3. භරණ්ඩු වග්ගො අට්ඨකථා
3. භරණ්ඩු වර්ගය
1. කුසිනාරසුත්තවණ්ණනා
3. 3. 3. 1
තතියස්ස පඨමෙ කුසිනාරායන්ති එවංනාමකෙ නගරෙ. බලිහරණෙ වනසණ්ඩෙති එවංනාමකෙ වනසණ්ඩෙ. තත්ථ කිර භූතබලිකරණත්ථං බලිං හරන්ති, තස්මා බලිහරණන්ති වුච්චති. ආකඞ්ඛමානොති ඉච්ඡමානො. සහත්ථාති සහත්ථෙන. සම්පවාරෙතීති අලං අලන්ති වාචාය චෙව හත්ථවිකාරෙන ච පටික්ඛිපාපෙති. සාධු වත මායන්ති සාධු වත මං අයං. ගථිතොති තණ්හාගෙධෙන ගථිතො. මුච්ඡිතොති තණ්හාමුච්ඡනායයෙව මුච්ඡිතො. අජ්ඣොපන්නොති තණ්හාය ගිලිත්වා පරිනිට්ඨපෙත්වා පවත්තො. අනිස්සරණපඤ්ඤොති ඡන්දරාගං පහාය සංකඩ්ඪිත්වා පරිභුඤ්ජන්තො නිස්සරණපඤ්ඤො නාම හොති, අයං න තාදිසො, සච්ඡන්දරාගො පරිභුඤ්ජතීති අනිස්සරණපඤ්ඤො. සුක්කපක්ඛො වුත්තවිපරියායෙන වෙදිතබ්බො. නෙක්ඛම්මවිතක්කාදයො පනෙත්ථ මිස්සකා කථිතාති වෙදිතබ්බා.
තෙවෙනි වර්ගයෙහි පළමුසුත්රයෙහි කුසිනාරායං යනු එබඳු නම් ඇති නුවරෙහිය. බලිහරණෙ වනසණේඩ යනු එබඳු නම් ඇති වනරොදෙහිය. එහි වනාහි භූතයින්ට බලි පැවැත්වීම සඳහා බලිපූජා ගෙනෙත්. එහෙයින් බලිහරණයි කියනුලැබේ. ආකඞ්ඛමානො යනු කැමතිවන්නේයි. සහත්ථා යනු සියතිනි. සම්පවාරෙති යනු ඇත ඇතයි වචනයෙන් මෙන්ම හස්තවිකාරයෙන්ද ප්රතික්ෂෙප කරවයි. සාධු වත මයං යනු සාධු වත මං අයං පදයන්ගේ එකතුවයි. මැනවි මා මේ යන අරුත්ය. ගථිතො යනු තෘෂ්ණා ඇලීමෙන් බැඳුණුයි. මුච්ඡිතො යනු තෘෂ්ණා මූර්ජාවෙන් මූර්ජාවට පත්වූයි. අජෙක්ධාපනේනා යනු තෘෂ්ණාවෙන් ගිලී නිමා කොට පැවතියාවූයි. අනිස්සරණපඤේඤ යනු ඡන්දරාගය ඉවත් ඇද දමා පරිභොග කරන්නේ නිස්සරණපඤෙඤා නම් වෙයි. මෙතෙම ඡන්දරාගය සහිතවුවකු මෙන් පරිභෝග නොකෙරේයයි අනිස්සරණපඤේඤා නම් වෙයි. යහපත් අංශය කියන ලද්දට විරුද්ධ වශයෙන් දතයුතුය. මෙහි නෙක්ඛ්ම්ම විතර්කාදිය මිශ්‍රකවම කියනලදැයි දතයුතුය.
2. භණ්ඩනසුත්තවණ්ණනා
3. 3. 3. 2
දුතියෙ පජහිංසූති පජහන්ති. බහුලමකංසූති පුනප්පුනං කරොන්ති. ඉධාපි තයො විතක්කා මිස්සකාව කථිතා.
දෙවැන්නෙහි පජහිංසු යනු අත්හරිත්. බහුලමකංසු යනු නැවත නැවතත් කරයි. මෙහිද විතර්ක තුන මිශ්‍රකවම කියනලදී.
3. ගොතමකචෙතියසුත්තවණ්ණනා
3. 3. 3. 3
තතියෙ ගොතමකෙ චෙතියෙති ගොතමකයක්ඛස්ස භවනෙ. තථාගතො හි පඨමබොධියං වීසති වස්සානි කදාචි චාපාලෙ චෙතියෙ, කදාචි සාරන්දදෙ, කදාචි බහුපුත්තෙ, කදාචි ගොතමකෙති එවං යෙභුය්යෙන දෙවකුලෙසුයෙව විහාසි. ඉමස්මිං පන කාලෙ වෙසාලිං උපනිස්සාය ගොතමකස්ස යක්ඛස්ස භවනට්ඨානෙ විහාසි. තෙන වුත්තං – “ගොතමකෙ චෙතියෙ”ති. එතදවොචාති එතං “අභිඤ්ඤායාහ”න්තිආදිකං සුත්තං අවොච.
