යෙදුමෙන් කියවන්න

3. 3. 4. 2

සම්පූර්ණ පරිච්ඡේදය

3. 3. 4. 2.

3. 3. 4. 2.

32. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, පරිසා.

32. මහණෙනි, මේ පර්‍ෂද්හු තුන් දෙනෙකි.

කතමා තිස‍්සො?

කවර තුන් දෙනෙක යත්:

උක‍්කාචිතවිනීතා පරිසා, පටිපුච‍්ඡාවිනීතා පරිසා, යාවතාවවිනීතා පරිසා.

නො පිළිවිස විනීත හෙයින් දුර්විනීත පර්‍ෂද්ය, පිළිවිස විනීත හෙයින් සුවිනීත පර්‍ෂද්ය, පමණ විසින් විනීත හෙයින් ප්‍රමාණවත් සේ විනීත පර්‍ෂද්ය (අදහස් දැන් විනීත පර්‍ෂද්ය).

ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො පරිසාති.

මහණෙනි, මේ තුන් පර්‍ෂද්හු යි.

3. 3. 4. 3.

3. 3. 4. 3.

33. තීහි භික‍්ඛවෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතො මිත‍්තො සෙවිතබ‍්බො.

33. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත මිත්‍රයා සෙවියයුතු යි.

කතමෙහි තීහි?

කවර අඞ්ග තුණෙකින යත්:

දුද‍්දදං දදාති, දුක‍්කරං කරොති, දුක‍්ඛමං ඛමති.

නොදියහෙන දැය දෙයි. නොකටහැකි දැය කෙරේ. නොසිහියහෙන දැය සෙහේ.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, තීහි අඞ‍්ගෙහි සමන‍්නාගතො මිත‍්තො සෙවිතබ‍්බොති.

මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍වාගත මිත්‍රයා සෙවියයුතු ය.