3. 3. 3. 2
3. 3. 3. 2.
3. 3. 3. 2.
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
22. යස්සං භික්ඛවෙ, දිසායං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති, මනසි කාතුම්පි මෙ එසා භික්ඛවෙ, දිසා න ඵාසු හොති. පගෙව ගන්තුං. නිට්ඨමෙත්ථ ගච්ඡාමි : “අද්ධා තෙ ආයස්මන්තො තයො ධම්මෙ පජහිංසු, තයො ධම්මෙ බහුලමකංසු.”
22. මහණෙනි, යම් දිගෙක මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට වැදුනාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග මෙනෙහි කරන්නට ද පහසු නොවේ. යන්නට කැලම ය. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් කරුණු තුණක් හැරපියති. කරුණු තුණක් බහුල වශයෙන් කෙරෙති” යී මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.
කතමෙ තයො ධම්මෙ පජහිංසු : නෙක්ඛම්මවිතක්කං, අව්යාපාදවිතක්කං, අවිහිංසාවිතක්කං. ඉමෙ තයො ධම්මෙ පජහිංසු.
කවර කරුණු තුණක් හැරපියත් ද යත්: නිෂ්කාමවිතර්කය, අව්යාපාදවිතර්කය, අවිහිංසාවිතර්කය යන මේ තුන් දහම් හැරපියත්.
කතමෙ තයො ධම්මෙ බහුලමකංසු : කාමවිතක්කං, ව්යාපාදවිතක්කං, විහිංසාවිතක්කං. ඉමෙ තයො ධම්මෙ බහුලමකංසු.
කවර කරුණු තුණක් බහුල වශයෙන් කෙරෙත් ද යත්: කාමවිතර්කය, ව්යාපාදවිතර්කය, විහිංසාවිතර්කය යන මේ තුන් දහම් බහුල වශයෙන් කරත්.
යස්සං භික්ඛවෙ, දිසායං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති, මනසිකාතුම්පි මෙ එසා භික්ඛවෙ, දිසා න ඵාසු හොති. පගෙව ගන්තුං. නිට්ඨමෙත්ථ ගච්ඡාමි : “අද්ධා තෙ ආයස්මන්තො ඉමෙ තයො ධම්මෙ පජහිංසු. ඉමෙ තයො ධම්මෙ බහුලමකංසු.”
මහණෙනි, යම් දිගෙක මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු විවාදයට වැදුනාහු උනුන් මුවසැතින් පෙළෙමින් වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග මෙනෙහි කරන්නට ද පහසු නොවේ. යන්නට කැලම ය. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් මේ තුන් දහම් හැරපියත්. මේ තුන් දහම් බහුල වශයෙන් කෙරෙති” යි මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.
යස්සං භික්ඛවෙ, දිසායං භික්ඛූ සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරන්ති, ගන්තුම්පි මෙ එසා භික්ඛවෙ, දිසා ඵාසු හොති. පගෙව මනසි කාතුං. නිට්ඨමෙත්ථ ගච්ඡාමි : “අද්ධා තෙ ආයස්මන්තො තයො ධම්මෙ පජහිංසු, තයො ධම්මෙ බහුලමකංසු.”
මහණෙනි, යම් දිගෙක මහණහු සමගි වූවාහු තුස්නාහු විවාද නොකරන්නාහු ක්ෂීරෝදකීභූත වූවාහු උනුන් පිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග යන්නට ද පහසුය. මෙනෙහි කරනු කැලම ය. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් කරුණු තුණක් හැරපියති. කරුණු තුණක් බහුල වශයෙන් කරති” යි මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.
කතමෙ තයො ධම්මෙ පජහිංසු : කාමවිතක්කං, ව්යාපාදවිතක්කං, විහිංසාවිතක්කං. ඉමෙ තයො ධම්මෙ පජහිංසු.
කවර කරුණු තුණක් හැරපියත් ද යත්: කාමවිතර්කය, ව්යාපාදවිතර්කය, විහිංසාවිතර්කය යන මේ කරුණු තුණ හැරපියත්.
කතමෙ තයො ධම්මෙ බහුලමකංසු : නෙක්ඛම්මවිතක්කං, අව්යාපාදවිතක්කං, අවිහිංසාවිතක්කං. ඉමෙ තයො ධම්මෙ බහුලමකංසු.
කවර කරුණු තුණක් බහුල වශයෙන් කෙරෙත් ද යත්: නිෂ්කාමතාවිතර්කය, අව්යාපාදවිතර්කය, අවිහිංසාවිතර්කය යන මේ තුන් දහම් බහුල වශයෙන් කරත්.
යස්සං භික්ඛවෙ, දිසායං භික්ඛූ සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරන්ති, ගන්තුම්පි මෙ එසා භික්ඛවෙ, දිසා ඵාසු හොති. පගෙව මනසි කාතුං. නිට්ඨමෙත්ථ ගච්ඡාමි : “අද්ධා තෙ ආයස්මන්තො ඉමෙ තයො ධම්මෙ පජහිංසු, ඉමෙ තයො ධම්මෙ බහුලමකංසූ”ති.
මහණෙනි, යම් දිගෙක මහණහු සමගි වූවාහු තුස්නාහු විවාද නො කරන්නාහු, ක්ෂීරෝදකීභූත වූවාහු උනුන් ප්රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග යන්නට ද පහසු වේ. මෙනෙහි කරනු කැලම පහසු වේ. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් මේ තුන් දහම් හැරපියත්. මේ තුන් දහම් බහුල වශයෙන් කරති” යි මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.