තෙවැන්නෙහි, ගොතොමකෙ චෙතියෙ යනු ගොතමක යක්ෂයාගේ භවනෙහිය. තථාගතයන්වහන්සේ පඨමබොධියෙහි විසිවස කිසිදිනෙක චාපාල චෛත්‍යයෙහිද කිසිදිනෙක සාරන්දදයෙහිද කිසිදිනෙක බහුපුත්තයෙහිද කිසිදෙනෙක සත්තම්බයෙහිදැයි බොහෝ සෙයින් දෙවකුලයන්හි විසූසේක. මෙකල්හි විශාලාව ඇසුරුකොට ගොතමක යක්ෂයා වසන තැන වාසය කළසේක. එහෙයින් ගොතමක චෛත්යයෙහියි කියනලදී. එතදවොච යනු මෙසේ අභිඤ්ඤාය අහං යනු ආදිකොට ඇති සූත්‍රාන්තය දෙසූසේක.
ඉදඤ්ච භගවතා සුත්තං අත්ථුප්පත්තියං වුත්තන්ති වෙදිතබ්බං. කතරඅත්ථුප්පත්තියන්ති? මූලපරියායඅත්ථුප්පත්තියං (ම· නි· 1.1 ආදයො). සම්බහුලා කිර බ්රාහ්මණපබ්බජිතා අත්තනා උග්ගහිතබුද්ධවචනං නිස්සාය ජානනමදං උප්පාදෙත්වා ධම්මස්සවනග්ගං න ගච්ඡන්ති – “සම්මාසම්බුද්ධො කථෙන්තො අම්හෙහි ඤාතමෙව කථෙස්සති, නො අඤ්ඤාත”න්ති. භික්ඛූ තථාගතස්ස ආරොචෙසුං. සත්ථා තෙ භික්ඛූ පක්කොසාපෙත්වා මුඛපටිඤ්ඤං ගහෙත්වා මූලපරියායං දෙසෙසි. තෙ භික්ඛූ දෙසනාය නෙව ආගතට්ඨානං, න ගතට්ඨානං අද්දසංසු. අපස්සන්තා “සම්මාසම්බුද්ධො ‘මය්හං කථා නිය්යාතී’ති මුඛසම්පත්තමෙව කථෙතී”ති චින්තයිංසු. සත්ථා තෙසං මනං ජානිත්වා ඉමං සුත්තන්තං ආරභි.
භාග්‍යවතුන්වහන්සේ විසින් මෙම සූත්‍රය අර්ථොත්පත්තියෙහි පවසනලදැයි දතයුතුය. කවර අර්ථොත්පත්තියකද යත්? මුලපරියාය අර්ථොත්පත්තියෙහිය. බොහෝ බමුණු පැවිද්දෝ තමන් උගත් බුද්ධවචනය නිමා දැනීම් (දන්නේය යන) මදය උපදවා සම්මා සම්බුදුන්වහන්සේ දෙසනසේක් අප දන්නා දෙයම පවසන සේක. නොදත් දෙයක් නොවේයයි ධර්මශ්රවණ ශාලාවට නොයත්. භික්ෂූහු දෙසුමෙන් ආගිය තැන් නොදුටුහ. නොදක්නාහු සම්මා සම්බුදුන්වහන්සේ මගේ කථාවෙන් බැහැරවන සේකැයි මුවට පැමිණියක් පවසන්සේකැයි සිතුවාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුන්ගේ සිතදැන මේ සූත්‍රාන්තය ඇරඹූසේක.
තත්ථ අභිඤ්ඤායාති “ඉමෙ පඤ්චක්ඛන්ධා, ද්වාදසායතනානි, අට්ඨාරස ධාතුයො, බාවීසතින්ද්රියානි, චත්තාරි සච්චානි, නව හෙතූ, සත්ත ඵස්සා, සත්ත වෙදනා, සත්ත චෙතනා, සත්ත සඤ්ඤා, සත්ත චිත්තානී”ති ජානිත්වා පටිවිජ්ඣිත්වා පච්චක්ඛං කත්වා, තථා – “ඉමෙ චත්තාරො සතිපට්ඨානා”තිආදිනා නයෙන තෙ තෙ ධම්මෙ ජානිත්වා පටිවිජ්ඣිත්වා පච්චක්ඛමෙව කත්වාති අත්ථො. සනිදානන්ති සප්පච්චයමෙව කත්වා කථෙමි, නො අප්පච්චයං. සප්පාටිහාරියන්ති පච්චනීකපටිහරණෙන සප්පාටිහාරියමෙව කත්වා කථෙමි, නො අප්පාටිහාරියං. අලඤ්ච පන වොති යුත්තඤ්ච පන තුම්හාකං. තුට්ඨියාති “සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො ධම්මො, සුප්පටිපන්නො සඞ්ඝො”ති තීණි රතනානි ගුණතො අනුස්සරන්තානං තුම්හාකං යුත්තමෙව තුට්ඨිං කාතුන්ති අත්ථො. සෙසපදද්වයෙපි එසෙව නයො.
