යෙදුමෙන් කියවන්න

4. යොධාජීවවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. යොධාජීව වර්ගය

1. යොධාජීවසුත‍්තවණ‍්ණනා

3. 3. 4. 1

චතුත්‍ථස‍්ස පඨමෙ යුද‍්ධං උපජීවතීති යොධාජීවො. රාජාරහොති රඤ‍්ඤො අනුච‍්ඡවිකො. රාජභොග‍්ගොති රඤ‍්ඤො උපභොගපරිභොගො. අඞ‍්ගන‍්තෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡතීති හත්‍ථො විය පාදො විය ච අවස‍්සං ඉච‍්ඡිතබ‍්බත‍්තා අඞ‍්ගන‍්ති සඞ‍්ඛ්‍යං ගච‍්ඡති. දූරෙ පාතී හොතීති උදකෙ උසභමත‍්තං, ථලෙ අට‍්ඨුසභමත‍්තං, තතො වා උත‍්තරින‍්ති දූරෙ කණ‍්ඩං පාතෙති. දුට‍්ඨගාමණිඅභයස‍්ස හි යොධාජීවො නවඋසභමත‍්තං කණ‍්ඩං පාතෙසි, පච‍්ඡිමභවෙ බොධිසත‍්තො යොජනප‍්පමාණං. අක‍්ඛණවෙධීති අවිරාධිතවෙධී, අක‍්ඛණං වා විජ‍්ජු විජ‍්ජන‍්තරිකාය විජ‍්ඣිතුං සමත්‍ථොති අත්‍ථො. මහතො කායස‍්ස පදාලෙතාති එකතොබද‍්ධං ඵලකසතම‍්පි මහිංසචම‍්මසතම‍්පි අඞ‍්ගුට‍්ඨපමාණබහලං ලොහපට‍්ටම‍්පි චතුරඞ‍්ගුලබහලං අසනපදරම‍්පි විදත්‍ථිබහලං උදුම‍්බරපදරම‍්පි දීඝන‍්තෙන වාලිකසකටම‍්පි විනිවිජ‍්ඣිතුං සමත්‍ථොති අත්‍ථො. යංකිඤ‍්චි රූපන‍්තිආදි විසුද‍්ධිමග‍්ගෙ විත්‍ථාරිතමෙව. නෙතං මමාතිආදි තණ‍්හාමානදිට‍්ඨිපටික‍්ඛෙපවසෙන වුත‍්තං. සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතීති සම‍්මා හෙතුනා කාරණෙන සහවිපස‍්සනාය මග‍්ගපඤ‍්ඤාය පස‍්සති. පදාලෙතීති අරහත‍්තමග‍්ගෙන පදාලෙති.

සිවුවෙනි වර්ගයෙහි පළමුසූත්‍රයෙහි යුද්ධයෙන් ජීවත්වේයැයි යොධාජීවො නමි. රාජාරභො යනු රජුට සුදුසුවූවෙකි. රාජභොග්ගො යනු රජුගේ උපභොග පරිභොගයයි. රඤේඤා අඞගනේත්‍වච සඞ්ඛං ගච්චති යනු අතමෙන්ද පස මෙන්ද අවශ්‍යයෙන් කැමතිවියයුතු බැවින් අංගයයි කියනුලැබේ. දූරෙ පාතී හොතී යනු ජලයෙහි ඉස්බක් පමණවූද ගොඩබිමෙහි අඩ ඉස්බක් පමණවූද හෝ ඊට වැඩිවූද දුරෙහි හීය හෙලයි. දුට්ඨගාමිණී අභය රජුගේ යෝධයා නව ඉස්බක් පමණට හීය හෙලීය. අවසන් භවයෙහි බෝසත්තෙමේ යොදුනක් පමණට හීය හෙලයි. අක්‍ඛණවෙධී යනු නොවරද්දා විදින්නායි. විදුලියෙහි හෝ විදුලිගසන කාලය අතරතුර විදීමට සමත්වූ යන අර්ථයි. මහතො කායස්ස පදාලෙතා යනු එකට බඳනාලද පුවරු සියයක්වුවද මීසම්සියයක් වුවද මාපට ඇඟිල්ලක් පමණ ඝනවූ ලොහො පටක්වුවද අඟල් සතරක් ඝනවූ හී ලෑල්ලක්වුවද වියතක් ඝනවූ දිවුල් ලෑල්ලක් වුවද දිගින් වැලි කරත්තයක් වුවද විදීමට සමතෙකි යන අර්ථයි. යං කිඤචිරූපං යනාදිය විසුද්ධිමග්ගයෙහි විස්තර කරනලද්දේමය. නෙතං මම යනාදිය තෘෂ්ණාමාන දෘෂ්ටි ප්‍රතික්‍ෂෙප කිරීම් වශයෙන් කියනලදී. සම්මප්පඤ්ඤාය පස්සති යනු මනා හේතුවෙන්, කරුණින් විදර්‍ශනා සහිත මාර්‍ග ප්‍රඥාවෙන් දකියි. පදාලෙති යනු අරහත් මගින් පළාලයි.

