5. මඞ්ගල වග්ගො අට්ඨකථා
5. මඞ්ගල වර්ගය
1-9. අකුසලසුත්තාදිවණ්ණනා
3.3.5.1
පඤ්චමස්ස පඨමෙ යථාභතං නික්ඛිත්තොති යථා ආනෙත්වා ඨපිතො. දුතියෙ සාවජ්ජෙනාති සදොසෙන. තතියෙ විසමෙනාති සපක්ඛලනෙන. සමෙනාති අපක්ඛලනෙන. චතුත්ථෙ අසුචිනාති ගූථසදිසෙන අපරිසුද්ධෙන අමෙජ්ඣෙන. සුචිනාති පරිසුද්ධෙන මෙජ්ඣෙන. පඤ්චමාදීනි උත්තානානෙව.
පස්වෙනි වර්ගයෙහි පළමුසූත්‍රයෙහි යථාභතං නික්ඛිත්තො යනු යම්සේ ගෙනවුත් සිටියේයි. දෙවැන්නෙහි සාවජේජන යනු සදොස්වුවෙනි. තෙවැන්නෙහි විසමෙන යනු පැකිලීම්සහිතවූවෙනි. සමෙන යනු පැකිළීම් නැතිවූවෙනි. සිවුවැන්නෙහි අසූචිනා යනු මල සමානවූ අපිරිසුදුවූවෙනි. සුචිනා යනු පිරිසුදු පවිත්රදෙයිනි. පස්වැන්න ආදීසූත්ර පැහැදිලිමය.
10. පුබ්බණ්හසුත්තවණ්ණනා
3.3.5.10
දසමෙ සුනක්ඛත්තන්තිආදීසු යස්මිං දිවසෙ තයො සුචරිතධම්මා පූරිතා හොන්ති, සො දිවසො ලද්ධනක්ඛත්තයොගො නාම, තෙනස්ස සදා සුනක්ඛත්තං නාම හොතීති වුච්චති. ස්වෙව දිවසො කතමඞ්ගලො නාම හොති, තෙනස්ස සදා සුමඞ්ගලන්ති වුච්චති. පභාතම්පිස්ස සදා සුප්පභාතමෙව, සයනතො උට්ඨානම්පි සුහුට්ඨිතමෙව, ඛණොපි සුක්ඛණොව, මුහුත්තොපි සුමුහුත්තොව. එත්ථ ච දසච්ඡරපමාණො කාලො ඛණො නාම, තෙන ඛණෙන දසක්ඛණො කාලො ලයො නාම, තෙන ලයෙන ච දසලයො කාලො ඛණලයො නාම, තෙන දසගුණො මුහුත්තො නාම, තෙන දසගුණො ඛණමුහුත්තො නාමාති අයං විභාගො වෙදිතබ්බො. සුයිට්ඨං බ්රහ්මචාරිසූති යස්මිං දිවසෙ තීණි සුචරිතානි පූරිතානි, තදාස්ස සෙට්ඨචාරීසු දින්නදානං සුයිට්ඨං නාම හොති. පදක්ඛිණං කායකම්මන්ති තං දිවසං තෙන කතං කායකම්මං වඩ්ඪිකායකම්මං නාම හොති. සෙසපදෙසුපි එසෙව නයො. පදක්ඛිණානි කත්වානාති වඩ්ඪියුත්තානි කායකම්මාදීනි කත්වා. ලභන්තත්ථෙ පදක්ඛිණෙති පදක්ඛිණෙ වඩ්ඪිඅත්ථෙයෙව ලභති. සෙසං උත්තානමෙවාති.
දසවැන්නෙහි සුනක්ඛත්තං යනාදියෙහි යම් දිනෙක ත්‍රවිධ සුචරිතධර්‍ම පුරනලද්දේ වේද ඒ දිය ලැබූ නැකත් යෝගය නමි. එබැවින් ඔහුට සැමදා හොඳ නැකත් ඇත්තේ වේයයි කියනලදී. ඒ දිනයම කළමඞ්ගල ඇත්තක්වෙයි. එහෙයින් ඔහුට සැමදා සුමඞ්ගලයයි කියනුලැබේ. ඔහුට අළුයමද සැමදා හොඳ අළුයමක් වෙයි. යහනින් නැඟිටීම (පිබිදීම) ද හොඳ පිබිදීමක්ම වෙයි. ක්ෂණයද හොඳ ක්ෂණයක්මවෙයි. මොහොතද හොඳ මොහොතක්මවෙයි. මෙහිද අසුරුදහයක් පමණවූ කාලය ක්ෂණයනමි. ඒ ක්ෂණයෙන් ක්ෂණදහයක කාලය ලයනමි. ඒ ලයින් ලය දසයක් ඇති කාලය ක්ෂණලය නමි. එයින් දසගුණයක් ඇත්තේ මොහොතනමි. ඒ මොහොතින් දසගුණය ක්ෂණමුහුර්තය නම් වේයයි මේ විභාගය ද දතයුතුය. සුයිටඨං බ්රහ්මචාරිසු යනු යම් දිනෙක සුචරිත තුන සපුරනලද්දේද එදින ඔහුට ශ්‍රෙෂ්ඨ හැසිරීම් ඇත්තවුන් කෙරෙහි දුන් දානය සුයිට්ඨ (මනාව පරිත්‍යාග කරනලද්දේ) නම්වෙයි. පදක්ඛිණං කායකම්මං යනු ඒ දිනයෙහි ඔහුවිසින් කරනලද කායකර්මය වඩඪි කායකර්මය (අභිවෘද්ධිදායක කායකර්මය) නම් වෙයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයමය. පදක්ඛිණානි කත්වාන යනු අභිවෘද්ධියෙන් යුක්තවූ කායකර්මාදිය කොටයි. ලභතෙත්ථ පදක්ඛිණෙ යනු ප්රදක්ෂිණාවන්, අභිවෘද්ධිදායක දෙයම ලබයි. මෙහි සෙස්ස පැහැදිලිමය.
මඞ්ගලවග්ගො පඤ්චමො.
පස්වෙනිවූ මඞ්ගල වර්ගයයි.
තතියපණ්ණාසකං නිට්ඨිතං.
තෙවෙනි පණ්ණසකයයි.