එහි අභිඤ්ඥාය යනු මේ ස්කන්ධපස, දොළොස් ආයතන, අටළොස්ධාතු, දෙවිසි ඉන්ද්රිය, සිවුසස්, හේතු නවය, ස්පර්ශපස, වෙදනාසත, චෙතනා සත, සංඥාසත, සිත්සතැයි දැන, මානව දැන, ප්රත්යක්ෂ කොට එසේ මේ සතර සතිපට්ඨානයයි ආදී ක්‍රමයෙන් ඒ ඒ ධර්මයන් දැන මනාව දැන ප්රත්යක්ෂ කොට යන අර්ථයි. සනිදානං යනු ප්‍රත්‍යය සහිත කොටම කියමි. ප්රත්යයරහිතකොට නොවේ. සප්පාටිහාරියං යනු විරොධතා ඉවතලීමෙන් ප්රාතිහාර්ය සහිතවූවක්ම කොට කියමි. ප්රාතිහාර්ය රහිතවූවක් කොට නොවේ. අලංව පන වො යනු නුඹලාට යුතුදෙයයි. තුට්ඨියා යනු සම්මා සම්බුදුන්වහන්සේ භාග්යවත්වූසේක. ධර්මය මනාව කියනලද්දේය. සංඝයා මනාව පිළිපන්නේයයි තෙරුවන ගුණවශයෙන් සිහිකරන්නාවූ නුඹලාට සතුටුවීම සුදුසුය. යන අර්ථයි. සෙසුපද දෙකෙහිද එම ක්‍රමයමයි.
අකම්පිත්ථාති ඡහි ආකාරෙහි අකම්පිත්ථ. එවරූපො හි පථවිකම්පො බොධිමණ්ඩෙපි අහොසි. බොධිසත්තෙ කිර දක්ඛිණදිසාභාගෙන බොධිමණ්ඩං අභිරුළ්හෙ දක්ඛිණදිසාභාගො හෙට්ඨා අවීචිං පාපුණන්තො විය අහොසි, උත්තරභාගො උග්ගන්ත්වා භවග්ගං අභිහනන්තො විය. පච්ඡිමදිසං ගතෙ පච්ඡිමභාගො හෙට්ඨා අවීචිං පාපුණන්තො විය අහොසි, පාචීනභාගො උග්ගන්ත්වා භවග්ගං අභිහනන්තො විය. උත්තරදිසං ගතෙ උත්තරදිසාභාගො හෙට්ඨා අවීචිං පාපුණන්තො විය, දක්ඛිණදිසාභාගො උග්ගන්ත්වා භවග්ගං අභිහනන්තො විය. පාචීනදිසං ගතෙ පාචීනදිසාභාගො හෙට්ඨා අවීචිං පාපුණන්තො විය, පච්ඡිමභාගො උග්ගන්ත්වා භවග්ගං අභිහනන්තො විය. බොධිරුක්ඛොපි සකිං හෙට්ඨා අවීචිං පාපුණන්තො විය, සකිං උග්ගන්ත්වා භවග්ගං අභිහනන්තො විය. තස්මිම්පි දිවසෙ එවං ඡහි ආකාරෙහි චක්කවාළසහස්සී මහාපථවී අකම්පිත්ථ.
අකම්පිතත්ථ යනු සයාකාරයෙන් කැළඹුණේය. මෙබඳුවූ පොළොව කැළඹීමක් බෝ මැඩෙහි සිදුවූයේයි. බෝසතුන් දකුණු දෙසින් බෝමැඬට නැඟුණුකල්හි දක්ෂිණදිශාභාගය යටින් අවීචියට පැමිණෙන්නේ මෙන් විය. උත්තර භාගය උඩට නැගී භවාග්‍රයෙහි ගැටෙන්නේ මෙන් විය. උතුරුදෙසට ගියකල්හි උත්තර දිශාභාගය යට අවීචියට පැමිණෙන්නාක් මෙන් විය. දක්ෂිණ දිශාභාගය උඩට නැගී භවාග්‍රයෙහි ගැටෙන්නාක් මෙන් විය. ප්‍රාචීන දිශාවට ගියකල්හි ප්‍රාචීන දිශාභාගය යට අවීචියට පැමිණෙන්නාක් මෙන් විය. පශ්චිම භාගය උඩට නැඟී භවාග්‍රයෙහි ගැටෙන්නාක් මෙන් විය. බෝරුකද වරක් යට අවීචියට පැමිණෙන්නාක් මෙන්ද වරක් උඩට නැඟී භවාග්‍රයෙහි ගැටෙන්නාක් මෙන්ද විය. එදවසෙහිද මෙසේ සය ආකාරයකින් සක්වළදහසෙහි මහපොළොව කම්පාවුයේය.
