3. 3. 4. 5
3. 3. 4. 5.
3. 3. 4. 5.
35. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යානි කානිචි තන‍්තාවුතානං වත්‍ථානං, කෙසකම‍්බලො තෙසං පාවාරානං පතිකිට‍්ඨො අක‍්ඛායති. කෙසකම‍්බලො භික‍්ඛවෙ, සීතෙ සීතො, උණ‍්හෙ උණ‍්හො, දුබ‍්බණ‍්ණො, දුග‍්ගන්‍ධො, දුක‍්ඛසම‍්ඵස‍්සො. එවමෙව ඛො භික‍්ඛවෙ, යානි කානිචි පුථුසමණප‍්පවාදානං මක‍්ඛලිවාදො තෙසං පතිකිට‍්ඨො අක‍්ඛායති.
35. මහණෙනි, යම් පරිදි යම් කිසි හුයින් වියූ වස්ත්‍රයෝ ඇද්ද, ඒ පවුරු අතුරෙන් කේසකම්බල නිකෘෂ්ටය යි කියනු ලැබේ. මහණෙනි, කේසකම්බලය ශීතකාලයෙහි ශීතය, උෂ්ණකාලයෙහි උෂ්ණය, දුර්‍වර්‍ණය, දුර්‍ගන්‍ධය, දුඃඛස්පර්‍ශ ඇත්තේ ය. මහණෙනි, එපරිදි ම යම් කිසි මහත් ශ්‍රමණප්‍රවාදයෝ ඇද්ද, ඔවුනතුරෙන් මක්ඛළීවාදය නිකෘෂ්ටය යි කියනු ලැබේ.
මක‍්ඛලී භික‍්ඛවෙ, මොඝපුරිසො එවංවාදී එවංදිට‍්ඨි : “නත්‍ථි කම‍්මං, නත්‍ථි කිරියං, නත්‍ථි විරිය”න‍්ති.
මහණෙනි, මක්ඛලී මූඪ පුරුෂ මෙබඳු වාද ඇතියේ වෙයි. මෙබඳු දෘෂ්ටි ඇතියේ වෙයි: “කර්‍මයෙක් නැත, ක්‍රියායෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත” යි කියා යි.
යෙපි තෙ භික‍්ඛවෙ, අහෙසුං අතීතමද‍්ධානං අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා, තෙපි භගවන‍්තො කම‍්මවාදා චෙව අහෙසුං කිරියවාදා ච විරියවාදා ච. තෙපි භික‍්ඛවෙ, මක‍්ඛලී මොඝපුරිසො පටිබාහති : “නත්‍ථි කම‍්මං, නත්‍ථි කිරියං, නත්‍ථි විරිය”න‍්ති.
මහණෙනි, අතීතයෙහි යම් ම අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වූහු ද ඒ භගවත්හුදු කර්‍මවාද ඇතිවූහු ද ක්‍රියාවාද ඇතිවූහු ද වීර්‍ය්‍යවාද ඇතිවූහු ද වූහු. මහණෙනි, මක්ඛලී මූඪ පුරුෂ ඒ බුදුවරුනුත් පිළිකෙව් කෙරෙයි: “කර්‍මයෙක් නැත, ක්‍රියායෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත” කියා යි.
යෙපි තෙ භික‍්ඛවෙ, භවිස‍්සන‍්ති අනාගතමද‍්ධානං අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා, තෙපි භගවන‍්තො කම‍්මවාදා චෙව භවිස‍්සන‍්ති කිරියවාදා ච විරියවාදා ච. තෙපි භික‍්ඛවෙ, මක‍්ඛලී මොඝපුරිසො පටිබාහති : “නත්‍ථි කම‍්මං, නත්‍ථි කිරියං, නත්‍ථි විරිය”න‍්ති.
මහණෙනි, අනාගතයෙහි යම් ම අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වෙත් ද ඒ භගවත්හුදු කර්‍මවාද ඇත්තාහු ද වෙත්. ක්‍රියාවාද ඇත්තාහු ද වෙත්. වීර්‍ය්‍යවාද ඇත්තාහු ද වෙත්. මහණෙනි, මක්ඛලි මූඪ පුරුෂ ඒ බුදුවරුනුත් පිළිකෙව් කෙරේ: “කර්‍මයෙක් නැත, ක්‍රියායෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත” කියා යි.
අහම‍්පි භික‍්ඛවෙ, එතරහි අරහං සම‍්මාසම‍්බුද‍්ධො කම‍්මවාදො ච කිරියවාදො ච විරියවාදො ච. මම‍්පි භික‍්ඛවෙ, මක‍්ඛලී මොඝපුරිසො පටිබාහති : “නත්‍ථි කම‍්මං, නත්‍ථි කිරියං, නත්‍ථි විරිය”න‍්ති.
මහණෙනි, මෙකල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ මමත් කර්‍මවාද ඇතියෙම් ද වෙමි. ක්‍රියාවාද ඇතියෙම් ද වෙමි. වීර්‍ය්‍යවාද ඇතියෙම් ද වෙමි. මහණෙනි, මක්ඛලී මූඪ පුරුෂ ඒ මාත් පිළිකෙව් කෙරෙයි: “කර්‍මයෙක් නැත, ක්‍රියායෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත” කියා යි.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, නදීමුඛෙ ඛිපං ඔඩ‍්ඩෙය්‍ය බහුන‍්නං මච‍්ඡානං අහිතාය දුක‍්ඛාය අනයාය ව්‍යසනාය. එවමෙව ඛො භික‍්ඛවෙ, මක‍්ඛලී මොඝපුරිසො මනුස‍්සඛිපං මඤ‍්ඤෙ ලොකෙ උප‍්පන‍්නො බහුන‍්නං සත‍්තානං අහිතාය දුක‍්ඛාය අනයාය ව්‍යසනායාති.
මහණෙනි, යම් පරිදි හෝමුව කෙමිනක් බොහෝ මසුනට අහිත පිණිස දුක් පිණිස අනය පිණිස ව්‍යසනය පිණිස ගිලවා තබා ද, මහණෙනි, එපරිදි ම මක්ඛලී මෝඝපුරුෂයා බොහෝ සත්ත්‍වයන්ට අහිත පිණිස දුක් පිණිස අනය පිණිස ව්‍යසනය පිණිස ලෝකයෙහි උපන් මිනිස් කෙමිනක් වැන්න.