යෙදුමෙන් කියවන්න

3. 3. 5. 10

3. 3. 5. 10.

3. 3. 5. 10.

53. යෙ භික‍්ඛවෙ, සත‍්තා පුබ‍්බන‍්හසමයං කායෙන සුචරිතං චරන‍්ති, වාචාය සුචරිතං චරන‍්ති, මනසා සුචරිතං චරන‍්ති, සුපුබ‍්බන‍්හො භික‍්ඛවෙ, තෙසං සත‍්තානං.

53. මහණෙනි, යම් කිසි සත්ත්‍ව කෙනෙක් පෙරවරු වේලෙහි කයින් සුචරිත පුරත් ද, වචනයෙන් සුචරිත පුරත් ද, සිතින් සුචරිත පුරත් ද, මහණෙනි, ඒ සත්ත්‍වයනට ශුභ පූර්‍වාහනයෙකි.

යෙ හි භික‍්ඛවෙ, සත‍්තා මජ‍්ඣන‍්තිකං සමයං කායෙන සුචරිතං චරන‍්ති, වාචාය සුචරිතං චරන‍්ති, මනසා සුචරිතං චරන‍්ති, සුමජ‍්ඣන‍්තිකො භික‍්ඛවෙ, තෙසං සත‍්තානං.

මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් මධ්‍යාන සමයෙහි කයින් සුචරිත පුරත් ද, වචනයෙන් සුචරිත පුරත් ද, සිතින් සුචරිත පුරත් ද, මහණෙනි, ඒ සත්ත්‍වයනට ශුභ මධ්‍යාහ්නයෙකි.

යෙ හි භික‍්ඛවෙ, සත‍්තා සායන‍්හසමයං කායෙන සුචරිතං චරන‍්ති, වාචාය සුචරිතං චරන‍්ති, මනසා සුචරිතං චරන‍්ති, සුසායන‍්හො භික‍්ඛවෙ, තෙසං සත‍්තානන‍්ති.

මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් සායාහන සමයෙහි කයින් සුචරිත පුරත් ද, වචනයෙන් සුචරිත පුරත් ද, සිතින් සුචරිත පුරත් ද, මහණෙනි, ඒ සත්ත්‍වයනට ශුභ සායාහනයෙකි.

10. සුනක‍්ඛත‍්තං සුමඞ‍්ගලං සුප‍්පභාතං සුවුට‍්ඨිතං, සුඛණො සුමුහුත‍්තො ච සුයිට‍්ඨං බ්‍රහ‍්මචාරිසු.

10. බ්‍රම්සරුන් කෙරෙහි ඉෂ්ටදාන විසින් පිදීමෙක් වේ ද, ඒ ශුභ නක්‍ෂත්‍රයෙකි. ශුභ මඞ්ගලයෙකි. ශුභ අලුයමෙකි. ශුභ නැගී සිටුමෙකි. ශුභ ක්‍ෂණයෙකි. ශුභ මුහුර්‍තයෙකි.

11. පදක‍්ඛිණං කායකම‍්මං වාචාකම‍්මං පදක‍්ඛිණං, පදක‍්ඛිණං මනොකම‍්මං පණිධියො පදක‍්ඛිණා, පදක‍්ඛිණානි කත්‍වාන ලභතත්‍ථෙ පදක‍්ඛිණෙ.

11. එදින කළ කායකර්‍මය වෘද්ධික්‍රියායෙකි. වාක්කර්‍මය වෘද්ධික්‍රියායෙකි. මනඃකර්‍මය වෘද්ධික්‍රියායෙකි. ප්‍රණිධීහු වෘද්ධිදායකයෝ යි. වෘද්ධියුක්ත කායකර්‍මාදීන් කොට වෘද්ධි අර්‍ත්‍ථයන් ලබන්නේය.

12. තෙ අත්‍ථලද‍්ධා සුඛිතා විරූළ‍්හා බුද‍්ධසාසනෙ, අරොගා සුඛිතා හොථ සහ සබ‍්බෙහි ඤාතිභීති.

12. ලබධාර්‍ත්‍ථ ඇති, සුඛිත වූ බුද්ධශාසනයෙහි විරූඪ වූ ඒ තෙපි සියලු ඥාතීන් හා සමග නීරෝග වව, සුඛිත වව.

මඞ‍්ගලවග‍්ගො පඤ‍්චමො.

පස්වන මඞ්ගල වර්‍ගය යි.

ඛුද‍්දක පණ‍්ණාසකො සමත‍්තො තතියො.

තෙවන ඛුද්දකපණ්ණාසකය සමාප්තයි.