4. භරණ්ඩුකාලාමසුත්තවණ්ණනා
3. 3. 3. 4
චතුත්ථෙ කෙවලකප්පන්ති සකලකප්පං. අන්වාහිණ්ඩන්තොති විචරන්තො. නාද්දසාති කිං කාරණා න අද්දස? අයං කිර භරණ්ඩු කාලාමො සක්යානං අග්ගපිණ්ඩං ඛාදන්තො විචරති. තස්ස වසනට්ඨානං සම්පත්තකාලෙ එකා ධම්මදෙසනා සමුට්ඨහිස්සතීති ඤත්වා භගවා එවං අධිට්ඨාසි, යථා අඤ්ඤො ආවසථො න පඤ්ඤායිත්ථ. තස්මා න අද්දස. පුරාණසබ්රහ්මචාරීති පොරාණකො සබ්රහ්මචාරී. සො කිර ආළාරකාලාමකාලෙ තස්මිංයෙව අස්සමෙ අහොසි, තං සන්ධායෙවමාහ. සන්ථරං පඤ්ඤාපෙහීති සන්ථරිතබ්බං සන්ථරාහීති අත්ථො. සන්ථරං පඤ්ඤාපෙත්වාති කප්පියමඤ්චකෙ පච්චත්ථරණං පඤ්ඤාපෙත්වා. කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙතීති එත්ථ පරිඤ්ඤා නාම සමතික්කමො, තස්මා කාමානං සමතික්කමං පඨමජ්ඣානං පඤ්ඤාපෙති. න රූපානං පරිඤ්ඤන්ති රූපානං සමතික්කමභූතං අරූපාවචරසමාපත්තිං න පඤ්ඤාපෙති. න වෙදනානං පරිඤ්ඤන්ති වෙදනානං සමතික්කමං නිබ්බානං න පඤ්ඤාපෙති. නිට්ඨාති ගති නිප්ඵත්ති. උදාහු පුථූති උදාහු නානා.
සිවුවැන්නෙහි කෙවලකප්පං යන මුලුමනින්ම පාහේයි. අන්වාභිණ්ඩනේතා යනු හැසිරෙන්නේයි. න අද්දස යනු කුමක් නිසා නොදැක්කේදයත්? මේ භරණ්ඩුකාලාම තෙමේ ශාක්‍යවරුන්ගේ අග්‍රපිණ්ඩය කමින් හැසිරෙයි. ඔහුට වසනතැනට පැමිණිවිට එක්දහම් දෙසුමක් හටගැනේයයි දැන භාග්‍යවතුන්වහන්සේ යම්සේ වෙනත් ආවාසයක් නොපැනෙයිද එසේ අදිටන් කළසේක. එහෙයින් නොදැක්කේය. පුරාණසබ්රහ්මචාරී යනු පැරණි සබ්රහම්චාරියෙකි. හෙතෙම වනාහි ආළාරකාලාම කාලයෙහි ඒ ආශ්රමයෙහිම වූයේය. ඒ සඳහා මෙසේකීය. සන්ථරං පඤ්ඤාපෙහි යනු ඇතිරියයුත්තක් අතුරව යන අර්තයි. කාමානං පරිචඤ්ඤං පඤ්ඤාපෙති යනු මෙහි පරිඤ්ඤා යනු ඉක්මවීමයි. එහෙයින් කාමයන්ගේ ඉක්මවීමවූ ප්‍රථමධ්‍යානය පනවයි. න රූපානං පරිඤ්ඤං යනු රූපයන්ගේ ඉක්මවීමවූ අරූපාවචර සමාපත්තිය නොපනවයි. න වෙදනානං පරිඤ්ඤං යනු වේදනා ඉක්මවීමවූ නිවන නොපනවයි. නිට්ඨා යනු ගති නිෂ්පත්තියයි. උදාහු පුථු යනු නැතහොත් බොහෝ යනුයි.
5. හත්ථකසුත්තවණ්ණනා
3. 3. 3. 5
පඤ්චමෙ අභික්කන්තාය රත්තියාති එත්ථ අභික්කන්තසද්දො ඛයසුන්දරාභිරූපඅබ්භනුමොදනාදීසු දිස්සති. තත්ථ “අභික්කන්තා, භන්තෙ, රත්ති, නික්ඛන්තො පඨමො යාමො, චිරනිසින්නො භික්ඛුසඞ්ඝො, උද්දිසතු, භන්තෙ, භගවා භික්ඛූනං පාතිමොක්ඛ”න්ති එවමාදීසු ඛයෙ දිස්සති. “අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො චා”ති එවමාදීසු (අ· නි· 4.100) සුන්දරෙ.