2. පරිසාසුත‍්තවණ‍්ණනා

3.3.4.2

දුතියෙ උක‍්කාචිතවිනීතාති අප‍්පටිපුච‍්ඡිත්‍වා විනීතා දුබ‍්බිනීතපරිසා. පටිපුච‍්ඡාවිනීතාති පුච‍්ඡිත්‍වා විනීතා සුවිනීතපරිසා. යාවතාවිනීතාති පමාණවසෙන විනීතා, පමාණං ඤත්‍වා විනීතපරිසාති අත්‍ථො. “යාවතජ‍්ඣා”ති පාළියා පන යාව අජ‍්ඣාසයාති අත්‍ථො, අජ‍්ඣාසයං ඤත්‍වා විනීතපරිසාති වුත‍්තං හොති. තතියං උත‍්තානමෙව.

දෙවැන්නෙහි උක්කාචිතවිනීතානි යනු නොවිමසා විනීතවූයි. දුර්විනීතපිරිසයි. පටිපුච්ඡාවිනීතා යනු වමිසා විනීතවූයි. මනාව විනීතවූ පිරිසයි. යාවතා ච විනීතා යනු ප්‍රමාණ වශයෙන් විනීතවූයි. පමණ දැන විනීතවූ පිරිසයය යන අර්ථයි. යාවතජක්‍ධා යනු පෙළෙහි වනාහි අදහස තෙක් යන අර්ථයි. අදහස දැන විනීතවූ පිරිසයයි කියනලද්දේ වෙයි. තෙවැන්න පැහැදිලිමය.

4. උප‍්පාදාසුත‍්තවණ‍්ණනා

3.3.4.4

චතුත්‍ථෙ ධම‍්මට‍්ඨිතතාති සභාවට‍්ඨිතතා. ධම‍්මනියාමතාති සභාවනියාමතා. සබ‍්බෙ සඞ‍්ඛාරාති චතුභූමකසඞ‍්ඛාරා. අනිච‍්චාති හුත්‍වා අභාවට‍්ඨෙන අනිච‍්චා. දුක‍්ඛාති සම‍්පටිපීළනට‍්ඨෙන දුක‍්ඛා. අනත‍්තාති අවසවත‍්තනට‍්ඨෙන අනත‍්තා. ඉති ඉමස‍්මිං සුත‍්තෙ තීණි ලක‍්ඛණානි මිස‍්සකානි කථිතානි.

සිවුවැන්නෙහි ධම්මට්ඨිතතා යනු ස්වභාවයෙන් පිහිටීමයි. ධම්මනියාමතා යනු ස්වභාවනියාමතාවයි. සබ්බෙ සඞ්ඛාරා යනු චාතුර්භූමක සංස්කාරයෝයි. අනිච්චා යනු විනාශවේය යන අර්ථයෙන් අනිත්‍යය. දුක්‍ඛා යනු දැන් පෙළෙන අරුතින් දුක්ය. අනත්තා යනු (තමා) වශයෙහි නොපවතින අරුතින් අනාත්මය. මෙසේ මේ සූත්‍රයෙහි ලක්‍ෂණත්‍රය මිශ්‍රකව කියනලදී.

