3. 3. 3. 3
3. 3. 3. 3.
3. 3. 3. 3.
[වෙසාලීනිදානං]
[විසාලානිදාන යි]
23. එකං සමයං භගවා වෙසාලියං විහරති ගොතමකෙ චෙතියෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි -පෙ-
23. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර ගෝතමක චෛත්‍යයෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක.
අභිඤ්ඤායාහං භික්ඛවෙ, ධම්මං දෙසෙමි, නො අනභිඤ්ඤාය. සනිදානාහං භික්ඛවෙ, ධම්මං දෙසෙමි, නො අනිදානං. සප්පාටිහාරියාහං භික්ඛවෙ, ධම්මං දෙසෙමි, නො අප්පාටිහාරියං.
මහණෙනි, මම විශිෂ්ටඥානයෙන් අවබෝධ කොට දහම් දෙසමි. අවබෝධ නොකොට නො දෙසමි. මහණෙනි, මම හේතු සහිත කොට දහම් දෙසමි. හේතු රහිත කොට නො දෙසමි. මහණෙනි, මම ප්රත්යනීකධර්මයන් නෙරලීම් සහිත කොට දහම් දෙසමි. නෙරලීම් රහිත කොට නො දෙසමි.
තස්ස මය්හං භික්ඛවෙ, අභිඤ්ඤාය ධම්මං දෙසයතො නො අනභිඤ්ඤාය, සනිදානං ධම්මං දෙසයතො නො අනිදානං, සප්පාටිහාරියං ධම්මං දෙසයතො නො අප්පාටිහාරියං, කරණීයො ඔවාදො කරණීයා අනුසාසනී.
මහණෙනි, අවබෝධ කොට ගෙණ දහම් දෙසන අවබෝධ නොකොට නො දෙසන, නිදාන සහිත කොට ගෙණ දහම් දෙසන, නිදාන රහිත කොට නො දෙසන, ප්රත්යනීකධර්මයන් නෙරලීම් සහිත කොට ගෙණ දහම් දෙසන, නෙරලීම් රහිත කොට නො දෙසන ඒ මාගේ අවවාදය කළ යුතුය. අනුශාසනා කළ යුතුය.
අලඤ්ච පන වො භික්ඛවෙ, තුට්ඨියා, අලං අත්තමනතාය, අලං සොමනස්සාය “සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො ධම්මො, සුප්පටිපන්නො සඞ්ඝො”ති.
මහණෙනි, “භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය හ, ධර්මය ස්වාඛ්‍යාතය, සඟහු සුප්‍රතිපන්නයහ”යි තොපට තුෂ්ටියට නිසිය. සතුටු සිත් ඇති සෙයට නිසිය. සෞමනස්‍යයට නිසිය.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුං. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ සහස්සී ලොකධාතු අකම්පිත්ථාති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. ඒ සියමනා මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව තුස්නවුහු. මේ වෙය්‍යාකරණය වදාරණු ලබත් ම සහස්‍රී ලෝකධාතුව කම්පිත විය.