පස්වැන්නෙහි අභික්කන්තාය රත්තියා යන මෙහි අභික්කන්ත ශබ්දය ගෙවීම, සොඳුරබව, මනාරූඇතිබව, සතුටුවීම යනාදියෙහි දක්නට ලැබේ. ‘අභික්කන්තා භනේත රත්ති නික්ඛනේතා පඨමො යාමො චිරනිසිනේනා භික්ඛු සඞ්ඝො උද්දිසතු භනෙත භගවා භික්ඛුනං පාතිමොක ඛං’ යන මේ ආදීතන්හි ගෙවීයාමෙහි දැක්වෙයි. ‘අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීත්තරොච’ යන මේ ආදියෙහි සොඳුරුබවෙහිද
“කො මෙ වන්දති පාදානි, ඉද්ධියා යසසා ජලං; අභික්කන්තෙන වණ්ණෙන, සබ්බා ඔභාසයං දිසා”ති. (වි· ව· 857) –
‘කො මෙ වන්දති පාදානි - ඉද්ධියා යසසා ජලං අභික්කනේතන වණේනන - සබ්බා ඔභාසයං දිසා’
එවමාදීසු අභිරූපෙ. “අභික්කන්තං, භො ගොතමා”ති එවමාදීසු (පාරා· 15) අබ්භනුමොදනෙ. ඉධ පන සුන්දරෙ. තෙන අභික්කන්තාය රත්තියාති ඉට්ඨාය කන්තාය මනාපාය රත්තියාති වුත්තං හොති. අභික්කන්තවණ්ණාති ඉධ අභික්කන්තසද්දො අභිරූපෙ, වණ්ණසද්දො පන ඡවිථුතිකුලවග්ගකාරණසණ්ඨානපමාණරූපායතනාදීසු දිස්සති. තත්ථ “සුවණ්ණවණ්ණොසි භගවා”ති එවමාදීසු (ම· නි· 2.399; සු· නි· 553) ඡවියං. “කදා සඤ්ඤූළ්හා පන තෙ ගහපති සමණස්ස ගොතමස්ස වණ්ණා”ති එවමාදීසු (ම· නි· 2.77) ථුතියං. “චත්තාරොමෙ, භො ගොතම, වණ්ණා”ති එවමාදීසු (දී· නි· 3.115) කුලවග්ගෙ. “අථ කෙන නු වණ්ණෙන, ගන්ධත්ථෙනොති වුච්චතී”ති එවමාදීසු (සං· නි· 1.234) කාරණෙ. “මහන්තං හත්ථිරාජවණ්ණං අභිනිම්මිනිත්වා”ති එවමාදීසු (සං· නි· 1.138) සණ්ඨානෙ. “තයො පත්තස්ස වණ්ණා”ති එවමාදීසු (පාරා· 602) පමාණෙ. “වණ්ණො ගන්ධො රසො ඔජා”ති එවමාදීසු රූපායතනෙ. සො ඉධ ඡවියා දට්ඨබ්බො. තෙන අභික්කන්තවණ්ණාති අභිරූපච්ඡවි, ඉට්ඨවණ්ණා මනාපවණ්ණාති වුත්තං හොති.
යනාදියෙහි මනාරූ ඇති බවෙහිද ‘අභික්කනතං භො ගොතම’ යනාදියෙහි සතුටුවීමෙහිද දක්නට ලැබේ. මෙහි වනාහි සොඳුරුබවෙහිය. එයින් අභික්කන්තාය රත්තියා යනු ඉටු සිත්කලු මනාප රාත්රියෙහියයි කියනලද්දේ වෙයි. අභික්කන්තණ්ණා යන මේ අභික්කන්ත ශබ්දය මනාරූ ඇතිබවෙහිය. වණ්ණශබ්දය නම, ස්තූතිය, කුලවර්ගය, කාරණය, සටහන, ප්‍රමාණය, රූපායතන ආදියෙහි දක්නට ලැබෙයි. එහි ‘සුවණ්ණවණෙණාසි භගවා’ යන මේ ආදියෙහි සමෙහිය. ‘කදා සඤ්ඤූළ්හා පන තෙ ගහපති සමණස්ස ගොතමස්ස වණ්ණා’ යන මේ ආදී තන්හි සතුතියෙහිය. ‘චත්තාරො මෙ භො ගොතම වණ්ණා’ යන මේ ආදී තන්හි කුලවර්ගයෙහිය. ‘අථ කෙන නු වණේණන ගන්ධත්ථෙනොති වුච්චති’ යන මේ ආදී තන්හි කාරණයෙහිය. ‘මහන්තං හත්ථිරාජවණ්ණං අභිනිම්මිනිත්වා’ යන මේ ආදියෙහි සටහනෙහිද ‘තයො පත්තස්ස වණ්ණා’ යන මේ ආදියෙහි ප්‍රමාණයෙහිද ‘වණ්ණො ගන්ධො රසොඔජා’ යන මේ ආදී තන්හි රූපායතනයෙහිද වේ. එය මෙහි සමෙහි දැක්වියුතුය. එහෙයින් ‘අභික්කන්තවණ්ණා’ යනු මනාරුවති සිවිය, ඉෂ්ටවර්ණය, මනාපවර්ණයයි කියනලද්දේ වෙයි.
කෙවලකප්පන්ති එත්ථ කෙවලසද්දො අනවසෙසයෙභුය්යාබ්යාමිස්සානතිරෙකදළ්හත්ථවිසංයොගාදිඅනෙකත්ථො. තථා හිස්ස “කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරිය”න්ති එවමාදීසු (පාරා· 1) අනවසෙසතා අත්ථො. “කෙවලකප්පා ච අඞ්ගමගධා පහූතං ඛාදනීයං භොජනීයං ආදාය උපසඞ්කමිස්සන්තී”ති එවමාදීසු (මහාව· 43) යෙභුය්යතා. “කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී”ති එවමාදීසු (විභ· 225) අබ්යාමිස්සතා. “කෙවලං සද්ධාමත්තකං නූන අයමායස්මා”ති එවමාදීසු (මහාව· 244) අනතිරෙකතා. “ආයස්මතො, භන්තෙ, අනුරුද්ධස්ස බාහියො නාම සද්ධිවිහාරිකො කෙවලකප්පං සඞ්ඝභෙදාය ඨිතො”ති එවමාදීසු (අ· නි· 4.243) දළ්හත්ථතා. “කෙවලී වුසිතවා උත්තමපුරිසොති වුච්චතී”ති එවමාදීසු (සං· නි· 3.57) විසංයොගො. ඉධ පන අනවසෙසතා අත්ථොති අධිප්පෙතා.