5. කෙසකම‍්බලසුත‍්තවණ‍්ණනා

3.3.4.5

පඤ‍්චමෙ තන‍්තාවුතානං වත්‍ථානන‍්ති පච‍්චත‍්තෙ සාමිවචනං, තන‍්තෙහි වායිතවත්‍ථානීති අත්‍ථො. කෙසකම‍්බලොති මනුස‍්සකෙසෙහි වායිතකම‍්බලො. පුථුසමණබ්‍රාහ‍්මණවාදානන‍්ති ඉදම‍්පි පච‍්චත‍්තෙ සාමිවචනං. පටිකිට‍්ඨොති පච‍්ඡිමකො ලාමකො. මොඝපුරිසොති තුච‍්ඡපුරිසො. පටිබාහතීති පටිසෙධෙති. ඛිප‍්පං උඩ‍්ඩෙය්‍යාති කුමිනං ඔඩ‍්ඩෙය්‍ය. ඡට‍්ඨසත‍්තමානි උත‍්තානත්‍ථානෙව.

පස්වැන්නෙහි තන්තාවුතානං වත්‍ථානං යනු කර්‍මාර්ථයෙහි සම්බන්‍ධ විභක්ති වචනයි. හුයෙන් වියනලද වස්ත්‍ර යන අර්ථයි. කෙසකම්බලො යනු මිනිස් කෙසින් වියූ කම්බිලියයි. පාවාරානං යනු මෙයද කර්ම අර්ථයෙහි සම්බන්‍ධ විභක්ති වචනයි. පතිකිටේඨා යනු අන්තිමයාය, ලාමක තැනැත්තේයි. මොඝපුරිසො යනු මෝඩ පුරුෂයායි. පටිබාහති යනු වළක්වයි. ඛිපං ඔඩෙඪය්‍ය යනු කෙමිනක් අටවන්නේය. සවෙනි, සත්වෙනි සූත්‍ර පැහැදිලි අරුත් ඇත්තේමය.

8. අස‍්සඛළුඞ‍්කසුත‍්තවණ‍්ණනා

3.3.4.8

අට‍්ඨමෙ අස‍්සඛළුඞ‍්කොති අස‍්සපොතො. ඉදමස‍්ස ජවස‍්මිං වදාමීති අයමස‍්ස ඤාණජවොති වදාමි. ඉදමස‍්ස වණ‍්ණස‍්මිං වදාමීති අයමස‍්ස ගුණවණ‍්ණොති වදාමි. ඉදමස‍්ස ආරොහපරිණාහස‍්මින‍්ති අයමස‍්ස උච‍්චභාවො පරිමණ‍්ඩලභාවොති වදාමීති.

අටවැන්නෙහි අස්සඛළුඩේකා යනු අශ්වපොතකයායි. ඉදම්ස්ස ජවස්මිං වදාමි යනු මෙය ඔහුගේ ඥානජවයයි කියමි. ඉදමස්ස වණ්ණස්මිං වදාමි යනු මෙය ඔහුගේ ගුණවැණුමයි කියමි. ඉදමස්ස ආරොහපරිණාහස්මිං යනු මේ ඔහුගේ උසබව හා පිරිමඬුළු බවයයි කියමි.

9. අස‍්සපරස‍්සසුත‍්තවණ‍්ණනා

3.3.4.9

නවමෙ අස‍්සපරස‍්සෙති අස‍්සෙසු පරස‍්සෙ. පුරිසපරස‍්සෙති පුරිසෙසු පරස‍්සෙ, පුරිසපුරිසෙති අත්‍ථො. ඉමස‍්මිං සුත‍්තෙ තීණි මග‍්ගඵලානි කථිතානි. තත්‍ථ අයං තීහි මග‍්ගෙහි ඤාණජවසම‍්පන‍්නොති වෙදිතබ‍්බො.

