යෙදුමෙන් කියවන්න

3. 3. 3. 10

3. 3. 3. 10.

3. 3. 3. 10.

30. තයොමෙ භික‍්ඛවෙ, පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං.

30. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් විද්‍යාමානය හ.

කතමෙ තයො : පාසාණලෙඛූපමො පුග‍්ගලො, පථවිලෙඛූපමො පුග‍්ගලො, උදකලෙඛූපමො පුග‍්ගලො.

කවර තුන් දෙනෙක යත්: ශිලාලේඛාවට බඳු පුද්ගලය, පෘථිවිලෙඛාවට බඳු පුද්ගලය, ජලලේඛාවට බඳු පුද්ගල යි.

කතමො ච භික‍්ඛවෙ, පාසාණලෙඛූපමො පුග‍්ගලො?

මහණෙනි, ශිලාලේඛාවට බඳු පුද්ගල කවරේය යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පුග‍්ගලො අභිණ‍්හං කුජ‍්ඣති. සො ච ඛ‍්වස‍්ස කොධො දීඝරත‍්තං අනුසෙති. සෙය්‍යථාපි භික‍්ඛවෙ, පාසාණෙ ලෙඛා න ඛිප‍්පං ලුජ‍්ජති වාතෙන වා උදකෙන වා, චිරට‍්ඨිතිකා හොති. එවමෙව ඛො භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුග‍්ගලො අභිණ‍්හං කුජ‍්ඣති. සො ච ඛ‍්වස‍්ස කොධො දීඝරත‍්තං අනුසෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ, පාසාණලෙඛූපමො පුග‍්ගලො.

මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ කෝපය දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, යම් පරිදි ශිලාලේඛාව වාතයෙන් වේවයි, උදකයෙන් වේවයි වහා නොනස්නී ද, චිරස්ථායිනී වේ ද, මහණෙනි, එපරිදි ම මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය ද දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, මේ ශිලාලේඛාවට බඳු පුද්ගල යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ, පඨවිලෙඛූපමො පුග‍්ගලො?

මහණෙනි, පෘථිවිලෙඛාවට බඳු පුද්ගල කවරේය යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පුග‍්ගලො අභිණ‍්හං කුජ‍්ඣති. සො ච ඛ‍්වස‍්ස කොධො න දීඝරත‍්තං අනුසෙති. සෙය්‍යථාපි භික‍්ඛවෙ, පඨවියා ලෙඛා ඛිප‍්පං ලුජ‍්ජති වාතෙන වා උදකෙන වා, න චිරට‍්ඨිතිකා හොති. එවමෙව ඛො භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුග‍්ගලො අභිණ‍්හං කුජ‍්ඣති. සො ච ඛ‍්වස‍්ස කොධො න දීඝරත‍්තං අනුසෙති. අයං වුච‍්චති, භික‍්ඛවෙ, පඨවිලෙඛූපමො පුග‍්ගලො.

මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය නිරතුරු ලුහු බැඳ නො වැටේ. මහණෙනි, යම් පරිදි පොළොවෙහි ඇඳි ලේඛාව වාතයෙන් වේවයි, උදකයෙන් වේවයි වහා නස්නී ද, චිරස්ථායිනී නො වේ ද, මහණෙනි, එ පරිදි ම මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය ද දීර්‍ඝරාත්‍රයෙහි ලුහු බැඳ නො වැටෙයි. මහණෙනි, මේ පෘථිවිලේඛාවට බඳු පුද්ගල යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ, උදකලෙඛූපමො පුග‍්ගලො?

මහණෙනි, උදකලේඛාවට බඳු පුද්ගල කවරේය යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පුග‍්ගලො ආගාළ‍්හෙනපි වුච‍්චමානො ඵරුසෙනපි වුච‍්චමානො අමනාපෙනපි වුච‍්චමානො සන්‍ධියති චෙව, සංසන්‍දති චෙව. සම‍්මොදති චෙව. සෙය්‍යථාපි භික‍්ඛවෙ, උදකෙ ලෙඛා ඛිප‍්පං යෙව පටිවිගච‍්ඡති, න චිරට‍්ඨිතිකා හොති. එවමෙව ඛො භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුග‍්ගලො ආගාළ‍්හෙනපි වුච‍්චමානො ඵරුසෙනපි වුච‍්චමානො අමනාපෙනපි වුච‍්චමානො සන්‍ධියති චෙව සංසන්‍දති චෙව සම‍්මොදති චෙව. අයං වුච‍්චති භික‍්ඛවෙ, උදකලෙඛූපමො පුග‍්ගලො.

මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කැකුළෙන් කියනු ලබන්නේත් පරුස්බසින් කියනු ලබන්නේත් මන නොගන්නා බසින් කියනු ලබන්නේත් ගැළපෙන්නේ ම වෙයි. සැසඳෙන්නේ ම වෙයි. සතුටු වන්නේ ම වෙයි. මහණෙනි, යම් පරිදි දියෙහි ඇඳි ලේඛාව වහා ම පහව යේ ද, චිරස්ථායිනී නො වේ ද, මහණෙනි, එ පරිදි ම මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කැකුළෙනුදු කියනු ලබන්නේ පරුස්බසිනුදු කියනු ලබන්නේ මන නොගන්නා බසිනුදු කියනු ලබන්නේ ගැළපේ ම ය. සැසඳේ ම ය. සතුටු වේ ම ය. මහණෙනි, මේ උදකලේඛාවට බඳු පුද්ගල යි කියනු ලැබේ.

ඉමෙ ඛො භික‍්ඛවෙ, තයො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලෝකයෙහි විද්‍යමානය හ.

භරණ‍්ඩුවග‍්ගො තතියො.

තුන්වැනි භරණ්ඩු වර්‍ග යි.