යෙදුමෙන් කියවන්න

3. 3. 4. 4

3. 3. 4. 4.

3. 3. 4. 4.

34. උප‍්පාදා වා භික‍්ඛවෙ, තථාගතානං අනුප‍්පාදා වා තථාගතානං, ඨිතාව සා ධාතු ධම‍්මට‍්ඨිතතා ධම‍්මනියාමතා. “සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා”ති. තං තථාගතො අභිසම‍්බුජ‍්ඣති අභිසමෙති. අභිසම‍්බුජ‍්ඣිත්‍වා අභිසමෙත්‍වා ආචික‍්ඛති දෙසෙති පඤ‍්ඤාපෙති පට‍්ඨපෙති විවරති විභජති උත‍්තානී කරොති “සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා”ති.

34. මහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතින් හෝ තථාගතයන් වහන්සේගේ නූපතින් හෝ “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ” යන ඒ ධර්‍මධාතුව ස්වභාවස්ථිතිතාව ස්වභාවනියාමතාව සිටියා ම වෙයි. තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙති, අභිසමය කෙරෙති. අවබෝධ කොට අභිසමය කොට “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ”යි වදාරත්, දෙසත්, පණවත්, ප්‍රකාරයෙන් පිහිටුවත්, විවරණ කෙරෙත්, විභාග කෙරෙත්, ආවිර්භූත කෙරෙත්.

උප‍්පාදා වා භික‍්ඛවෙ, තථාගතානං අනුප‍්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම‍්මට‍්ඨිතතා ධම‍්මනියාමතා. “සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා”ති. තං තථාගතො අභිසම‍්බුජ‍්ඣති අභිසමෙති. අභිසම‍්බුජ‍්ඣිත්‍වා අභිසමෙත්‍වා ආචික‍්ඛති දෙසෙති පඤ‍්ඤාපෙති පට‍්ඨපෙති විවරති විභජති උත‍්තානීකරොති “සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා”ති.

මහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතින් හෝ තථාගතයන් වහන්සේගේ නූපතින් හෝ “සියලු සංස්කාරයෝ දුඃඛයහ” යන ඒ ධර්‍මධාතුව ස්වභාවස්ථිතිතාව, ස්වභාවනියාමතාව සිටියා ම වෙයි. තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙති, අභිසමය කෙරෙති. අවබෝධ කොට අභිසමය කොට “සියලු සංස්කාරයෝ දුඃඛයහ” යි වදාරත්, දෙසත්, පණවත්, ප්‍රකාරයෙන් තබත්, විවරණ කෙරෙත්, විභාග කෙරෙත්, ආවිර්භූත කෙරෙත්.

උප‍්පාදා වා භික‍්ඛවෙ, තථාගතානං අනුප‍්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම‍්මට‍්ඨිතතා ධම‍්මනියාමතා. “සබ‍්බෙ ධම‍්මා අනත‍්තා”ති. තං තථාගතො අභිසම‍්බුජ‍්ඣති අභිසමෙති. අභිසම‍්බුජ‍්ඣිත්‍වා අභිසමෙත්‍වා ආචික‍්ඛති දෙසෙති පඤ‍්ඤාපෙති පට‍්ඨපෙති විවරති විභජති උත‍්තානී කරොති – “සබ‍්බෙ ධම‍්මා අනත‍්තා”ති.

මහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතින් හෝ තථාගතයන් වහන්සේගේ නූපතින් හෝ “සියලු ධර්‍මයෝ අනාත්මයහ” යන ඒ ධර්‍මධාතුව ස්වභාවස්ථිතිතාව, ස්වභාවනියාමතාව සිටියා ම වෙයි. තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙත්. අභිසමය කෙරෙත්. අවබෝධ කොට අභිසමය කොට “සියලු ධර්‍මයෝ අනාත්මයහ” යි වදාරත්, දෙසත්, පණවත්, ප්‍රකාරයෙන් තබත්, විවරණ කෙරෙත්, විභාග කෙරෙත්, ආවිර්භූත කෙරෙත්.