කෙවලකප්පං යනු මෙහි කෙවල ශබ්දය ඉතිරි නැති, බොහෝසෙයින්, මුසුනොවීම, ඉතිරිනොවීම, දැඩි අදහස, විසංයොගය ආදී බොහෝ අර්ථ ඇත්තේය. එබැවින් ඊට ’කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං’ යනාදියෙහි නොඉතිරිබව යන අර්ථයවේ. ‘කෙවලා අඞ්ගමගධා පහූතං ඛදනීයං. භොජනීයං ආදාය උපසඞ්කමිස්සන්ති’ මේ ආදියෙහි බොහෝබවද, ‘කෙවලස්ස දුක්ඛක්ඛස්ස සමුදයො හොති’ යන මේ ආදියෙහි නොමුසුබවද ‘කෙවලං සද්ධාමත්තකං නූන අයමායස්මා’ යන මේ ආදියෙහි නොඉතිරිබවද ‘ආයස්මතො අනුරුද්ධස්ස බාහිකො නාම සද්ධිවිහාරිකො කෙවලකප්පං සඞ්ඝභෙදාය ඨිතො’ යනමේ ආදියෙහි දැඩිඅදහස් ඇතිබවද ‘කෙවලං වුසිතවා උත්තමපුරිසොති වුච්චති’ යන මේ ආදියෙහි විසංයෝගයද වේ. මෙහි වනාහි මෙයට නොඉතිරිබව යන අර්ථය අදහස්කරනලදී.
කප්පසද්දො පනායං අභිසද්දහනවොහාරකාලපඤ්ඤත්තිඡෙදනවිකප්පලෙසසමන්තභාවාදිඅනෙකත්ථො. තථා හිස්ස “ඔකප්පනියමෙතං භොතො ගොතමස්ස, යථා තං අරහතො සම්මාසම්බුද්ධස්සා”ති එවමාදීසු (ම· නි· 1.387) අභිසද්දහනමත්ථො. “අනුජානාමි, භික්ඛවෙ, පඤ්චහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතු”න්ති එවමාදීසු (චූළව· 250) වොහාරො. “යෙන සුදං නිච්චකප්පං විහරාමී”ති එවමාදීසු (ම· නි· 1.387) කාලො. “ඉච්චායස්මා කප්පො”ති එවමාදීසු (සු· නි· 1098; චූළනි· කප්පමාණවපුච්ඡා 117, කප්පමාණවපුච්ඡානිද්දෙසො 61) පඤ්ඤත්ති. “අලඞ්කතො කප්පිතකෙසමස්සූ”ති එවමාදීසු (ජා· 2.22.1368; වි· ව· 1094) ඡෙදනං. “කප්පති ද්වඞ්ගුලකප්පො”ති එවමාදීසු (චූළව· 446) විකප්පො. “අත්ථි කප්පො නිපජ්ජිතු”න්ති එවමාදීසු (අ· නි· 8.80) ලෙසො. “කෙවලකප්පං වෙළුවනං ඔභාසෙත්වා”ති එවමාදීසු (සං· නි· 1.94) සමන්තභාවො. ඉධ පනස්ස සමන්තභාවො අත්ථො අධිප්පෙතො. තස්මා කෙවලකප්පං ජෙතවනන්ති එත්ථ අනවසෙසං සමන්තතො ජෙතවනන්ති අත්ථො.
මේ කප්ප ශබ්දය වනාහි, විශ්වාස කිරීම, ව්‍යවාහරය, කාලය, ප්රඥප්තිය, සිඳීම, විකල්පය, ස්වල්පය, සියලුබව ආදී නොයෙක් අර්ථ ඇත්තේය. එබැවින් එයට ‘ඔකප්පනියමෙතං භොතො ගොතමස්ස අරහතො සම්මා සම්බුද්ධස්ස’ යන මේ ආදී තන්හි විශ්වාසකිරීම් අර්ථය ඇත. ‘අනුජානාමි භික්ඛවෙ පඤ්චහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතුං’ යන මේආදී තන්හි ව්‍යවහාරයයි. ‘යෙන සුදං නිච්චකප්පං විහරාමි’ යන මේ ආදී තන්හි කාලයයි. ‘ඉච්චායස්මා කප්පො’ යන මේ ආදී තන්හි ප්රඥප්තියයි. ‘අලඞ්කතා කප්පිතකෙසමස්සු’ යන මේ ආදීතන්හි විකල්පයයි. ‘අත්ථි කප්පො නිපජ්ජිතුං’ යන මේ ආදී තන්හි ස්වල්පයයි. ‘කෙවලකප්පං වෙළුවනං ඔභාසෙත්වා’ යන මේ ආදී තන්හි සියලු බවයි. මෙහි මෙයට සියලු බව යන අර්ථය අදහස්කරනලදී. එබැවින් කෙවලකප්පං ජෙතවනං යන මෙහි ඉතිරි නැතිව සියල්ලෙන් (මුළුමනින්) ජෙතවනයයි අර්ථය ඇත්තේයි.