නවවැන්නෙහි අස්සසදස්ස යනු අසුන් අතුරින් යහපත් අසුන්ය. පුරිසසදසේස යනු පුරුෂයින් අතුරින් යහපත් අසු සමානවූ හොඳ පුරුසයන්ය යන අර්ථයි. මේ සූත්‍රයෙහි ඵලතුන කියනලදී. එහි මෙතෙම තුන් මගින් ඥානජව සහිතවූයේයි දතයුතුය.

10. අස‍්සාජානීයසුත‍්තවණ‍්ණනා

3.3.4.10

දසමෙ භද්‍රෙති භද‍්දකෙ. අස‍්සාජානීයෙති කාරණාකාරණං ජානනකෙ අස‍්සෙ. පුරිසාජානීයෙසුපි එසෙව නයො. ඉමස‍්මිං සුත‍්තෙ අරහත‍්තඵලං කථිතං. තත්‍රායං අරහත‍්තමග‍්ගෙන ඤාණජවසම‍්පන‍්නොති වෙදිතබ‍්බො.

දසවැන්නෙහි භද්‍රෙ යනු සිත්කලු දෙයෙහිය. අස්සාජානිය්‍යෙ යනු කරුණු නොකරුණු දන්නාවූ අසුන්ය. පුරිසාජාන්‍යෙයයන් කෙරෙහිද මේ ක්‍රමයමයි. මේ සූත්‍රයෙහි අරහත්ඵලය කියනලදී. එහි මේ අරහත්මාර්ගයෙන් ඥානජවසම්පන්න වුයේයි දතයුතුය.

11. පඨමමොරනිවාපසුත‍්තවණ‍්ණනා

3. 3. 4. 11

එකාදසමෙ අච‍්චන‍්තනිට‍්ඨොති අන‍්තං අතික‍්කන‍්තනිට‍්ඨො, අකුප‍්පනිට‍්ඨො ධුවනිට‍්ඨොති අත්‍ථො. සෙසං සදිසමෙව.

එකොළොස්වැන්නෙහි, අච්චන්තනිටෙඨා යනු ඉක්මවූ නිෂ්ටාව ඇත්තේයි. ස්ථිර නිෂ්ටාව ඇත්තේයි. නිරන්තර නිෂ්ටාව ඇත්තේයි යන අර්ථයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයමයි.

12. දුතියමොරනිවාපසුත‍්තවණ‍්ණනා

3.3.4.12

ද‍්වාදසමෙ ඉද‍්ධිපාටිහාරියෙනාති ඉජ‍්ඣනකපාටිහාරියෙන. ආදෙසනාපාටිහාරියෙනාති ආදිසිත්‍වා අපදිසිත්‍වා කථනඅනුකථනකථාපාටිහාරියෙන.

දොළොස්වැන්නෙහි, ඉදධිපාටිහාරියෙන යනු සෘද්ධිප්‍රාතිහාර්යයෙනි. ආදෙසනා පාටිහාරියෙන යනු කරුණු කියා පෙන්වා දේශනා කිරීමේ ප්‍රාතිහාර්යයෙනි.

13. තතියමොරනිවාපසුත‍්තවණ‍්ණනා

3.3.4.13

තෙරසමෙ සම‍්මාදිට‍්ඨියාති ඵලසමාපත‍්තත්‍ථාය සම‍්මාදිට‍්ඨියා. සම‍්මාඤාණෙනාති ඵලඤාණෙන. සම‍්මාවිමුත‍්තියාති සෙසෙහි ඵලසමාපත‍්තිධම‍්මෙහි. ඉමෙසු තීසුපි සුත‍්තෙසු ඛීණාසවොව කථිතොති.

තෙළෙස්වැන්නෙහි සම්මාදිට්ඨියා යනු ඵලසමවත් සඳහා විදර්‍ශනා සම්‍යක්දෘෂ්ටියෙනි. සම්මාඤාණෙන යනු ඵලඥානයෙනි. සම්මාවිමුත්තියා යනු සෙසු පලසමවත් ධර්මයන්ගෙනි. මෙම සූත්‍ර තුනෙහිම ක්‍ෂීණාශ්‍රවයා කියනලදී.

යොධාජීවවග‍්ගො චතුත්‍ථො.

සිවුවෙනි යොධාජීව වර්ගයයි.