ‍්භට‍්ඨකොපි හොති ආසනපටික‍්ඛිත‍්තො, උක‍්කුටිකොපි හොති උක‍්කුටිකප‍්පධානානුයොගමනුයුත‍්තො, කණ‍්ටකාපස‍්සයිකොපි හොති කණ‍්ටකාපස‍්සයෙ සෙය්‍යං කප‍්පෙති, සායතතියකම‍්පි උදකොරොහනානුයොගමනුයුත‍්තො විහරති.

හේ හණ වැහැරි ද දරයි, මුසුහණ වැහැරි ද දරයි, මිනියෙන් හළ පිළී ද දරයි, පහුල් පිළී ද දරයි, රුක්සුඹුලු ද දරයි, අඳුන්මුවසම් ද දරයි, ක්‍ෂුර සහිත අඳුන්දිවිසම් ද දරයි, කුසවැහැරි ද දරයි, වාකචීරය ද දරයි, ඵලකචීරය ද දරයි, කේශකම්බල ද දරයි, වාලකම්බල ද දරයි, මහමුහුණුපියාපතු දු දරයි. හිසකේ රවුලු උදුරා ලීමෙහි යෙදුනේ හිසකේ රවුලු උදුරනුයේ ද වෙයි. අසුන් පිළිකෙව් කෙළේ උඩුහුරුව සිටුනේ ද වෙයි. උලුළුයෙන් තවුස්වැර වැඩීමෙහි යෙදුනේ උලුළුයෙන් සිටුනේ ද වෙයි. කටු ඇතිරියෙහි හෝනේ ද වෙයි, කටුඇතිරියෙහි ශයනය ද කෙරෙයි. සවස තුන්වනු කොට තෙවරක් උදකාවගාහයෙහි යෙදුනේ වෙසෙයි.

ඉති එවරූපං අනෙකවිහිතං කායස‍්ස ආතාපනපරිතාපනානුයොගමනුයුත‍්තො විහරති. අයං වුච‍්චති භික‍්ඛවෙ, නිජ‍්ඣාමා පටිපදා.

මෙසේ මෙබඳු අනේකප්‍රකාර වූ කය පිළිබඳ ආතාපන පරිතාපනානුයෝගයෙහි යෙදුනේ වෙසෙයි. මහණෙනි, මේ පරිතප්ත ප්‍රතිපත්තිය යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ, මජ‍්ඣිමා පටිපදා?

මහණෙනි, මධ්‍යම ප්‍රතිපත්ති කවර?

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති : ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. අයං වුච‍්චති භික‍්ඛවෙ, මජ‍්ඣිමා පටිපදා.

මහණෙනි, මෙසස්නෙහි මහණ කෙලෙස් තවන වැර ඇතියේ නුවණින් දන්නේ, සිහි ඇතියේ, ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය දුරු කොට කයෙහි කය අනුව දක්නේ වෙසෙයි. කෙලෙස් තවන වැර ඇතියේ, නුවණින් දන්නේ, සිහි ඇතියේ, ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය දුරු කොට වේදනායෙහි ... චිත්තයෙහි ... ධර්‍මයෙහි ... ධර්‍මය අනුව දක්නා සුලු වූයේ වෙසෙයි. මහණෙනි, මේ මධ්‍යම ප්‍රතිපත්තිය යි කියනු ලැබේ.

ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො පටිපදාති.

මහණෙනි, මේ තුන් ප්‍රතිපත්තීහු යි.