ඔභාසෙත්වාති ආභාය ඵරිත්වා. වාලුකායාති සණ්හාය වාලුකාය. න සණ්ඨාතීති න පතිට්ඨාති. ඔළාරිකන්ති බ්රහ්මදෙවතාය හි පථවියං පතිට්ඨානකාලෙ අත්තභාවො ඔළාරිකො මාපෙතුං වට්ටති පථවී වා, තස්මා එවමාහ. ධම්මාති ඉමිනා පුබ්බෙ උග්ගහිතබුද්ධවචනං දස්සෙති. නප්පවත්තිනො අහෙසුන්ති සජ්ඣායමූළ්හකා වාචා පරිහීනායෙව අහෙසුං. අප්පටිවානොති අනිවත්තො අනුක්කණ්ඨිතො.
ඔභාසෙත්වා යනු ප්‍රභාවෙන් පතුරුවායි. වාලිකාය යන සියුම් වැල්ලෙහිය. න සණ්ඨාති යනු නොපිහිටයි. ඔළාරිකං යනු බඹුන් දෙවියන් විසින් පොළොවෙහි පිහිටන කල්හි ඔළාරික (රළු) ආත්මභාවයක් මැවීමට වටියිය. එබැවින් මෙසේ පැවසීය. ධමේමා යන මෙයින් පෙර උගත් බුද්ධ වචනය දැක්වෙයි. නප්පවත්තිනො අහෙසුං යනු සජ්ක්ධායනා මුළාව නිසාවූ වචන පිරිහුනේවිය. අප්පටිවානො යනු නොපසුබස්නේ, උකටළී නොවූයේයි.
දස්සනස්සාති චක්ඛුවිඤ්ඤාණෙන දස්සනස්ස. උපට්ඨානස්සාති චතූහි පච්චයෙහි උපට්ඨානස්ස. අධිසීලන්ති දසවිධං සීලං. තඤ්හි පඤ්චසීලං උපාදාය අධිසීලන්ති වුච්චති. අවිහං ගතොති අවිහබ්රහ්මලොකෙ නිබ්බත්තොස්මීති දස්සෙති.
දස්සනස්ස යනු චක්ෂූර්විඥානයෙන් දැකීමටය. උපට්ඨානස්ස යනු සිවු පසෙයන් උවටැන්කරන්නාටය. අධිසීලං යන දශවිධ ශීලයයි. එය වනාහි පන්සිල්වල පටන් අධීසීලයයි කියනුලැබේ. අවිහං ගතො යනු අවිහ බ්‍රහ්මලොකයෙහි ඉපදුනේ වෙමියි දක්වයි.
6. කටුවියසුත්තවණ්ණනා
3. 3. 3. 6
ඡට්ඨෙ ගොයොගපිලක්ඛස්මින්ති ගාවීනං වික්කයට්ඨානෙ උට්ඨිතපිලක්ඛස්ස සන්තිකෙ. රිත්තස්සාදන්ති ඣානසුඛාභාවෙන රිත්තස්සාදං. බාහිරස්සාදන්ති කාමගුණසුඛවසෙන බාහිරස්සාදං. කටුවියන්ති උච්ඡිට්ඨං. ආමගන්ධෙනාති කොධසඞ්ඛාතෙන විස්සගන්ධෙන. අවස්සුතන්ති තින්තං. මක්ඛිකාති කිලෙසමක්ඛිකා. නානුපතිස්සන්තීති උට්ඨාය න අනුබන්ධිස්සන්ති. නාන්වාස්සවිස්සන්තීති අනුබන්‍ධිත්‍වා න ඛාදිස්සන්ති. සංවෙගමාපාදීති සොතාපන්නො ජාතො.
සයවැන්නෙහි ගොයොගපිලක්ඛසමිං යනු දෙනුන් විකුණන තැන්හි හටගත් පුලිල ගස සමීපයෙහිය. රීත්තාසං යනු ධ්යානසුවයක් නැතිබැවින් ස්වල්පවූ ආස්වාදයකි. බාහිරාසං යනු කාමගුණයන්හි සැප වශයෙන් බාහිරවූ ආස්වාදයකි. කටුවියං යනු ඉඳුල්වූයි. මගන්ධෙ යනු ක්‍රොධ සංඛයාතවූ පිළිගඳෙහිය. අවස්සුතං යනු තෙත්වූයි. මක්ඛිකා යනු කෙලස් මැස්සෝයි. නානුපතිස්සන්ති යනු නැඟිට ළුහුනොබඳිත්. නාන්වස්ස විස්සන්ති යනු ලුහුබැඳ නොබුදිත්. සංවෙගමාපාදි යනු සෝවාන් වූයේය.
