යෙදුමෙන් කියවන්න

3. 3. 4. 1

3. 3. 4. 1.

3. 3. 4. 1.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

31. තීහි භික‍්ඛවෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතො යොධාජීවො රාජාරහො හොති රාජභොග‍්ගො, රඤ‍්ඤො අඞ‍්ගන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.

31. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත යෝධාජීව රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යෙයි.

කතමෙහි තීහි ?

කවර අඞ්ග තුණෙකින යත්:

ඉධ භික‍්ඛවෙ, යොධාජීවො දූරෙ පාතී ච හොති, අක‍්ඛණවෙධී ච, මහතො ච කායස‍්ස පදාලෙතා. ඉමෙහි ඛො භික‍්ඛවෙ, තීහි අඞ‍්ගෙහි සමන‍්නාගතො යොධාජීවො රාජාරහො හොති රාජභොග‍්ගො, රඤ‍්ඤො අඞ‍්ගන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මහණෙනි, මෙලොව යෝධාජීව දුරෙහි ඊය හෙළන සුලු වෙයි. විදුලියෙන් විදින සුලු වෙයි. ලොහොපට ආදි මහත් කය බිඳින සුලු වෙයි. මහණෙනි, මේ තුන් අඟින් සමන්‍වාගත යෝධාජීව රජුට නිසි වෙයි. රජු විසින් උපභෝග කටයුතු වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ, තීහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස.

මහණෙනි, එපරිදි ම අඞ්ග තුණෙකින් සමන්‍වාගත මහණ ආහුන සඞ්ඛ්‍යාත පූජාවට නිසි ය ... ලෝකයට අනුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.

කතමෙහි තීහි?

කවර අඞ්ග තුණෙකින යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු දූරෙ පාතී ච හොති අක‍්ඛණවෙධී ච මහතො ච කායස‍්ස පදාලෙතා.

මහණෙනි, මෙ සස්නෙහි මහණ දූරෙපාතීත් වෙයි, අක්ඛණවේධිත් වෙයි, මහත් කය බිඳුනේත් වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු දූරෙ පාතී හොති?

මහණෙනි, කෙසේ නම් මහණ දූරේපාතී වේ ද?

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු යං කිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ වා සන‍්තිකෙ වා, සබ‍්බං රූපං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති. යා කාචි වෙදනා අතීතානාගත පච‍්චුප‍්පන‍්නා අජ‍්ඣත‍්තිකා වා බහිද‍්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යා දූරෙ වා සන‍්තිකෙ වා, සබ‍්බං වෙදනං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙ සො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති. යා කාචි සඤ‍්ඤා අතීතානාගත පච‍්චුප‍්පන‍්නා අජ‍්ඣත‍්තා වා බහිද‍්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යා දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං සඤ‍්ඤං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති. යෙ කෙචි සංඛාරා අතීතානාගත පච‍්චුප‍්පන‍්නා අජ‍්ඣත‍්තිකා වා බහිද‍්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යෙ දූරෙ වා සන‍්තිකෙ වා, සබ‍්බෙ සංඛාරෙ “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති. යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ වා සන‍්තිකෙ වා, සබ‍්බං විඤ‍්ඤාණ “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙ සො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු දූරෙ පාතී හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි රූපායතනයෙක් ඇද්ද, එහැම රූප “තෙල මා ගැත්තේ නො වෙයි. මම හේ නොවෙමි. හේ මා විසිය නො වැටෙ”යි මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. අතීතානාගතප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි වේදනා ඇද්ද ... අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි සංඥා ඇද්ද, එහැම සංඥා “තෙල මාගේ නො වෙයි. මම හේ නොවෙමි. හේ මාගේ ආත්ම නොවෙ”යි මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. අතීතානාගතප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි සංස්කාර ඇද්ද, “තෙල මාගේ නොවෙයි. මම හේ නොවෙමි. හේ මාගේ ආත්ම නොවෙ”යි මෙසේ තත්වූ පරිදි සම්‍යක්ප්‍රඥායෙන් දක්නේ ය. අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි විඥාන ඇද්ද, එහැම විඥාන “තෙල මාගේ නො වෙයි. මම හේ නො වෙමි. හේ මාගේ විසිය නො වැටෙ”යි මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. මහණෙනි, මෙසේ මහණ දූරේපාතී වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු අක‍්ඛණවෙධී හොති?

මහණෙනි, කෙසේ නම් මහණ අක්ඛණවේධී වේ ද?

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු “ඉදං දුක‍්ඛ”න‍්ති යථාභූතං පජානාති. “අයං දුක‍්ඛසමුදයො”ති යථාභූතං පජානාති. “අයං දුක‍්ඛනිරොධො”ති යථාභූතං පජානාති. “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. එවං ඛො, භික‍්ඛවෙ, භික‍්ඛු අක‍්ඛණවෙධී හොති.

මහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ”යි තත් වූ පරිදි දනී. “මේ දුක්ඛසමුදය (දුක් උපදවන හේතු)” යි තත් වූ පරිදි දනී. “මේ දුක්ඛනිරෝධය (දුක් නැතිවීමය)”යි තත් වූ පරිදි දනී. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය” යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ අක්ඛණවේධී වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු මහතො කායස‍්ස පදාලෙතා හොති?

මහණෙනි, කෙසේ මහණ මහත් කය බිඳුනේ වේ ද?

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු මහන‍්තං අවිජ‍්ජාක‍්ඛන්‍ධං පදාලෙති. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු මහතො කායස‍්ස පදාලෙතා හොතීති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ මහත් අවිද්‍යාස්කන්‍ධය බිඳුනේ වෙයි. මහණෙනි, මෙසේ මහණ මහත් කය බිඳුනේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, තීහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත මහණ ආහුන සඞ්ඛ්‍යාත පූජාවට නිසි වෙයි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.