කටුවියකතොති උච්ඡිට්ඨකතො. ආරකා හොතීති දූරෙ හොති. විඝාතස්සෙව භාගවාති දුක්ඛස්සෙව භාගී. චරෙතීති චරති ගච්ඡති. දුම්මෙධොති දුප්පඤ්ඤො. ඉමස්මිං සුත්තෙ වට්ටමෙව කථිතං, ගාථාසු වට්ටවිවට්ටං කථිතන්ති. සත්තමෙ වට්ටමෙව භාසිතං.
කටුවියකතො යනු ඉඳුල්බවිනි. ආරකා හොති යනු දුරෙහි වෙයි. විඝාතසේසව භාගවා යනු දුකට බඳුන්වූයි. පරෙති යනු යයි දුමේමධො යනු නුවණනැත්තායි. මේ සූත්‍රයෙහි සසරම කියනලදී. ගාථාවන්හි වට්ටවිවට්ට දෙකම ය. සත්වැන්නෙහි වට්ටය කියනලදී.
8. දුතියඅනුරුද්ධසුත්තවණ්ණනා
3. 3. 3. 8
අට්ඨමෙ ඉදං තෙ මානස්මින්ති අයං තෙ නවවිධෙන වඩ්ඪිතමානොති අත්ථො. ඉදං තෙ උද්ධච්චස්මින්ති ඉදං තව උද්ධච්චං චිත්තස්ස උද්ධතභාවො. ඉදං තෙ කුක්කුච්චස්මින්ති ඉදං තව කුක්කුච්චං.
අටවැන්නෙහි ඉදනේත මානස්මිං යනු මේ ඔබගේ නවාකාරයෙන් වැඩූ මානය යන අර්ථයයි. ඉදනේත උද්ධච්චස්මිං යනු මේ ඔබේ උඩඟුවයි. සිතේ නොසන්සුන්බවයි. ඉදනේත කුකකුච්චස්මිං යනු මේ ඔබේ කුකුසයි.
9. පටිච්ඡන්නසුත්තවණ්ණනා
3. 3. 1. 9
නවමෙ ආවහන්තීති නිය්යන්ති. පටිච්ඡන්නො ආවහතීති පටිච්ඡන්නොව හුත්වා නිය්යාති. විවටො විරොචතීති එත්ථ එකතො උභතො අත්තතො සබ්බත්ථකතොති චතුබ්බිධා විවටතා වෙදිතබ්බා. තත්ථ එකතො විවටං නාම අසාධාරණසික්ඛාපදං. උභතො විවටං නාම සාධාරණසික්ඛාපදං. අත්තතො විවටං නාම පටිලද්ධධම්මගුණො. සබ්බත්ථකවිවටං නාම තෙපිටකං බුද්ධවචනං.
නවවැන්නෙහි, වහන්ති යනු ගෙනයති. පටිච්ඡාන්නො වහති යනු පිළිසන්වූයේම වී (සැඟවී) ගෙනයයි. විවටො විරොචති යනු මෙහි එකපසකින්, දෙපසින් තමාවශයෙන් හා හැමදෙසිනැයි සතරාකාරවූ විවටනාව දතයුතුය. එහි එක්පසකින් විවෘතවූයේ යනු අසාධාරණ ශික්‍ෂාපදයයි. දෙපසින් විවෘතවූයේ නම් සාධාරණ ශික්‍ෂාපදයයි. තමා වශයෙන් විවෘතවූයේ නම් ලබනලද ගුණයයි. සියලුතන්හි විවෘතවූයේ නම් ත්‍රපිටක බුද්ධවචනයයි.
10. ලෙඛසුත්තවණ්ණනා
3. 3. 3. 10
දසමෙ අභිණ්හන්ති අභික්ඛණං නිරන්තරං. ආගාළ්හෙනාති ගාළ්හෙන කක්ඛළෙන. ඵරුසෙනාති ඵරුසවචනෙන. ගාළ්හං කත්වා ඵරුසං කත්වා වුච්චමානොපීති අත්ථො. අමනාපෙනාති මනං අනල්ලීයන්තෙන අවඩ්ඪන්තෙන. සන්ධියතිමෙවාති ඝටියතියෙව. සංසන්දතිමෙවාති නිරන්තරොව හොති. සම්මොදතිමෙවාති එකීභාවමෙව ගච්ඡති. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
දසවැන්නෙහි අභිණහං යනු නිතරපවත්නාවූයි. නිරතුරුවයි. ආගාළෙහන යනු දැඩිබවිනි, කර්කශබවිනි. ඵරුසෙන යනු ඵරුෂවචනයෙනි. රළුකොට නපුරුකොට කියනුලබන්නේයි අර්ථයි. අමනාපෙන යනු මනස නොඇලීමෙන්, නොවැඩීමෙන්ය. සන්ධියතිමෙව යනු ගැටේමය. සංසන්දතිමෙව යනු නිරතුරුවුයේම වෙයි. සම්මොදතිමෙව යනු ඒකීභාවයටම යයි. සෙස්ස සියලුතන්හි පැහැදිලිමය.
කුසිනාරවග්ගො තතියො.
තෙවෙනිවූ භරණ්ඩු වර්ගයයි.